07/06/2022
🏵🏵 වෛකාසි විසාකම් හෙවත් ස්කන්ධ දෙවියන්ගේ ජන්ම දිනය - 2022🏵🏵
💐පූජා මුහුර්තය
විසාකම් නක්ෂත්ර තිථිය
*ජූනි 12 වන ඉරිදා පාන්දර 02.05ට
ආරම්භ වී
*ජූනි 12 වන ඉරිදා රාත්‍රී 11.58 ට
අවසන් වේ
💐වෛකාසි හෙවත් වෛශාඛ මාසයේ පසළොස්වක දිනයට සමගාමීව විසා නැකත උදා වන දිනය ස්කන්ධ හෙවත් කතරගම දෙවියන්ගේ ජන්ම දිනය වේ. මෙදින ස්කන්ධ දෙවියන්ගේ ශක්තිය සමඟ සම්බන්ධ වීම ඉතා පහසු වන අතර එතුමන්ගේ ප්‍රසාදය ලබා ගැනීමට මෙය ඉතා සුවිශේෂී දිනයකි.
💐කාර්තිකේය, සුබ්‍රමණ්‍ය, මුරුගන්, ස්වාමිනාථ ආදී නම් වලින්ද හදුන්වන ස්කන්ධ දෙවියන් ජන්මය ලැබුවේ අඳුර නසා ආලෝකය සහ ප්‍රඥාව ප්රදානය කරමින් ධර්මය ස්ථාපිත කිරීමටය.
💐ස්කන්ධ දෙවියන් Pleiades හෙවත් හත් දින්නත් තරු නම් තාරකා පන්තියට අයිති තාරකා ජීවියෙක් ලෙස New age ඉගැන්වීම් වල හඳුන්වයි. එම තරු පන්තියේ තිබෙන කාර්තිකෙයි නම් තාරකා 6න් පැමිණි කාන්තාවන් සය දෙනෙකු විසින් කඳ කුමරුන්ව පෝෂණය කරමින් රැක බලාගත් බවද පුරාණ ග්රන්ථ වල සඳහන් වේ.
💐ස්කන්ධ දෙවියන් විශ්වයේ දිව්‍යමය පුරුෂ ශක්තියේ මෙන්ම දිව්‍යමය ප්‍රඥාවේ ප්‍රතිමූර්තියයි. එමෙන්ම හින්දු දහමේ පරබ්‍රහ්ම ලෙස හඳුන්වන විශ්ව ශක්තියේම තවත් එක් ප්‍රධාන ස්වරූපයකි.
💐ස්කන්ධ දෙවියන්ගේ මුහුණු සයෙන් එතුමන් ප්රදානය කරන ප්‍රධාන ආශිර්වාද සය වන ඥානය, නොඇලීම, බලය, කීර්තිය, ධනය සහ දිව්‍යමය ශක්තීන් මෙන්ම මිනිස් මොළයේ ඇති කොටස් සය ද නිරූපණය වේ.
💐මහා දෙවියන් වන ශිව දෙවියන්ගේ සහ මහා මාතාව වන පාර්වතී මෑණියන්ගේ පුත්‍රයා වන බැවින් ස්කන්ධ දෙවියන් විශ්වයේ සිටින බලගතුම දෙවි කෙනෙක් වේ.
💐ශිව දෙවිදුන්ට ප්රණවයේ සාරය උගන්වමින් තම පියාට මෙන්ම මහා දෙවිදුන්ටම ගුරු වූ බැවින් එතුමන් ඥානයට අධිපති දෙවියන්ය.
💐කුණ්ඩලිනී ශක්තියට අධිපති වන බැවින් සියලු ධ්‍යාන, සිද්ධ ශක්තීන්, අධි මානසික හැකියාවන් සහ ආධ්‍යාත්මික පිබිදීම සඳහා උපකාර කරයි.
💐මොළයට සහ පීනියල් ග්‍රන්ථියට/තෙවැනි ඇසට අධිපති වන බැවින් එතුමන් උසස් බුද්ධියට සහ අධි මානසික හැකියාවන්ට අධිපති දෙවියන්ය.
💐දිව්‍යමය සේනාවේ සේනාධිපති වන බැවින් අපව සීමාවන් තුල සිර කරන අපට වේදනාවන් ගෙන දෙන කර්ම ශක්තීන් පරාජය කරන්නේ එතුමන්ය.
💐ඕම්කාරයේ ස්වරූපය වන බැවිනුත් ඕම් කාරයේ හරය ඉගැන්වූ බැවිනුත් එතුමන් සියලු මන්ත්‍ර සහ ඒවාගේ ශක්තීන්ට අධිපතියාද වේ.
💐එතුමන් කරුණාවේ සහ දිව්‍යමය ආදරයේ ප්‍රතිමූර්තියයි.
💐කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමෙන්,
1.සියලු නරක කර්ම ඇතුලු අඳුරු සෘණාත්මක ශක්තීන්ගෙන් නිදහස ලැබේ.
2.මනස නිරවුල් වේ
3.ධෛර්යය, ශක්තිය සහ බලය ලැබේ
4.ආත්ම ශක්තිය ලැබේ
5.සියලු යුද්ධ( ඇතුලත සහ පිටත) ජය ගැනීමට ශක්තිය ලැබේ. ජයග්‍රහණය ලැබේ.
6.සියලු රෝග නිවාරණය වේ.
7.මෝහය දුරු වී ප්‍රඥාව උදා වේ.
8.රැකියාවේ සාර්ථකත්වය ඇතිවේ.
9. සියලු කටයුතු සාර්ථක වේ.
10. සෞභාග්‍යය උදා වේ
11.කුජ දෝෂ දුරුවේ.
12.සියලු විවාහ දෝෂ දුරුවේ.
13.සමගිය උදා වේ
14.සියලු ආරක්ෂාව උදා වේ
15.අධි මානසික හැකියාවන් ලැබේ
16.දරු සම්පත් ලැබේ.
💐ස්කන්ධ දෙවියන්ගේ ජන්ම දිනයේදී එතුමන් සමඟ සම්බන්ධ වීමෙන් පෙර වැරදි වලට සමාව ලැබී, ආත්මය පාරිශුද්ධ වේ. ඇස්වහ කටවහ, ශාප ඇතුලු සියලු අඳුරු බලවේග දුරුවී, කායික මානසික රෝග නිවාරණය වී, බලය, ධෛර්යය , ශක්තිය ලැබී වාසනාවන්ත සෞභාග්‍යයමත් ජීවිතයකට මඟ විවර වේ. නිදහස ලැබේ,දිව්‍යමය ආරක්ෂාව ලැබේ,
පවුලේ සමඟිය ඇතිවේ,දරු සම්පත් ලැබේ, නැතිවී ගිය සතුට නැවත ලැබේ.
🌼🌼ස්කන්ධ දෙවියන්ගේ ජන්ම දිනයේදී කළ යුතු වත් පිළිවෙත්🌼🌼
1.ස්කන්ධ දෙවියන්ට පූජා පැවැත්වීම.මෙදින ස්කන්ධ දෙවියන්ට මුරුතැන් බත් පූජා කිරීම ඉතා සුභ වේ.
2.සරවනබව මන්ත්‍රය ගායනා කිරීම.
3.සුබ්‍රමණ්‍ය බුජංග ස්තෝත්‍රය, ස්කන්ධ පංචරත්නම්, ස්කන්ධ අෂ්ටකය, ස්කන්ධ 108 සහ ස්කන්ධ සහශ්‍රනාම ගායනා කිරීම(ස්තෝත්ර මීළඟ ලිපි වලින්)
4.අගස්ති මුනිවරයාට අනුව මෙදින සල් මල් හයක් සහ රතු කනේරු මල් පිදීම මෙන්ම ආහාර දන් දීම ඉතා සුභ වේ.
5.ස්කන්ධ දෙවියන් සිහි කරමින් භාවනා කිරීම.
6.මෙම දිනයේදී ස්කන්ධ දෙවියන්ගේ කෝවිල්වල විශේෂ කිරි අභිෂේක පූජා පවත්වන අතර වල්ලී මෑණියන්ගේ විවාහය සිදු කරයි. මෙම දිනයේදී ස්කන්ධ දෙවියන්ගේ දේවස්තානයකට ගොස් ආශිර්වාද ලබා ගැනීම ඉතා සුභ බව කියවේ.
ස්කන්ධ දෙවියන්ගේ බලගතුම මන්ත්‍රය-
https://m.facebook.com/story.php?story_fbid=168997781297156&id=103813824482219
ස්කන්ධ පංචරත්නම් ස්තෝත්‍රය-
https://www.facebook.com/103813824482219/posts/169217634608504/
ස්කන්ධ ශඩ්නාම ස්තෝත්‍රය-
https://www.facebook.com/103813824482219/posts/169587121238222/
ස්කන්ධ බුජංග ස්තෝත්‍රය-
https://www.facebook.com/103813824482219/posts/170644537799147/
ඔබ සැමට කඳ සුරිඳුන්ගේ රැකවරණය ලැබේවා💖💖💖