21/10/2024
මේ දවස් වල BTS සම්බන්ධව පවතින තත්ත්වය ගැන ඔයා දැනටමත් දැනුවත් වෙලා ඇති. ඒ වෙනුවෙන් ගොඩක් රටවල ඉන්න ආමිලා එක එක විදිහට එයාලගේ සපෝට් එක පෙන්නලා තිබුණා. ෆුඩ් ට්රක්ස් යවලා තිබුනා... හයිබ් එක ඉස්සරහට ගිහින් ෆෑන් චාන්ට් එක කියලා තිබුණා... ගොඩාක් දේවල් ඔයා දකින්නට ඇති. ඉතින් ඒ නිසාම අපි හිතුවා, ලංකාවේ ආමි ස්පිනෙල්ස්ලා හැමෝමත් එක්ක එකතුවෙලා, Purple Ribbon Campaign එකක් කරන්න.
ලංකාවේ අපේ සපෝට් එකත් පෙන්නන්නට, ආමිලා හැමෝටම ගෙදර ඉඳන් සහභාගීවෙන්න පුලුවන්, ලේසියෙන්ම කරගන්න පුලුවන් විදිහේ පුංචි ප්රොජෙක්ට් එකක් Purple Ribbon Project. මේක පොඩි ඇක්ෂන් එකක් උනත්, අපි හැමෝම එකට එකතුවෙලා කලෝතින්, ලොකුම ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා හරියට Butterfly Effect එක වගේ.
ඉතින් මේකට ඔයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක්. දම් පාට රිබන් පටියක් පැලඳගෙන ඉන්න පොටෝ එකක් පහල තියෙන හෑෂ් ටැග් එක ඔයා පාවිච්චි කරන සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න. එදිනෙදා කටයුතු එක්ක ඔයා ගත කරද්දි මේ දම්පාට රිබන් එක පැලඳගෙන ඉන්නවා පුංචි වීඩියෝ ක්ලිප් එකක් විදිහට උනත් ඔයාට එකතු කරන්න පුලුවන්... ඔයාට අදහසක් ගන්න පොටෝ කිහිපයක් අපි පහලින් එකතු කරන්නම්..
මතක ඇතිව මේ ටැග් ටික දාන්න. මොකද ඒක හරිම වැදගත්.
ඉතින් එහෙනම් BTS is always 7 සහ BTS කවදාවත් වෙන් කරන්න බැහැ කියලා අපි අපේ ක්රමයට පෙන්නමු. ආදරයේ පාටින් බැඳෙන්න ඔයත් එකතුවෙනවා නේද?