Smart music event management

Smart music event management indoor dj music
acoustic band live sound inginiyaring
light setup multi midia projector and scree.
(1)

පාස්කු ඉරිදා දිනය අදයි 💓✝️🙏 අද අපි ජේසුස් වහන්සේගේ උත්ථානය , නැතහොත් පාස්කු ඉරිදා දිනය සමරන්නෙමු. මරණින් උත්ථාන වූ තැනන්...
31/03/2024

පාස්කු ඉරිදා දිනය අදයි 💓✝️🙏

අද අපි ජේසුස් වහන්සේගේ උත්ථානය , නැතහොත් පාස්කු ඉරිදා දිනය සමරන්නෙමු. මරණින් උත්ථාන වූ තැනන් වහන්සේ අපට අද විශාල බලාපොරොත්තුවක් ලබා දෙනවා. ඒ බලාපොරොත්තුව තමයි අපිත් මරණින් පසු උත්ථාන වීම. මේ බලාපොරොත්තුව සැබෑවක් කර ගන්න එක අප සැමගේ ඉලක්කය විය යුතුයි.

මේ සදහා අප ජේසුස් වහන්සේ අනුගමනය කරන්න ඕනි. ඒ වචනයෙන් පමණක් නොව , ක්‍රියාවෙනුත්. අපි හැමෝටම මේ ලෝකයෙන් දිනෙක යන්න වෙනවා. ඒ යන දවස අපි කව්රුවත් දන්නේ නැහැ. ඒ හින්ද දැන් ඉදන්ම ඒකට සුදානම් වෙන්න ඕනි. මොකද අපි මැරෙන්න යන වෙලාවේ අපිට කිසිවක් කරන්න බැරි හින්ද.

කිසිදිනක මැරෙන්නේ නැති මිනිසුන් වගේ ඉන්න එපා. අරය එහෙමයි මම එහෙම නැහැ කියල හිතෙනවා ඇති. නැහැ , ඇත්තටම ඔබ ගැන මදක් සිතන්න. ඔබේ පාපය ගැන සිතන්න. වෙනස් වෙන්න. මරණයට අපි තනිවම මුහුණ දෙන්න ඕනි. ඉතින් ඒ මරණ මොහොත බයක් නැතිව ගත කරන්නත්, මරණින් පසු සදාතන ජීවිතයට මග හෙළි කර ගන්නත් හැකියාව වෙන කාටවත් නැහැ, ඒ දේ කරන්න පුළුවන් ඔබට විතරයි. සියල්ල ඔබ සතුයි.

ආලේලුයියා සෙනසුරාදා අප බොහෝ දෙනා පල්ලි ගියා ඇති. පාස්කු ඉරිදාත් පල්ලි යයි. ඒ එක්කම පාස්කු මංගල්‍යයේ සැබෑ ආශිර්වාදය ලබන්න තව දේවල් තුනක් වෙන්න ඕනි.

ඒවලින් පළවෙනි දේ තමයි අපේ ජීවිතයේ අයිතිය ජේසුස් වහන්සේට භාර දෙන එක. ජේසුස් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබන එක. අපි කොච්චර යාච්ඤා කළත්, කොච්චර පල්ලි ගියත් ජේසුට අපේ ජීවිතේ අයිතිය දෙන්නේ නැත්නම්, උන්වහන්සේව සම්පුර්ණයෙන්ම විශ්වාස කරන්නේ නැත්නම් වැඩක් නැහැ.

අනිත් දේ තමයි අපේ වැරදි හරිගස්වගන්න එක. අපි සමහර වෙලාවට වැරදි කරනවා හිතාමතාම. අපි දන්නවා ඒවා වැරදි වැඩ කියල. නමුත් ඒ වැරදි සාධාරණීකරණය කරගෙන එහෙම නැත්නම් ඒවා වැරදි කලාට කමක් නැහැ කියල හිතාගෙන වැරදි කරනවා. ඉතින් මේ දේ අපි නැති කර ගන්න ඕනි. පාපී ජීවිතයෙන් ඈත් වෙන්න ඕනිමයි.

අන්තිම දේ තමයි අනිත් අය ගැන හිතන එක. ඒ කියන්නේ අනිත් අයගේ අවශ්‍යයතා වලදී සංවේදී වෙන එක. උදව් වෙන එක. ඔවුන්ට නපුරු දේ, වැරදි දේ නොකරන එක.

ඉතින් ඇත්තටම ජේසුගේ ආදරය ආශීර්වාදය ලබන්න ඕනිනම් මේ දේවල් වෙන්න ඕනි.

"HAPPY EASTER" JESUS IS RISEN HALLELUJAH HALLELUJAH!!! 🙏🙏🙏❤️😇
O God, who on this day,
through your Only Begotten Son,
have conquered death and unlocked for us the path to eternity, grant,
we pray, that we who keep the solemnity of the Lord’s Resurrection may, through the renewal brought
by your Spirit, rise up in the light of life. Through our Lord Jesus Christ, your Son, who lives and reigns with you in the unity of the Holy Spirit, God, for ever and ever. Amen.
🙏❤️😇 🙏❤️😇

Wishing you all a very happy Easter Sunday

Sending warm Easter wishes your way, from our family to yours! 🐣💕

අද අලේලුයියා සෙනසුරාදා දිනයයි, ✝️ආලේලූයියා සෙනසුරාදා ආලෝකයේ මෙහෙයේදී භාවිතා කරනු ලබන ඉටි පහනේ සංකේත වල අර්ථයන් පහත පරිදි...
30/03/2024

අද අලේලුයියා සෙනසුරාදා දිනයයි, ✝️

ආලේලූයියා සෙනසුරාදා ආලෝකයේ මෙහෙයේදී භාවිතා කරනු ලබන ඉටි පහනේ සංකේත වල අර්ථයන් පහත පරිදි වේ.

🌅ආලෝකය - අඳුර පරදවන ජේසුස් වහන්සේගේ ආලෝකය

A - Ω ඇල්ෆා සහ ඔමේගා - ජේසුස් වහන්සේ ආරම්භයත් අවසානයත් වන සේක

🔥 ගින්දර - ජේසුස් වහන්සේගේ උත්ථානය

✝️ කුරුසිය - ජේසුස් වහන්සේ හා සදාකාලික ජීවිතය

ඇණ පහ - ජේසුස් වහන්සේගේ ශ්‍රී වණ කැළල්

වර්ෂය - වර්තමාන වසර - දෙවිඳුන්ගේ සදාකාලික විසීම

අද දින ආලෝකයේ මෙහෙයේදී පාස්කු ඉටිපහන සලකුණු කරන ආකාරය පිළිබඳ දැනුවත් වෙමු.

1️⃣ ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් (කුරුසියේ ඍජු රේඛාව සලකුණු කරයි)

2️⃣ ආරම්භය හා අවසානයද (කුරුසියේ හරස් ඉර අඳියි)

3️⃣ මුල අකුර හා (කුරුසිය උඩ A අකුර අඳියි)
අග අකුරද වන සේක. (කුරුසිය යට Ω අකුර අඳියි)

4️⃣ ඔවුන්වහන්සේට කාලයත් යුගයත් අයිතිය. (අවුරුද්දේ පළමු අංකය අඳියි - 2)

5️⃣ ඔවුන්වහන්සේට අනන්ත කාලයේදීද (දෙවන අංකය අඳියි - 0 )

6️⃣ සැම යුගයෙහිමද (තෙවන අංකය අඳියි - 2 )
මහිමය හා ආධිපත්‍ය අත්වේවා. (සතරවන අංකය අඳියි - 3 )

ආමෙන්.

ඉටිපහන මත ඉහත සඳහන් සලකුණු කෙටූ පසු, සුවඳලාටු වලින් සෑදූ ඇණ 5ක්, පහත පරිදි කියමින්, කුරුසියේ කොන් සතරෙහිද මැද ද සවිකෙරේ.

(සවිකරන පිළිවෙල සිංහල දිව්‍ය පූජා සංග්‍රහයේ සඳහන් නොවේ. පහත පිළිවෙල දක්වා ඇත්තේ ලතින් දිව්‍ය පූජා සංග්‍රහයේ තෙවන සංස්කරණයෙනි.)

1️⃣ ක්‍රිස්තු සමිඳාණෝ (කුරුසියේ උඩ සුවඳලාටු ඇණය සවි කරයි)

2️⃣තමන් වහන්සේගේ ප්‍රභාවත් (කුරුසියේ මැද සුවඳලාටු ඇණය සවි කරයි)

3️⃣ සිරි වණ කැළැල් මඟින් (කුරුසියේ යට සුවඳලාටු ඇණය සවි කරයි)

4️⃣අප ආරක්ෂා කර (කුරුසියේ වම් පැත්තේ සුවඳලාටු ඇණය සවි කරයි)

5️⃣සුරකින සේක්වා. (කුරුසියේ දකුණු පැත්තේ සුවඳලාටු ඇණය සවි කරයි)

Easter is a Christian feast and holiday celebrating the resurrection of Jesus Christ on the third day after his crucifixion at Calvary as described in the New Testament.Easter is preceded by Lent, a forty-day period of fasting, prayer, and penance. The last week of Lent is called Holy Week, and it contains the days of the Easter Triduum, including Maundy Thursday, commemorating Maundy and the Last Supper, as well as Good Friday, commemorating the crucifixion and death of Jesus.Easter is followed by a fifty-day period called Eastertide or the Easter Season, ending with Pentecost Sunday. The festival is referred to in English by a variety of different names including Easter Day, Easter Sunday,Resurrection Day and Resurrection Sunday.

Happy Easter 2024....!!!

මහ සිකුරාදාඅද මහ සිකුරාදා දිනයි. ජේසු තම ජීවිතය තුළ දේශනා කල සියලුම දේ ජීවිතය තුල ක්‍රියාවෙනුත් කරලා පෙන්නුවා. කුරුසිය ම...
29/03/2024

මහ සිකුරාදා

අද මහ සිකුරාදා දිනයි. ජේසු තම ජීවිතය තුළ දේශනා කල සියලුම දේ ජීවිතය තුල ක්‍රියාවෙනුත් කරලා පෙන්නුවා. කුරුසිය මත සිටියදීම තමන්ව කුරුසියේ ඇණගැසුව සතුරන් යැයි සමාජය පවසන අයට සමාව දුන්න.
ඒ වගේම ජේසු අපිට කිව්ව වැදගත් දෙයක් තමයි දේව කැමැත්තට එකග වීම, පිලිගැනීම. ඒ දේත් ජේසු කරලම පෙන්නවා. පියාණෙනි හැකිනම් මේ පාත්‍රය මගෙන් ඈත් කරන්න, නමුත් මම කැමති දේ නොව ඔබ කැමති දේ කරන්න කියල පියාණන්ගේ කැමැත්තට එකග උනා.
අනිත් දේ තමයි පරිත්‍යාගය. අන් අය වෙනුවෙන් තම ජිවිතයම කැපකලා. කටින් විතරක් නෙමේ, ක්‍රියාවෙනුත් කරලා පෙන්නවා. ඉතින් අද ජේසු අපිට දෙන පණිවුඩය තමයි අපිත් අපේ ජීවිතයේ මේ දේවල් ක්‍රියාවෙන් කරන්න ඕනි කියන දේ. නැතුව අනේ ජේසු මහ සිකුරාදා කුරුසියේ ඇන ගහල මැරුණා කියල නිකන් ඉන්න එක නෙමේ කියල හොදට මතක තියා ගන්න. ජේසු ඔබ දෙස බලා සිටී

Good Friday

Gospel of the Day (Jn 18:1—19:42)

When Jesus had taken the wine, he said,
“It is finished.”
And bowing his head, he handed over the spirit.

මහ බ්‍රහස්පතින්දාකිතුනු භක්තිකයින්ගේ සුවිෂේශිම සතිය එහෙමත් නැත්නම් ශුද්ධවු සතිය තමයි මේ ගෙවෙන්නේ.ශුද්ධවූ සතියේ පළමුවන සු...
28/03/2024

මහ බ්‍රහස්පතින්දා

කිතුනු භක්තිකයින්ගේ සුවිෂේශිම සතිය එහෙමත් නැත්නම් ශුද්ධවු සතිය තමයි මේ ගෙවෙන්නේ.ශුද්ධවූ සතියේ පළමුවන සුවීෂේශි දවස තමයි මහ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ.මේ දවසේ එක විශේශත්වයක් නෙමෙයි කිහිපයක් තියෙනවා.

ජේසුස් වහන්සේ, තම දහම දේශනා කරන්න උදව්වට තෝර ගත්තු ගෝලයන් සමග එකට එකතුවී ගන්නා අන්තිම රාත්‍රි භෝජනය වැළදිම සිදු කරන ලද්දෙත් මහ බ්‍රහස්පතින්දා දවසේ.මෙම අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජේසු තුමා තම ගෝලයන්ගේ පා දෝවනය කරනවා.මෙයින් අදහස් කරන්නේ තම ගෝලයන්ගේ පා සේදිමට තරම් නායකයා නිහතමානි විය යුතු බවයි.අනුන්ගේ අදහස් වලටත් ඉඩක් දිය යුතු බවත්ය.

ඊට පස්සේ රොටි ගෙනත් ආශිර්වාද කරලා ඒවා ගෝලයන් අතරේ බෙදා දෙනවා.එහෙම ආශිර්වාද කරද්දි ජේසුස් වහන්සේ "මේ මාගේ ශ්‍රී ශරීරයයි මෙය ගෙන අනුභව කරන්න." කියලා කියනවා. ඒ කියපු වාක්‍යය අදටත් කිතුනුවන් දිව්‍ය පූජාවේදි සිහිපත් කරනවා. ඊට පස්සේ මිදි යුෂ පිරි කුසලානය අරගෙන ඒක ඉහලට ඔසවලා "මේ මාගේ ශ්‍රි රුධීරයයි මෙය ගෙන පානය කරන්න" කියලා කියනවා.

එදා ඔවුන් පාවිච්චි කරපු රොටි හා මිදි යුෂ වෙනුවට පූප හා වයින් තමයි පාවිච්චි කරන්නේ. මේ දවසෙන් පස්සේ තමයි ජේසුස් වහන්සේ අනුව යන පූජක සංගයක් (පූජක පිරිසක්) බිහි වෙන්නේ.ඒ කියන්නේ දේවස්ථානවල පූජකවරු බිහි වෙන්නේ අන්තිම රාත්‍රි භෝජනයට පස්සේ.එහෙම ආහාර අනුභවයෙන් පස්සේ ජේසුතුමා තම ගෝලයන්ට කියනවා ඔබ අතුරින් කෙනෙක් මා පාවා දෙන්නෙහිය කියලා. මේ අවස්ථාවේ ගෝලයොත් ටිකක් බයවෙලා එකිනෙකාගේ මූනවල් දිහා බලා ගන්නවා.

අන්තිම රාත්‍රි භෝජනයෙන් පස්සේ ජේසු තුමා ගෝලයන් එක්ක ගෙත්සෙමනි කියන මල් උයනට යනවා යාච්ඥා කරන්න.දේව පුත්‍රයාට උනත් භය කියන දේ පොදුයි.මේ අවස්ථාවේදී ජේසු තුමාත් බය වෙනවා. එහෙම බයවෙලා "මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක්විය හැකිනම් එසේ වේවා, නමුත් මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා" කියලා දෙවියන්ට යාච්ඤා කරනවා .ජේසු තුමා යාච්ඤා කරලා ඉවර වෙනතෙක් ඇහැරිලා ඉන්න කියලා ගෝලයන්ට කියලා යනවා. නමුත් ගෝලයන්ට එහෙම ඇහරිලා ඉන්න බෑ. ඔවුන්ට නින්ද යනවා.

මේ බව ජේසු තුමා දකිනවා. දැකලා ඇතිවෙච්චි හිත් වේදනාවෙන් "මා සමග එක පැයක්වත් පිබිද සිටින්න නුබලාට බැරි උනාදැයි" කියලා අහනවා.තමන්ට මෙච්චර දුකක් වෙන්න යද්දිත් තමන් ලග ඉන්න අය තමන්ගැන බලන්නෙත් නැතුව එහෙම ඉදිද්දි දුක හිතෙන එක සාමාන්‍ය දෙයක්. ජේසුතුමාටත් එහෙම දුක හිතෙන්නට ඇති.

අන්තිමේදී යාච්ඤා කලායින් පස්සේ ගෝලයන් ලගට ඇවිත් "මනුශ්‍ය පුත්‍රයා පවුකාරයින් අතට අසුවන වේලාව පැමිනුනේය. මෙතනින් නැගිට යම්හ යි" කියලා සියලු දෙනාම පිටත් වෙනවා. මේ අවස්ථාවේ නායක පූජකවරුයි හේවායිනුත් එක්ක ජේසු තුමා එක්ක හිටපු ජුදාස් ස්කාරියොත් කියන ගෝලයා ඇවිත්, ජේසු තුමාගේ මුහුණ සිබිමින් පාවා දෙනවා.

රිදී කාසි 30කට තමයි ජේසුව පාවා දෙන්නේ.අන්තිමේදී ජුදාස් ට කරපු වැරැද්ද අවබෝධ වෙලා රිදී කාසි ටික නායක පූජකයන් ඉදිරියේ විසි කරනවා. ඊට පස්සේ ඔහු ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගන්නවා. අහිංසක මනුෂ්‍යයෙක්ගේ ලේවලට තක්සේරු කරපු රිදී තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයට දාන්නේ නෑ.ඒ මුදල් වලින් විජාතිකයින්ට (යුදෙව් නොවන අයට) සොහොන් පිටියක් හදනවා.ඒ සොහොන් පිටිය "කුඹල් කෙත" කියලා නම් කරනවා. පස්සේ කාලෙක ඒ සොහොන් පිටියට "ලේ කෙත " කියලත් කියනවා.

ඔය ටික තමයි මහ බ්‍රහස්පතින්දා දවසේ තියෙන විෂේශත්වය.එදාටත් වෙනදා වගේ ම පූජාවක් තියනවා. ගෝලයෝ දොලොස් දෙනාට මිනිස්සු දෝලොස් දෙනෙක් තෝරගෙන පල්ලියේ පියතුමා ඒ අයගේ පා දෝවනය කරනවා. ඒවගේම පාන් ආශිර්වාද කරලා බෙදා දෙනවා.

Friends, in today’s Gospel (Matthew 26:14–25), Jesus asks his disciples to go into Jerusalem and prepare a Passover supper.

At the heart of the Passover meal was the eating of a lamb, which had been sacrificed, in remembrance of the lambs of the original Passover, whose blood had been smeared on the doorposts of the Israelites in Egypt. Making his Last Supper a Passover meal, Jesus was signaling the fulfillment of John the Baptist’s prophecy that he, Jesus, would be the Lamb of God and the definitive sacrifice.

This sacrifice is made sacramentally present at every Mass—not for the sake of God, who has no need of it, but for our sake. In the Mass, we participate in the act by which divinity and humanity are reconciled, and we eat the sacrificed body and drink the poured-out blood of the Lamb of God.

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය අදයී✝️🙏💓ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු...
28/03/2024

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය අදයී✝️🙏💓

ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් ය යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදීන්ගේ කැපවීම අලුත් කිරීම මහ බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරති.

මහ බ්‍රහස්පතින්දා දිනයේ සවස් භාගයේදී දේවස්ථානයන්හි සිදු කරන පිළිවෙත් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බහුතර ජනතාවක් මේ කෙරෙහි අවධානයක් නොදැක්වුවත් මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිදු කරන ඉතා වැදගත් කාර්යයක් ලෙසට ශුද්ධවූ තෛලයට ආශිර්වාද කිරීම සැලකිය හැකිය. මහ බ්‍රහස්පතින්දා සවස ඉර බැසීමත් සමගම ජේසුස් වහන්සේගේ මහා රාත්‍රී භෝජනය හෙවත් අන්තිම රාත්‍රී භෝජනය ලෙස සැලකෙන දිව්‍ය පුජාව සිදු කරනු ලබති. මෙහිදී අප ජනතාවට කිවයුතු ඉතාම වැදගත් දේව ධාර්මික කාරණයක් තිබේ. එනම් මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම චතාරික සමය අවසන් නොවන බවයි. අපේ සැදැහැවත් ජනතාවගෙන් බහුතරයක් අතර තිබෙන අවබෝධයක් වන්නේ ශුද්ධවූ සතියේ ආරම්භයත් සමගම චතාරික සාමය අවසන් වන බවයි. ගොබ් ඉරුදින , සදුදා , අගහරුවාදා , බදාදා සහ බ්‍රහස්පතින්දා සවස් වරුව වනතෙක්ම චතාරිකය ලෙස සැලකේ. පාස්කුව ආරම්භ වන්නේ මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම සිදුවන දිව්‍ය පුජාවෙනි. පාස්කුව ආරම්භ වන්නේ ආලේලුයියා සෙනසුරාදා නොවන බව සිහිපත් කල යුතුය.

මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම ආරම්භ වන පාස්කුව මහ සිකුරාදා සහ ආලේලුයියා සෙනසුරාදා මෙම දින තුන පුරාවට සිදු වන්නේ එකම වන්දනා පිලිවතකි. එම දින තුන තුලදී සිදු කරන්නේ වන්දනා පිළිවෙත් තුනක් නොව එකම වන්දනා පිළිවෙතක් බව අවධාරණයෙන් සිහි කල යුතුය. දේවස්ථානය තුල මහ බ්‍රහස්පතින්දා සවස සිදු කරන වන්දනා පිළිවෙත් එදින අවසන් නොවේ. පසු දින වන මහ සිකුරාදා දිනයේ පිළිවෙත්හි ආරම්භයක් හෝ අවසානයක් ද නොවේ. ආලේලුයියා සෙනසුරාදා පිළිවෙත්හි ආරම්භයක්ද නොවන පිළිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජවෙනි. සරලවම සදහන් කල හොත් මහ බ්‍රහස්පතින්දා සවස ආරම්භ වන පාස්කු පිලිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවෙනි.

2024 03 24කොටළුවකු පිට ආ රජ්ජුරුවෝ ක්‍රිස්තු රජාණන්ට ස්තෝත්‍ර වේවාසෑම කල්හි ජයවේවා හෝසන්නා... හෝසන්නා...ක්‍රිස්තු රජාණනි...
25/03/2024

2024 03 24

කොටළුවකු පිට ආ රජ්ජුරුවෝ

ක්‍රිස්තු රජාණන්ට ස්තෝත්‍ර වේවා
සෑම කල්හි ජයවේවා
හෝසන්නා... හෝසන්නා...
ක්‍රිස්තු රජාණනි..

ගොක් ඉරිදා අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජෙක් විලසින් ජෙරුසලෙමට එනම් තම පුරවරයට පිවිසීම සිහිපත් කරමු.

සුබාරංචි කතුවරු සිව්දෙනාම සුළු වෙනස්කම් සහිතව මෙය වාර්තා කරති. උන්වහන්සේ බොහෝ වර ජෙරුසෙලමට පැමිණ තිබුණි. එහෙත් මෙවර උන්වහන්සේ එහි ඒම සුවිශේෂී ආගමනයකි. මන්ද ඒ එන්නේ තම ජීවිත යාගය පිදීමටය. අතීත සිරිත් ප්‍රකාරව පාස්කු බැටළුවා දේවමාලිගයට ගෙනෙන ලද්දේ බෙත්පාගයෙනි. උන්වහන්සේ ජෙරුසෙලම බලා සිය අවසන් ගමන අරඹන්නේද ඒ ගමෙනි.

උන්වහන්සේ ශුද්ධ නගරයට පිවිසෙන්නෙ කොටළුවකු පිටය. රජෙක් කොටළුවකු පිට කිසියම් නුවරකට පිවිසීම සාමයේ සලකුණකි. රජෙකු අශ්වයකු පිට නගරයකට ඒම යුද්ධයක පෙරනිමිත්තක් ලෙස එකල සැලකුණි. ඇරත් කොටළුවා අහිංසක නිහඬ සතෙකි. සාමයේ කුමාරයා තෝරා ගත්තේ මේ සාමයේ සලකුණයි.

උන්වහන්සේගේ මේ පැමිණීම සෙකරියා දිවැසිවරයාගේ ප්‍රකාශයක් ඉටුවීමකි.
එනම්
"සියොන් පුරගන ප්‍රීති ප්‍රමෝද වන්න...
ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක....
යටහත් සිතින් කොටළුවකු පිට නැග,
එසේය කොටළු දෙනකගේ පැටවකු පිට නැග
පැමිණෙන සේක. " (සෙකරියා 9/9)

දුක්ඛෝත්සව ඉරුදින ලෙසද හැඳින්වෙන මෙදින පළමු දේව ප්‍රකාශනය අපට ගෙනහැර පාන්නේ යෙසායා ඉදිරිපත් කරන සමිඳාණන්ගේ දුක්විඳින සේවකයා පිළිබඳ කොටසෙන් උපුටා ගැනුණු කොටසකි. සම්ප්‍රදායිකව මේ පාඨ හා ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා මනාව අනුරූප වේ.

මෙදින පිළිතුරු ගීය ගීතාවලියේ 22 වන ගීතිකාවෙනි. ක්‍රිස්තුස් වහන්සේ එදා කුරුසිය මත හිඳ ගීතාවලියේ 22/1 උපුටා ගනිමින් කළ යැදුම මෙදින පිළිතුරු ගීයේ පිළිතුර ලෙස යොදාගැනේ. එනම් "මාගේ දෙවියනී මාගේ දෙවියනී, ඔබ මා අත්හැරියේ මන්ද ?" යන්නයි. උන්වහන්සේට කවටකම් කිරීම, උන්වහන්සේගේ දෑත් දෙපා සිදුරු කිරීම, වස්ත්‍ර බෙදා ගෙන සළුව වෙනුවෙන් දාදු දැමීම ආදි සියල්ල මේ ගීතිකාවේ කැටිවී ඇත.

පිලිප්පි වරුනට පාවුලු තුමා යැවූ හසුනෙන් ගෙන ඇති දෙවන කියවීම උන්වහන්සේගේ කීකරුකම, දේවත්වය ත්‍යාජ කර සේවකත්වය වැළඳ ගැනීම ආදිය ඉස්මතු කරයි. එසේම උන්වහන්සේගේ "ජේසුස්" යන නාමයට ලැබුණු ගෞරවනීයත්වයද පෙන්නුම් කරයි.

මේ වසරේ අපි සවන් දෙන දුක්ප්‍රාප්ති සුබාරංචිය මෙසියනික රහස කැටිකර ගත්, දුක්ප්‍රාප්තියේ සුබාරංචිය යනුවෙන් හැඳින්වෙන ශු. මාර්ක් තුමාගේ සුබාරංචියෙනි.

අපි මේ සුවිශේෂී සැමරුමත් සමඟ පූජනීය වූ ශුද්ධවු සතියට පිවිසෙමු.

සියල් ජනයිනේ තොපගේ දෙවිඳු වඩින්නේ
නඟා ඔහොයියා හඬගා අත් පොලොසන් දෙව් රජුනට
දෙවිඳු වඩින්නේ.

#

අද‌ දින අප Smart music event management  ආයතනයෙ හිමිකරු වන mr.imash fernando සහොදරයාගෙ උපන් දිනයී ඉතින් අපි ඔහුට සුභ උපන...
18/03/2024

අද‌ දින අප Smart music event management ආයතනයෙ හිමිකරු වන mr.imash fernando සහොදරයාගෙ උපන් දිනයී ඉතින් අපි ඔහුට සුභ උපන්දිනයක් වේවායී හදවතින්ම ප්‍රාර්ථනා කරමු

Today we are the owner of smart music events company
mr.imash fernando's birthday so we wish him a happy birthday from the bottom of our hearts
God bless your
🎊🎊🎂🎂🎉🎉🎈🎈

Happy world disc jockey Day All DJ'sMarch 9, 2024💫🎇🎊🎊🎉🎉🎚️🎛️🎤🎧💿💻💫 “No party is complete without a DJ and every party rock...
09/03/2024

Happy world disc jockey Day All DJ's
March 9, 2024

💫🎇🎊🎊🎉🎉🎚️🎛️🎤🎧💿💻

💫 “No party is complete without a DJ and every party rocks when a good DJ is there to play good music. Have a very Happy Disc Jockey Day.”

💫 “On the occasion of Disc Jockey Day, we thank all the DJs who always give us good music. Have a very Happy Disc Jockey Day.

💫“A good DJ is someone who understands what kind of music is loved by the audience. To all the good DJs, we wish you all the best on Disc Jockey Day.

Valentine's Day was not celebrated as a day of love until around the 14th century. Although there are several Catholic m...
14/02/2024

Valentine's Day was not celebrated as a day of love until around the 14th century. Although there are several Catholic martyrs named Valentine, this day may have been named after Saint Valentine, a priest who was martyred by Emperor Claudius Gothicus II around 270 AD.

Happy Valentine's Day!

14 වැනි සියවස පමණ වනතුරු ආදරවන්තයින්ගේ දිනය ආදර දිනයක් ලෙස සැමරීමට නොහැකි විය. වැලන්ටයින් නමින් කතෝලික ප්‍රාණ පරිත්‍යාගිකයින් කිහිප දෙනෙකු සිටියද, ක්‍රිස්තු වර්ෂ 270 දී පමණ දෙවන ක්ලෝඩියස් ගොතිකස් අධිරාජ්‍යයා විසින් ප්‍රාණ පරිත්‍යාග කරන ලද පූජක තුමෙකු වු සාන්ත වැලන්ටයින් තුමා මෙම දිනයට එම නම ලබා ගන්නට ඇත.

සුභ වැලන්ටයින් දිනයක්!

Wednesday 14th February 2024Ash Wednesday - Commemorating the suffering and death of Jesus, the beginning of Lent 🕊🙏Vale...
14/02/2024

Wednesday 14th February 2024
Ash Wednesday - Commemorating the suffering and death of Jesus, the beginning of Lent 🕊🙏
Valentine Day!!!!!
Instead of going to the park, let's go to church.
The sign of Jesus' love, to be engraved on the forehead with ashes

Be transformed this Easter with a true inner conversion in the protection of God's love ❤️🫶🏻

••••••••••

2024 පෙබරවාරි මස 14 වන බදාදා
අළු බදාදා - ජේසුස් වහන්සේගේ දුක්විඳීම මරණය සිහිපත් කරන්නාවූ චතාරික සමයේ ආරම්භක දිනය 🕊🙏
Valentine Day !!!!! වූ අළු බදාදා දින
පාක් එකට යන්නැතුව, පල්ලියට යමු,
ජේසුගේ ආදරයේ ලකුණ, අළුවලින් නළලේ කොටා ගන්නට

දේව ආදරයේ රැකවරණය තුළ සැබෑ ඇතුලාන්ත සිත් හැරීමක් සමගින් වෙනස් වෙන්න මේ පාස්කුවේ❤️🫶🏻

••••••••••

𝑻𝒐 𝒂𝒍𝒍 𝒐𝒖𝒓 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓𝒔𝑾𝒆 𝒘𝒐𝒖𝒍𝒅 𝒍𝒊𝒌𝒆 𝒕𝒐 𝒘𝒊𝒔𝒉 𝒆𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 𝒂 𝒉𝒂𝒑𝒑𝒚 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 2024.𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒇𝒐𝒓 𝒚𝒐𝒖𝒓 𝒄𝒐𝒏𝒕𝒊𝒏𝒖𝒆𝒅 𝒔𝒖𝒑𝒑𝒐𝒓𝒕 𝒕𝒉𝒓𝒐𝒖𝒈𝒉𝒐𝒖𝒕...
01/01/2024

𝑻𝒐 𝒂𝒍𝒍 𝒐𝒖𝒓 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓𝒔
𝑾𝒆 𝒘𝒐𝒖𝒍𝒅 𝒍𝒊𝒌𝒆 𝒕𝒐 𝒘𝒊𝒔𝒉 𝒆𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 𝒂 𝒉𝒂𝒑𝒑𝒚 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 2024.
𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒇𝒐𝒓 𝒚𝒐𝒖𝒓 𝒄𝒐𝒏𝒕𝒊𝒏𝒖𝒆𝒅 𝒔𝒖𝒑𝒑𝒐𝒓𝒕 𝒕𝒉𝒓𝒐𝒖𝒈𝒉𝒐𝒖𝒕 2023. 𝑨𝒏𝒅 𝒘𝒆 𝒉𝒐𝒑𝒆 𝒕𝒐 𝒔𝒆𝒆 𝒚𝒐𝒖 𝒂𝒍𝒍 𝒊𝒏 2024.
𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒕𝒐 𝒂𝒍𝒍 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝒘𝒉𝒐 𝒉𝒂𝒗𝒆 𝒆𝒏𝒄𝒐𝒖𝒓𝒂𝒈𝒆𝒅 𝒖𝒔 𝒃𝒚 𝒍𝒊𝒌𝒊𝒏𝒈 𝒐𝒖𝒓 𝒇𝒃 𝒑𝒂𝒈𝒆, 𝒔𝒖𝒃𝒔𝒄𝒓𝒊𝒃𝒊𝒏𝒈 𝒕𝒐 𝒐𝒖𝒓 𝒚𝒐𝒖𝒕𝒖𝒃𝒆 𝒄𝒉𝒂𝒏𝒏𝒆𝒍, 𝒂𝒏𝒅 𝒊𝒇 𝒚𝒐𝒖 𝒉𝒂𝒗𝒆𝒏'𝒕 𝒍𝒊𝒌𝒆𝒅 𝒐𝒖𝒓 𝒇𝒃 𝒑𝒂𝒈𝒆, 𝒔𝒖𝒃𝒔𝒄𝒓𝒊𝒃𝒆 𝒕𝒐 𝒐𝒖𝒓 𝒚𝒐𝒖𝒕𝒖𝒃𝒆 𝒄𝒉𝒂𝒏𝒏𝒆𝒍, 𝒑𝒍𝒆𝒂𝒔𝒆 𝒅𝒐 𝒔𝒐 𝒏𝒐𝒘.
𝑮𝒆𝒕 𝒓𝒆𝒂𝒅𝒚 𝒇𝒐𝒓 𝒐𝒖𝒓 𝒏𝒆𝒘 𝑺𝒎𝒂𝒓𝒕 𝑴𝒖𝒔𝒊𝒄 𝒆𝒙𝒑𝒆𝒓𝒊𝒆𝒏𝒄𝒆 𝒊𝒏 2024 𝒘𝒊𝒕𝒉 𝒕𝒉𝒆 𝒍𝒐𝒏𝒈 𝒉𝒊𝒂𝒕𝒖𝒔 𝒐𝒇 2022, 2023.
𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒂𝒍𝒍.
𝑱𝒆𝒔𝒖𝒔 𝒊𝒔 𝒍𝒐𝒄𝒂𝒕𝒆𝒅!
𝑩𝒍𝒆𝒔𝒔𝒊𝒏𝒈𝒔 𝒐𝒇 𝑱𝒆𝒔𝒖𝒔 𝒕𝒐 𝒚𝒐𝒖 𝒂𝒏𝒅 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒎𝒊𝒍𝒚 𝒂𝒏𝒅 𝒕𝒉𝒆 𝒃𝒍𝒆𝒔𝒔𝒊𝒏𝒈𝒔 𝒐𝒇 𝒕𝒉𝒆 𝑯𝒐𝒍𝒚 𝑭𝒂𝒎𝒊𝒍𝒚
𝑾𝒊𝒔𝒉𝒊𝒏𝒈 𝒚𝒐𝒖 𝒂 𝒉𝒂𝒑𝒑𝒚 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓
𝑾𝒆 𝒂𝒓𝒆 𝒔𝒎𝒂𝒓𝒕 𝒎𝒖𝒔𝒊𝒄 𝒆𝒗𝒆𝒏𝒕 𝒎𝒂𝒏𝒂𝒈𝒆𝒎𝒆𝒏𝒕
🥰❤️❤️🎂🧁🍺🎉🎇🎆✨🎈

අපගේ පාරිභෝගිකයන් සියලු දෙනාටම
ලැබුවාවු 2024නව වසර සැම බලාපොරොත්තු ඉටුවන සැමට සුව සපිරී ශ්‍රී සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීමට අපි කැමැත්තෙමු.
2023 වසර පුරාවට ඔබේ අඛණ්ඩ සහයෝගයට ස්තූතියි. සහ 2024 දී ඔබ සැම දැකීමට බලාපොරොත්තු වන්න අපි කැමැත්තෙමු.
අපෙ fb page ලයික් කර youtube channel එක subscribe කර like shear කර දිරිමත් කරපු හැම යාලුවෙක්ටම ස්තුතියි තාමත් අපිව ,fb page ලයික්කර youtube channel එක subscribe කර like shear කරලා නැත්තම් දැන්ම කරන්න ඒ මන්ද,
2022,2023 වසරෙ දිගු නිහැඩියාවත් සමග අපෙ 2024 ස්මාට් මියුසික් නවමු අත්දැකීමටත් සුදානම් වන්න.
ඔබ සැමට ස්තුතියි.
ජෙසු පිහිටයී!
ඔබට සහ ඔබගේ පවුලේ අයට ජේසුස් වහන්සේගේ ආශිර්වාදය සහ ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය
ඔබට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමි
අපි ස්මාර්ට් සංගීත ඉවෙන්ට් කළමනාකරණය
🥰❤️❤️🎂🧁🍺🎉🎇🎆✨🎈

𝑾𝒆 𝒉𝒐𝒑𝒆 𝒕𝒉𝒂𝒕 𝒕𝒉𝒆 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 𝒘𝒊𝒍𝒍 𝒃𝒓𝒊𝒏𝒈 𝒎𝒂𝒏𝒚 𝒏𝒆𝒘 𝒂𝒏𝒅 𝒆𝒙𝒄𝒊𝒕𝒊𝒏𝒈 𝒐𝒑𝒑𝒐𝒓𝒕𝒖𝒏𝒊𝒕𝒊𝒆𝒔 𝒊𝒏 𝒐𝒖𝒓 𝒍𝒊𝒗𝒆𝒔. 𝑻𝒉𝒊𝒔 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 𝒘𝒊𝒍𝒍 𝒃𝒆 𝒐𝒖𝒓 𝒚𝒆𝒂𝒓. 𝑯...
31/12/2023

𝑾𝒆 𝒉𝒐𝒑𝒆 𝒕𝒉𝒂𝒕 𝒕𝒉𝒆 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 𝒘𝒊𝒍𝒍 𝒃𝒓𝒊𝒏𝒈 𝒎𝒂𝒏𝒚 𝒏𝒆𝒘 𝒂𝒏𝒅 𝒆𝒙𝒄𝒊𝒕𝒊𝒏𝒈 𝒐𝒑𝒑𝒐𝒓𝒕𝒖𝒏𝒊𝒕𝒊𝒆𝒔 𝒊𝒏 𝒐𝒖𝒓 𝒍𝒊𝒗𝒆𝒔. 𝑻𝒉𝒊𝒔 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 𝒘𝒊𝒍𝒍 𝒃𝒆 𝒐𝒖𝒓 𝒚𝒆𝒂𝒓. 𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓!2024
𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓 - 𝒎𝒂𝒚 𝒚𝒐𝒖 𝒉𝒂𝒗𝒆 𝒈𝒐𝒐𝒅 𝒉𝒆𝒂𝒍𝒕𝒉, 𝒈𝒐𝒐𝒅 𝒆𝒙𝒑𝒆𝒓𝒊𝒆𝒏𝒄𝒆𝒔 𝒂𝒏𝒅 𝒈𝒐𝒐𝒅 𝒄𝒐𝒎𝒑𝒂𝒏𝒚.
2024 𝒊𝒔 𝒚𝒐𝒖𝒓 𝒚𝒆𝒂𝒓, 𝑰 𝒄𝒂𝒏 𝒇𝒆𝒆𝒍 𝒊𝒕. 𝑩𝒆𝒔𝒕 𝒘𝒊𝒔𝒉𝒆𝒔 𝒇𝒐𝒓 𝒂 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 𝒂𝒏𝒅 𝒏𝒆𝒘 𝒐𝒑𝒑𝒐𝒓𝒕𝒖𝒏𝒊𝒕𝒊𝒆𝒔
𝒉𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓! 𝑯𝒆𝒓𝒆'𝒔 𝒕𝒐 𝒂 𝒚𝒆𝒂𝒓 𝒇𝒖𝒍𝒍 𝒐𝒇 𝒈𝒐𝒐𝒅 𝒉𝒆𝒂𝒍𝒕𝒉, 𝒍𝒐𝒕𝒔 𝒐𝒇 𝒍𝒐𝒗𝒆 𝒂𝒏𝒅 𝒍𝒂𝒖𝒈𝒉𝒕𝒆𝒓.
𝒉𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓!! 𝑰 𝒔𝒆𝒏𝒅 𝒚𝒐𝒖 𝒎𝒚 𝒕𝒓𝒖𝒆 𝒃𝒍𝒆𝒔𝒔𝒊𝒏𝒈𝒔. 𝑴𝒂𝒚 𝒍𝒐𝒗𝒆, 𝒍𝒂𝒖𝒈𝒉𝒕𝒆𝒓 𝒂𝒏𝒅 𝒉𝒂𝒑𝒑𝒊𝒏𝒆𝒔𝒔 𝒈𝒓𝒂𝒄𝒆 𝒆𝒗𝒆𝒓𝒚 𝒅𝒂𝒚 𝒐𝒇 𝒚𝒐𝒖𝒓 𝒍𝒊𝒇𝒆. 𝑩𝒊𝒈 𝒉𝒖𝒈𝒔 𝒕𝒐 𝒚𝒐𝒖 𝒂𝒏𝒅 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒎𝒊𝒍𝒚!
𝑯𝒐𝒑𝒆𝒇𝒖𝒍𝒍𝒚 𝒕𝒉𝒆 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 𝒘𝒊𝒍𝒍 𝒃𝒓𝒊𝒏𝒈 𝒎𝒂𝒏𝒚 𝒏𝒆𝒘 𝒂𝒏𝒅 𝒆𝒙𝒄𝒊𝒕𝒊𝒏𝒈 𝒐𝒑𝒑𝒐𝒓𝒕𝒖𝒏𝒊𝒕𝒊𝒆𝒔 𝒊𝒏 𝒐𝒖𝒓 𝒍𝒊𝒗𝒆𝒔. 𝑻𝒉𝒊𝒔 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 𝒘𝒊𝒍𝒍 𝒃𝒆 𝒐𝒖𝒓 𝒚𝒆𝒂𝒓. 𝒉𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓!

𝑩𝒍𝒆𝒔𝒔𝒊𝒏𝒈𝒔 𝒐𝒇 𝑱𝒆𝒔𝒖𝒔 𝒂𝒏𝒅 𝒃𝒍𝒆𝒔𝒔𝒊𝒏𝒈𝒔 𝒐𝒇 𝒕𝒉𝒆 𝑯𝒐𝒍𝒚 𝑭𝒂𝒎𝒊𝒍𝒚 𝒕𝒐 𝒚𝒐𝒖 𝒂𝒏𝒅 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒎𝒊𝒍𝒚
𝑰 𝒘𝒊𝒔𝒉 𝒚𝒐𝒖 𝒂 𝒉𝒂𝒑𝒑𝒚 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓
𝑾𝒆 𝒎𝒂𝒏𝒂𝒈𝒆 Smart music event management

🥰❤️❤️🎂🧁🍺🎉🎇🎆✨🎈

නව වසර අපගේ ජීවිතයට නව සහ ආකර්ෂණීය අවස්ථා රාශියක් ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ අලුත් අවුරුද්ද අපේ අවුරුද්ද වේවි. සුභ නව වසරක්!2024
සුභ අලුත් අවුරුද්දක් වේවා - ඔබට හොඳ සෞඛ්‍යයක්, හොඳ අත්දැකීම් සහ හොඳ ඇසුරක් ලැබේවා.
2024 ඔබේ වසර, මට එය දැනෙනවා. නව වසරක් සහ නව අවස්ථා සඳහා සුභ පැතුම්
සුභ නව වසරක්! මෙන්න හොඳ සෞඛ්‍යයක්, බොහෝ ආදරයක් සහ සිනහවෙන් පිරුණු වසරක්.
සුභ නව වසරක්!! මම ඔබට මගේ සැබෑ ආශිර්වාදය එවමි. ආදරය, සිනහව සහ සතුට ඔබේ ජීවිතයේ සෑම දිනකම අලංකාර වේවා. ඔබට සහ ඔබේ පවුලේ අයට විශාල වැළඳගැනීමක්!
නව වසර අපගේ ජීවිතයට නව සහ ආකර්ෂණීය අවස්ථා රාශියක් ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මේ අලුත් අවුරුද්ද අපේ අවුරුද්ද වේවි. සුභ නව වසරක්!

ඔබට සහ ඔබගේ පවුලේ අයට ජේසුස් වහන්සේගේ ආශිර්වාදය සහ ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය
ඔබට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමි
අපි ස්මාර්ට් සංගීත සිදුවීම් කළමනාකරණය

2023 is passing by and the beautiful days spent with you have become very beautiful. 2023 is over, when the days of the ...
31/12/2023

2023 is passing by and the beautiful days spent with you have become very beautiful.

2023 is over, when the days of the new year are approaching, stop the bad things and focus on the good things.

2024 you will get a beautiful love

Good people are never wrong.

I am here to help you in both directions of life.

Take the person who gives you a hand when life falls

Say bye to those who have gone, say hi to those who are coming. Thank you to everyone who came
Tell them you love .....😘😘😘😘

Sorry for my mistakes in 2023. Thank you very much for what you have done for me.

I'm sorry if I hurt your hearts...!

I will make sure that you don't get hurt from tomorrow.

I wish you to be happy everyday ......😘😘😘😘

Love you all....

We are Smart music event management

💠💠💠💠💠💠
2023 ගෙවිලා යනවා අලුත් වසරකට මුහුපුරන මෙ කාලයෙ ඔයාලා එක්ක ගෙවපු ලස්සන දවස් හරිම ලස්සන වෙලා .

2023 ඉවරයි අලුත් අවුරුද්දට දින පිරෙද්දි නරක දෙවල් නවත්තලා හොදෙවල් වලට හිත යවන්න .

2024 ඔයාට ලස්සන අදරයක් ලැබෙයි .ඒ ආදරෙට ගොඩක් අදරෙ කරන්න

කවදාවත් හොද අයට වරදින්නැ.

ජිවිතෙ ඔන දෙකට මෙ මම උදව්වක් විදිහට ඔයාලට ඉන්නවා.

ජිවිතෙ වැටෙද්දි අත දෙන කෙනා ඔයා ලගට ගන්න

ගිය අයට බායි කියන්න එන අයට හායි කියන්න .ලගින් හිටපු හැමොටම ස්තූතී
එයාලට ආදරෙයි කියන්න .....😘😘😘😘

2023 දි මගෙ අතින් උන වැරදි වලට සොරි .මට ඔයාලා කරපු දෙවල් වලට ඔයාලට ගොඩක් ස්තූතියි.

මගේ අතින් ඔයාලගේ හිත් රිදුණ නම් සමාවෙන්න....!

හෙට ඉඳන් ඔයාලගේ හිත් නොරිදෙන්න මම වගබලා ගන්නම්,

හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ......😘😘😘😘

ආදරෙයි ඔයාලා ඔක්කෝටම....

අපි ස්මාට් මියුසික් ඉවෙන්ට් මැනෙජ්මන්ට්

💠💠💠💠💠💠

𝙋𝙖𝙜𝙚 𝟯𝟲𝟱/𝟯𝟲𝟱 . 📖✨𝐈 𝐨𝐰𝐞 𝐢𝐭 𝐚𝐥𝐥 𝐭𝐨 𝐆𝐨𝐝. 🥹🙌🏻
31/12/2023

𝙋𝙖𝙜𝙚 𝟯𝟲𝟱/𝟯𝟲𝟱 . 📖✨
𝐈 𝐨𝐰𝐞 𝐢𝐭 𝐚𝐥𝐥 𝐭𝐨 𝐆𝐨𝐝. 🥹🙌🏻

💛💫 “𝐽𝑜𝑦 𝑡𝑜 𝑇𝒉𝑒 𝑊𝑜𝑟𝑙𝑑… 𝐼𝑛 𝐶𝒉𝑟𝑖𝑠𝑡 𝐴𝑙𝑜𝑛𝑒 – 𝑀𝑒𝑟𝑟𝑦 𝐶𝒉𝑟𝑖𝑠𝑡𝑚𝑎𝑠!”💛💫💛 “𝑇𝒉𝑒 𝒉𝑜𝑝𝑒 𝑜𝑓 𝑡𝒉𝑒 𝑤𝑜𝑟𝑙𝑑 𝐶𝒉𝑟𝑖𝑠𝑡𝑚𝑎𝑠 𝑏𝑒𝑔𝑖𝑛𝑠 𝑖𝑛 𝐺𝑜𝑑’𝑠 𝒉𝑒𝑎𝑟𝑡 𝑖𝑡’𝑠...
24/12/2023

💛💫 “𝐽𝑜𝑦 𝑡𝑜 𝑇𝒉𝑒 𝑊𝑜𝑟𝑙𝑑… 𝐼𝑛 𝐶𝒉𝑟𝑖𝑠𝑡 𝐴𝑙𝑜𝑛𝑒 – 𝑀𝑒𝑟𝑟𝑦 𝐶𝒉𝑟𝑖𝑠𝑡𝑚𝑎𝑠!”💛💫

💛 “𝑇𝒉𝑒 𝒉𝑜𝑝𝑒 𝑜𝑓 𝑡𝒉𝑒 𝑤𝑜𝑟𝑙𝑑 𝐶𝒉𝑟𝑖𝑠𝑡𝑚𝑎𝑠 𝑏𝑒𝑔𝑖𝑛𝑠 𝑖𝑛 𝐺𝑜𝑑’𝑠 𝒉𝑒𝑎𝑟𝑡 𝑖𝑡’𝑠 𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒 𝑤𝒉𝑒𝑛 𝑖𝑡 𝑟𝑒𝑎𝑐𝒉𝑒𝑠 𝑡𝒉𝑒 𝒉𝑒𝑎𝑟𝑡 𝑜𝑓 𝑚𝑎𝑛 𝑤𝑖𝑡𝒉 𝑙𝑜𝑣𝑒 𝑎𝑛𝑑 𝑢𝑛𝑑𝑒𝑟𝑠𝑡𝑎𝑛𝑑𝑖𝑛𝑔.” 💛

😍“𝑀𝑎𝑦 𝑡𝒉𝑒 𝐺𝑜𝑑 𝑜𝑓 𝒉𝑜𝑝𝑒 𝑓𝑖𝑙𝑙 𝑦𝑜𝑢 𝑤𝑖𝑡𝒉 𝑎𝑙𝑙 𝑗𝑜𝑦 𝑎𝑛𝑑 𝑝𝑒𝑎𝑐𝑒 𝑎𝑠 𝑦𝑜𝑢 𝑡𝑟𝑢𝑠𝑡 𝑖𝑛 𝐻𝑖𝑚, 𝑠𝑜 𝑡𝒉𝑎𝑡 𝑦𝑜𝑢 𝑚𝑎𝑦 𝑜𝑣𝑒𝑟𝑓𝑙𝑜𝑤 𝑤𝑖𝑡𝒉 𝒉𝑜𝑝𝑒 𝑏𝑦 𝑡𝒉𝑒 𝑝𝑜𝑤𝑒𝑟 𝑜𝑓 𝑡𝒉𝑒 𝐻𝑜𝑙𝑦 𝑆𝑝𝑖𝑟𝑖𝑡.”😍

🥰 “𝑀𝑎𝑦 𝑡𝒉𝑒 𝑚𝑖𝑟𝑎𝑐𝑙𝑒 𝑜𝑓 𝐶𝒉𝑟𝑖𝑠𝑡𝑚𝑎𝑠 𝑓𝑖𝑙𝑙 𝑦𝑜𝑢𝑟 𝒉𝑒𝑎𝑟𝑡 𝑤𝑖𝑡𝒉 𝑗𝑜𝑦 𝑎𝑛𝑑 𝑝𝑒𝑎𝑐𝑒.” 🥰

𝘞𝘪𝘴𝘩𝘪𝘯𝘨 𝘺𝘰𝘶 𝘢𝘯𝘥 𝘺𝘰𝘶𝘳 𝘧𝘢𝘮𝘪𝘭𝘺 𝘢 𝘸𝘰𝘯𝘥𝘦𝘳𝘧𝘶𝘭 𝘊𝘩𝘳𝘪𝘴𝘵𝘮𝘢𝘴 𝘧𝘶𝘭𝘭 𝘰𝘧 𝘵𝘩𝘦 𝘣𝘭𝘦𝘴𝘴𝘪𝘯𝘨𝘴 𝘰𝘧 𝘣𝘢𝘣𝘺 𝘑𝘦𝘴𝘶𝘴.
𝘪𝘮𝘢𝘴𝘩 𝘯𝘪𝘴𝘩𝘦𝘯 𝘍𝘦𝘳𝘯𝘢𝘯𝘥𝘰
𝘴𝘮𝘢𝘳𝘵 𝘮𝘶𝘴𝘪𝘤 𝘦𝘷𝘦𝘯𝘵 𝘮𝘢𝘯𝘢𝘨𝘦𝘮𝘦𝘯𝘵.
❤️❤️ 😍😍🎄🎄🎅🎅 🎆 ❤️❤️

💛💫"ලෝකයට ප්‍රීතිය... ක්‍රිස්තුස් වහන්සේ තුළ - සුභ නත්තලක්!" 💛💫

💛"ලෝකයේ බලාපොරොත්තුව නත්තල දෙවියන්ගේ හදවතින් ආරම්භ වේ, එය ආදරයෙන් සහ අවබෝධයෙන් මිනිසාගේ හදවතට ළඟා වූ විට එය සම්පූර්ණ වේ."💛

😍 "බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේ ඔබ ඔහු කෙරෙහි විශ්වාස කරන විට සියලු ප්‍රීතියෙන් හා සමාදානයෙන් ඔබ පුරවනු ඇත, එවිට ඔබ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී යනු ඇත."😍

🥰"නත්තලේ ආශ්චර්යය ඔබේ හදවත ප්රීතියෙන් හා සාමයෙන් පිරී යයි."🥰

ඔබ ඇතුළු ඔබගේ පවුලේ සියලු දෙනාටම ජේසු බිලිඳුන්ගේ ආශිර්වාදය පිරි අසිරිමත් නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ
𝘪𝘮𝘢𝘴𝘩 𝘯𝘪𝘴𝘩𝘦𝘯 𝘍𝘦𝘳𝘯𝘢𝘯𝘥𝘰
𝘴𝘮𝘢𝘳𝘵 𝘮𝘶𝘴𝘪𝘤 𝘦𝘷𝘦𝘯𝘵 𝘮𝘢𝘯𝘢𝘨𝘦𝘮𝘦𝘯𝘵.
❤️❤️ 😍😍🎄🎄🎅🎅 🎆 ❤️❤️

😍😍😍
24/12/2023

😍😍😍

❤️❤️❤️ 🌨️ Hello December, bring🏕️ me joy and warmth. ❤️❤️❤️❤️❤️  Embrace the magic of December. ❤️  ❤️❤️🌹Wishing you a D...
01/12/2023

❤️❤️❤️ 🌨️ Hello December, bring🏕️ me joy and warmth. ❤️❤️❤️
❤️❤️ Embrace the magic of December. ❤️
❤️❤️🌹Wishing you a December filled with love and happiness.😍😍
❤️❤️ Cheers🥂 to a month filled with celebrations and blessings! ❤️❤️
❤️❤️🥰🥰 December,🏕️ you have
my heart. ❤️❤️🥰🥰

This warm greeting is brought to you :-
Smart music event management

අද දින අප විසින් සියලු සංගීත නිර්මාණ කරුවන්ගෙ ගායන ශිල්පීන් සහ වාදන ශිල්පින් ඇතුළු සංගීතයට සම්බන්ධ සැම සියලු දෙනාගෙම නාම...
22/11/2023

අද දින අප විසින් සියලු සංගීත නිර්මාණ කරුවන්ගෙ ගායන ශිල්පීන් සහ වාදන ශිල්පින් ඇතුළු
සංගීතයට සම්බන්ධ සැම සියලු දෙනාගෙම නාම සානූතු වරිය වන
සාන්ත.සිසිලියා මුනිවරියගෙ මංගල්‍යය අද දින සමරනු ලබනවා සංගීතය තුලින් අප සියලු දෙනා අර්ථවත් ලෙස දෙවිදුන්ට තව තවත් ලං කරන ලෙස ඉල්ලා සාන්ත.සිසිලියා මුනිවරියගෙ
මැදහත් කම ඉල්ලා අපි යදිමු.
සාන්ත.සිසිලියා මුනිවරියනී දෙවිදුන් ඉදිරියෙ අප වෙනුවෙන් මැදිහත් වුව මැනවි.

Today we have all the music makers including vocalists and instrumentalists
She is the know-it-all of everyone involved in music
Saint Cecilia's feast day is celebrated today asking us all to get closer to God in a meaningful way through music.
We ask for mediation.
May Saint Cecilia intercede for us before God.
❤️❤️😍😍🙏🙏✝️🌹🌹🌺🌺🎹🎤🪗🥁🎻

Today is World Music DayWishing you a day filled with rhythm, melody, and harmony that resonates with the very essence o...
21/06/2023

Today is World Music Day

Wishing you a day filled with rhythm, melody, and harmony that resonates with the very essence of your being. Happy World Music Day!

Let the power of music heal, inspire, and ignite your soul, reminding you of the beauty that exists in every note. Happy World Music Day!

🎉🎊❤️❤️❤️🎼🎵🎶🎙️🎚️🎛️🎤🎧📻🎷🪗🎸🎹🎺🎻🪕🥁🪘💻📼📺🎬

Smart music event management Two years selibrason official video Like, comment, share, subscribe now
22/04/2023

Smart music event management
Two years selibrason official video
Like, comment, share, subscribe now

අද දින ස්මාර්ට් මියුසික් අපිට දෙවසරක්  පිරෙනවා. ඉතින් අපිත් සමග මෙ දෙවසර පුරා ඉදිමින් අපව ශක්තිමත් කල දෙවි මහොත්මයානන් ව...
22/04/2023

අද දින ස්මාර්ට් මියුසික් අපිට දෙවසරක් පිරෙනවා.
ඉතින් අපිත් සමග මෙ දෙවසර පුරා ඉදිමින් අපව ශක්තිමත් කල දෙවි මහොත්මයානන් වහන්සේට ත්,
ජෙසු තුමන්ටත්, ශුද්ධාත්මයාණන්
වහන්සේටත්, දේව අම්මාටත් ,අන්තොනී මුනිදුන්ටත්, ස්තුතියි වන්ත වන අතර මාව සැමදා දිරිමත් කරන මගෙ ආදරණීය අම්මිටත්, තාත්තිටත් සහ සියලුම මිතුරු මිතුරියන්ටත් ස්තුතියි වන්ත වන අතර
අපව ඉතාමත් විශ්වාස කර ඔබගෙ සියලුම උත්සව අවස්ථා අපට භාර දී සාර්ථක සේවාවක් ලබා ගත් පාරීභොගීක ඔබ සැමටත්,
ස්තුතියි වන්ත වන අතර
අප ගෙ සෙවාවන්
තව තවත් පුළුල් කල බව ඔබ වෙත අප ඉතාමත් සතුටින් යුතුව දැනුම් දෙමු.
ඉදිරියටත් අප සමග රැදෙමින් ඔබගෙ සියලුම අවස්ථා අප මගින් ඉතාමත් ම විශ්වාසනීය ලෙස වගකීමක් සහිතව
කර ගනීමින් ඔබගෙ සියලුම උත්සව අවස්ථා
නව තාක්ෂණය සමග
තව තවත් වර්ණවත් කර ගැනීමට
ස්මාට් මියුසික් සමගින් ඔබ සැමට ආරාධනා!!!
ස්තුතියි.
ජෙසු පිහිටයී!!!

Smart Music turns two years old today. So, to God Mahatmayana, who has strengthened us throughout these two years, To Je...
22/04/2023

Smart Music turns two years old today.
So, to God Mahatmayana, who has strengthened us throughout these two years,
To Jesus, the Holy Spirit
Thank you to God, Mother of God, Anthony Munidun, and to my dear mom, dad, and all my friends who always encourage me.
To all of you customers who have trusted us and entrusted all your festive occasions to us and got a successful service,
Thank you Vanta
Our services
We are very happy to inform you that we have expanded further.
Staying with us in the future, all your opportunities are guaranteed by us in a very reliable way
Taking care of all your festive occasions
With new technology
To make it more colorful
You are all invited with Smart Music!!!
thank you.
God bless you all!!!

2019/04/21 - 2023/04/21මිලේච්ච පාස්කු‌ බොම්බ ප්‍රහාරයට අදට වසර හතරක් සපිරෙන මෙම මොහොතෙ ඒ වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්...
21/04/2023

2019/04/21 - 2023/04/21

මිලේච්ච පාස්කු‌ බොම්බ ප්‍රහාරයට
අදට වසර හතරක් සපිරෙන මෙම මොහොතෙ ඒ වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්ලා අපි සැම දෙවිදුන් යදිමු

For the Easter bombing in Milecha
At this moment of four years today, let us pray for justice and fairness

❤️🙏✝️💐💐🌺🌺🕯️🕯️

May this Sinhala and Hindu New Year bring peace and happiness to you all
14/04/2023

May this Sinhala and Hindu New Year bring peace and happiness to you all

ලැබුවාවු මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා
14/04/2023

ලැබුවාවු මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා

*ක්‍රිස්තු උත්ථාන මංගලෝත්සවය* 🔥(පාස්කු ඉරිදා -2023) 💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️උන්වහන්සේ මෙහි නැත; උන්ව...
09/04/2023

*ක්‍රිස්තු උත්ථාන මංගලෝත්සවය* 🔥
(පාස්කු ඉරිදා -2023)
💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️

උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ වදාල ලෙසම උත්තාන වූ සේක. -
(මතෙව් 28:6)

කුරුසිය නොමැති ව පාස්කුවක් නැත..
කුරුසිය නොමැති ව එතෙර වීමක් නැත..
කුරුසිය නොමැතිව උත්ථානයක් නැත..

*ගයමු අලේලුයියා සමිදුන්ට*

ඔබ සැමට භාග්‍යවන්ත පාස්කු මංගල්‍යයක් වේවා 🙏❤

🔥 *Christ's Ascension Festival* 🔥(Easter Sunday -2023)💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️He is not here; He asc...
09/04/2023

🔥 *Christ's Ascension Festival* 🔥
(Easter Sunday -2023)
💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️🌺💐🕯️❤️🙏✝️

He is not here; He ascended as he had said. -
(Matthew 28:6)

There is no Easter without the cross.
There is no crossing without the cross.
There is no resurrection without the cross.

*Sing Alleluia to the Lord*

Have a blessed Easter everyone 🙏❤

~සමිඳාණන්ගේ විජග්‍රාහි උත්ථානය සිහිපත් කරන්නාවූ ආලේලූයියිආ සෙනසුරාදා දිනය අදයි.~සමිඳුන් මෑව්ව දිනය, අදයි අපි ප්‍රීති වෙම...
08/04/2023

~සමිඳාණන්ගේ විජග්‍රාහි උත්ථානය සිහිපත් කරන්නාවූ ආලේලූයියිආ සෙනසුරාදා දිනය අදයි.~

සමිඳුන් මෑව්ව දිනය, අදයි අපි ප්‍රීති වෙමු, තුති ගීතිකා ගයමින්..

~Today is Hallelujah Saturday, which commemorates the Ascension of the Lord in Vijayagra.~❤️❤️❤️❤️
08/04/2023

~Today is Hallelujah Saturday, which commemorates the Ascension of the Lord in Vijayagra.~
❤️❤️❤️❤️

🕯✝️  අද මහ සිකුරාදා දිනයයි 🕯✝️~අපගේ පාපයන් වෙනුවෙන් සමිඳාණන්ගේ දුක්විදීම හා මරණය සිහිපත් කරන්නාවූ මහ සිකුරාදා දිනය අදයි....
07/04/2023

🕯✝️ අද මහ සිකුරාදා දිනයයි 🕯✝️

~අපගේ පාපයන් වෙනුවෙන් සමිඳාණන්ගේ දුක්විදීම හා මරණය සිහිපත් කරන්නාවූ මහ සිකුරාදා දිනය අදයි.~

කුරුසියක් මත ප්‍රේම කතාව ලෙයින්ම ලියූ ලොව ආදරණීයම ප්‍රේමවන්තයාණෝ නුඹම පමණි....

පියාණෙනි, ඔබ වහන්සේගේ හස්තයට මාගේ ජීවිතය භාර කරමි.

Address

Negombo
Negombo

Telephone

+94763245628

Website

Alerts

Be the first to know and let us send you an email when Smart music event management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other DJs in Negombo

Show All