කෙන්ඩිය

කෙන්ඩිය ඔබගෙ මංගල දැන්විම් අප වෙතින් පලකරන්න

05/05/2023
මිරිකගෙන ගහපුවා..😁😍🤪
27/12/2022

මිරිකගෙන ගහපුවා..😁😍🤪

කතා දෙකක් නෑ හොද බාස්..😍❤️🤪
08/07/2022

කතා දෙකක් නෑ හොද බාස්..😍❤️🤪

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක 66 හැවිරිදි අරුන් ලාල්, 28 හැවිරිදි බුල්බුල් සහා සමඟ යුග දිවියට…❤😍💍වයස කියන්නේ ඇත්තටම ඉලක්...
04/05/2022

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක 66 හැවිරිදි අරුන් ලාල්, 28 හැවිරිදි බුල්බුල් සහා සමඟ යුග දිවියට…❤😍💍

වයස කියන්නේ ඇත්තටම ඉලක්කමක් විතරයි…💞💝

14/04/2022

ලබන්නාවු අලුත් අවුරුද්ද ලක්වාසී සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා........ සුබ අරගලයක් වේවා

මොකද කියන්නේ.. තෙල් ටිකක් ගහනවද.. තෙල් පෝලිමේ දවසක් වුනත් ඉන්න බැරියැයි මෙහෙමනම්..😍😍
24/03/2022

මොකද කියන්නේ.. තෙල් ටිකක් ගහනවද.. තෙල් පෝලිමේ දවසක් වුනත් ඉන්න බැරියැයි මෙහෙමනම්..😍😍

වෙඩිමක් හානවද.. මේ බයියෙක්ගේ වෙඩිමක් හොදටම හාපු අවස්ථාවක්…😂😂😂 #ආදරය #විවාහය #ජීවිතය
05/03/2022

වෙඩිමක් හානවද.. මේ බයියෙක්ගේ වෙඩිමක් හොදටම හාපු අවස්ථාවක්…😂😂😂

#ආදරය
#විවාහය
#ජීවිතය

කුඩා පිරිමි ළමයෙක් කුඩා දැරියකට මෙසේ කීවේය.- මම ඔබේ BF!කුඩා දැරිය මෙසේ ඇසුවාය.- BF යනු කුමක්ද?පිරිමි ළමයා සිනාසෙමින් මෙස...
01/02/2022

කුඩා පිරිමි ළමයෙක් කුඩා දැරියකට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
කුඩා දැරිය මෙසේ ඇසුවාය.
- BF යනු කුමක්ද?
පිරිමි ළමයා සිනාසෙමින් මෙසේ පිළිතුරු දුන්නේය.
- ඒ කියන්නේ හොඳම මිතුරා. Best Friend !

පසුව ඔවුන් පෙම් සබඳතාවක් පැවැත්වූ අතර තරුණයා දැරියට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
දැරිය තරුණයාගේ උරහිසට සැහැල්ලුවෙන් හේත්තු වෙලා ලැජ්ජාවෙන් ඇහුවා.
- BF යනු කුමක්ද?
පිරිමි ළමයා පිළිතුරු දුන්නේ:
- ඒ පිරිමි මිතුරා! Boy Friend !

වසර කිහිපයකට පසු ඔවුන් විවාහ වී, ආදරණීය දරුවන් සිටි අතර, ස්වාමිපුරුෂයා නැවතත් සිනාසෙමින් තම බිරිඳට මෙසේ කීවේය.
- මම ඔබේ BF!
බිරිඳ සිය සැමියාගෙන් මෘදු ලෙස මෙසේ ඇසුවාය.
- BF යනු කුමක්ද?
ස්වාමිපුරුෂයා ඔවුන්ගේ ආදරණීය හා ප්‍රීතිමත් දරුවන් දෙස බලා මෙසේ පිළිතුරු දුන්නේය.
- ඒ බබාලගේ තාත්තා! Babies' Father !

ඔවුන් මහළු වියේදී, එකට වාඩි වී ඉදිරිපස ආලින්දයේ සිට හිරු බැස යන ආකාරය දෙස බලා සිටින අතරතුරේ, මහලු මිනිසා තම බිරිඳට මෙසේ කීවා.
- මම ඔබේ BF!
මහලු කාන්තාව ඇගේ රැලි වැටුණු මුහුණ ඔහු දෙසට හරවා සිනාසුණාය:
- BF යනු කුමක්ද?
මහලු මිනිසා සතුටින් සිනාසෙමින් අද්භූත පිළිතුරක් දුන්නේය.
- සදාකාලික වන්න! Be Forever !!

මරණාසන්නව සිටි මහලු මිනිසා මෙසේ පැවසූවා
- මම ඔබේ BF.
මහලු කාන්තාව දුක්බර හඬකින් පිළිතුරු දුන්නා.
- BF යනු කුමක්ද ??
මහලු මිනිසා පිළිතුරු දුන් අතර පසුව ඔහුගේ ඇස් වසාගත්තේය.
- එය සදහටම ආයුබෝවන්! Bye Forever

දින කිහිපයකට පසු මහලු කාන්තාව ද මිය ගියාය. ඇස් වසා ගැනීමට පෙර, මහලු කාන්තාව මහලු මිනිසාගේ සොහොන දෙස බලා මෙසේ කීවාය.
සදහටම ඔබ අසල ! Beside Forever !!

*******************************************
පරිවර්තනකි.. උපුටාගැනීම සාමා ද සිල්වා ගුරු මහත්මියගේ මුහුණු පොතෙන් ❤❤

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#අඩෝ_Homecare
#කෙන්ඩිය

මේ වගේ තොරතුරු ඉදිරියටත් දැනගන්න පහත අපගේ YouTube චැනලය subscribe කර මෙන්ම අපගේ Facebook සමූහය හරහාද අප සමග එක්වන්න….🙏

🅾️YouTube- අඩෝ Sri Lanka
🛗FB Group- අඩෝ Sri Lanka🇱🇰

☎️0717492117
📧[email protected]

📸 අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

නර්තනය ජීවිතය කරගත්ත දෙන්නෙක් wedding එකක් ගත්තහම ඉන්න හිතන ජීවිතය…🎊❤️❤️ #අඩෝ_Travelling #අඩෝ_Entertainment #අඩෝ_Shoppin...
25/01/2022

නර්තනය ජීවිතය කරගත්ත දෙන්නෙක් wedding එකක් ගත්තහම ඉන්න හිතන ජීවිතය…🎊❤️❤️

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#අඩෝ_Homecare
#කෙන්ඩිය

මේ වගේ තොරතුරු ඉදිරියටත් දැනගන්න පහත අපගේ YouTube චැනලය subscribe කර මෙන්ම අපගේ Facebook සමූහය හරහාද අප සමග එක්වන්න….🙏

🅾️YouTube- අඩෝ Sri Lanka
🛗FB Group- අඩෝ Sri Lanka🇱🇰

☎️0717492117
📧[email protected]

📸 අයිතිය මුල් හිමිකරුවන් සතුවේ...

===========එපා වූ විවාහය=========== විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය. එක් උදැසනක ඇය තම ම...
05/01/2022

===========එපා වූ විවාහය===========

විවාහ ජීවිතය එපාම වී ගිය තරුණියක් තම සැමියාව මරා දමන්නට සැරසුනාය.

එක් උදැසනක ඇය තම මව වෙත ගොස් මෙසේ කීවාය.
"අම්මේ, මට දැන් මගේ මනුස්සයා ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් ඒ මිනිහගේ විකාර වැඩ ඉවසන් ඉන්න බැහැ . මට ඌව මරලා දාන්න ඕන. ඒත්, නීතිය ඉඳිරියේ වරදකාරියක් වෙයි කියලා භය හිතෙනවා. අම්මේ, ඔයා මට උදව් කරනවා නේද?"

මව ඇයට පිළිතුරු දෙන්නට විය:
"ඔව් දුවේ, මට පුලුවන් ඔයාට උදව් කරන්න. ඒත්, ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා."

"මොකක්ද කරන්න ඕන? ඒ මිනිහව ඉවරයක් කරන්න ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි."
දියණිය පැවසුවාය.

"හරි", මව යළිත් පවසන්නට විය,
"මුළින්ම ඔයා ඔහුත් එක්ක සමගි වෙන්න ඕන, එවිට, ඔහු මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැක හිතන්නේ නැහැ.
ඔහුගේ හිතේ ඔයා ගැන වැඩිමනක් ආකර්ෂණයක් ඇතිවෙන විඳියට ඔයා ඔයාගේ පෙනුම ලස්සන කරගන්න ඕන.
වෙනදටත් වඩා ඔයා ඔහු ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන. ඒ වගේම, ඔහුට ප්‍රියමනාප බවක් ඇතිවෙන විඳියට හැසිරෙන්න ඕන.
වෙනදාට වඩා ඉවසිලිවන්ත වෙන්න ඕන. pඒ වගේම ආදරණීය වෙන්න ඕන. ඉරිසියාවත් ටිකක් අඩු කරගන්න ඕන. ඔහු කියන දේවල් වලට හොඳින් ඇහුම්කන් දෙන්න ඕන වගේම ඔහු කෙරෙහි ගෞරවණීය වෙන්න, කීකරු වෙන්නත් ඕන.
ඔයාගේ මුදල් ඔහු වෙනුවෙන් වියදම් කරන්න. ඔහු ඒක ප්‍රතික්ෂේප කරොත් තරහ ගන්නත් එපා.
ඔහු සමඟ වාද කරන්න යන්න එපා. ඔහු මිය ගිය විට කිසිවෙකුත් ඔයා ගැන සැකයක් නොහිතන තරමට සමගියෙන්, ආදරයෙන් ඉන්න. දවස් තිහක් මේ විඳියට කරොත් කිසිම ප්‍රශ්නයක් නොවෙන විඳියට එයාව මරලා දාන්න ඔයාට පුළුවන්."

"ඔයාට මේ පොඩි දේවල් ටික කරන්න පුළුවන්ද?"
මව විමසුවාය.

"ඔව්, මට පුළුවන්.."
ඇය පිළිතුරු බැන්ඳාය.

"හරි,"
එසේ කියමින් මව තම දියණියගේ සුරත මත යමක් තැබුවාය.

"මේ කුඩු වලින් ටික ටික එයාගේ හැම කෑම වේලකටම එකතු කරන්න, ඒකෙන් එයා ටිකෙන් ටික මිය යන්න පටන් ගනීවි."

මවට සමුදුන් දියණිය තම නිවෙස වෙත ගොස් මව පැවසූ සියල්ල එසේම කරන්නට විය.

දින තිහක් ගතවන්නටත් පෙර ඇය යළිත් තම මව හමුවන්නට ආවාය.

"අම්මේ, මට තවදුරටත් මගේ සැමියාව මරන්න උවමනාවක් නැහැ. මං දැන් සම්පූර්ණයෙන්ම ඔහුට ආදරෙන් ඉන්නේ, එයත් දැන් හුඟාක් වෙනස් වෙලා. ඔහු මං හිතුවාටත් වඩා ආදරණීය ස්වාමිපුරුෂයෙක්.
මට ඔහුට මැරෙන්න දෙන්න බැහැ. මං කොහොමද ඒ විෂ එයාගේ ඇගෙන් ඉවත් කරන්නේ?
අම්මේ, අනේ මට උදව් කරන්නකෝ.."

ඇය දුක්මුසු ස්වරයෙන් මව ඉඳිරියේ බැගෑපත් වූවාය.

"දුක් වෙන්න එපා මගේ දුවේ..මං එදා ඔයාට දුන්නේ කහ කුඩු ටිකක්. ඒකෙන් ඔහුගේ කෑම වේල රසවත් වෙනවා මිසක කිසිදාක ඔහුව මරාදමන්නේ නැහැ..
ඇත්තටම, ඔයා ඔහු කෙරෙහි ඇති කළ ආතතිය, උදාසීන බව තමයි ඔහු සෙමින් සෙමින් මිය යන්නට හේතු වුණු විෂ.
අන්න ඒ නිසයි, ඔයා.. ඔහු කෙරෙහි ආදරය කරන්න, ගෞරව දක්වන්න, කීකරු වෙන්න පටන් ගත්තම ඔහුත් හොඳ සැමියෙක් බව ඔයා දුටුවේ.."

ඇය සනසවමින් මව පිළිතුරු දුන්නාය…

ප.ලි:
පිරිමි සැබැවින්ම දුෂ්ඨයන් නොවේ, බිරිඳ, පෙම්වතිය ඔහු කෙරෙහි දක්වන ප්‍රතිචාරය මත තමයි ඔහු ඇය කෙරෙහි දක්වන හැඟීම්, වගවීම් තීරණය වෙන්නේ.. කාන්තා ඔබට ඔහු කෙරෙහි ගෞරවය, කැපවීම, ආදරය, සහ සැලකිලිමත් බවක් දැක්විය හැකි නම් එයම ඔහුට ප්‍රමාණවත් වේවි ඔහු 100% ක්ම ඔබේ පමණක්ම වන්නට….

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#අඩෝ_Homecare
#කෙන්ඩිය

මේ වගේ තොරතුරු ඉදිරියටත් දැනගන්න පහත අපගේ YouTube චැනලය subscribe කර මෙන්ම අපගේ Facebook සමූහය හරහාද අප සමග එක්වන්න….🙏

🅾️YouTube- අඩෝ Sri Lanka
🛗FB Group- අඩෝ Sri Lanka🇱🇰

☎️0717492117
📧[email protected]

උපුටා ගැනීමකි.

======== බැඳීම් ========මේ ලෝකේ කිසිම කෙනෙක්ට සීයයට සීයක් ගැළපෙන බැඳීම් මුණ ගැහූනේ නෑ ...!!කොහෙහරි තැනක නොගැළපෙන ඒක් හෝ ...
24/12/2021

======== බැඳීම් ========

මේ ලෝකේ කිසිම කෙනෙක්ට
සීයයට සීයක් ගැළපෙන බැඳීම්
මුණ ගැහූනේ නෑ ...!!

කොහෙහරි තැනක
නොගැළපෙන ඒක් හෝ හේතුවක්
තිබුනා

සමහරු ඒවා
හේතුවක් කරගෙන යන්න ගියා
තවත් සමහරු
ගළපගන්න උත්සහා කරා
තවත් සමහරු ගැළපෙන
නොගැළපිම් පැත්තකට දාලා
ජිවීතය හදා ගත්තා

කොහොම උනත්
ජිව්තය ගෙවන්න ලේසියි
විඳින්න ආමරුයි

ඒ නිසා ...!!
නොගැළපෙන,ගැළපෙන,
දේවල් ගැන වද වෙන්න එපා

ජීවත් වෙන්න
ඒකිනේකාට ගරු කරලා
ලස්සන වෙයි ජීවිතේ හැමදාටම .…….!!

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#අඩෝ_Homecare
#කෙන්ඩිය

මේ වගේ තොරතුරු ඉදිරියටත් දැනගන්න පහත අපගේ YouTube චැනලය subscribe කර මෙන්ම අපගේ Facebook සමූහය හරහාද අප සමග එක්වන්න….🙏

🅾️YouTube- අඩෝ Sri Lanka
🛗FB Group- අඩෝ Sri Lanka🇱🇰

☎️0717492117
📧[email protected]

✍️ මහෙෂ් විමලරත්න

කාලෙකින් දැකපු වෙනස් විදියක Pre shoot එකක්.. මේක try කරනව එහෙම නෙමේ කට්ටිය..😍😍 #ආදරය  #විවාහය  #ජීවිතය #අඩෝ_Travelling #...
24/11/2021

කාලෙකින් දැකපු වෙනස් විදියක Pre shoot එකක්.. මේක try කරනව එහෙම නෙමේ කට්ටිය..😍😍

#ආදරය #විවාහය #ජීවිතය

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#කෙන්ඩිය

මේ වගේ තොරතුරු ඉදිරියටත් දැනගන්න පහත අපගේ YouTube චැනලය subscribe කර මෙන්ම අපගේ Facebook සමූහය හරහාද අප සමග එක්වන්න….🙏🙏

🅾️YouTube- අඩෝ Sri Lanka
🛗FB Group- අඩෝ Sri Lanka🇱🇰

☎️0717492117
📧[email protected]

📸 Sangeeth Gayashan

මංගල පෝරුව.........🤵👰‍♀️🎊🎉වර්තමානයේ මංගල පෝරුව විවිධ හැඩයෙන් සහ විවිධ වර්ණයෙන් නිර්මාණය කරනු ලබනවා. නමුත් අපි අද බලමු ඇත...
22/11/2021

මංගල පෝරුව.........🤵👰‍♀️🎊🎉

වර්තමානයේ මංගල පෝරුව විවිධ හැඩයෙන් සහ විවිධ වර්ණයෙන් නිර්මාණය කරනු ලබනවා. නමුත් අපි අද බලමු ඇත්තටම සිංහල චාරිත්‍රානුකූලව මංගල පෝරුව නිර්මාණය කළ යුත්තේ කෙසේද කියලා…

පෝරුවක මූලිකාංග ලෙස පෙර අතීතයේ අතීතයේ පටන් පැවතිය යුතු යැයි සම්මත කරගනු ලැබූ යම් යම් සංකේත සහ හැඩතල පවතිනවා. ඉතාමත් ඈත අතීතයේ තම දියණිය කරකාර බන්දවා දීමේ දී තම ගොවි පියා විසින් කුඹුර පෝරු ගෑමට යොදාගත් ලෑල්ල මත යුවළ නංවා අත පැන් වත්කොට දියණිය භාරදුන් බව සඳහන් වේ. කල්යත්ම එය නවීකරණය වී පෝරුවට නව මුහුණුවරක් ලබා දෙන ලදී. ඒ අනුව පෝරුව එම යුවලගෙ උස මහතට ගැලපෙන ලෙස ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කළ යුතු බව සඳහන් වේ. එසේම පෝරුවක් රන් පැහැ වීම වඩා සුසුසු වන අතර වහලයක් තිබිය යුතුයි. පෝරුව පොලෝ තලයෙන් ඉහලට එසවී තිබිය යුතු අතර සතරවරම් ද වරම් දෙවිවරුන් උදෙසා පුන්කලස් හතරක පහන් හතරකින් පූජා කළ යුතුය. එසේම හංස යුවල, වී කරල්, ඉරහඳ ආදී සංකේත එහි විය යුතුයි. පෝරුව මතට වී පොරි ආදිය දමා පිරුවටයක් දමා ඒ මත නැගිය යුතුය. එසේම අෂ්ඨක කියන තැනැත්තා ප්‍රසන්න පෙනුමකින් යුතු යහපත් පවුල් ජීවිතයක් ගත කරන දරුවන් ලැබූ පියෙක් ද විය යුතුයි. ඔහු විවාහව යහපත් පවුල් ජීවිතයක් ගත කරන අයෙකුද විය යුතුය.

වර්තමානයේ මෙම සංකේත සහ නියමයන් වෙනස් ව ඇති අතර විවාහ ජීවිත ද අස්ථීර බැඳීමක් බවට පත්වී තිබීම දැකිය හැක. පෝරුවෙන් බසින අවස්ථාවේ පොලයක් බිඳීම තුළින් නව යුවළගේ ඇස් වහ කට වහ දෝෂ දුරු දුරුවන බව ද කියැවේ…..🙏🙏

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#කෙන්ඩිය

☎️0717492117
📧[email protected]

වි  ශ්වාසය නිදන් කරන්වා  සනාව පදම් කරන්හ  රි මඟ පෙරමුණට අරන්ය  හපත නිති හිතේ දරන්දෙදෙනෙකු නොව එකෙකු ලෙසින්අත් පටලා යමුද ...
20/11/2021

වි ශ්වාසය නිදන් කරන්
වා සනාව පදම් කරන්
හ රි මඟ පෙරමුණට අරන්
ය හපත නිති හිතේ දරන්
දෙදෙනෙකු නොව එකෙකු ලෙසින්
අත් පටලා යමුද පෙමින්…..💞💞💝❤️

#විවාහය #ආදරය #ජීවිතය

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#කෙන්ඩිය

☎️0717492117
📧[email protected]

විවාහය දින තාත්තා වූ ඔහු.. Fast & Furious චිත්‍රපටයේ Vin Diesel..👰‍♀️💞💝🎊අනතුරකින් මියගිය සුපිරි හොලිවුඩ් නළුවෙකු වූ Paul...
16/11/2021

විවාහය දින තාත්තා වූ ඔහු.. Fast & Furious චිත්‍රපටයේ Vin Diesel..👰‍♀️💞💝🎊

අනතුරකින් මියගිය සුපිරි හොලිවුඩ් නළුවෙකු වූ Paul Walker ගේ දියණිය Meadow Rain Walker පසුගියදා විවාහ වුනා.. ඇගේ පියා වෙනුවට එදා ඇයව විවාහ උත්සවයට කැදවාගෙන ආවේ Paul Walkerගේ හොදම මිතුරෙකු වුනු සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Vin Diesel.. මෙය ඉතාමත් සංවේදී අවස්තාවක් වුනු අතර විදෙස් මාධ්‍ය මෙය ඉතා ඉහලින් වාර්තා කර තිබුනා….

#විවාහය #මිතුදම

#අඩෝ_Traveling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#කෙන්ඩිය

📧[email protected]

📸 අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

"ඉක්මනට බැදපන් බන්" කියන්න කලින් හිතන්න...❗️👋දෙමාපියන්ගෙන් කිසිම දෙයක් උරුම නැති උන් ඉන්නවා, උන් මුල ඉදන් ජීවිතේ තනියම හ...
11/11/2021

"ඉක්මනට බැදපන් බන්" කියන්න කලින් හිතන්න...❗️👋

දෙමාපියන්ගෙන් කිසිම දෙයක් උරුම නැති උන් ඉන්නවා, උන් මුල ඉදන් ජීවිතේ තනියම හදාගන්න ඕනා..😍😍

නිදහසේ ඉන්න ඕන කියලා හිතන උන් ඉන්නවා, උන්ට බදින්න කියලා හදිස්සියක් නැහැ..💃🕺

සහෝදර සහෝදරියන්ට උගන්නන්න මහන්සිවෙන උන් ඉන්නවා.. ලෙඩ තියෙන මිනිස්සු ඉන්නවා, කසාද බදින්නේ නැහැ කියලා තීරණය කරන..😥😥

අවුරුදු 16 , 20න් පැනලා ගිහින් බැන්ද උන් වගේ නෙමෙයි 25,26 වෙනකන් ඉගනගත්ත උන්ට තව අනාගත සැලසුම් තියනවා...😌😌

ඔය අතරෙ තවම බදින්න එකෙක් හොයාගන්න බැරිවුණ උනුත් ඉන්නවා, උන් මොකද තනියම බදින්නද..😁😁

කලබලයක් නෑ.. අපි හොයමු...❤❤💝💝

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#කෙන්ඩිය

☎️0717492117
📧[email protected]

📒උපුටා ගන්නා ලද්දකි.

 #ආදරය  #විවාහය  #ජීවිතය සිව් අකුරු වචනයටඑහා ගිය බැඳීමට... රන් හුයක නිමාවටහිර නොවුණු කතාවට... ගලා යන හීනයට පණ දුන්නු හින...
15/09/2021

#ආදරය #විවාහය #ජීවිතය

සිව් අකුරු වචනයට
එහා ගිය බැඳීමට...

රන් හුයක නිමාවට
හිර නොවුණු කතාවට...

ගලා යන හීනයට
පණ දුන්නු හිනාවට...

අකුරු ඇයි කොටු වෙලා
නමක් නැති හැඟීමට...

#අඩෝ_Travelling
#අඩෝ_Entertainment
#අඩෝ_Shopping
#කෙන්ඩිය

☎️0717492117
📧[email protected]

🖊️උපුටා ගැනීමකි.

15/08/2021
09/07/2021


09/07/2021
09/07/2021

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කෙන්ඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කෙන්ඩිය:

Share


Other Wedding planning in Colombo

Show All