03/11/2020
🚫 මංගල උත්සව පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ..
(නිරෝධායන ඇඳිරිනීතිය බලනොපැවැත්වෙන ප්‍රදේශ තුල)
1. අත්‍යාවශ්‍ය වූ මානුෂීය හේතුන් මත මංගල උත්සව පැවැත්වීමට අවසර ලැබේ.
2. මංගල උත්සව කාලය පැය 4කට සීමා විය යුතුය. සවස 2 පමණ වන විට උත්සවය අවසන් කල යුතුවේ.
3. උත්සවයට සහභාගී වන පිරිස උපරිමය #50ක් විය යුතුය.
4.උණ, කැස්ස, උගුරේ ආසාදන, ස්වසන අපහසුතා (කෙටිකාලීන) ඇති අමුත්තන් හෝ සේවකයන් උත්සවය සඳහා සහභාගී නොවිය යුතුය.
5. පසුගිය දින 14 තුල කොරෝනා සැක සහිත හෝ තහවුරු කල පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා තිබූ පුද්ගලයන් සහභාගී නොවිය යුතුය.
6.වෙනත් දිස්ත්‍රික්කයකින් පැමිණෙන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය අත්‍යාවශ්‍ය වේ.
7. උත්සව ශාලා හිමිකරු විසින් මංගල උත්සව පැවැත්වීමට පෙර ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතු අතර සේවකයන්ගේ තොරතුරු ( නම, ලිපිනය, දුරකතන අංක) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට ඉදිරිපත් කල යුතුය.
8. උත්සවයට සහභාගීවන අයවලුන්ගේ තොරතුරු ( නම, ලිපිනය, දුරකතන අංකය) සටහන් කරගත යුතු අතර එම ලේඛනයද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට ඉදිරිපත් කල යුතුය.
9. උත්සවයට පෙර සහ පසු උත්සව ශාලාව, ගෘහ භාණ්ඩ, උපකරණ, වැසිකිලි, කැසිකිලි විශබීජ හරණය කල යුතුය. ඒ සඳහා 1% සෝඩියම් හයිපක්ලෝරයිට් සහ 70% මධ්‍යසාර ද්‍රාවන භාවිතා කල යුතුය.
10. ශාලාවට ඇතුලුවන සියළු පුද්ගලයන්ට විශබීජ නාශක සහ දෑත් සේදීමේ පහසුකම් ප්‍රමාණවත් පරිදි සැපයිය යුතුය.
11. ඇතුළුවන සියළුම පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය මැනිය යුතුය. සෙල්සියස් අංශක 35ට වැඩි පුද්ගලයන් ඇතුලත් කර නොගත යුතුය.
12. සියළු පුද්ගලයන් සෑම අවස්තාවකදීම මුඛ ආවරණ පැලඳ සිටිය යුතුය.
13. එක් මීටරයකට වඩා දුරක් පවත්වාගෙන යන ආකාරයට අසුන් පැනවිය යුතුය.
14. සෑමවිටම උත්සවයේ ක්‍රියාකාරකම්/ අවස්ථාවන් විවෘත ස්ථානයක/ පරිසරයක පැවැත්විය යුතුය.
15. මනාලියන් මනාලයන් හැඩගැන්වීම සඳහා හෝටල් පරිශ්‍ර්‍ය තුල අවස්තාව නොලැබේ. ඒ සඳහා අවසරලත් රූපලාවන්‍යාගාරයක් යොදාගත යුතුය.
16. අතට අතදීම, සිප වැලඳ ගැනීම නොකල යුතුය.
17. සමූහ ඡායාරූප ගැනීම හැකිතාක් අවම කල යුතුය.
18. සමූහ නර්ථන වල යෙදීම අවම කල යුතුය.
19. ආහාර බෙදාගැනීමේදී සියළු අයවලුන්ට අත් ආවරණයක් සැපයිය යුතුය.
20. මෙම කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කරන හෝටල් සහ පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාකරනු ඇත.
21. නිරෝධායන ඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ තුල කිසිසේත්ම උත්සව පැවැත්වීමට සහ එම ප්‍රදේශ වල සිට අනෙකුත් ප්‍රදේශ වලට උත්සව සඳහා සහභාගී වීමට අවසර නොලැබේ.
----- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලීය තොරතුරු ඇසුරෙනි----