01/09/2023
මම: මචන් මැජික් නිවුස් එකක් පෙන්නනද?
ඌ: කෝ පෙන්නපන්..
මම: බලහන් "දරුවා ප්‍රසූතියේ බිම වැටි මිය ගියේ ගර්භාශයේදි වේගයෙන් ආ නිසයි - අනුරාධපුර රෝහලේ ප්‍රධානි" - නිවුස් එකක්...
ඌ: (පොඩි හිනාවක් දාලා..) බලහන් කෝ සීන් එක. පිස්සු හුම්තෙක් නේද බන්...? අඩො... ( පොඩි සරළ හිනාවක් දාමින් ).. මේ උම්කන රට එහෙව් රටක් බන්.
මම : දැන් මම මේ නිවුස් එකේ මැජික් කෑල්ල පෙන්නනද?
ඌ: කියපන්....
මම: ඇස් දෙක පියාගනින් බන්.. දැන්. මවාගනින් මචන්.. ඔන්න බන් උබයි උබේ කැල්ලයි කසාද බඳිනවා.. ඊට පස්සේ උබලාට එක කාලයකින් පස්සේ හිතෙනවා දරුවෙක් හදන්න. ඉතින් උබලා සැලසුමක් ඇතුව ඒක කරනවා.. දරුවා උබේ වයිගේ බඩේ මාස 10ක් තිස්සේ ඇහැක් වගේ පරිස්සම් කොරනවා. වයිෆ්ට බර වැඩ කිසිම දෙයක් කොරන්න දෙන්නෙත් නැහැ. වයිගේ පහසුවට උබ උබේ අම්මවත් ගෙන්නනවා.. 8 වෙනි මාසේ 9 වෙනි මාසේ වගේ තියෙද්දි උබ දරුවාට ඉන්න ලස්සන කාමරයකුත් එක එක පාටින් තීන්ත ගාලා, තොටිල්ලාවකුත් හදනවා.. බිත්ති පුරා එක එක ලස්සන දරුවන්ගේ පිංතූර අලවනවා.. උබේ වයිෆුත් 100% නිරෝගියි, උබේ දරුවත් 100% නිරෝගියි...
දැන් මවාගනින් දරුවා දකින්න හොස්පිටල් එකට එක්කගෙන ගියාම.. දරුවා මිය ගිහින්ලු... විස්තර ඇහුවම දරුවා නැති උනේ ප්‍රසූතියේදි බිමට අතහැරිලාලු... ඩොක්ටර් උබ ගාවට ඇවිත් "සොරි අපේ අතින් අතහැරුනා ඔයාගේ වයිෆ් පුශ් කරද්දි" කිව්වාම.. වයිෆ් බලන්න ගිහින් වයිෆ් ඇඳේ ඉඳන් අහුවාම කෝ දරුවා කියලා... උබට ඒකට උත්තරයක් දෙන්න බැරි උනාම... දැන් කියහන් උබට එන ෆීලින් එක?
අපි එලියෙන් දකින සරළ නිවුස් එකක් කොච්චර සංකීරණ වෙන්න පුලුවන්ද නේද?
මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට , තාත්තා කෙනෙක්ට මේ වගේ සිදුවීමක් වෙන්න එපා... මේ වගේ අවාසනවන්ත වෙන්න එපා...
- සංජය සෙනවිරත්න -