12/05/2024
පළමු පරාජයෙන් සටන අතහැර දැමුවා නම් සාර්ථක මිනිසුන් කිසිදා බිහි වන්නේ නැත.
👊👊👊👊👊👊👊👊👊
පළමු පරාජය.... නෑ.... පරාජයන් කීයද... ඒක අදාල නෑ... ඒක අදාල වෙන්නෙ කොහෙද දිනන හිතකට අයිතිවාසිකම් කියන එකෙක්ට.
උඹ දිනන්නම උපන් එකෙක් ද... 👊👊👊
පරාජය බාරගෙන බිම සමතලා වෙලා ඉන්න මට බෑ. ඒකට මම ලෑස්ති නෑ.
උඹ ඔය ඉන්න විදියටම ඉන්නවද. ඔහොම සැපද... ඔය ඔහොම.
ඇත්තටම මං අහන්නෙ.
මං මගෙන් අහ ගන්නෙ ඔහොම.
මගේ අභිප්රේරකයා මම යි.
උඹේ ඇතුලෙ උඹ නැගිට්ටවන ඒ යෝධයා ඉන්නවා. වීරයා ඉන්නවා. සිංහයා ඉන්නවා.
හැම එකා ඇතුලෙම ඉන්නවා.
මං මගෙ සිංහයා එක්ක ඉන්නෙ. 👊
මගෙ වීරයා එක්ක ඉන්නෙ. මගෙ යෝධයා එක්ක ඉන්නෙ.
ඒ හස්තිරාජයා එක්ක ඉන්නෙ.👊👊👊
සෙල්ලමක් ඒක.
ගේම් එකක් මේක.
නෑ... 👊👊👊
එකම ගේම මේ. එකම සෙල්ලම මේ...
දිනන්නමයි හිතෙන්නෙ. නැගිටින්නමයි මේ හිතෙන්නෙ. එතෙන්ට යන්නමයි හිතෙන්නෙ.
එතෙන්ට... 👊👊👊
එතන. 🌹
එතන තමා තැන. ❤️
ඒක තමා දවස 🤜🤛
ඒක දන්නෙ විශ්වය 🥰😘
මට හිතෙන්නෙ එතකල් උත්සාහ කර කර ඉන්න. කැප වෙවී ඉන්න. පේ වෙවී ඉන්න.
මං දන්නවා. මං දිනනවා. ඒක මගේ අයිතියක්.
උඹ දන්නවද උඹ දිනනවා. උඹට දිනන්න අයිතිවාසිකම තියෙනවා.
උඹට දිනන්න අයිතිවාසිකම් තියෙනවා.
දිනන්නම හිතුවොත් ඒ වෙනුවෙන් කරන්න ඕනෙ දේ කරොත් එතෙන්ට යන්න පුලුවන්. අතනට යන්න පුලුවන්.
පුලුවන්.
අපි වැටෙනකොට හිනා වෙන උන් සතුටු වෙන උන් නැතුව නෙමේ. ගේමක් ගහන උන් විතරයි රහත් උනා වගේ කාගෙන අල්ලගෙන දරාගෙන උන්නු එකේ රගේ දන්නෙ.
ගොඩක් උන්ට ඒක කරන්න බෑ.
පාත අඩියකට වැටෙන හිත් වෙනුවෙන් හිනා වෙන හිත්.ඒවා නම් මොන හිත්ද මට තේරෙන්නෑ.
දිනලා ඒකෙ පහස ලබන්නත් හැමෝටම පින නෑ. ඒකට අයිතිවාසිකම් විශ්වය එහෙම ලබා දෙන්නෙ නෑ.
ඒකටත් පින තියෙන්න ඕනෙ. පින 🌹❤️🙏
පවට පින දෙන්න බෑ...
දන්න උන්ට වඩා නොදන්න උන් හොදයි බං. නොදන්න උන් උනත් දැන ගත්තත් සීමාවක ඉදපන්.
ඒක ඇගට ගුණයි.
මේ ටික කිව්වෙ පරිස්සමින් දිනන ගමන හැම එකාම යන්න ඕනෙ නිසා.
උඹේ සටන උඹ උඹත් එක්කනෙ...
මගේ සටන මේ මං මාත් එක්ක. මගේ සටන මගෙ හිතත් එක්ක. මගෙ සිතුවිලිත් එක්ක.
සිතුවිලි හැටදාහක් මැදින් ජයග්රහණයේ සිතුවිලිම අල්ලන්නට පොර බදන හැම හිතකම ඒකයන ඒ ජයග්රහණයම උදා වේවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙතෙක් සිතුවිලි දිගේ ඇවිද ආ දිනන හිතට ඒ ශක්තිය අවශෝෂණය වේවා. 🌹🙏❤️