XSense Entertainment

  • Home
  • XSense Entertainment

XSense Entertainment Join with us for a magical journey exploring the heights and depths of music and entertainment.

NEXT GEN Rap Contest එකේ අවසන් දිනය වැඩි දෙනාගේ ඉල්ලීම මත තව දින දෙකක් ඉදිරියට ගෙනයන්න සංවිධායක මණ්ඩලය තීරණය කරලා තියෙනව...
14/01/2024

NEXT GEN Rap Contest එකේ අවසන් දිනය වැඩි දෙනාගේ ඉල්ලීම මත තව දින දෙකක් ඉදිරියට ගෙනයන්න සංවිධායක මණ්ඩලය තීරණය කරලා තියෙනවා.

එනිසා video එවන්නට පුලුවන් අවසන් දිනය 16 වෙනි අඟහරුවාදා.

Rap contest එකට රෙජිස්ට වුණු හැම කෙනෙක්ටමත් මේ අවස්ථාව පාවිච්චි කරලා ලස්සන නිර්මාණයක් කරලා එවන්න පුලුවන් වගේම තවමත් රෙජිස්ටර් වෙන්න අවස්ථාව තියෙනවා.

😱 අපි බලාපොරොත්තු වුනාටත් වඩා ලංකාවේ හීන පිරුණු දක්ෂයන් ගොඩාක් ඉන්නවා. මේ වෙද්දි XSense Next Gen රැප් කන්ටෙස්ට් එකට 100ත...
11/01/2024

😱 අපි බලාපොරොත්තු වුනාටත් වඩා ලංකාවේ හීන පිරුණු දක්ෂයන් ගොඩාක් ඉන්නවා. මේ වෙද්දි XSense Next Gen රැප් කන්ටෙස්ට් එකට 100ත් ඉක්මවූ පිරිසක් රෙජිස්ටර් වෙලා තියෙනවා... 😍

Female Rap Contest එක සදහා තවමත් අපි තරගකාරියන් හොයනවා... දක්ෂතා තියන ගැහුණු ළමයින්ට විශේෂයෙන් මේ සදහා ඉදිරිපත් වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.🥰👩🏻‍🎤

දැනටම බොහෝ දෙනෙක් එයාලගේ රැප් නිර්මාණ, තරඟය සඳහා එවල තියෙනවා... මේ අතරින් දක්ෂයන් හොයන් භාරදූර කර්තව්‍ය පැටවෙන්නේ අපේ විද්වත් විනිසුරු මඩුල්ලට.. 🥹

තවදුරටත් රැප් කන්ටෙස්ට් එකට රෙජිස්ටර් වෙන්න ඔයාලට පුළුවන්.. 14 වෙනිදා වෙනකන්ම. ඒ වගේම ගායනය, නර්තනය, ග්‍රැෆික් නිර්මාණ, සංගීත නිර්මාණය සහ පද රචනය යන අංශ සඳහා ද තරග කිරීමට ඔබට අවස්ථාව තිබෙනවා. රෙජිස්ටර් වීම සඳහා පහත ගුගල් ෆෝම් එක පුරවා සබ්මිට් කරන්න.

https://forms.gle/v9cufvw3Qn8CN9XT9

⚠️ විශේෂ දැන්වීම් කිහිපයක් තිබෙනවා කරන්න

👉🏻 රැප් කන්ටෙස්ට් එක සඳහා රෙජිස්ටර් වෙන තරගකරුවන් කරුණාකර ඔබේ "ඊමේල් ලිපිනය" නිවැරදිව සඳහන් කරන්න. ඊමේල් ලිපිනය නිවැරදිව සඳහන් නොකළ කිහිපදෙනෙකු ට වෙත යැවූ ඊමේල් නැවතත් අපිට ලැබී තිබෙන නිසා, රෙජිස්ටර් වීමෙන් පසුව ඔබට අපෙන් ඊමේල් පණිවිඩයක් ලැබී නොමැති නම් කරුණාකර ඒ බව XSense Entertainment පේජ් ඇඩ්මින් හරහා අපට දැනුම් දෙන්න. නැතිනම් 0767608804 දුරකථන අංකයට ඒ ගැන දැනුම් දෙන්න.

👉🏻 තරගය සඳහා ඔබේ රැප් නිර්මාණ එවීමේදී ඊමේල් හරහා ඔබව දැනුවත් කළ පරිදි අදාල කරුණු සම්පූර්ණ වන පරිදි ඔබේ නිර්මාණය ඉදිරිපත් කරන්න. එසේ නොවන සෑම නිර්මාණයක්ම තරගය සඳහා සුදුසුකම් නොලත් නිර්මාණ ලෙස බැහැර කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.

XSENSE RAP Contest එක අවසානයේ අපි දක්ෂයන් 4 දෙනෙක් තෝරනවා. Next Gen Best Rapper ( හැම අතින්ම දක්ෂ තරුවක් )Next Gen Lyric...
09/01/2024

XSENSE RAP Contest එක අවසානයේ අපි දක්ෂයන් 4 දෙනෙක් තෝරනවා.

Next Gen Best Rapper ( හැම අතින්ම දක්ෂ තරුවක් )
Next Gen Lyrical Killar (සුපිරිම ලිරිකල් කිලර් කෙනෙක්)
Next Gen People's Rapper (ජනප්‍රියතම තරුවක්)
එක්ක විශේෂයෙන්ම කාන්තා නියෝජනය වෙනුවෙන්, වෙනමම වැඩසටහනක් එක්ක දක්ෂතම Female Rapper කෙනෙකුත් ලංකාවේ කලාවට හඳුන්වලා දෙන්න තමයි XSENSE අපේ වෑයම.

ඉතින් ඔයාලා දන්න අඳුරන රැප් කරන්න ආසාව තියෙන, හැකියාව තියෙන, ටැලන්ට් එකක් තියෙන අක්කලා නංගිලා, යාලුවෝ උනන්දු කරලා මේ වැඩේට සහභාගී කරවන්න. රැප් කරන්න පුලුවන් කියලා ඔයාට හිතෙන කෙල්ලො ටික ටැග් කරගෙන යමු.

මේ වෙද්දි  XSENSE NEXT GEN Rap Audition එකට Register වුනු හැම කෙනෙක්ටම email එකක් ඇවිල්ලා ඇති Contestant Number එකත් එක්...
08/01/2024

මේ වෙද්දි XSENSE NEXT GEN Rap Audition එකට Register වුනු හැම කෙනෙක්ටම email එකක් ඇවිල්ලා ඇති Contestant Number එකත් එක්ක, තරඟයට වීඩියෝ එවන්න ඕනේ කොහොමද කියලා පැහැදිලි විස්තරයක් එක්ක.

මේ වෙද්දිත් ඊමේල් එකක් ඇවිල්ලා නැති රැප් category එකට ගුගුල් ෆෝම් එක ෆිල් කරලා register වුනු කවුරු හරි ඉන්නවා නම් කොමෙන්ට් එකක් දාලා ඒ ගැන අපව දැනුවත් කරන්න.

අවසාන දිනය 14 වෙනිදා...

වට්සැප් හරහාත් ගොඩක් මැසේජ් එවලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම Audition එක ගැන දක්වපු උනන්දුවට ආදරයෙන් ස්තූති වෙන ගමන්ම, ගුගුල් ෆෝම් එක ෆිල් කරලා register වෙලා contestant number එකක් අරගන්න කියලා කාරුණිකව මතක් කරනවා..

දක්ෂයො ගොඩක්, හැකියාවන් ගොඩක්, හීන පොදියක්... ඒ හැම හීනයක්ම අපට පුලුවන් තරමින් එළි කරන්න අපි ආසාවෙන් 14 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්නවා...

ඒ නිසා රැප් කරන්න හීනයක් තියෙන ඔයාගේ හැම යාලුවෙක්ම, රැප් කරන්න ටලන්ට් එකක් තියෙන හැම කොල්ලෙක් කෙල්ලෙක්ම ටැග් කරලා , එයාලට පේන්න පෝස්ට් එක ශෙයා කරලා ආදරණීය හීනයක් හැබෑ කරන්න ඔයාගේ මෙහෙවර ඉටු කරන්නත් අමතක කරන්න එපා..

NEXT GEN සෙල්ෆි රැප් සංග්‍රාමයට ඔබ සූදානම්ද?XSense Records ගෙන එන, 2024 වසරේ පළමු රැප් චැලේන්ජ් එකට දැන්ම අයදුම් කරන්න ග...
07/01/2024

NEXT GEN සෙල්ෆි රැප් සංග්‍රාමයට ඔබ සූදානම්ද?

XSense Records ගෙන එන, 2024 වසරේ පළමු රැප් චැලේන්ජ් එකට දැන්ම අයදුම් කරන්න ගුගුල් ෆෝම් එක පුරවන්න.
https://forms.gle/v9cufvw3Qn8CN9XT9

- Next Gen Rapper ( Over All )
- Next Gen Female Rapper
- Next Gen People's Rapper
- Next Gen Lyrical Killer

විද්වත් විනිශ්‍ය මණ්ඩලයක් විසින් ඇයගීමට ලක්ව, කිරුළ හිස දරන්නට ඔබ සූදානම්ද? මේ ඔබේ සිහිනය ඵල දරන්නට කාලයයි! ✨

වැඩි විස්තර පළමු කොමෙන්ටුවෙන්!

"NE❌T GEN" AUDITION Guidelinesඅයදුම් කරන ආකාරය. ▫️ Rap ( Rapper / Female Rapper )▫️ Vocals ( Singing )▫️ Dance▫️ Lyrics▫...
02/01/2024

"NE❌T GEN" AUDITION Guidelines
අයදුම් කරන ආකාරය.

▫️ Rap ( Rapper / Female Rapper )
▫️ Vocals ( Singing )
▫️ Dance
▫️ Lyrics
▫️ Music Production
▫️ Graphic Design යන කාණ්ඩ යටතේ අයදුම් කිරීමට ඔබට හැකියි.

එම කාණ්ඩ යටතේ අයදුම් කිරීමට බලාපොරොත්තු වන ඔබ පහත සඳහන් ගුගුල් පෝරමය පළමුව පුරවා සබ්මිට් කල යුතු වෙයි.

https://forms.gle/v9cufvw3Qn8CN9XT9

ඉන් ලබාගන්නා විස්තර අනුකූලව ඔබට අදාල කාණ්ඩ යටතේ කෝඩ් අංකයක් ඊමේල් ලිපිනය හරහා ලැබෙනු ඇති අතර, ඔබගේ ඉදිරිපත් කිරීම අපට එවිය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක්ද ඒ සමඟ ඔබට ලැබෙනු ඇත. ඊට අමතරව ඉහත සඳහන් නොවන විශේෂ දක්ශතාවයක් සඳහා අයදුම් කිරීමට කැමති නම් ඒ සඳහාද ඔබට අවකාශය හිමිවනවා.

රැප්

රැප් කාණ්ඩය Rapper සහ Female Rapper යනුවෙන් උප කාණ්ඩ දෙකක් යටතේ තේරීම් සිදුකරනු ලබනවා.
සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ දක්ෂතාවය පිළිබිඹුවෙන පරිදි තමන් විසින්ම ලියන ලද රැප් එකක් වීඩියෝවක් ලෙස ඉදිරිපත් කල යුතුය.
මෙම වීඩියෝව කිසිඳු ආකාරයකින් සංස්කරණය නොකල, විනාඩියක් හෝ ඊට නොවැඩි, සිරස් අතට ලබාගන්නා ලද වීඩියෝවක් විය යුතුයි.

ගීත ගායනා

සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ දක්ෂතාවය පිළිබිඹුවෙන පරිදි තෝරාගත් ගීත ගායනාවක් වීඩියෝවක් ලෙස ඉදිරිපත් කල යුතුය.
මෙම වීඩියෝව කිසිඳු ආකාරයකින් සංස්කරණය නොකල, විනාඩියක් හෝ ඊට නොවැඩි, සිරස් අතට ලබාගන්නා ලද වීඩියෝවක් විය යුතුයි.

නර්ථන

ඕනෑම ආකාරයක නර්ථනයක් මේ සඳහා ඉදිරිපත් කිරීමට හැකියි. විනාඩියක් හෝ ඊට නොවැඩි, සංස්කරණය නොකරන ලද සිරස් අතට ලබාගත් වීඩියෝවක්, ඔබේ නර්තනය පිලිබඳව කෙටි විස්තරයක් ද ඇතුලත්ව එවිය යුතුය. අදාල නර්ථන විලාශය හෝ කාණ්ඩය ද එම විස්තරයට ඇතුලත් විය යුතු වෙයි.

පද රචනා

තමන් විසින්ම කරන ලද පද රචනාවක් ලිඛිතව මෙන්ම එකක් ලෙසද ඉදිරිපත් කල යුතුවෙයි. මේ සඳහා කෝරස් / hook එකක් සහ වර්ස් එකක් අනිවාර්යෙන්ම ඇතුලත් විය යුතු වෙයි. කැමති ඕනෑම භාශාවකින් පද රචනා ඉදිරිපත් කල හැකියි.

සංගීත නිර්මාණය

මේ සඳහා සම්පූර්ණ කරන ලද සංගීත නිර්මාණයක් ඉදිරිපත් කල යුතු අතර, කිසිවක් ඇතුලත් නොවිය යුතුය. (mp3 only)

ග්‍රැෆික් නිර්මාණ.

ඔබට කැමති ගීතයක් වෙනුවෙන් කවර නිර්මාණයක් ඉදිරිපත් කල හැකියි. (png only)

ගුගුල් පෝරමය පිරවීමෙන් පසුව දින තුනක් ඇතුලත කේත අංකය සමඟින් ඔබට වැඩිදුර විස්තර ඊමේල් ලිපියකින් ලැබෙනු ඇත. දින තුනක් පසුවත් එම ඊමේල් ලිපිය නොලද හොත් කරුණාකර පිටුව හරහා අප දැනුවත් කරන්න.

අවසාන දිනය ජනවාරි 10, 2024.

    🐳☁️9⚡️
25/11/2023

🐳☁️9⚡️

ලස්සනයි කිව්වට Phoenix එකෙක් ඇහුවෙ නෑ මගෙන් "රූඩා! උඹ හොඳින් ද?" 🖤🔥

Fan Made !!!

BIPOLAR - RUDEBOYRAY X SHREDDERBEATZ 🔥

14/11/2023
✨Take a look at hyped moments from රජ වීදිය 2023👑The King's Street - Rap Battle & Hip Hop ConcertEvents by DPLUS Events ...
06/11/2023

✨Take a look at hyped moments from රජ වීදිය 2023👑

The King's Street - Rap Battle & Hip Hop Concert
Events by DPLUS Events
www.dplusevents.com

04th November, 2023
At Fortune Atrium Hotel-Burdubai

Event coverage by XSense Entertainment
XSense Hip Hop Magazine

Address


Website

Alerts

Be the first to know and let us send you an email when XSense Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share