හුස්ම වැටෙන ස්වර - Husma Watena Swara

  • Home
  • හුස්ම වැටෙන ස්වර - Husma Watena Swara

හුස්ම වැටෙන ස්වර - Husma Watena Swara ජීවිතය විඳින්න...

24/06/2024

පොඩ්ඩක් හිනා වෙන්න එන්න...
🙃🙃🙃

දහසක් දේ කියවෙන පින්තූර....."දහදිය හෙලන මිනිස්සු"
22/06/2020

දහසක් දේ කියවෙන පින්තූර.....
"දහදිය හෙලන මිනිස්සු"

"දවසක් පැල නැති හේනේ...."ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල අපිටම අනන්‍ය වූ අසමසම බැදීම අපේ දෙමාපියන්ය. අපේ සංස්කෘතිය තුල දෙමාපියන...
07/06/2020

"දවසක් පැල නැති හේනේ...."

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල අපිටම අනන්‍ය වූ අසමසම බැදීම අපේ දෙමාපියන්ය. අපේ සංස්කෘතිය තුල දෙමාපියන් යනු ගහට පොත්ත මෙනි. පූජනීය වන්දනීය ගෞරවනීය අම්මාගෙනුත්, තාත්තාගෙනුත් දරුවන්ට ලැබෙන ආදරය, කරුණාව, සෙනෙහස, රැකවරනය මහමෙරක් මෙනි. "අම්මා සඳ වූ මගේ ලොකේ මුළු අහසම නුඹයි තාත්තෙ" කියන වැකි බිහිවුණේ එවන් පසුබිමකය.

"දවසක් පැල නැති හේනේ...." ගීතයේ නිර්මාණකරුවා වන අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ කුඩා කල පවුල් ජීවිතය දරිද්‍රතාවයේ පතුලට කිදා බැස සිටි අතර ඔහුගේ මව තම දරුවන්ගේ කුසගිනි නිවීම සදහා පුරන් වූ පාළු වී ගිය හේන් වල එළවලු, පලතුරු ආදිය එකතුකලාය.

අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් එක්තරා දිනක ඉරිදා ලක්බිමට ලියූ ලිපියක මෙම ගීතය පිලිබඳ මෙසේ සටහන් කර තිබුනි.

"දිනක් අම්මා මා සමග එබදු අපේ පාළු හේනක එළවලු එකතු කරමින් සිටියාය. හදිසියේම මොර සූරන වැස්සක් කඩා වැටුණි. අම්මා මා ගහක් යටට ගෙන ගියාය. වැස්සෙන් බේරීමට ගහේ හෙවන මදි විය. එවිට අම්මා කලේ ඇයගේ ඔසරි පොට නවා මගේ හිසට දමා මා තුරුළු කොටගෙන මට උඩින් නැමී ගෙන මා වැස්සෙන් ආරක්ෂා කිරීමය. වැසි වතුර අම්මාගේ ඇඟින් පිරී බේරී වැක්කෙරෙනවා මට මතකය. එසේ එම වැස්ස තුරල් වන තුරුම ඇය නොසෙල් වී සිටියාය....."

ක්‍රමයෙන් කුඩා රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අධ්‍යාපනය හදාරා රැකියාව කරන විට සමාජයෙන් ලැබුණු විවිධාකාර නින්දා, අපහාස, අවලාද, උපහාස හමුවේ තම බිරිඳගේ අවිනිශ්චිත, සචල සෙනෙහස විඳින්නට විය. නමුත් තම මවගේ ආදරය, සෙනෙහස ශෛලමය ප්‍රාකාරයක් මෙන් නොසැලී සවිශක්තිමත්ව පවතින බව දැනෙන්නට විය. "ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ..." ලෙස ඒ උතුම් මවුගුණය ඔහු වචන වලට පෙරලුවේ එලසිනි.

තනතුරු තානාන්තර ලබමින් නීති අංශයේ හිනි පෙත්තටම ගිය ඔහු තාඩන පීඩන හමුවේ ගැමිකම සරල බව අමතක නොකලේය. ලැබුණු තනතුරු, තානාන්තර ඉවත දමා මේ ගෙන්දගම් පොලොව අත හැරල අයෙත් නුඹ ගාවට එන්නන් අම්මේ... කියා සනිටුහන් කර තිබෙන්නේ සමාජයේ තිබෙන කෲර බව, කටුක බව ව්‍යන්ගාර්ථයෙන් අගවිමිනි. ඒ නිසා වෙනදා වගේම අදත් "මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ......" යනුවෙන් ආයාචනය කරයි.

අත්දැකීමේ සිතුවිල්ල පන්හිඳෙන් මුවහත් වී සංගීත සංයෝජනය තුල හඬ පෞරුෂත්වය ගැබ්ව මව් සෙනෙහස හදවත් තුල කිදා බැස ගෞරවයෙන් හද කම්පනය කරන, ඇස් අග කඳුළු බිඳු තෙත් කරන "දවසක් පැල නැති හේනේ...." ගීතය ඔබට අසන්නට ආරාධනා කරමු.

ගී පද : අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න
ගායනය : විශාරද ගුණදාස කපුගේ
සංගීතය : ප්‍රවීන සංගීතඥ සේන වීරසේකර

Address


Website

Alerts

Be the first to know and let us send you an email when හුස්ම වැටෙන ස්වර - Husma Watena Swara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share