02/02/2024
මා කලබලයෙන් Supermarket එකට ඇතුල්වුනේ රෙඩ්බුල් එකක් රැගෙන නැවත Office එකට දුවයාමටයි. නාවල Transco Digital අප ආයතනය පහල තට්ටුවේ ඇත්තෙ Supermarket එකකි... පොඩි දෙයක් අවශ්‍ය වු විටදි පවා අප කෙලින්ම දුවයන්නෙ මෙතනටය.
වෙනදා මෙන්ම කැශියර් ලඟට වත්ම ' සර්, අපේ ලොයල්ටි කාඩ් තියෙනව නේද, දුරකථන අංකය කියන්න.'
දැන් මම ඕක කිව්වා කියලා මොකද වෙන්නෙ? මම විහිලුවට ඇසුවෙමි.
ඇයි සර්, අපේ Special Discounts එවගේම සර්ට වෙනම Points හම්බෙනවා, එ Points වලින් පුලුවන් තවත් බඩු ගන්න.
ආහ් හරි, එවා ලැබෙනවා නේද.. එහෙනම් ගහන්න මේ නම්බරය.. ඇත්තටම මේ නම්බරය ඉල්ලන එකෙන් ඔයාලට පාඩුවක්නේ වෙන්නෙ.. ඇයි ඉතින් Discounts නැතුවම විකුණන්න පුලුවන් නේ.. නම්බරේ දැම්මේ නැත්තම්..
නෑ සර්.. නම්බරය දාන එක අපිට වාසි ඊට වඩා..
ඇහ්හ්... එ කොහොමද.. මම පුදුමයෙන් ඇසුවෙමි.
දැන් මෙහෙමනේ සර්, දැන් හැම Customer කෙනෙක්ම බඩුගන්න කොට එයාගේ ලොයල්ටි කාඩ් එක, නැත්නම් ෆොන් නම්බරය දාලා තමා Payment එක කරන්නේ... අපි Customer ගන්නේ මොනවද, කොහොමද ගෙව්වේ, කොයි වේලාවෙද ආවේ වගේ ගොඩක් DATA අපි එකතු කරගන්නවා මේ ලොයල්ටි කාඩ් එකෙන්. දැන් ඉතින් ලොකේ ඉස්සරහට DATA Driven Marketing තමා තියෙන්නෙ නේද? ඉතින් අපි මේ ඩෙටා වලින් වැඩ ටිකක් ගන්නවා.
උදාහරණයක් විදියට හිතන්න, කාලයක් මේ විදියට DATA එකතු වෙද්දි.. සර් පාවිච්චි කරන සබන් මොනවද, සබන් කැටයක් දවස් කියකින් ඉවර වෙනවද.. ඊලඟ සබන් කැටේ කොයි කාලේද ගන්නෙ? ඉතින් ඔය වගෙ DATA බලලා අපිට Promotions, SMS Campaign කරන්න පුලුවන් සර්ව ආයේ Supermarket එකට ගෙන්න ගන්න.
අහ්හ් ඔව්මයි.. මට SMS එනවනේ ඔය වගේ Promotion දාලා..
ඔව්.. තව අපි මේ Data අනිත් Platforms වලටත් දාලා Campaign කරනවා... උදාහරණයක් විදියට Facebook එකට මේ Data දාලා අපිට Custom Audiences හදන්න පුලුවන්.Facebook Campaigns ඉතින් එවගේම Email Campaigns, Viber/Whatsapp Campaigns එවත් අපි Data use කරලා කරනවා.
හ්ම්ම් එවගේ එවත් දැකලා තියෙනවා තමා.
Promotion විතරක් නෙමේ, අපේ Super Market එකේ බඩුවල Stocks තියාගන්නේත් මේ ලොයල්ටි කාඩ් එකෙන් තමා.
එ කොහොමද?
අපි දන්නවා Customersලා ගන්නෙ මොනවද වැඩිපුර, මොන Outlet එකෙන්ද , මාසයකට කොච්චර ගන්නවද කියලා ඉතින් එහෙම Analyze කරලා බලද්දි අපි දන්නවා මොනවද තියෙන්න ඔනේ කියලා. උදාහරණයක් විදියට Strawberry වගේ දෙයක් වැඩිපුර එක Outlet එකකින් විකිණෙනවා නම් එ අදාළ Outlet එකට අපිට Stocks යවන්න පුලුවන් වෙන Outlet වල තියලා නාස්ති වෙනවට වඩා. එ වගේම අපිට Data Trends Analyze කරන්නත් පුලුවන්..
එ මොනවද?
එ කියන්නෙ අපිට කාලයත් එක්ක එකම විදියට වෙන දේවල් ගැන බලන්න පුලුවන්.. උදාහරණයක් විදියට ටිකක් වැඩිපුර රස්නේ කාලේට බීම වර්ග, Ice Cream වගේ දේවල් වල සේල් එක වැඩියි කියලා බලන්න පුලුවන්.. එහෙම නම් එකට අදාල Stocks වගේම Promotions හරියට හදාගන්න පුලුවන් Data Trends Analyze කරලා.
එ වගේම අපේ ලාභය වැඩි කරගන්න පුලුවන් අපේ Productsම Supermarket එකට දාලා..
එ කොහොමද?
හිතන්න අපි Data වලින් බලනවා අපේ හැමතැනම තියෙන Outlet වලින් මාරි බිස්කට් පැකට් ලක්ෂ 5ක් විකිණෙනවා මාසේකට. අපේ ලාභය තියෙන්නෙ පැකට් එකකින් රුපියල් 2යි. ඉතින් අපි පටන් ගත්තා මාරි බිස්කට් නිෂ්පාදනය කරන්න.. අපිම නිෂ්පාදනය කරන නිසා ලාභය රු.10යි. එ වගේ අපෙන් හොඳටම සේල් වෙන Products බලලා අපිම නිෂ්පාදනය කරනවා.. ඉතින් Amazon එකත් කරන්නෙ ඒකම නේද?
ඔව්නේ... එකත් ඇත්ත තමා..පොඩි ෆොන් නම්බරයක් දුන්නම ඔච්චර දෙවල් වෙනවා කියන එක අහන්නත් පුදුමයි.
එ විතරක් නෙමේ සර්, අපිට ඉස්සරහට ලොයල්ටි කාඩ් එක බලලා ලෙඩ මොනවද තියෙන්නෙ කියලා උනත් කියන්න පුලුවන්.. ඇයි ඉතින් හිතන්නකෝ කාපු බීපු එවා ගැන අවුරුදු ගාණක Data එකතු කලාම මොනවා කරන්න බැරිද.
හ්ම්ම් සෙල්ලන් නෑ... අපි ගියා එහෙනම් කියත්ම මම නින්දෙන් ඇහැරුනෙමි.
උපුටා ගැනීම දිනෙත් සිල්වා ...