CricCommunity

  • Home
  • CricCommunity

CricCommunity Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CricCommunity, Sports Promoter, .

Nuwan Thushar 🔨 to MI for 4.80 CrDilshan Madushanka 🔨 to MI for 4.60 CrWanindu Hasaranga 🔨 to SRH for 1.50 Cr& Maheesh T...
19/12/2023

Nuwan Thushar 🔨 to MI for 4.80 Cr
Dilshan Madushanka 🔨 to MI for 4.60 Cr
Wanindu Hasaranga 🔨 to SRH for 1.50 Cr
& Maheesh Theekshana and Matheesha Pathirana are retained by CSK

මේ වන විට පැවැත්වෙමින් තිබෙන ICC T20 ලෝක කුසලානය 2024 සඳහා අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දී උගන්ඩාව විසින...
30/11/2023

මේ වන විට පැවැත්වෙමින් තිබෙන ICC T20 ලෝක කුසලානය 2024 සඳහා අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දී උගන්ඩාව විසින් රුවන්ඩා කණ්ඩායම පරාජය කිරීමත් සමඟ 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟමාලාව සඳහා සුදුසුකම් ලැබූ අවසන් රට බවට පත් වන්නට උගන්ඩාව සමත් වුණා.

මෙම තරඟාවලියේ දී නැමීබියාව සහ උගන්ඩාව වෙතින් පරාජය වූ සිම්බාබ්වේ කණ්ඩායමට කොදෙව් දූපත් හා ඇමරිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාව සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

අපරාජිත ලෝක ශූරයෝ...1975 සිට 2019 දක්වා එක්දින ලෝක කුසලාන තරගාවලි 12 කදී අපරාජිතව ලෝක ශූරතාවය දිනාගත් අවස්ථා 05 ක් වාර්ත...
18/11/2023

අපරාජිත ලෝක ශූරයෝ...

1975 සිට 2019 දක්වා එක්දින ලෝක කුසලාන තරගාවලි 12 කදී අපරාජිතව ලෝක ශූරතාවය දිනාගත් අවස්ථා 05 ක් වාර්තා වනවා.

01. 1975 ක්ලයිව් ලොයිඩ් ගේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

02. 1979 ක්ලයිව් ලොයිඩ් ගේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

03. 1996 අර්ජුන රණතුංග ගේ ශ්‍රී ලංකා කණ්ඩායම
*96 දී ශ්‍රී ලංකාව කිසිදු තරගයක් පරාජය නොවුණත් කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය නොකිරීම නිසා නිතරග ජයග්‍රහණ දෙකක් ලැබුණා.

04. 2003 රිකී පොන්ටිං ගේ ඔස්ට්‍රේලියා කණ්ඩායම

05. 2007 රිකී පොන්ටිං ගේ ඔස්ට්‍රේලියා කණ්ඩායම

මීට අමතරව,
1983 ලෝක ශූර කපිල් දේව් ගේ ඉන්දීය කණ්ඩායම මූලික වටයේ දී ඔස්ට්‍රේලියාව සහ කොදෙව් කණ්ඩායම හමුවේ එක් වතාව බැගින් පරාජය වුණා.

1987 ලෝක ශූර ඇලන් බෝඩර් ගේ ඔස්ට්‍රේලියා කණ්ඩායම මූලික වටයේ දී ඉන්දියාව හමුවේ පරාජය වුණා.

1992 ලෝක ශූර Imran Khan ගේ පාකිස්තාන කණ්ඩායම මූලික වටයේ දී කොදෙව් කණ්ඩායම, ඉන්දියාව, දකුණු අප්‍රිකාව යන් කණ්ඩායම් හමුවේ පරාජය විය.

1999 ලෝක ශූර ස්ටිව් වෝ ගේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ද මූලික වටයේ දී නවසීලන්තය, පාකිස්තානය හමුවේ පරාජය විය.

2011 ලෝක ශූර මහේන්ද්‍ර සිං දෝනි ගේ ඉන්දීය කණ්ඩායම ද මූලික වටයේ දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය විය.

2015 ලෝක ශූර මයිකල් ක්ලාක් ගේ ඔස්ට්‍රේලියා කණ්ඩායම මූලික වටයේ දී නවසීලන්තය හමුවේ පරාජය විය.

2019 ලෝක ශූර ඔයින් මෝගන් ගේ එංගලන්ත කණ්ඩායම මූලික වටයේ දී පාකිස්තානය, ශ්‍රී ලංකාව යන කණ්ඩායම් හමුවේ ද පරාජය විය.

මෙවරද ඉන්දීය කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගය දක්වා පැමිණීමට සමත් වී ඇත. ඉන්දියාව හෙට පැවැත්වෙන 2023 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයගෙන අපරාජිතව ලෝක ශූරතාවය හිමිකරගත හොත් ලෝක කුසලාන ඉතිහාසයේ එවැනි දස්කමක් දක්වන 06 වන කණ්ඩායම ඔවුන් වනු ඇත.

දකුණු අප්‍රිකාවේ Knokout ශාපයලෝක කුසලාන තරගාවලි වලදී අවාසනාවන්තම කණ්ඩායම විදිහට සළකන්නේ දකුණු අප්‍රිකාව. 👉 1992 ලෝක කුසල...
17/11/2023

දකුණු අප්‍රිකාවේ Knokout ශාපය

ලෝක කුසලාන තරගාවලි වලදී අවාසනාවන්තම කණ්ඩායම විදිහට සළකන්නේ දකුණු අප්‍රිකාව.

👉 1992 ලෝක කුසලානය
දකුණු අප්‍රිකාව මුලින් ම එක්දින ලෝක කුසලාන තරගමාලාවකට සහභාගී වෙන්නේ 1992 දී. ඊට පෙර එරට පැවති වර්ණ බේදවාදී ගැටුම් නිසා කාලයක් දකුණු අප්‍රිකාවට ක්‍රිකට් පිටිය තහනම් වෙලා තිබුණා. ඒ නිසා ඔවුන්ට මුල් තරගාවලි සඳහා සහභාගී වෙන්න හැකියාව ලැබුනේ නෑ.

කොහොම වුණත් කෙප්ලර් වෙසල්ස් ගේ නායකත්වය යටතේ 1992 තරගාවලියට එක් වූ දකුණු අප්‍රිකාව මූලික වටයේදී විශිෂ්ඨ දස්කම් දක්වලා අවසන් පූර්ව වටයට සුදුසකම් ලබන්න සමත් වුණා.

මූලික වටයේදී තරග 08 කට සහභාගී වූ ඔවුන් එයින් පරාජය වුණේ නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට එරෙහි තරග පමණයි.

පන්දුවාර 45 කට සීමා වූ, එංගලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 252/06 කට සීමා කරන්නට අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.

කිසිදු අපහසුතාවයකින් තොරව ලකුණු 253 ක ඉලක්කය හබා යමින් සිටි දකුණු අප්‍රිකානු ඉනිමේ 43 වන පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දි ක්‍රීඩා පිටියට වර්ෂාව ඇද වැටීම නිසා තරගය තාවකාලිකව නැවත්වන්න සිද්ද වුණා. ඒ වන විට දකුණු අප්‍රිකා ලකුණු පුවරුව කියවුණේ 231/06 ක් විදිහට.

ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය වුණේ පන්දු 13 කින් ලකුණු 22 පමණයි. නමුත් වර්ෂාවෙන් පසු තරගය නැවත ආරම්භ කරන විට එවකට පැවති නීතිරීති අනුව දකුණු අප්‍රිකාවේ ඉලක්කය කියවුණේ 01 පන්දුවකට ලකුණු 22 ලබා ගැනීමයි. මෙය කාගේත් හාස්‍යට ලක්වූ කාරණාවක් වුණා. කෙසේ වෙතත් අවසන් පන්දුවේදී එක් ලකුණක් පමණයි ඔවුන්ට රැස් කරගන්න පුළුවන් වුණේ. අවාසනාවන්ත ලෙස 1992 අවසන් පූර්ව තරගය ලකුණු 20 කින් පරාජය වෙන්න දකුණු අප්‍රිකාවට සිදු වුණා.

👉 1996 ලෝක කුසලානය
1996 ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව සහභාගී වුණේ Hansy Cronje ගේ නායකත්වය යටතේ. මූලික වටයේ පැවති සියළු තරග ජය ගනිමින් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්න ඔවුන් සමත් වුණා.

Knokout ක්‍රමයට පැවති අර්ධ අවසන් පූර්ව වටයේ 3 වන තරගයට දකුණු අප්‍රිකාව සහභාගි වුණේ කොදෙව්වන් සමග. නමුත් තරගාවලියේ මෙතෙක් රැකගෙන සිටි අපරාජිත බව තව දුරටත් රැකගන්නට දකුණු අප්‍රිකාවට හැකි වුණේ නෑ. ඔවුන් එම තරගය ලකුණු 19 කින් පරාජය වුණා.

👉 1999 ලෝක කුසලානය
1999 දී නැවතත් Cronje ගේ නායකත්වය යටතේ ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා. එවර තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවට එරෙහිව. මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියළු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 213 ක් පමණයි.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවත් පන්දුවාර 49.4 කදී ලකුණු 213 කට සියළු දෙනා දැවී යනවා. තරගය ලකුණු සම වීමෙන් අවසන් වෙනවා. සුපිරි වටයේදී මෙම දෙරට අතර පැවති තරගය ඔස්ට්‍රේලියාව ජයගෙන තිබීම නිසා, අවසන් මහා තරගයට යාමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමි වෙනවා. දකුණු අප්‍රිකාවට නැවතත් අවාසනාවන්ත ලෙස ලෝක කුසලානයෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

👉 2003 ලෝක කුසලානය
තම මව් රටේ ප්‍රධාන සත්කාරකත්වයෙන් පැවති 2003 තරගාවලියට දකුණු අප්‍රිකාව සහභාගී වුණේ ෂෝන් පොලොක් ගේ නායකත්වය යටතේ.

තරගාවලියේ අනෙකුත් සත්කාරක රටවල් වූ සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 06 වටයටත්, කෙන්යාව අවසන් පූර්ව තරගයටත් සුදුසුකම් ලබද්දී... දකුණු අප්‍රිකාවට අවාසනාවන්ත ලෙස මූලික වටයෙන් ම ඉවතට යන්න සිදු වුණා.

👉 2007 ලෝක කුසලානය
ග්‍රැහැම් ස්මිත් ගේ නායකත්වය යටතේ 2007 ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකාව සහභාගී වුණේ එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 01 කණ්ඩායම විදිහට.
මූලික වටයේ දී හ සුපිරි 08 වටයේ දී සුපිරි දක්ෂතා දක්වලා අවසන් පූර්ව වටයට සුදුසකම් ලබන්න ඔවුන් සමත් වුණා.
අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදීන් වුණේ ඔස්ට්‍රේලියාව. ලෝක කුසලානයට දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 400 ට වැඩි ඉලක්කයක් හබාගොස් ජයගත් දකුණු අප්‍රිකාවට මේ තරගයේදී මුලින් පන්දුවට පහර දී රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 149 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

👉 2011 ලෝක කුසලානය
2011 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය පැවැත්වුණේ knokout ක්‍රමයට. මෙහිදී දකුණු අප්‍රිකාවට හමුවූ ප්‍රතිවාදියා වුණේ නවසීලන්තය.
මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 221 කට සීමා කරන්න දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණත්, අප්‍රිකානුවන්ගේ පිළිතුරු ඉනිම ලකුණු 172 දී නතර වුණා.
ඒ අනුව ඔවුන් තවත් knokout තරගයක් පරාජය වුණා.

👉 2015 ලෝක කුසලානය
2015 තරගාවලිය දකුණු අප්‍රිකාවට විශේෂයි. හේතුව තමයි ඔවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ජයගත් පළමු සහ එකම knokout තරග ජයග්‍රහණය වාර්තා වෙන්නේ මේ තරගාවලියේදී.

Knokout ක්‍රමයට පැවති අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 09 කින් ජයග්‍රහණය කරන්න දකුණු අප්‍රිකාව සමත් වුණා.

නමුත්, නවසීලන්තයට එරෙහිව පැවති පළමු අවසන් පූර්ව තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 04 කින් පරාජය වෙන්න අප්‍රිකානුවන්ට සිදු වුණා.

👉 2019 ලෝක කුසලානය
2019 තරගාවලියේ දී මූලික වටයේ තරග ලීග් ක්‍රමයටත් අවසන් පූර්ව තරග knokout ක්‍රමයටත් පැවැත්වුණා. දකුණු අප්‍රිකාව මෙම තරගාවලියේ දී knokout තරග සදහා සුදුසුකම් ලැබුවේ නෑ.

👉 2023 ලෝක කුසලානය
මෙවරද එම මයි, එසේමයි.

ICC විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි.
10/11/2023

ICC විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවයි.


2023 එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා.එයාලා තමයි හොදටම කරලා තියෙන්නේ.
10/11/2023

2023 එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා.
එයාලා තමයි හොදටම කරලා තියෙන්නේ.

10/11/2023
ශ්‍රී ලංකාව, ඉතිහාසයේ ප්‍රථම වතාවට අද බංගලාදේශය හමුවේ එක්දින ලෝක කුසලාන තරගයක් පරාජයට පත් වුණා.ඒ අනුව සිම්බාබ්වේ සහ අයර්...
06/11/2023

ශ්‍රී ලංකාව, ඉතිහාසයේ ප්‍රථම වතාවට අද බංගලාදේශය හමුවේ එක්දින ලෝක කුසලාන තරගයක් පරාජයට පත් වුණා.

ඒ අනුව සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන ICC පූර්ණ සාමාජික රටවල් දෙක ඇරුණුකොට අනෙක් සියළුම ICC පූර්ණ සාමාජික රටවල් විසින් දැන් ලෝක කුසලාන තරගවලදී ශ්‍රී ලංකාව පරාජයට පත් කර අවසන්.

සිම්බාබ්වේ සහ අයර්ලන්තය ඇරුණාම තවමත් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට අපොහොසත් වූ රටවල් වන්නේ,
01. නැගෙනහිර අප්‍රිකාව (දැන් මෙහෙම කණ්ඩායමක් නෑ.)
02. කැනඩාව
03. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
04. නෙදර්ලන්තය
05. ස්කොට්ලන්තය
06. නැමීබියාව
07. බර්මියුඩාව
යන රටවල්

1975 සිට මේ දක්වා කණ්ඩායම් 19 ක් එක්දින ලෝක කුසලාන තරගාවලි නියෝජනය කර තිබෙනවා.

ඒ අතරින් ඉහත කණ්ඩායම් එක්දින ලෝක කුසලාන තරගවලදී එක් වතාවක දී හෝ ශ්‍රී ලංකාව පරාජය කර නෑ. (සමහර රටවල් අපිත් එක්ක මැච් එකක් වත් ගහලත් නෑ)

අනෙක් රටවල් මුල්ම වතාවට ශ්‍රී ලංකාව පරාජය කරලා තියෙන්නේ මේ විදිහට.

01. බටහිර ඉන්දීය කොදෙව්වන් 1975 දී කඩුලු 09 කින්
02. පාකිස්තානය 1975 දී ලකුණු 192 කින්
03. ඔස්ට්‍රේලියාව 1975 දී ලකුණු 52 කින්
04. නවසීලන්තය 1979 දී ලකුණු කඩුලු 09 කින්
05. එංගලන්තය 1983 දී ලකුණු 47 කින්
06. දකුණු අප්‍රිකාව 1999 දී ලකුණු 89 කින්
07. ඉන්දියාව 1999 දී ලකුණු 157 කින්
08. කෙන්යාව 2003 දී ලකුණු 53 කින්
09. ඇෆ්ගනිස්තානය 2023 දී කඩුලු 07 කින්
10. බංගලාදේශය 2023 දී කඩුලු 03 කින්.

හැබැයි, විශේෂත්වයක් තියෙනවා. ශ්‍රී ලංකාව තවමත් ICC පූර්ණ සාමාජික නොවන රටක් හමුවේ පැරදිලා තියෙන්නේ එක ම එක වතාවයි. ඒ 2003 කෙන්යාවට එරෙහිව ලබපු ලකුණු 53 ක පරාජය පමණයි.

ICC පූර්ණ සාමාජික රටක් විදිහට ශ්‍රී ලංකාව සහභාගී වුණ පළවෙනි ලෝක කුසලාන තරගමාලාව - 1983මේ තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලං...
05/11/2023

ICC පූර්ණ සාමාජික රටක් විදිහට ශ්‍රී ලංකාව සහභාගී වුණ පළවෙනි ලෝක කුසලාන තරගමාලාව - 1983

මේ තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාවට හමු වුණ ප්‍රතිවාදීන් වුණේ පාකිස්තානය, එංගලන්තය සහ නවසීලන්තය.

මූලික වටයේ දී මේ එක් එක් කණ්ඩායම් වලට එරෙහිව තරග දෙක බැගින් ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුනා. ඒ කියන්නේ තරග 06ක්.

නමුත් මේ තරග 06න් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ නවසීලන්තයට එරෙහි එක ම එක තරගයක් විතරයි.

ඒ මූලික වටයේ 18 වන තරගය. මුලින් පන්දුවට පහර දුන්නේ නවසීලන්තය. පන්දුවාර 58.1 කදී සියළු දෙනා දැවී ඔවුන් රැස් කරගත්තේ ලකුණු 181 ක් විතරයි. නවසීලන්ත ඉනිම විනාශ කර දැමීමේ ප්‍රධානතම කාර්‍යභාරය ඉටු කළේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසන්තා ද මෙල්.

ඔහු ලකුණු 32 කට කඩුලු 05 ක් දවා ගත්තා.

අසන්තා ද මෙල් මේ තරගයට පෙර පැවති පාකිස්තාන තරගයේදිත් කඩුළු 05 දවා ගෙන තිබුනා. මේ තරගයේ දී ඔහු වාර්තා කළේ පිට පිට දවාගත් දෙවන කඩුලු 05 අවස්ථාව.

ඒ අනුව ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 05ක් දවාගත් පළමු පන්දු යවන්නා විදිහටත් ඉතිහාසගත වුණා. ඒ වගේ ම 1983 ලෝක කුසලාන තරගමාලාවේ දෙවන වැඩිම කඩුලු ලාභියා වුණෙත් මෙල් ම තමයි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ පන්දු 55 කින් ලකුණු 40 ක් ලබා ගත් මාටින් ස්නෙඩන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 52.5 කදී කඩුලු 07 ක්දැවී ලකුණු 184 ක් ලබා ගෙන තරගය කඩුලු 03 කින් ජයග්‍රහණය කළා.

රෝයි ඩයස් නොදැවී ලකුණු 64 ක් සහ බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 62 ක් ලබා ගන්නට සමත් වුණා.

පිත්තෙන් දස්කම් දැක්වූ මාටින් ස්නෙඩන් පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 58/02 ක් දවා ගන්න සමත් වුණත් ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කළ පන්දු යවන්නා වුණේ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලී. ඔහුගේ පන්දුවාර 12 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර ගත්තේ ලකුණු 16 ක් පමණයි.

මූලික වටයේ තරග 06 න් 05 ක් ම පරාජය වූ ශ්‍රී ලංකාවට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට යන්න සිද්ද වුණා.


ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ මංගල ජයග්‍රහණය1979 ලෝක කුසලානයේදී ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකා කණ්ඩායම.ශ්‍රී ලංකාව 1979 ල...
03/11/2023

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ මංගල ජයග්‍රහණය

1979 ලෝක කුසලානයේදී ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකා කණ්ඩායම.

ශ්‍රී ලංකාව 1979 ලෝක කුසලාන තරගමාලාව සඳහා සහභාගී වූයේත් අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ.

මේ තරගය පැවැත්වුණේ මූලික වටයේ 09 වන තරගය විදිහට. ශ්‍රී ලංකාව මේ තරගයට පෙර නවසීලන්තයට එරෙහි තරගය පරාජය වෙලා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තගරගය වර්ෂාව නිසා අතහැර දමලා හිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියක හා හා පුරා කියලා ප්‍රසාද ලකුණක් හිමිවුණෙත් මේ අතහැරලා දාපු කොදෙව් තරගය නිසා.

ඉන්දීය තරගයට පෙර ඇති වූ ආබාධ තත්වයක් නිසා නිත්‍ය නායක අනුර තෙන්නකෝන් මේ තරගයට සහභාගී වුණේ නෑ. ඒ නිසා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරුනේ බන්දුල වර්ණපුරට.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩාම නියමිත පන්දුවාර 60 තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 238 ක් රැස් කර ගත්තා. සුනිල් වෙත්තිමුණි (67), දුලිප් මෙන්ඩිස් (64) සහ රෝයි ඩයස් (50) අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 54.1 තුළ සියලු දෙනා දැවී රැස් කරගන්න පුළුවන් වුණේ, ලකුණු 191 ක් විතරයි. ශ්‍රී ලංකාව ලකුණු 47 කින් තරගය ජයග්‍රහණය කළා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ලකුණු 36 ක් රැස් කරගත් දිලිප් වෙන්ග්සාකර්. ඩී. එස් ද සිල්වා 29/03 ක් සහ ටෝනි ඕපාත 31/03 ක් ලෙස කඩුලු දවාගෙන ශ්‍රී ලංකා ජය තහවුරු කළා.

මේ ජයග්‍රහණය තමයි ශ්‍රී ලංකාව ලෝක කුසලාන ඉතිහාසයේ වගේම එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේත් ලබපු පළවෙනි ජයග්‍රහණය.

මේ ජයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ අපේ කාණ්ඩයේ 03 වෙනි තැනට පත් වුණා. මුල් ස්ථාන දෙක හිමි කරගත් කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට ගියා.

ඉන්දියාව තමන් සහභාගී වූ සියලු තරග පරාජය වෙලා කාණ්ඩයේ අන්තිමයා විදිහට 1979 ලෝක කුසලානය අවසන් කළා.


1975 ලෝක කුසලාන තරගමාලාවේ දී පළමු එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම.අනුර තෙන්නකෝන් ගේ නායකත්වය යටතේ ට...
02/11/2023

1975 ලෝක කුසලාන තරගමාලාවේ දී පළමු එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම.

අනුර තෙන්නකෝන් ගේ නායකත්වය යටතේ ටෙස්ට් වරම් නොමැති රටක් ලෙස 1975 පළමු ලෝක කුසලාන තරගමාලාවට ශ්‍රී ලංකාව සහභාගී වුණා.

එහිදී පළමු තරගය පැවැත්වුණේ ප්‍රභල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 37.2 දී සියළු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 86 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ලකුණු 21 ක් ලබා ගත් අංක 10 පිතිකරු සෝමචන්ද්‍ර ද සිල්වා හෙවත් ඩී. එස්. ද සිල්වා.

බර්නාඩ් ජූලියන් 20/04 ක් සහ කීත් බොයිස් 22/03 ක් ලෙස කඩුලු දවාලමින් ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 20.4 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 87 ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.

කොදෙව්වන් වෙනුවෙන් රෝයි ෆෙඩ්‍රික්ස් ලකුණු 33 ක් සහ ඩෙරික් මරේ නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා. බිද වැටුණු එකම කඩුල්ල දවා ගත්තෙත් ඩී. එස්. ද සිල්වා.

මේ, ඒ තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම.

මේ අතරින් රංජිත් ප්‍රනාන්දු කාලයක් ජාත්‍යන්තර විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළා. බන්දුල වර්ණපුර ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා බවට පත් වුණා. දුලිප් මෙන්ඩිස් වර්තමාන ඕමාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු. ඩී. එස්. ද සිල්වා 2011 ලෝක කුසලාන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ තවත් තරග දෙකකට සහභාගී වුණා.
ඒ අතරින් ඔස්ට්‍රේලියා තරගය ලකුණු 52 කිනුත්, පාකිස්තාන තරගය ලකුණු 192 කිනුත් පරාජයට පත් වුණා.


These squads have been created keeping in mind the performances of the players of each team in the ODI World Cup series....
18/10/2023

These squads have been created keeping in mind the performances of the players of each team in the ODI World Cup series. Also, all the World Cup matches held from 1975 to 2019 have been taken into consideration for these selections.

Pick your all time xi
14/10/2023

Pick your all time xi

මෙවර ලෝක කුසලානයට එක් වන එක් එක් කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකාවේ අතීත දක්ෂතා
09/10/2023

මෙවර ලෝක කුසලානයට එක් වන එක් එක් කණ්ඩායම් වලට එරෙහිව ශ්‍රී ලංකාවේ අතීත දක්ෂතා

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම තනි ඉනිමක ලකුණු ලබාගත් ක්‍රීඩකයින්.
05/10/2023

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම තනි ඉනිමක ලකුණු ලබාගත් ක්‍රීඩකයින්.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩළු දවාගත් පන්දු යවන්නන්..
03/10/2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩළු දවාගත් පන්දු යවන්නන්..

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්.
02/10/2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්.

World Cup Performance of each team
27/09/2023

World Cup Performance of each team

  Dushan Hemantha in for Wanindu Hasaranga
26/09/2023


Dushan Hemantha in for Wanindu Hasaranga

Changes in Sri Lanka CWC Squad
26/09/2023

Changes in Sri Lanka CWC Squad

1975 - අනුර තෙන්නකෝන් (මූලික වටය)1979 - අනුර තෙන්නකෝන් (මූලික වටය)1983 - දුලීප් මෙන්ඩිස් (මූලික වටය)1987 - දුලීප් මෙන්ඩි...
23/09/2023

1975 - අනුර තෙන්නකෝන් (මූලික වටය)
1979 - අනුර තෙන්නකෝන් (මූලික වටය)
1983 - දුලීප් මෙන්ඩිස් (මූලික වටය)
1987 - දුලීප් මෙන්ඩිස් (මූලික වටය)
1992 - අරවින්ද ද සිල්වා (මූලික වටය)
1996 - අර්ජුන රණතුංග (ශූරතාවය)
1999 - අර්ජුන රණතුංග (මූලික වටය)
2003 - සනත් ජයසූරිය (අවසන් පූර්ව වටය)
2007 - මහේල ජයවර්ධන (අනුශූරතාවය)
2011 - කුමර් සංගක්කාර (අනුශූරතාවය)
2015 - ඇන්ජලෝ මැතිව්ස් (සුපිරි 8 වටය)
2019 - දිමුත් කරුණාරත්න (මූලික වටය)
2023 - දසුන් ශානක

Sri Lanka's WC Jursey from 1992 to 2019
22/09/2023

Sri Lanka's WC Jursey from 1992 to 2019

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයින් විසින් දක්වන ලද දක්ෂතා අතරින් වැඩිම ලකුණු, හොදම පිතිකරණ සාමාන්‍යය, ඉහළම ප්‍රහාරක වේගය, වැඩ...
20/08/2023

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයින් විසින් දක්වන ලද දක්ෂතා අතරින් වැඩිම ලකුණු, හොදම පිතිකරණ සාමාන්‍යය, ඉහළම ප්‍රහාරක වේගය, වැඩිම කඩුළු, හොදම පන්දු යැවීමේ සාමාන්‍යය සහ පන්දුවාරයකට අඩුම ලකුණුලබා දීම (Economy rate) යන කරුණු සැළකිල්ලට ගෙන පහත කණ්ඩායම නිර්මාණය කර ඇත.

01. Lasith Croospulle (GT)
Emerging Player
M : 08
Runs : 232 (6th)
Avg. : 33.14 (9th)
SR : 139.75 (6th)

02. Tim Seifert (wk) (GT)
M :07
Runs : 231 (7th)
Avg. : 38.50 (4th)
SR : 133.52

03. Babar Azam (CLS)
M : 08
Runs : 261 (2nd)
Avg. : 32.62 (10th)
SR : 132.48

04. Ben McDermott (DA)
M : 03
Runs : 106
Avg. : 106.00 (1st)
SR : 153.62 (3rd)

05. Shoaib Malik (JK)
M : 05
Runs : 160
Avg. : 80.00 (2nd)
SR : 139.13 (8th)

06. Wanindu Hasaranga (c) (BLK)
Player of the tournament
Winning Captain
M : 10
Runs : 279 (1st)
Avg. : 34.87 (8th)
SR : 189.79 (1st)
Wickets : 19 (1st)
Avg. : 10.73 (2nd)
Eco. : 5.51 (4th)

07. Dunith Wellalage (JK)
M : 09
Runs : 110
Avg. : 36.66 (5th)
SR : 100.91
Wickets : 10 (8th)
Avg. : 17.60 (10th)
Eco. : 7.04

08. Chathuranga de Silva (BLK)
M : 04
Wickets : 06
Avg. : 13.50 (4th)
Eco. : 5.78 (6th)

09. Lahiru Kumara (GT)
M : 05
Wickets : 08
Avg. : 11.25 (3rd)
Eco. : 5.29 (2nd)

10. Binura Fernando (DA)
M : 08
Wickets : 10 (9th)
Avg. : 18.40
Eco. : 6.00 (7th)

11. Nuwan Pradeep (BLK)
M : 07
Wickets : 14 (2nd)
Avg. : 16.50 (7th)
Eco. : 8.88

18/08/2023

මෙවර LPL තරගාවලියේ සියළුම කණ්ඩායම් වල සැළකිය යුතු ක්‍රීඩකයන් ප්‍රමාණයකට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. නමු...
16/08/2023

මෙවර LPL තරගාවලියේ සියළුම කණ්ඩායම් වල සැළකිය යුතු ක්‍රීඩකයන් ප්‍රමාණයකට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණා. නමුත් සමහර ක්‍රීඩකයින්ට ඒ අවස්ථාව ලැබුණෙත් නැහැ.
කොහොම වුණත් මෙවර තරගාවලියේ අඩුවෙන් ම ප්‍රයෝජනයට ගත් ක්‍රීඩකයින් ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් හැදුවොත්, ඒ කණ්ඩායම මේ වගේ වෙයි.

(මෙම ක්‍රීඩකයින්ගේ T20 තරග වාර්තාව තමයි පහළින් තියෙන්නේ.)

01. Ashan Randika (JK)
Match : 51
Runs : 1082
Avg. : 25.76
SR : 144.84

02. Thanuka Dabare (BLK)
Match : 28
Runs : 611
Avg. : 23.50
SR : 142.42
Wickets : 11
B. Avg. : 23.18
Eco. : 6.34

03. Nipun Dhananjaya (CLS)
Match : 20
Runs : 423
Avg. : 26.43
SR : 119.15

04. Minod Bhanuka (GT)
Match : 90
Runs : 1557
Avg. : 21.04
SR : 119.15

05. Pasindu Sooriyabandara (GT)
Match : 18
Runs : 264
Avg. : 29.33
SR : 107.31

06. Mohammad Mithun (GT)
Match : 172
Runs : 3020
Avg. : 23.23
SR. : 118. 01

07. Lahiru Madushanka (BLK)
Match : 77
Runs : 753
Avg. : 19.30
SR : 114.61
Wickets : 66
B. Avg. : 20.63
Eco. : 7.64

08. Sachtha Jayathilake (DA)
Match : 37
Runs : 506
Avg. : 22.00
SR : 113. 45
Wickets : 22
B. Avg. : 26.18
Eco. : 6.69

09. Asitha Fernando (JK)
Match : 37
Wickets : 46
B. Avg. : 21.18
Eco. : 8.20

10. Vishwa Fernando (GT)
Match : 25
Wickets : 24
B. Avg. : 20.08
Eco. : 7.59

11. Shoriful Islam (CLS)
Match : 85
Wickets : 97
B. Avg. : 24.68
Eco. : 8.55

It seems that Thisara has no intention of giving up the cup.
29/07/2023

It seems that Thisara has no intention of giving up the cup.

යාපනය...
29/07/2023

යාපනය...

Address


Telephone

+94767129077

Website

Alerts

Be the first to know and let us send you an email when CricCommunity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share