Ema Event by Dilum Dissanayaka

Ema Event by Dilum Dissanayaka
planner
(5)

සදහම් සිසිලෙන් නැහැවේවා..
23/05/2024

සදහම් සිසිලෙන් නැහැවේවා..

මේ දවස් වල අක්කාව මස්සිනාලාට දිලා මුද්දක් හම්බවෙච්ච අය කෝ බලන්න 😁
21/05/2024

මේ දවස් වල අක්කාව මස්සිනාලාට දිලා මුද්දක් හම්බවෙච්ච අය කෝ බලන්න 😁

26/04/2024
Wedding planner කෙනෙක් කියන්නේ කව්ද . එහෙම කෙනෙක්ව තෝර ගන්නේ කොහොමද? දැන්ම කතා කරලා බලන්න. ඔයාලටත් ඉක්මනට බදින්න ආස හිතෙ...
17/04/2024

Wedding planner කෙනෙක් කියන්නේ කව්ද . එහෙම කෙනෙක්ව තෝර ගන්නේ කොහොමද?

දැන්ම කතා කරලා බලන්න.
ඔයාලටත් ඉක්මනට බදින්න ආස හිතෙයි..

0778 973 980 Dilum Dissanayaka

Wedding එකට දිනත් දාගෙන Hotel එකත් බුක් කරලාද ඉන්නේ ?ඒත් තාම කිසිම idea එකක් නැතුව කල්පනා කරනවා නම් මෙන්න ඔයාලාට අනගි අව...
16/04/2024

Wedding එකට දිනත් දාගෙන Hotel එකත් බුක් කරලාද ඉන්නේ ?

ඒත් තාම කිසිම idea එකක් නැතුව කල්පනා කරනවා නම් මෙන්න ඔයාලාට අනගි අවස්ථාවක් ..

Wedding එක plan කර ගන්න ව්තරක් නෙමෙයි.
Wedding එක දවසට ඔයාලාටවත් ගෙදර අයටත් කිසිම ආතතියක් නැතුව wedding එකේ හැම දෙයක්ම හොයලා බලලා කරලා දෙන කෙනෙක් ඔයාලාට ලැබුනොත් කොහොමද? ..

හැමදේම හරියාකාරව පිලිවෙලටම කර ගන්න අවශ්‍ය නම්.

දැන්ම කතා කරන්න අපිට - 0778 973 980


18/02/2024

Best Wedding planer 2023
11/02/2024

Best Wedding planer 2023

01/01/2024

ඔයාලාගේ ජිව්තේ ලස්සනම දවස මතක හිට්න ලස්සනම දවසක් කර ගන්න අපිට කතා කරන්න..   077 897 3980
08/12/2023

ඔයාලාගේ ජිව්තේ ලස්සනම දවස මතක හිට්න ලස්සනම දවසක් කර ගන්න අපිට කතා කරන්න.. 077 897 3980

28/11/2023
            Mandodhari Ramanayake Pasindu Karunanayake
23/11/2023





Mandodhari Ramanayake Pasindu Karunanayake

11/11/2023

Special Engagement Package For 25 pax with Buffet & Out Door Deco 😍 Just 175000/=

077 897 3980

Qr 🤟
31/10/2023

Qr 🤟

22/10/2023

🍛සතර බත යනු කුමක්ද?

මෙය වර්තමානයේ නොමැති වුවද අතීතයේ
සරණ (විවාහ) මංගල උත්සව වලදී මෙම බත දීම අපගේ සිංහල චාරිත්‍රයකි.

එම බත් වර්ග නම්,

*ලේදර බත,
*ආදර බත,
*කෑදර බත,
*යෝදර බත වේ.

ඒවා ලබාදෙන්නේ පහත පරිදිය.

🍛ලේදර බත

මගුල් දිනයට පෙර දින රාත්‍රී තමන්ගේ ලේදරා නෑයන්ට (ලේ නෑයන්ට) දෙනු ලබන බතකි. මංගල උත්සවයේදී යම්කිසි වරදක් සිදුවුණොත් අමනාප නොවී මගුල් ගෙදර කටයුතු හොදින් ඉටුකරවා ගැනීම පිණිස ලේදරා නෑයන්ට කරනු ලබන සංග්‍රාහයකි.

🍛ආදර බත

මගුල් දින(දවල් කාලයේ) ගමන් මාර්ගයට සැරසී සිටින මගුල් පිරිසට දෙනු ලබන බතකි. මනාලයා හෝ මනාලිය මේ කෑම මේසයට හිදගැනීම සිරිතකි. මනාලිය මනාලයාගේ නිවෙසට කැදවාගෙන ආවාට පසු දෙනු ලබන අතර බතක් වී නම් මනාල යුවලම මේ කෑම මේසයේ අසුන් ගැනීම සිරිතකි.

🍛කෑදර බත

මගුල් දවසේ රාත්‍රී කාලයේදී දෙනු ලබන බතකි. මෙයට කෑදර බත යන නාමය ලැබී ඇත්තේ මගුල්ද ආදර බතින් ඉතිරි වන රත්කළ හොදි මාළු ආදියෙන් පැවත්වෙන සංග්‍රාහයක් නිසායයි සිතිය හැකිය.

🍛යෝදර බත

මගුල් උත්සවයෙන් පසුවදා හෝ අනෙක් දිනෙක හෝ මනාල යුවල ඇතුළු දෙපස නෑයන්ට දෙනු ලබන බතකි.

පුරාණ කාලයේදී මේ සතර බතක් දීම සිරිතක්ව පැවතුණු නමුත්, රටේ අගහිගකම් නිසාද, පර සිරිත්වලට ගැතිවීම නිසාද, දැන් මේ සිරිත බොහෝ දුරට අඩුවී ඇත. එහෙත්, පුරාණ චාරිත්‍රයන්ට ගරු කරන ඇතැම් පවුල්වල තවමත් සතර බත දීමේ සිරිත පවතින බව පෙනේ.

ස්තූතියි ..🙏🙏





Remember_The_Name
20/10/2023

Remember_The_Name

2024 ව්වහා වෙන්න ඉන්න ඔයාලාට අපි දෙනවා කාටවත් හිතා ගන්න බැරි ව්දිහේ වට්නා කමක් එක්ක ඔයාලාගේ සිහින දවස සැබෑවක් කර ගන්න සු...
03/09/2023

2024 ව්වහා වෙන්න ඉන්න ඔයාලාට අපි දෙනවා කාටවත් හිතා ගන්න බැරි ව්දිහේ වට්නා කමක් එක්ක ඔයාලාගේ සිහින දවස සැබෑවක් කර ගන්න සුව්ශේෂි දීමනාවක්..

කෑම ජාති 30 තරු පංතියේ බුෆේ එකක් එක්ක ඔයාලාගේ ව්වහා දවස ලස්සන කරගන්න අවශ්‍ය හැමදේම අපෙන් ඔයාලට අපි ගානේ කරලා දෙනවා 😍

වැඩ් ව්ස්තර දැන ගන්න දැන්ම කතා කරලා බලන්න 077 897 3980

*මේ අවස්ථාව සීම්ත පිරිසකට පමණයි.

*කොන්දේසි සහිතයි

දැනෙන්න වැඩක් කරපං 😜Ema Event by Dilum Dissanayaka
29/08/2023

දැනෙන්න වැඩක් කරපං 😜
Ema Event by Dilum Dissanayaka

28/08/2023

Sri Lanka Wedding Awards 2023 - Nomination Night
Be ready to witness the best of the best in the Sri Lankan Wedding Industry Walk-away with Nomination Awards..!!!

A night to remember....!!!

28/08/2023

නෑයෝ ලෙෆ්ට් කරපු full එක 😜.

28/08/2023

පෝරු චාරිත්‍ර

26/08/2023

බොහෝ අය පටලවාගත් 'එන්ගේජ්මන්ට්', 'රෙජිස්ට්‍රේශන්' සහ 'වෙඩින්'. (Difference between 'Engagement', 'Registration' and 'Wedding'.)

සටහන - නීතිඥ රුවිනි නිශ්ශංක

කලකට පෙර ලිවූ සටහනක් නැවත පලකරන්න හිතුවා.

දන්නා අයට සහ නීති වෘත්තිකයන්ට මෙම වචන අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවුවද අද සමාජයේ වෙසෙන බොහෝ දෙනා මෙම වචන වැරදි ලෙස වටහාගෙන වැරදි ලෙස භාවිතා කරනු දක්නට ලැබීම සාමාන්‍ය කරුණක්. "මම එන්ගේජ්මන්ට් එක විතරයි අරගෙන තියෙන්නෙ. එයාගෙන් ඩිවෝස් වෙන්න නඩු දාන්න ඕනද?" "රෙජිස්ට්‍රේශන් එක විතරයි ගත්තෙ වෙඩින් එකට දින දා ගත්තා විතරයි නඩු නොදා අයින් වෙන්න බැරිද?" වැනි ප්‍රශ්න දිනපතාම පාහේ බොහෝ පිරිසක් අපෙන් විමසන සුලබ ගැටලුය. එබැවින් ඉතා සරල කරුණක් වුවත් මෙම වචන භාවිතයේදී ඒවායේ නියම අර්ථය දැනගෙන භාවිතා කිරීම වඩාත් සුදුසු නිසාත් නිවැරදි නීති උපදෙස් ගැනීමට පහසු කරවන නිසාත් නොදන්නා අයට පැහැදිලි වන ලෙස හැකිතාක් නෛතික යෙදුම් අඩුවෙන්, ඉතාම සරලව සහ කෙටියෙන් මේ පිලිබඳව ලිපියක් ලිවීමට සිතුවා.

1. එන්ගේජ්මන්ට් (Engagement)

එන්ගේජ්මන්ට් යනු විවාහ ගිවිස ගැනීමයි. එනම් අනාගතයේ යොදාගත් යම් දවසක විවාහ වන බවට දෙපාර්ශවයක් අතර ඇති කරගන්නා පොරොන්දුවක් මින් අදහස් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී මීට මුදු මාරු කර ගන්නවා කියාද යෙදෙයි. අද සමාජයේ සාමාන්‍යයෙන් මෙවන් අවස්ථා ඉතා උත්සවාකාරයෙන් විශාල පිරිසක් එක්රැස් කරගෙන විවාහ මංගල උත්සවයක ස්වභාවයෙන්ම පවත්වනු දක්නට ලැබීම සුලබ දසුනක් වුවද වටහාගත යුතු කරුණ වන්නේ එන්ගේජ්මන්ට් එකකදී විවාහය රෙජිස්ට්‍රාර්වරයකු හෝ දේවගැතිවරයකු ඉදිරියේ ලියාපදිංචි කිරීමක් සිදු නොවන බවයි. එය හුදු රැස්ව සිටින පිරිස (සාක්ශිකරුවන්) ඉදිරියේ විවාහ වන බවට පොරොන්දුවක් හුවමාරු කර ගැනීමක් පමණක් වේ. මෙහිදී මුදු හුවමාරුවක් කිරීම, නොකිරීම, උත්සවයක් ගැනීම, නොගැනීම තනිකරම තමාගේ කැමැත්ත මත කර හෝ නොකර සිටිය හැක. වටහාගත යුතු කරුණ වන්නේ එන්ගේජ්මන්ට් එකකදී විවාහය ලියාපදිංචි කිරීමක් සිදු නොවන නිසා අනාගතයේදී කැමති නම් නීත්‍යානුකූලව විවාහ වීමට හෝ එක් පාර්ශවයක් හෝ අකමැති නම් විවාහ නොවී සිටීමට හැකි වීමයි. දෙපාර්ශවය අනාගතයේදී යම් හේතුවක් මත වෙන් වන්නේ නම් විවාහය ලියාපදිංචියක් වී නැති නිසා ඩිවෝස් වීමට එනම් අධිකරණයක නඩු පවරා දික්කසාද වීමේ අවශ්‍යතාවයක් නැත. එසේම එක් පාර්ශවයක් හෝ විවාහයට අකමැති නම් විවාහ වන ලෙස බල කිරීමට අනික් පාර්ශවයට නොහැක. එසේම බොහෝ අය අතර පවතින ඉතාම වැරදි මතයක් වන්නේ එන්ගේජ්මන්ට් එකකින් පසු විවාහ වීම අත්‍යාවශ්‍ය බවත් විවාහ වීම ප්‍රතික්ෂේප කලහොත් නඩු දමා විවාහ වන ලෙස නියෝගයක් නිකුත් කරවාගත හැකි බවය. මොනම හේතුවක් මත හෝ අධිකරණයක් විසින් යම් පාර්ශවයකට විවාහ වන ලෙස අණ කරමින් කිසිසේත්ම නියෝග නිකුත් නොකරන බව වටහාගත යුතුය. විවාහ පොරොන්දුවක් කඩකිරීමේදී අවශ්‍ය නම් අධිකරණයක නඩු පවරා තමාට සිදුවූ මූල්‍යමය හා මානසික අලාභයන්ට පමණක් හානි පූර්ණ ලබාගත හැකි අතර නැවත විවාහ වන ලෙස නියෝගයක් නිකුත් කරවාගත නොහැක.

2. රෙජිස්ට්‍රේශන් (Registration)

රෙජිස්ට්‍රේශන් යනු විවාහය ලියාපදිංචි කිරීමයි. එනම් බලයලත් විවාහ රෙජිස්ට්‍රාර්වරයකු හෝ දේවගැතිවරයකු විසින් විවාහ වන දෙපාර්ශවය සහ සාක්ශිකරුවන් දෙදෙනෙකු සහභාගී කරගෙන නීත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කිරීමයි. මෙහිදී යම් නියමිත කාල සීමාවකට පෙර අපේක්ෂිත විවාහය පිලිබඳ රෙජිස්ට්‍රාර්වරයා දැනුවත් කල යුතු අතර එහිදී ඔහු විසින් අදාල විස්තර ලබාගෙන නම් ප්‍රසිද්ධ කිරීම සිදු කරනු ලබයි. එම කාල සීමාව තුල යම් පාර්ශවයකට අවශ්‍ය නම් එම විවාහයට එරෙහිව ප්‍රතිවිරෝධතා ගොනු කල හැක. එම කාලය ඉක්ම යාමෙන් අනතුරුව විවාහයට එරෙහිව නෛතික බාධාවක් නොමැති නම් එම විවාහය ලියාපදිංචි කිරීම සිදු කෙරේ. මෙහිදී විවාහ වන දෙපාර්ශවය, සාක්ශිකරුවන් දෙදෙනෙකු සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා විවාහ ලේකම් පොතේ විවාහ ලේඛනයට අත්සන් කිරීම සිදු කරන අතර සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රාර්වරයා එම අවස්ථාවේදීම විවාහක යුවළ වෙත එක් විවාහ සහතිකයක් නිකුත් කරයි. අනතුරුව විවාහ රෙජිස්ට්‍රාර්වරයා අදාල විවාහය පිලිබඳ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ එම විවාහය ලියාපදිංචි කිරීම සිදු කරයි. ඒ අනුව නෛතික සුදුසුකම් සපුරා ඇති දෙපාර්ශවයක් රෙජිස්ට්‍රාර්වරයකු හෝ දේවගැතිවරයකු ඉදිරියේ නීත්‍යානුකූලව විවාහ ලේඛනයට අත්සන් තබා විවාහ වූ පසු එය ස්ථිර විවාහ බන්ධනයක් ලෙස සලකයි. එනම් ‍රෙජිස්ට්‍රේශන් එක යනු එක් වරක් නොව සිය දහස් වරක් සිතා නියම සිහිබුද්ධියෙන් කලයුතු ක්‍රියාවකි. මන්ද මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසුව අධිකරණයක් ඉදිරියේ නඩු පවරා නියෝගයක් ලබා ගැනීමෙන් තොරව දික්කසාද වීමට කිසිදු හැකියාවක් නොමැති වීමයි. ඇතමෙක් වරදවා සිතා සිටින අන්දමට කසාද සහතිකය සැගවීමෙන්, ඉරා විනාශ කර දැමීමෙන් විවාහය අවසන් කල නොහැක. එසේම මංගල උත්සවයක් නොගත්තා කියා හෝ දෙපාර්ශවය එක්ව ජීවත් නොවූවා කියා හෝ දෙපාර්ශවයම වෙන්වන්නට කැමති වූවා කියා හෝ විවාහය අවසන් වන්නේ නැත. විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරව එනම් රෙජිස්ට්‍රේශන් එකකින් අනතුරුව එක් පාර්ශවයක මරණය තෙක් හෝ අධිකරණයක් විසින් දික්කසාද නියෝගයක් නිකුත් කරන තෙක් එම විවාහය වලංගුව පවතින අතර එසේ වලංගු විවාහයක් පවත්නා අතරතුර තව විවාහයක් සිදු කර ගතහොත් එම දෙවන විවාහය ශුන්‍ය හා අවලංගු එකක් වන අතර දැන දැනම එවැන්නක් සිදු කරගන්නා අයෙක් ද්වී විවාහය නැමති අපරාධ වරද සිදු කරයි. නමුත් එක් පාර්ශවයක මරණින් මතු අනෙක් පාර්ශවයට නැවත විවාහයකට ඇතුළත් වීමට නෛතික බාධාවක් නොවේ. එබැවින් මෙම රෙජිස්ට්‍රේශන් ක්‍රියාවලියේ නියම ස්වභාවය මනාව දැන එසේ කිරීම ඉතා වැදගත් වේ.

3. වෙඩින් (Wedding)

වෙඩින් යනු විවාහ මංගල්‍යයයි. බොහෝ අය විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව සිතා සිටියද මෙහිදීද පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක් පවතී. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි විවාහ මංගල උත්සවයක් තුලදී එක් එක් ආගම අනුව චාරිත්‍රානුකූලව නෑදෑ හිතමිතුරන්ගේ සහභාගීත්වයද ඇතිව අදාළ දෙපාර්ශවය විවාහ බන්ධනයට ඇතුලත් කිරීම සිදු කරයි. (උදාහරණ : පෝරු මස්තකාරූඩ කිරීම, මංගල දේව මෙහෙය, හින්දු, ඉස්ලාම් ආගමික චාරිත්‍ර) විවාහ මංගල උත්සවයක මුල් තැන ලැබෙන්නේ මෙම චාරිත්‍රානුකූල විවාහයට වන අතර ඇතමෙක් විවාහය ලියාපදිංචි කිරීම මංගල උත්සවය දිනයේම සිදු කරන අතර ඇතමෙක් රෙජිස්ට්‍රේශන් එක පෙර දිනයක සිදුකර චාරිත්‍ර පමණක් එම දිනයේදී සිදු කරයි. ඒ කෙසේ සිදු කලද මෙහිදී වටහාගත යුතු කරුණ වන්නේ විවාහය අත්සන් කර ලියාපදිංචි නොකෙරුවද ශ්‍රී ලංකාව තුල හුදු චාරිත්‍රානුකූල විවාහයක්ද (සාක්ශි සහිතව ඔප්පු කල හැකි නම්) නීත්‍යානුකූලව වලංගු විවාහයක් ලෙස පිලිගන්නා බවයි. එබැවින් විවාහය ලියාපදිංචි නොකෙරුවා කියා එනම් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පරිදි පොතේ අත්සන් නොකෙරුවා කියා චාරිත්‍රානුකූල විවාහයක් කිසිසේත්ම අවලංගු නොවේ. චාරිත්‍රානුකූල විවාහයක් සියලුම වෛවාහක අයිතිවාසිකම් ජනිත කරන අතර එවැනි විවාහයක දරුවන් විවාහජ සුජාත දරුවන් වේ. එබැවින් අද කාලයේදී මෙවැන්නක් සිදු වීම විරල වුවද චාරිත්‍රානුකූල විවාහයක් වලංගු විවාහයක් වන බව මතක තබා ගත යුතුය. දික්කසාද වීමට හෝ නැවත විවාහ වීමට අවශ්‍ය නම් රෙජිස්ට්‍රේශන් එකකදී මෙන්ම අධිකරණ නියෝගයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

එබැවින් අර්ථය සහ සංකීර්ණ බව දැන විවාහ බන්ධනයකට ඇතුළත් වීම බුද්ධිමත් ක්‍රියාවක් වේ. විවාහය හා දික්කසාදය පිලිබඳ නිරන්තරයෙන් ප්‍රශ්න ඇසෙනා බැවින් සරල කරුණු වුවද නොදන්නා අයට මින් යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි වූවා යැයි සිතමි. අමතක වූ කරුණක් වේ නම් සදහන් කරන ලෙස ජේශ්ඨ සහ සහෝදර නීති වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටිමි.



හෙම්න් ආපු ගමන් මග.. ශක්තියක් උන ඔයාලට ආදරෙයි 😘🙏
08/07/2023

හෙම්න් ආපු ගමන් මග.. ශක්තියක් උන ඔයාලට ආදරෙයි 😘🙏

මෙන්න මේ අවුරුද්දේ  හොදම දීමනාව 🔥  3 Star හොටෙල් එකක සම්පුර්ණ Wedding  එකම කව්රුවත් නොහිතන කාටවත් දෙන්න බැරි ගානකට...දැන...
01/07/2023

මෙන්න මේ අවුරුද්දේ හොදම දීමනාව 🔥

3 Star හොටෙල් එකක සම්පුර්ණ Wedding එකම කව්රුවත් නොහිතන කාටවත් දෙන්න බැරි ගානකට...

දැන්ම කතා කරලා ඔයාලාගේ දවස වෙන් කර ගන්න

0778 973 980
පළවෙනියටම වෙන් කර ගන්න 10දෙනාට තවත් වාසි බොහෝමයක් සමගින්..

Ema Event by Dilum Dissanayaka page එකත් එක්ක එකතු වෙන්න.

13/06/2023

Hotel Rates වල "PP" කියන්නෙ "Per Person" මිසක් "Paulatama Puluwan" කියන එක නෙවේ🤧

සමහරු අහනවා පවුලටමද ඒ ගාන කියලා🤭

12/06/2023

11/06/2023


#පෝරුව

Address

Gonapola

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94778973980

Website

Alerts

Be the first to know and let us send you an email when Ema Event by Dilum Dissanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ema Event by Dilum Dissanayaka:

Videos

Share


Other Gonapola event planning services

Show All