14/07/2023
අද ජූලි 14
ප්‍රංශයේ නිදහස් දිනය... ඒ කියන්නෙ බැස්ටිල් දිනය
ප්‍රංශ විප්ලවය පටන් ගන්නෙ 1789 මැයි මාසයේ...
1789 ජූලි 14 වනදා 16 වන ලුවිස් රජුගේ බලය බිද දමමින් පංශ ජනතාව බැස්ටිල් බලකොටුව ( සිර කදවුර) අත්පත් කරන්නවා.
මීලග වසර තුනම ප්‍රංශයට දේශපාලනිකව සහ ආර්ථිකමය වශයෙන් අස්ථාවර කාලයක්.
1793 දී ප්‍රංශ රාජාණ්ඩුව අහෝසි කර ප්‍රංශ ජනරජය පිහිටුවනවා.
1793 දී 16 වන ලුවිස් රජුගේ හිස ගසා දමනවා.
1793 දී ව්‍යවස්ථාව අහෝසි කර මහජන ආරක්ෂක කමිටුවකට බලය ලැබෙනවා. 16 000 ක් පමණ විප්ලවයට විරෝධය දැක්වූවන් ඝාතනය වනවා.
1795 පස් දෙනෙක් ගෙන් සමන්විත කමිටුවකට බලය ලැබෙනවා.
1799 දී කොන්සොලේට් වරයෙක්ට පාලනය බලය හිමි වෙනවා.... ප්‍රංශ විප්ලවයේ අවසානය ලෙසට ගන්නේ මෙම වසරයි.
ඉන් පසුත් අද පවතින ප්‍රංශය ඉබේ බිහිවන්නේ නැහැ. නොයෙකුත් අරගල, හැප්පීම් අස්ථාවරභාවයන් ඔස්සේ නූතන ප්‍රංශය ගොඩ නැගෙනවා....
කෙනෙක්ට කියන්න පුලුවන්...... කෝ ගෝඨාභය යැවුවම රට හැදුනද? ඒ ඉතිහාසය නොදැක්ක පිරිස.. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත්ත පිරිස...සමහර විට.. කෝ බැස්ටිලය ඇල්ලුවට මට මොකුත් උනාද කියල 1793 දී දං ගෙඩියට යනකන් 16 වන ලුවිස් ත් අහන්න ඇති.
නමුත් මේ ගමනේ ආරම්භය වෙන්නෙ බැස්ටිලය. 1789දී...
ඉතිං ශ්‍රී ලාංකිකයිනි...
2022 දී ඔබ ආරම්භයක් ගත්තා...
අනාගතය යම් දිනක ලියවේවි. 💪
අනුරුද්ධ බණ්ඩාර
2023.07.14