26/12/2023
මිණිපුරට අමු වරුසා වහින්නට වෙර දිරිය දුන් ඔබ සැමටම ස්තුතියි ...
මෙහෙමත් කතාවක් තිබුනලු කියන්න...
මචන් අපි අර ස්කෝලෙ යන කාලෙදී දුශ්කර පාසලකට අධාර දීමෙ වැඩක් කලා වගෙ දැනුත් හොඳ වැඩක් කරන්න සෙට් උනොත් මොකද ??.
ඔව් හැබැයි එකාලෙ වගෙ ඔක්කොම නිකම් ලැබෙන්නෙ නැති හින්දා හොඳ event එකක් කළොත් මොකද ?.
මේ දවස් වල අමු කොනසර්ට් එකනම් පට්ටම හිට්..
අපිත් ට්‍රයි කරල බලමුද?
කරන වැඩේ රත්නපුරයට වෙනම ව්දිහෙ ෆන් එකක් එක්ක කලොත් මරු නේද ..
සන්ජීව් සහෝත් කිව්ව ගමන් වැඩේට ok..
Dec 16 ට දිනෙත් දාගෙන , වැඩේ වෙන විදිහ ප්ලැන් කරන්න ගත්තා...
කලින් මෙහෙම දෙයක් organize කරලා නැති හින්දා හැමෝගෙම අදහස් , යෝජනා චෝදනා whatsapp group එකට වැටෙන්න ගත්තා , conference meeting ගත්තා ..
ඒ මදිවට මලින්ද ලගෙ ගෙදර අපේ meeting hall එක බවට පත් උනා ..ඉඳල හිට අශෝක ලගෙ ගෙදරත්..
ප්ලැන් කරපු වැඩ වලට තව දේවල් එක්වුනා..
රැයක් දවාලක් නොබලා මේකම ජීවිතය උනා...
Event එකේ date එක December 23 ta කල්ගියාම ..
ටිකක් ගැස්සුනා මේක success වෙයිද ..long weekend eka හින්දා කෙලවෙයිද?
ඒත් කොහොම හරි ගොඩ දාමු..ටාර්ගට් එකටම ෆෝකස් කරමු මචන්..අනිවාර්යයෙන් බැරි නෑ..සෙට් එකම අරමුනක..
පොඩි පොඩි රන්ඩු, අර්බුද ..
මොකක් උනත් සෙට් එක එකට..
FB පොස්ටර් ,vedio හැදුවා ..
පාප්ප බාල්දි අරන් පාන්දර පෝස්ටර් ගැහුව..කටවුට් එල්ලුවා..මොබයිල් රථ ප්‍රොමොශන් ..ඔක්කොම සෙට් එක නොඅඩුව කලා..
උදව් කරන්න පුළුවන් හොඳ හිත් ඇත්තො සපෝර්ට් එකක් දෙන්නම් කිව්වා ..සමහරු සල්ලි වලින් සමහරු ප්‍රොමෝශන් වලට ..සමහරු ශ්‍රමයෙන් ..සමහරු තමන්ට හැකි අයුරින් වැඩේ ට අත හිත දුන්න ...
වැඩේ ඔක්කොටම ෆිට් දැන්..
ඉතින් ඔන්න 23 වෙනිදා අවා..
එදා.....
ආහ්.. ඒක කියන්න ඕනි නෑනේ ..එදා ආපු අය දැක්ක නේ..ඉතින් එන්න බැරිවුණත් අපිට ආදරණීය ලෙස සහය දැක්වු ඔබටත් දකින්න photos ටිකක් දැම්මා ..
ඉතින් මිණිපුරට අමු වරුසා කතාව ඉවරයි ..ආයෙත් මේවගේ වෙනස් දෙයකින් හම්බ වෙමු ...ආදරෙයි..ස්තුතියි ..