01/12/2023
තිලිනි පූර්ණිමා
වර්තමානය වෙද්දි ලංකාවේ ජනප්‍රියම වැඩසටහනක් මෙහෙයවන ජනප්‍රියම ඉදිරිපත්කරන්නන් ද්විත්වයකගෙන් එක් අයෙකු වන ඔබගේ ජීවිතය කොහොමද මේ දවස්වල ගතවෙන්නෙ?
මේ දවස්වල ටිකක් වැඩිපුර කාර්‍යබහුලයි. වසර අවසානය නිසා ආයතනවල Get together parties, Farewell parties, Graduation ceremonies වගේ දේවල් තියනවා . ඉතින් මම පුද්ගලිකව එවැනි දේවල් මෙහෙයවන නිසා වැඩ කටයුතු ටිකක් වැඩියි. මගේ Media Agency එකක් තියනවා. ඒකේ වැඩකටයුතු එක්ක තවත් කාර්‍යබහුල වෙලා ඉන්නවා . මම හිතන්නේ ජනවාරි මාසේ මැද වෙනකම් කාර්‍යබහුල වේවී.
මුළු රටක්ම ඔබව හඳුනන්නේ කොච්චි යන නමෙන්. ඉතින් ඒ නාමයේ මූලාරම්භය ගැනත් මතක් කරමු.
හිරු නාලිකාවෙන් අයින්වෙලා ඉද්දි අරවින්ද ලොකුගේ මට කතා කළා. අරවින්ද ලොකුගේ කියන්නේ මට හමුවෙලා තියෙන හොඳ ගුරුවරයෙක්. ඔහුගේ අත්දැකීම් ඇසුරින් මට ගොඩාක් දේවල් කියලා දීලා තියනවා. ඉතින් ඔහු යෝජනාවක් කළා වෙන නමකින් ඉදිරියට යමු කියලා. මගේ කටහඬ අනිත් අයට වඩා වෙනස්. පොඩ්ඩක් සැර ගතියක් තියනවා. ඉතින් කොච්චි වගේ නමක් දාමුද කියලා ඔහු මගෙන් ඇහුවා. මුලින්ම මම අකමැති වුණා. මට ඕනෑ වුණේ මගේ නමින් ඉදිරියට යන්න. ඒත් අරවින්ද අයියා කීවා කරලා බලමු කියලා. ඒක ඇත්තටම හිතුවේ නැති විදිහට අතිශය ජනප්‍රිය වුණා. මම තමා Trade Mark එකක් විදිහට මගෙ නම ලියාපදිංචි කරලා ඉන්න එකම වැඩසටහන් මෙහෙයවන්නිය.
තිරය ඉදිරියේදී සිටින ප්‍රේක්ෂකයන් ඔබව හඳුනන්නේ ඉතාම දක්ෂ ඉදිරිපත් කරන්නියක් ලෙසට. ඊට අමතරව ඇත්තටම මේ කොච්චි මොන වගේද?
මම කොච්චි කියන නමින් ඉදිරිපත් කරන්න ආරම්භ ක්ළේ Chat & Music තුළින්. මට ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට විශාල ශ්‍රාවකයින් පිරිසක් හිටියා. මම රූපවාහිනී නිවේදිකාවක් විදිහට වැඩකරන්න පටන්ගත්තේ දෙක වසරෙදී. ITN ළැහිරු මඬල වැඩසටහනින්. ඊටපස්සෙ මම මුතුහර රූපවාහිනී වැඩසටහන් කළා. හිරු නාලිකාවේ හිරු නම් සල්ලි වැඩසටහන කළා. සියත TV එකේ පියුම් විල වැඩසටහන කළා. ආයෙමත් මට ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් කරන්න අවස්ථාව ලැබුණා. අනිත් හැම රූපවාහිනී නාලිකාවකම මම හිටියේ තිලිණි කියන නමෙන්. ඒත් Chat & Music වැඩසටහනින් තමා මම කොච්චි නාමයෙන් රූපවාහිනියේ පෙනී සිටියේ. ඒකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයින්ගෙන් මෙන්ම කලාකරුවන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ මට බනින අයත් ඉන්නවා. ඒත් උත්සවයකය ගියාම, පාර තොටේ යද්දි ජනතාවගේ ආදරය මට ආදරය ලැබෙනවා. ඒ ආදරය මට වටිනවා. මම මොන වගේද කියනවානම් මම හරිම සංවේදී කෙනෙක්. මට හරියට දුක හිතනවා. ඉක්මනට අඬනවා. කාන්තාවක් විදිහට මම හරිම ශක්තිමත්. කිසිම කෙනෙක් නැතිව මගේ දේවල් කරගන්න පුළුවන්. මම පවුලේ තනි ළමයා. ජීවිතයේ ලබාගත්ත හැම දෙයක්ම අම්මාගේ තාත්තගේ හයියෙන් සහ මගේ ශක්තියෙන් කරගත්තෙ. මම කාටවත් වැරදි කරලා නෑ. මම කාගේවත් හිත් රිදවන කෙනෙකුත් නෙවේ. එහෙම තමා මට මම ගැන කියන්න තියෙන්නෙ.
'Chat and Music' කියන්නේ කාලයක් පුරාවටම ලාංකීය රූපවාහිනිය තුළ තිබෙන ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වැඩසටහනක්. ඉතින් එවැනි වැඩසටහනකට සම්බන්ධවීමට ලැබීම ගැන මොකද හිතෙන්නෙ? ඒ අත්දැකීම කොහොමද දැනෙන්නෙ?
මම ITN ලක් හඬ ගුවන්විදුලියේ වැඩකරද්දි එවකට සභාපතිතුමා වුණ නිරෝශන් ප්‍රේමරත්න මට කතා කරපු වෙලාවෙම කියපු දෙයක් තමා මට මේක කරන්න බැරිවෙයි කියලා. මොකද Chat & Music කියන්නෙ පොඩිකාලෙ ඉඳන්ම නරඹපු කෙනෙක්. මට කිසිම අදහසක් තිබුණෙ නෑ මේ වැඩසටහන මට කරන්න පුළුවන් වෙයි කියලා. මම කීවා මේ වැඩසටහන බාරගත්තොත් ඒක වැඩසටහනට කරන ලොකු අසාධාරණයක් වෙයි කියලා. මට අවුරුදු ගාණක අත්දැකීම් තිබුණත් මම හරිම බයෙන් තමා වැඩසටහන කළේ. වැඩසටහන ආදරය කරපු මිනිස්සු ඒක අතාරියිද කියලා බය හිතුණා. හැබැයි මම සහ අසංක ඒ අවධානම ගත්තා. ඉතින් අද වෙද්දි මම විශ්වාස කරනවා අසංක කියන නම වගේම බංචි කියන නමටත් මිනිස්සු ආදරය කරනවා කියලා.
දිනෙන් දිනම රසික පිරිසගෙන් ඔබට ලැබෙන ආදරය අඩුවන්නෙ නෑ. ඉතින් ඔවුන්ගෙන් ලැබෙන ආදරය කොහොමද දැනෙන්නෙ?
ඇත්තටම ඔවුන්ගෙන් ලැබෙන ආදරය ගැන කියලා නිම කරන්න බෑ. පාර තොටේදිත් ගොඩාක් අය කතාකරනවා. උත්සව අවස්ථාවලට ගොඩක් අය ආරාධනා කරනවා. ඉතින් ඔවුන් ළඟදි ඇවිදින් සෙල්ෆි ගන්නවා, කතා කරනවා. මම රේඩියෝ කරන කාලේ තරුණ පරපුර තමා මට වැඩිපුරම කැමති. හැබැයි දැන් වැඩිහිටි පරම්පරාවෙන් මට ලැබෙන ආදරය වැඩියි කියලා මට දැනෙනවා. මම ඒකට කැමතියි. ඒ ආදරය ලබන්න අපි පිං කරන්න ඕනෑ. අපි අපේ ජීවිතයට ළං කරගන්නෙ ගොඩාක් කැමති අය විතරයි. ඉතින් කෙනෙක් මාව ඔවුන්ගේ ජීවිතයට ළං කරගන්නවා කියන්නෙ ඒක මනින්න බැරිතරම් ආදරයක්. ඒ ආදරය මට හරි වටිනවා. මම හැඩ ඇඟක් තියන ලස්සන කෙනෙක් නෙවෙයි. එහෙම නොවුණත් මට ලැබෙන ආදරය ගැන මට සතුටුයි.
වැඩසටහනක් ඉදිරිපත්කිරීමක් කියන්නෙත් එක්තරා ආකාරයක රංගනයක්. රසිකයන්ගේ ආදරයත් ඉමහත්ව ලැබෙන ඔබට ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටි සඳහා රංගනයෙන් දායකවෙන්න ආරාධනා ලැබිලා නැද්ද?
මට ඒක කරගන්න බැරිවෙයි. මොකද මගේ ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දි මම ආසම රේඩියෝ කරන කාලයට. පුංචි කාමරයක් ඇතුළේ මම රඟපාලා, තනියම මගේ හැඟීම් ප්‍රකාශ කරලා ඒ හැඟීම්වලට එකතුවුණ පිරිසක් එක්ක ලොකු ගමනක් ගිය කෙනෙක්. රූපවාහිනිය තුළ වුණත් අපි ඉන්නෙ ලොකු පිරිසක් එක්ක. ලොකු පිරිසක් ඉදිරියේ නිවේදනය කරනවාට වඩා මම කැමතියි තනියම ඒ දේ කරන්න. උත්සවයක් මෙහෙයවනවා වගේ නෙවේ රේඩියෝ එකේදී වැඩසටහන් මෙහෙයවද්දි. මගේ ඇතුළාන්තයේ ඉන්න කෙනාව මම එළියට දානවා රේඩියෝ එකේදී. ඒ වෙලාවට මම මගේ උපරිමය ලබාදෙනවා. ඉතින් ලොකු පිරිසක් ඉන්න තැනකදි මට රඟපාන්න බැරිවෙයි.
තරුණ පරම්පරාව නියෝජනය කරන ඉදිරිපත් කරන්නන් විදිහට අනාගත බලාපොරොත්තු බොහොමයක් හිතේ ඇති. ඉතින් අනාගත බලාපොරොත්තු මොනවද කියලාත් මතක් කරමු.
මට මේ ක්ෂේත්‍රය ඇතුළෙදි කුඩා කාලයේ ඉඳලාම ගොඩාක් ප්‍රවීණයන්ගේ ඇසුර මට ලැබුණා. ඔවුන්ගෙන් ලැබුණ ගුරුහරුකම් මට වටිනවා. නිවේදකයෙක්ට තිබිය යුතු සියළුම ලක්ෂණ ප්‍රගුණ කරලා තමා මම නිවේදනයට ආවේ. මම විශ්වාසකරනවා දැන් මගේ නම මම හදලා තියෙන්නෙ කියලා. ආයතනයක් යටතේ සේවය නොකර මගේම ආයතනයක් පවත්වාගෙන යන්න මට හැකියාව තියනවා. ඉතින් ඒක තමා මගේ බලාපොරොත්තුව තිබුණේ. දැන් ඒ බලාපොරොත්තුවට මම ඇවිදින් ඉන්නවා. මට හැමදාම තිරය තුළ පේන්න ඕනේ නෑ. ඒත් මට වෙනසක් කරන්න අවශ්‍ය වුණා. තව ඉස්සරහට පොඩි පොඩි හීන වගයක් තියනවා. ඒවා ඉස්සරහට දැකගන්න පුළුවන් වෙයි.
අවසාන වශයෙන් ඔබට ආදරය කරන රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ.
ඒ ආදරය ගොඩාක් වටිනවා. ඉතින් මම එක දෙයක් කියන්නම්. මම සමාජ මාධ්‍ය තුළ දකිනවා ගොඩාක් අය කලාකරුවන්ට නරක විදිහට බනිනවා. සමහර වෙලාවට නිවේදන කලාව නොදන්න අය තමන්ගේ පෞද්ගලික නිර්ණායක ඇතුළේ ඉඳන් මිනිස්සු ගැන තීරණ ගන්නවා. මම හැමවෙලේම කියන දෙයක් තමා මමත් දන්නවා පරණ විදිහට නිවේදනය කරන්න. මම අවුරුදු ගණනක් එහෙම නිවේදනය කරලා තිලිණි කියන නම දැනගත්ත ශ්‍රාවකයින් පිරිසට වඩා කොච්චි විදිහට වැඩකරද්දි මාව දැනගත්ත පිරිස වැඩියි. සමහරු ඒකට කියනවා වාචාලකම කියලා. මම හිතනවා ඒක මුඛරිබව. මම කවදාකවත් වැරදි වචනයක් කියලා නෑ. කෙනෙක්ට හොඳට පේන දෙයක් තව තව කෙනෙක්ට නරක විදිහට පේන්න පුළුවන්. ඉතින් කොහේදී දැක්කත් ගොඩාක් අය ඇවිදින් කතාකරනවා. සෘණාත්මක විවේඡනයක් දැක්කාම මට ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න හිතිලා තියනවා. හැබැයි මම ඒත් එක්කම හිතනවා මට කැමති පිරිසක් ඉන්නවා. මම ඔවුන් වෙනුවෙන් වැඩ කරනවා කියලා. ආදරය ලබාදෙන හැමෝටම ස්තූතියි.
SAN DIAS