13/10/2022
පිටකොටුව කියන්නේ ඒ කාලේ ඉදන්ම අහන්න දකින්න ලැබෙන ප්‍රසිද්ධ ස්ථානයක්.
මේ ස්ථානය පිළබඳව නොදන්න කෙනෙත් නැති තරම්. ගොඩක් අය දිනපතා පිටකොටුව සමග ගණුදෙනු කරත් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න හරියටම දන්නේ නැහැ.
පිටකොටුවේ ඉතින් නැති දෙයක් නැහැ කියලා තමයි කතාවට බොහෝ අය කියන්නේ. පිටකොටුව වැඩිපුරම ප්‍රසිද්ධ ඒ ඒ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ වෙළඳ භාණ්ඩවලින් පිරිලා තියෙන නිසයි .
ලංකාවේ අනිත් ප්‍රදේශ වලින් හොයාගන්න බැරි දේවල් පිටකොටුවෙන් හොයාගන්න පුළුවන් වීම තමයි මෙහි තියන මූලික විශේෂත්වය .
පිටකොටුවට ආවොත් ඕනම දෙයක් අඩු මිලට මිලදී ගන්න පුළුවන්.විශාල ප්‍රදේශයක් හරහා පැතිරිලා තියෙන පිටකොටුව සියලු වෙළඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය විදියට සලකනවා.
මුල් වතාවට පිටකොටු යන කෙනෙක්ටනම් අනිවාර්යෙන් එහි ගියාම වංකගිරියකයට ගියා හා සමාන අත්දැකීමකට මුහුණ දෙන්න වෙන එක සුලභ කරුණක්. නමුත් ඉතින් තම අවශ්‍යතාවන් සපුරාගන්න හොඳම වෙළඳසැල්, ලාබෙට බඩු ගන්න හරියනම තැන් හොයාගන්න සැඟවුණු ස්ථාන රාශියක් තිබීමට හැකියාව තිබෙන නිසා ඒ වෙනුවට සහාය වෙන්න අපි මෙි සේවාව ආරම්භ කරේ