12/09/2022
කරදර කරන ගැහැණු ...🙄
වද දෙන ගැහැණු 🙄🙄
ඔයාට මාව වදයක්ද.. මගේ කතාවල් අහලා එපා වෙලාද.. නැත්නම් ඇති වෙලාද??
මම කියවන එක කරදරයක් නෙවෙයිද??
ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක්ගෙන් මෙහෙම ප්‍රශ්න අහන්නෙ නැහැ ලේසියකට...
සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගෙන් ගොඩාක්ම වෙලාවට කරදර අපහසුතා ගැහැණු අයට ඇති වෙනවා සහ වෙන්න පුලුවන් ...
නමුත් ගැහැණු කෙනෙක්ගෙන් යම් විශේෂ අවස්ථාවල හැරෙන්න එහෙම කරදර බාධා ඇති වෙන්නෙ නැහැ පිරිමි කෙනෙක්ට ..
ගැහැණු හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ පිරිමියට කරදරයක් නොවී ඉන්න..
ඒ සදහා පුදුම උත්සාහයක් ගන්නවා...
නමුත් ගැහැණු අයගේ ඒ ප්‍රතිපත්තිය ඒ සිරිත කඩ වෙන තැනක් තමයි ...එහෙම නැත්නම් ගැහැණු අයට තමන් අනෙකාට කරදරයක් හිරිහැරයක් තමයි කියලා වරදකාරී හැඟීමක් ඇති වෙන්නෙ තමන් ගොඩාක්ම කැමැති ආසා කරන ආදරේ කරන පිරිමියා ළග...
එහෙම පිරිමියෙක් තමන්ට හමු උනාම ඒ අය සෘජුව සහ වක්‍රව තමන් ගැන තමන්ගේ ආසාවල් ගැන තමන්ගේ හැමදේම ඔහේ කියවන්න හරිම ආසයි කැමැතියි...
ඒක හරිම මානුෂික කාරණයක්...
සමහර වෙලාවට වසර ගණන් පැරණි දේවල් මතකය තුළ ඇති ඔහේ කියවගෙන යන්න ඒ අය ආසා කරනවා..
ඒක ඇත්තටම එක වෙලාවකට ඒ අය ඉන්න පෙළෙන මානසික පීඩනය මුදා හැරීමක් වෙන්න පුලුවන් ..
මොකද ගැහැණු අයට තමන්ගේ දේවල් ඔහේ නිදහසේ කියවන්න විශ්වාසයක් තියන්න පුලුවන් මිනිස්සු හමු වෙන්නෙ ඉතාම අඩුවෙන්.. සමහර වෙලාවට හමු නොවෙන තරම්...
ගැහැණු හරිම කැමැති තමන් සෘජුව කියන දේට වඩා තමන් වක්රම කියන දේ ගැන අවබෝධ කර ගන්න පිරිමින්ට ..
ගොඩාක්ම වෙලාවට ගැහැණු අය කියන දේවල් වල නොකියන අගවන දේවල් තියෙන්න පුලුවන් ...
ගැහැණු දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ ...ඒ දේවල් වලට ආසා නැති නිසාම නොවෙන්න පුලුවන් ...
ඒ දෙය පිළිගැනීමට හෝ එය බාර ගැනීමට බිය ලැජ්ජාව නිසා වෙන්න පුලුවන් ...
ගැහැණු බොරුත් කියනවා..
ඔව් ඇත්තටම ඔව් ... බොරු කියනවා.. ඒවා හරිම අහිංසක බොරු,, ඒවා හෙළා දකින්න හෝ විවේචනය කරන්න ,, ඒ තුළින් ඇයව ද්‍රෝහී අයෙක් කරන්න කිසිම අවස්ථාවක කටයුතු නොකරනවා නම් හොදයි..
ගැහැණු බොරු කියන්නේ ගොඩාක්ම නැඹුරු වෙනවා වැඩියි.. ඒ තුළ තියෙන්නේ බය ලැජ්ජාව අහිමි වෙයි කියන දේ අනාරක්ෂිත හැඟීම් ...
පිරිමි කෙනෙක්ට පුලුවන් නම් පූර්ව විනිශ්චයකින් තොරව ගැහැණියක් පිළිගන්න ඒක හොද බැදීමකට ශක්තිමත් අඩිතාලමක්..
පූර්ව විනිශ්චයන් සහිතව ඇති කර ගන්නා බැදීම් ඉතාම අසාර්ථක වෙන්න පුලුවන් ..
මම ඉහතදිත් කිව්ව වගේ ගැහැණු කියවන්නෙ වද දෙන්නේ ඔවුන් ආදරේ කරන අය ,, ඔවුන් ගොඩාක්ම කැමැති අයට..
ඒක වෙලාවකට එක්තරා පරික්ෂාවක්...
ඇයි එහෙම කියන්නේ ..
ඒ අය හරිම ආසයි තමන්ගේ ආදරය දිනා ගත්ත පිරිමියට වද දීලා කරදර කරලා එයා ඒක කොයි තරම් හොදට දරා ගන්නවාද කියලා බලන්න ..
තමන් දෙන වදය දරා ගන්න තමන්ගේ අනෙකාට ගැහැණු පුදුම විදියට ආදරෙන් බැදෙනවා...
ඔයාට මම කරදරයක්ද කියලා ප්‍රශ්නයක් අහන්නෙ ඉදිරිපත් වෙන්නෙ ඒ නිසා වෙන්න පුලුවන් ..
මම කරදර කරනවා නේද,, මම වදයක් නේද කියලා ප්‍රශ්න අහන්නෙම...
නැහැ මට ඔයාව කරදරයක් නෙවෙයි කියන පිළිතුර බලාපොරොත්තුවෙන්..
නැහැ ඔයා කරදරයක් නෙවෙයි මට කියලා කියවෙන වචනයක් පාසා ගැහැණු අය පුදුම තරම් ආත්මීය සතුටක් ලබනවා සමහර වෙලාවට...
වදයක් වෙනවා නම් ඒ වදය තුළ තියන නොපෙනෙන සුන්දර ආදරය ගැන තේරුම් ගන්න පුලුවන් නම් ඒක හරිම ෂෝක් කියලා මම කියනවා..
වද දෙන ගැහැණු කියන්නේ සුවපත් කරන ගැහැණු අයට...
ඒ වදය ඉවසන්න පුලුවන් නම්...ඒක දරා ගන්න පුලුවන් නම්..
ඒක අවබෝධ කරගන්න තේරුම් ගන්න පුලුවන් නම්.. ඔබටත් ඒ වදය තුළ තියන මාත්රාධික ආදරයෙන් සුවපත් වෙන නිවෙන පිරිමියෙක් වෙන්න පුලුවන් ..
( ජායාරූප මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී )