06/01/2024
"ආපු හැටි මතකද උඹට,
එදා හරි ග්රීස්ම දවසක්..
රතට දිළිසුනා මතකද
රජෙක් වගේ තොරණක්..
තොරණ පාමුල මේසෙක
හැඩට අක්කලා ගොඩක්..
විස්තර හෙම ලියාගෙන දුන්නා
බුලත් කොළයක්, පිළිගැනීමක්..
එක්ක යන්න කලින් බැන්ඳා,
කහ - මෙරූන් පටියක්..
දැන් අලුත් බිල්ඩිම වෙනුවට,
තිබුනෙ සීතල හෙවනක්...
ආත භූත වුනත් අපි එදා
හෙව්වෙ සොඳුරු නිවනක්..
අද ඊයෙ වගේ උනත්,
මේවා වෙලා වසර හතක්.. ❤️🥺"
"හිටියා නම් වෙනදා වගේ කේක් හෙම කපනවා
චෙස් බෝඩ් එකෙ ඉඳන් බැජ් පොටෝ ගහනවා
කාය ගහ යට වෙලා සිංදු හෙම කියනවා
ආයෙ අපෙ උන් නෑ නේද අනේ ඉකි ගැහෙනවා"
❤️😥
🖋️ By Nimesh Attanayake 💚