27/09/2021
වර්තමානයේ බහුතරයකට ඇති දණහිස් අමාරුව...♦️♦️
අද සමාජයේ බොහෝ දෙනෙක් දණහිස් ආබාධ වලින් පීඩා විදිනු ලබයි. බොහෝ දෙනෙකුගේ පැමිණිලි වන්නේ දණහිස් වලින් යම් ශබ්දයක් නැගෙනවා, නැමීමට දිගෑරීමේදි ඇතිවන වේදනාව,සන්ධිය ක්‍රියා කරවීමේ අපහසුව,සන්ධියෙ නියම ස්භාව තත්ත්වයෙන් බැහැරව සන්ධිය ඇදවීම ආදීය වේ. මෙම තත්ත්වය බොහෝ ඇති වන්නේ සන්ධිගත වාත යන රෝගය වැලදීම හේතුවෙනි.බටහිර වෛද්‍ය විද්‍යාවේ හදුන්වන osteoarthritis තත්ත්වයට බොහෝ දුරට මෙය සමානවේ,පුරාණයේ නම් මෙම තත්ත්වය බොහෝ දුරට ඇති වූයේ අවුරුදු 55 ඉක්මවූ පුද්ගලයන් හටය. වර්තමානයේ නම් වයස් භේදයකින් තොරව තරුණ අයටද මෙම රෝග තත්ත්වය දක්නට ලැබේ.
මෙම අවස්ථාව සදහා බොහෝ විට බලපනු ලබන්නේ අපගේ නරක ආහාර පුරුදු හා විහරණ වේ, ආහාර - ආහාර ගැනීමේ පිළිවෙල අනුව රළු සිසිල් බර ආහාර ගැනීම ආහාර මඳ වශයෙන් ගැනීමද නොකා සිටීමලද කෑම පිට කෑමද විරුද්ධ ආහාර
විහරණ - වැරදි ඉරියව් පැවැත්වීමද අධිකව ඇවිදීමද අධිකව සූර්්යාලෝකයට නිරාවරණය වීමද වේග ධාරණයල නිදිවැරීමද දවල් නිදා ගැනීමද වැටීම් තැලීම් පෙළීම්ද මර්මස්ථානවලට දරුණු ලෙස පහර වැදීම හා ඒවා සිදුවූ විගස නිසි ප්‍රතිකාරයක් නොකර සිටීම
මානසික පීඩා - මානසික ආතතියද අධික ලෙස බියවීමද ක්‍රෝධ කිරීම
ශෝකයද ඊර්ෂි්යාවල ගැඹුරු ලෙස සිතිවලිවල සිටිමද චිත්තවේග දරා සිටිම :පීඩාවක් ගැන සිතා සිටීම ආදියද ආයූර්වේදයේ දක්වා ඇති පරිදි දැක්විය හැකිය
ඊට අමතරව තරුණ පිරිස් මෙම රෝගියට ගොදුරු වීමට බලපාන්න්නේ වෙලදසැල් වල ඇති විවිධ සැකසූ ආහාර ගැනීමය, ඒවාට බොහෝ දුරට කෘතීම රසකාරක හා වර්ණක යොදා ඇත. මේවා ඇත්ත වශයෙන්ම ශරීරයට අහිතකරවේ. එම විෂ පදාර්ථයන් ජීර්ණය වීමෙන් ඇතිවන රස කොටසද(පෝෂක කොටස) විෂ සහිත කොටසක් වේ, මේවා ධාතු ගත වීමෙන් නොයෙකුත් බෝ නොවන රෝග ඇති වීමට ඉඩ ඇත. දණහිස් අමාරුවට අමතරව පිලිකා , අක්මාවේ රෝග , හෘද රෝග , දියවැඩියාව ආදී රෝග තත්ත්වයන් ඇති වන්නේ මෙම ආහාර නිසාය.
ලක්ෂණ වශයෙන් ගත් කල මා පෙර කී ලක්ෂණ වලට අමතරව සන්ධි වල ඉදිමුම වේදනාව ක්‍රියාකරවීමේ අපහසුව දැක්විය හැකිය
ඇත්තටම කුමක්ද මෙහිදී සිදුවන්නේ ❓❓❓
මෙහිදී සිදුවන්නේ ඇත්තටම සන්ධියෙ ඇති සියුම් කාටිලේජ කොටසට යම් හානියක් සිදුවීමය.එය මා ඉහත කී කුමන හෝ හේතුවක් නිසා සිදුවීමට ඉඩ ඇත.එය xray ඡායාරූපයක් මගින් වඩාත් නිවැරැදිව තහවුරු කරගත හැකිය .එම තත්ත්වය තව දුරටත් නොසලකා හැරීමෙන් සන්ධිය වඩාත් ගෙවීමට ලක් වන අතර සන්ධිය ඇද වීමටද ඉඩ ඇත. මෙම ඇදවීම් ස්භාවය වඩාත් උග්‍ර වූ විට ආයූර්වේදයේ හෝ දේශීය වෙදකමේ ප්‍රතිකාර නොමැත. එවිට කිරීමට සිදු වන්නේ බටහිර ක්‍රමයට කෘතීම දණහිස් බද්ද කිරීමය. එම නිසා එම අවස්ථාවට එලඹෙන තෙක් නොසිට මුල් අවස්ථාවේදී ආයූර්වේද හෝ දේශීය ප්‍රතිකාර ගැනීමේන් මෙම තත්ත්වයෙන් මිදීමට හැකිය.
මෙයට දේශීය වෙදකමේ හා ආයූර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාද ❓❓❓
මේ සදහා සුදුසුකම් ලත් පලපුරුදු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතුය. පලමුව ආයූර්වේදයේ සදහන් ශෝධන කර්ම සිදු කර ශරීරයේ දෝෂ තත්ත්වය ඉවත් කළ යුතුය , එයට දේශීය වෙදකමේ ඇති කෂාය ගුලි කල්ක ආදිය භාවිතා කළ හැකිය. ඉන් පසු තෙල් ගැල්වීම තැවිලි ආදිය කල හැකිය , තත්ත්වය ශමනය වීමට දේශීය කෂාය ගුලි ආදියද භාවිතා කරයි. ඉන්පසු කරන්නේ ස්නායු, නහර , සන්ධිය පෝෂණය කිරීම සදහා තරපණ ප්‍රතිකාරයයි. ඒ සදහා අප දේශීය පෝෂණීය තෙල් පත්තු වර්ග , රසායන වර්ගද ඉංදියාවේ නිෂ්පාදිත ඖෂධද භාවිතා කරනු ලබයි. මෙහිදී බොහෝ දේශීය වෛද්‍යවරුන් මා හට දොස් නගන්නෙ මා බටහිර පරීක්ෂණ හා ඉංදියානු ඖෂධ යොදා ගැනීමෙන් දේශීයත්වය නොමැති වන බවයි. නමුත් මා නම් සිතන්නේ රෝගියකු සුව කිරීමෙන් ලැබෙන ගෞරවය ඊට වඩා දේශීය වෙදකම නගාසිටුවීමට ඉවහල් වන බවයි. අප දේශීය පරීක්ෂණ හා දේශීය ප්‍රතිකාර පමණක් කිරීමෙන් එම රෝගය සාර්ථකව සුව නොවේ නම් එහි අපකීර්තිය කා හටද???ලෙඩ මලත් බඩ සුද්ධයි ක්‍රම මාගේ වෙදකමේ නැත.
මා දෙන වැදගත් උපදේශය වන්නේ දණහිස් ආබාධ මුල් අවස්ථාවේදීම ආයූර්වේද හෝ දේශීය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසය. නොමැති නම් ඔබගේ රෝගය උත්සන්න වී දණහිස් බද්ද කරන තත්ත්වයට පත් විය හැකිය.
දේශීය කැඩුම් බිදුම් පිළිබඳව විශේෂ
ආයූර්වේද වෛද්‍ය
S.M නුවන් සේනානායක.