Marriage4SriLankans.com

  • Home
  • Marriage4SriLankans.com

Marriage4SriLankans.com Marriage4SriLankans.com is an online marriage proposal service to serve all Sri Lankan communities. We wish you all the best on your life journey ahead !!!
(3)

ශ්‍රී ලාංකිකයන් සඳහා වූ මංගල සේවා වෙබ් අඩවිය වෙත පිවිසි ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නෙමු !!

ලොව පුරා විසිරී සිටින සියළුම ශ්‍රී ලාංකිකයන් ගේ මංගල යෝජනා / විවාහ උත්සව සේවා අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ම වෙන් වූ අප වෙබ් අඩවිය, ඔබ කොහේ සිටියත් ඔබ වෙනුවෙන් විශේෂිත වූ සේවාවන් ලබා දීම සඳහා ඇප කැප වී සිටී.

අපගේ සේවාවන් අතර ශ්‍රී ලාංකිකයන් සඳහාම වෙන්වූ මංගල යෝජනා සේවය, විවාහ උත්සව කළමණාකරණය සහ මධුසමය සඳහා වූ විදේ

ශ සංචාර සංවිධානය ආදී බොහෝ සේවාවන් ඇතුලත් ය.

එබැවින්ඔ බගේ ජීවන සහකරු හෝ සහකාරිය සොයාදීමේ කාර්යයයේ පටන් ඔබ ගේ විවාහ උත්සවය සැලැසුම් කිරීම දක්වා වූ සියළුම සේවාවන් වෙනුවෙන් අපට ඔබ හා අත්වැල් බැඳගත හැකිය. අපගේ සියළු සේවාවන් ඔබ වෙනුවෙන් විවෘතව පවතින අතර අපගේ facebook පිටුව හා සම්බන්ධවීමෙන් ඔබට නවතම තොරතුරු මෙන්ම ඔබගේ අත්දැකීම් අනෙක් සාමජිකයන් සමඟ බෙදා හදා ගැනීම තුලින් දැනුවත්වීමේ අනගි අවස්ථාවද උදාකර ගත හැකිය. Marriage4SriLankans.com is the first Online Wedding Planning Consultant and Matrimonial Service Provider located in Dubai - United Arab Emirates that specially dedicated to serve expat Sri Lankans Community living in all around the world. We, at marriage4SriLankans.com understand the importance of having a resourceful and experienced consultant who can help you to find your soulmate and as well as to support on planning your dream day. For more details, like our page and join with us and visit our web site and subscribe with email news letters.

30/08/2023

Travel කරන්න ආස අයට 👇

Passport එක හදාගන්න නිවැරදිම සහ පහසුම විදිහ ගැන මේ Post එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.

ලොකු දෙයක් කරන්න නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ කරගන්න.

මුලින්ම කියන්න ඕනි බත්තරමුල්ලේ තියෙන Passport Office එකෙන් විතරක් නෙවෙයි මේ වැඩේ කරගන්න පුළුවන්. වව්නියාව, මහනුවර, කුරුණෑගල, මාතර කියන ප්‍රදේශ වලත් Passport Office තියෙනවා. දැන් ඉතින් one day service බත්තරමුල්ලේන් විතරක් නෙවෙයි, ඔය උඩ කියපු ඕනම තැනකින් කරගන්න පුළුවන්.

⭐ උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ මාතර නම් මාතරින් කරගන්න පුළුවන්. ඔයාගේ ගෙවල් මාතර නමුත් රැකියාව කරන්නේ කොළඹ නම් නැවතිලා ඉන්නේ කොළඹ නම් ඔයාට බත්තරමුල්ලේ එකෙනුත් කරගන්න පුළුවන්.

එක්දින සේවයේ නම් ඔබට අවශ්‍ය රුපියල් 15000යි.

සාමාන්‍ය සේවය නම් 3500යි. (සාමාන්‍ය සේවයේ සති දෙකක් තුනක් අතර ගෙදරටම එනවා. ඒත් දැන් තියන ප්‍රශ්නත් එක්ක ඒක මාසයක්, දෙකක්, තුනක් වෙන්නත් පුළුවන්)

හරි කරන්න තියෙන්නේ මෙහෙමයි.

ඔයා මුලින්ම කරගන්න ඕනි මේ පහළ තියෙන Link එකෙන් ගිහිල්ලා ඔයාලට පහසු දිනයකට Appointment එකක් දාගන්න එකයි. මතක තියාගන්න මේ Appointment එක දාන වෙලාවෙදි Photo එක අරගෙන නැත්නම්, Photo Acknowledgement No කියන තැන හිස්ව තබා Appointment එක Submit කරන්න. සමහර දවස් වලට Photo Acknowledgement No එක නොදා submit කරන්න බැරි වෙනවා. ඒ කාලෙදි නම් ඉතින් අනිවාර්යයෙන් Photo එක අරගෙන තමයි වැඩේ කරන්න වෙන්නේ.

[https://eservices.immigration.gov.lk/.../reservationAppli...](https://l.facebook.com/l.php?u=https%3A%2F%2Feservices.immigration.gov.lk%2Fappointment%2Fpages%2FreservationApplication.xhtml%3Ffbclid%3DIwAR07Umti7St7Uh9mmVv_oUZND_WAo9dfdxespuxy9ZcR5S1hBe2fyCLBfnI&h=AT2BAjp9rm0IKLyIMVMHugS_nnWchWMq69nBo_j2BOzTuTnQ5HXR19vtY8dXVrRSJnL-WZNJBVFrNdAbsm5En-3PTd2q7KdlGaJAf5NXB4uj1LJ5YjHBOlmajHasm5GBMw&__tn__=-UK-R&c[0]=AT3DGjL0yRzMiI7r2CtBgERW6z1Gc03yDromIJXIFwYhYeH2lz-lSL0tNNOjx7i4GohDk2VsVeWbTEEeyFTWj5JZZPuEGja3HUOLcsI7s2fOLPlb8VFuSIDz-6D3QBcoSIhS-PM5S6L8ACnXSjC7bqaR7iOGsDQHS0oYCA3sMcvtDdIgyBSL4VvOV30mdIxRB55YrUbtXDPKBSM)

☝️

මෙතනින් ගිහිල්ලා Appointment එක දානකොට ඔයාට Auto PDF එකක් Download වෙයි. ඒ PDF එක තියාගන්න. ඒ PDF එක නැතත් ඔයාට Phone එකට Message එකක් එයි. ඔය දෙකෙන් ඕන එකක් Appointment Date එකේදි ගිහින් පෙන්වන්න තියෙන්නේ.

එහෙම නැත්නම් මේ Number එකට 0707101060 කතා කරලා Appointment එකක් දාගන්නත් පුළුවන්.

මතක තියාගන්න ඔබට ලබාදෙන මේ දිනයේ හරියටම ඒ වෙලාවට Passport Office එකේ ඉන්න වග බලාගන්න. නැත්නම් නිකන් බොරුවට රස්තියාදු වෙන්න වෙයි.

හරි දැන් කරන්න තියෙන්නේ ඔයා දාගත්ත Appointment Date එක එනකම් අදාල ලියකියවිලි ඡායාරූප අරගෙන වැඩේට සූදානම් වෙන එකයි.

මුලින්ම මේ පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අදාල Application Forms ටික Download කරගන්න. ඔයා ඉන්නේ Passport Office එකක් ළඟ නම් මේ Forms ටික එතනින් ඉල්ලා ගන්නත් පුළුවන්.

Website එකෙන් Dowload කරගන්න ඕනි නම් මෙන්න මේ පහල තියෙන Link එකෙන් යන්න 👇

[https://www.immigration.gov.lk/.../passport_application.pdf](https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf?fbclid=IwAR07e88l42iYXq1NKjBxKSUR3M-YmYhVSKC0zHmc9isye0MBVd4zUCWgXc8)

ඊට පස්සේ ඒ Download කරගත්ත Forms ටික හරියටම පුරවන විදිහ භාෂා තුනෙන්ම ඔයාලට දීලා තියෙනවා. ඒ Forms පුරවන විදිහ කැමැති භාෂාවකින් Download කරගන්න මේ පහළ තියෙන ලින්ක් එකෙන් යන්න. 👇

[https://www.immigration.gov.lk/web/index.php...](https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.immigration.gov.lk%2Fweb%2Findex.php%3Foption%3Dcom_content%26view%3Darticle%26id%3D127%26Itemid%3D105%26lang%3Den%26fbclid%3DIwAR1rF38Sj2KGC5ot6-DSW7RWCzgqYlI5MruWk8bxI8Ov_q1qurjJQgoISDE&h=AT311DAOu8enqrorFElXTY2d48A1M9QifeWhnX4RuDjc8lf-5CXeQjaPvs_vhZWAbMa_WuxzDPW7uPListQdc1DHbHk-rgrpXbmt-BaKv5mhuadkhgq3Y9p2IsAVfYL3pA&__tn__=-UK-R&c[0]=AT3DGjL0yRzMiI7r2CtBgERW6z1Gc03yDromIJXIFwYhYeH2lz-lSL0tNNOjx7i4GohDk2VsVeWbTEEeyFTWj5JZZPuEGja3HUOLcsI7s2fOLPlb8VFuSIDz-6D3QBcoSIhS-PM5S6L8ACnXSjC7bqaR7iOGsDQHS0oYCA3sMcvtDdIgyBSL4VvOV30mdIxRB55YrUbtXDPKBSM)

ඔය ලින්ක් එකෙන් ගිය ගමන්ම ඔයාට දකින්න ලැබෙයි

Travel Document Instructions කියලා Sinhala, Tamil, English කියලා තුනක් පෙන්වනව. එකෙන් ඔයාලට පහසු භාෂාවක් තෝරාගෙන ඒක Download කරගන්න. ඊට පස්සේ එකේ තියෙන විදිහට Application Form එක පුරවගන්න.

හරි දැන් ඔයාට කරන්න තියෙන්නේ Passport Office එකේ Registered Studio එකක් හොයාගන්න. ලංකාව පුරාම බොහොමයක් Studios තියෙනවා. එතනින් ඔයාට ළඟම Studio එක මොකක්ද කියලා හොයාගන්න මේ පහල තියෙන ලින්ක් එකෙන් යන්න. 👇

[https://www.immigration.gov.lk/web/index.php...](https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.immigration.gov.lk%2Fweb%2Findex.php%3Foption%3Dcom_content%26view%3Darticle%26id%3D302%26lang%3Den%26fbclid%3DIwAR3QoekmbordLysgdoxCEKY1e_tJ5NV-zZ-4vsGitpJm_YEqOuAL8S5HgY8&h=AT0CJOjlt8YGHtT_A2UWS9d4YIQX6lgx9n6sIjyQKrgecuzBYl7jRPy1CArBx5JFXXk8igFrEiRzrVOnmhXPcvJH-Dv_YXwCMjbXKg8F3_gk__nUE-ASeFfrsmvyXd_m3g&__tn__=-UK-R&c[0]=AT3DGjL0yRzMiI7r2CtBgERW6z1Gc03yDromIJXIFwYhYeH2lz-lSL0tNNOjx7i4GohDk2VsVeWbTEEeyFTWj5JZZPuEGja3HUOLcsI7s2fOLPlb8VFuSIDz-6D3QBcoSIhS-PM5S6L8ACnXSjC7bqaR7iOGsDQHS0oYCA3sMcvtDdIgyBSL4VvOV30mdIxRB55YrUbtXDPKBSM)

හොඳින් මතක තියාගන්න ඔයා මේ Studio එකට ගියාට පස්සේ, එයාලා ඔයාගේ Photo එක Online Submit කරනවා Passport Office එකට. ඊට පස්සේ එයාලා ඒ වෙනුවෙන් පොඩි රිසිට් එකක් දෙනවා. අන්න ඒ රිසිට් එක අනිවාර්යයෙන් ඔයාගේ Appointment එක තියෙන දවසට Passport Office එකට යන දවසට ගෙනියන්න ඕනි.

හරි දැන් වැඩේ සම්පූර්ණයෙන් ඉවරයි. ආයෙත් මතක් කරන්නම් ඔයාගේ Appointment එක තියෙන දවසේ ඒ වෙලාවටම හරියට එතනට යන්න. ඒ යනකොට ගෙනියන්න ඕනි දේවල් තමයි මේ තියෙන්නේ 👇

1. Application Form එක.

2. විවාහ වුණ කෙනෙක්නම් විවාහ සහතිකය සහ Copy එකක්.

3. වෘතියක් හෝ රැකියාවක් Passport එකේ සඳහන් කරන්න අවශ්‍ය නම් සේවා ස්ථානයෙන් ලබා දෙනා ලිපිය සහ Copy එකක්.

4. ජාතික හැඳුනුම්පත සහ Copy එකක්.

5. උප්පැන්න සහතිකය සහ Copy එකක්.

6. Studio එකෙන් දෙන රිසිට් එක.

🌟තියෙන එකක් අළුත් කරගන්න නම් විවාහ සහතිකයයි, රැකියාවේ ලිපියයි අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් සියළුම ලියකියවිලි සමග පරණ Passport එකයි ගෙනියන්න.

🌟 Passport එක නැති වෙලා නම්, මුලින්ම කරන්න තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඕනි. 0115329326 අංකයට කතා කරලා හරි, 0112885358 Fax අංකයට Fax එකකින් දැනුවත් කරන්න පුළුවන්. රජයේ නිවාඩු දිනයන් හා සෙනසුරාදා ඉරිදා හැර උදේ 8.30 සිට සවස 4 දක්වා ඇතුලත දැනුවත් කරන්න.

ඉන් පසුව හැකි ඉක්මනින් පොලිසිය දැනුවත් කරන්න. එමගින් සිදුවන්නේ පොලිසිය මගින් නැවත වරක් තහවුරු කරලා යවනවා ආගමන විගමන දෙපාර්තමේන්තුව.

ඉන් පසු ආගමන විගමන දෙපර්තමේන්තුව විසින් ඔබගේ නැති වූ Passport එක අවලංගු කරනවා. ඉන් පසු ඔබේ නැති වූ Passport එක යම් කිසි වූ ස්ථානයක භාවිතා වුවහොත් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතිනවා.

තව දෙයක් තියෙනවා. අවලංගු කළ පසු නැති වූ Passport එක නැවත හමු වුවහොත් නැවත එය වලංගු කරගන්නට හැකියාවක් නැහැ. පරණ එක හමු වුණත් අලුත් එක හදන්න ඕනි. නැති වූ Passport එක නැවත හමු වුණොත් පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව නැවත වරක් දැනුවත් කළ යුතුයි.

පිටරටකදි නැති වුවහොත්,

පදිංචි රටේ ප්‍රාදේශීය පොලිස් ස්ථානය දැනුවත් කර එතනින් දෙනවා වෙනම Form එකක්. ඒ Form එක පුරවාගෙන පැමිණිල්ලත් එක්ක ශ්‍රී ලංකා රාජ්ය තාන්ත්‍රික හෝ කවුන්සිල කාර්යාලයකට යන්න ඕනි.

දඩ මුදල,

නැති වන මොහොත වන විට Passport එක Expire වෙලා නම්, ඔබට දඩ මුදලක් අය නොවේ. නමුත් Passport එක නැති වන විට Expire වෙලා නොමැති නම් ඔබට රුපියල් 11500ක දඩ මුදලක් අය වෙනවා.

✍️ සටහන Oii page එකෙන්. ❤️

වැදගත් වෙයි.. ශෙයා කරලා තියාගන්න.

වැදගත් තොරතුරු ලබා දුන් රාජ්ය තොරතුරු කේන්ද්‍රයේ මහත්ම මහත්මියට ස්තූතිය..

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
15/04/2023

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

15/09/2022
31/08/2021
12/06/2021

විදෙස් රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උපදෙස් සැකෙවින් මෙසේය.

⦾ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අවස්ථාව ලැබේ. පිළිගත් එන්නතකින් නිශ්චිත මාත්‍රා ගණන සම්පූර්ණ කර සති දෙකක් ගත වූවායින් පසු ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.

⦾ මෙම නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාවලිය, පසුගිය දින දාහතර තුලදී ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල් හරහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා අනුමත නොවනු ඇත.

⦾ ගුවන් යානයට ගොඩ වීමට පැය 96 කට ප්‍රථම කරන ලද PCR පරීක්ෂණයක් හෝ පැය 48 කට පෙර කරන ලද rapid antigen පරීක්ෂණ වාර්තාවක් කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව තහවරු කරන වාර්තාවක ඉංග්‍රීසි පිටපතක් ඔවුන් සතු වීම අනිවාර්යයි.

⦾ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දින දාහතරක අනිවාර්ය නිරෝධායන කාලයක් ගත කළ යුතු වනවා.

⦾ ශ්‍රී ලංකාවට පැමිණි වහාම PCR පරීක්ෂණයක් කරනු ලැබේ. මෙහි ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනය සඳහා වන හෝටලයක හෝ මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවනු ඇත. එහිදී කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුනහොත් තමන්ගේ පෞද්ගලික පදිංචි ස්ථානයක් සඳහා යෑමට අවස්ථාව හිමිවේ.

⦾ඒ ස්ථානයට ගිය වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා ඒ බව දැනුම් දිය යුතු අතර දිවයිනට පැමිණීමෙන් පසු දින දාහතර සම්පූර්ණ වන තෙක් එම නිවසේ දී ස්වයං නිරෝධායනය ට ලක් වීම අනිවාර්‍ය වේ.

⦾ එම දින දාහතරක නිරෝධායන කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව නැවත PCR පරීක්ෂණයකට ලක් කරනු ලබන අතර එහි වාර්තාව පරීක්ෂාකර එහිදීද කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බවට තහවුරු වුවහොත්, නිරෝධායන කාලය සමාප්ත කරනු ලැබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදෙස් රටවල සිටින ඔබගේ හිත මිතුරන්ගේ ද ප්‍රයෝජනය සඳහා මේ තොරතුරු බෙදා ගන්න.

24/04/2021

❤️❤️

22/04/2021
31/03/2021
05/12/2020

මානසික ආතතිය # Depression

28/10/2020
හිරු _Hiru

හිරු _Hiru

හරි ආදරයෙන් මා ලඟ ඉන්න 🎼💔

02/08/2020

Start with a new hope!!

01/08/2020

Start a new month in a new way...!!

31/07/2020

Eid Mubarak!!

14/06/2020

Ish - ඉශ්

14/06/2020

Top C L I C K

R I P Brother 🙏 මේ Page එක Camera & Art Page. එකක් උනත් වීශාදය ගැන දාන්න හිතුනා සමාජ යහපත උදෙසා..

සරලව කිවහොත් විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි". මේක දරුනු ගනයේ මානසික රෝගයක්..

විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි. ප්‍රතිකාර නොකලොත් කෙලවර වෙන්නෙ සියදිවි නසා ගැනීමෙන්.. එම නිසා පහත ලක්ෂණ තියෙනවනම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න..

#විශාදයේ_ප්‍රධාන ලක්ෂණ 3කි.

*දිගින් දිගටම සිතේ පවතින කණස්සලු ස්වභාවය
*ඉක්මනින් විඩාවට පත් වීම
*ජිවිතයේ සතුටක් නොමැති වීම

#මීට_අමතරව_පහත_උප_ලක්ෂණ_විශාද_තත්වයෙන්_පීඩා_විඳින්නන්_තුල_දැකිය_හැක.

*අවධානය යොමු කිරීමේ නොහැකියාව, අමතක වීම, තීරණ ගැනීමේ ගැටළු සහ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම
* අනාගතය ගැන අවිනිශ්චිත බව, වැදගැම්මකට නැති කෙනෙක් බව සිතීම.
*ආත්ම විශ්වාසය බිඳ වැටීම, ජිවිතයේ බලාපොරොත්තු සඵල කරගත නොහැකි බව දැනීම
*සෑම දෙයක් ගැනම ඍණාත්මක සිතුවිලි, අසුබවාදී ආකල්ප ඇති වීම
*මරණය පිලිබඳ නිතර සිතීම සහ දිවි නසා ගැනීමට සිතීම.
*ආහාර අරුචිය.
*නින්ද නොයාම, බාධා සහිත නින්ද.
*අලස බව, එදිනෙදා කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති වීම
*ඥාති මිතුරු ඇසුර අප්‍රිය වීම, හුදකලා වීමට සිතීම.
* අන්‍යයන් නුරුස්සන බව, අනවශ්‍ය ලෙස කේන්ති යාම
*ලිංගික ජීවිතය පිළිබඳව ආශාව අඩු වීම
*ඇඟපත වේදනාව, හිසරදය, බඩ දැවිල්ල ආදී රෝග ලක්ෂණ නිතර පැවතීම

23/05/2020

Eid Mubarak..!!

08/04/2020
Mawurata - මවුරට

Mawurata - මවුරට

කූඹියෝ-2 , අනිවාර්යෙන්ම මේ කොටස බලන්න

29/03/2020

ඔබගේ මංගල යෝජනාවත්
නොමිලයේ පළ කර ගැනීමට
වචන විස්සකට අඩුවෙන් ලියා අපට එවන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Marriage4SriLankans.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Marriage4SriLankans.com:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share