සයිකො - Sycho

  • Home
  • සයිකො - Sycho

සයිකො -  Sycho 1

09/05/2024

පිස්සු හැදෙනව. චූටි ටීචගෙ ඩාන්ස් එක.....

07/05/2024

මහපාර මැද්දෙ, මෙහෙම කුක්කු බොනවද...

30/04/2024

අම්මෝ...සුද්දි. ඔයා නම්...

28/04/2024
27/04/2024

නංගිගෙ ඩාන්ස් එකට "Flash Back" ලත් කොර....

23/04/2024

කොහොමද වැඩේ , තාත්තයි පුතයි සෙට් උනාම.

09/04/2024

ලංකාවෙ ගැහැණියකට තනිව සංචාරය කරන්න පුලුවන්ද?

ඔව් ඇත්තටම මම දකින විදිහටනම් ලංකාව ගැහැණියකට තනියම සංචාරය කරන්න පුලුවන් සහා ඊට සුදුසු රටක්.

මේ සමූහයේ පෝස්ට් කීපයකම මම තනියම ලෝකය වටා සංචාරය කරන දේවල් දැම්මනෙ. ඒවට මට ඉස්සර ඉඳලා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මම මේ ලඟදි මම තනියම ලංකාවෙ සංචාරය කරපු පෝස්ට් එකකුත් දැම්මා. මේ හැම අවස්තාවකදිම ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි බය නැද්ද ඔහොම තනියම යන්න කියලා...

ලංකාව solo female travelling වලට අංක එක උන උනේ කොහොමද කියන්න මම දන්නෙ නෑ.... තව ඒකෙ තියෙන්නෙ හොදම රට මිස ආරක්ශිතම රට කියලා නෙමෙයි. ඒ කියන්නෙ මොන වගේ criteria සම්බන්දවද ඔවුන් ඒ සමීක්ශනය කරේ කියන්න මම දන්නෙ නෑ. ඒත් අනිවාර්‍යෙන් ඊට අදාලව සමීක්ශන පැති කීපයක් දෙස බලන්න ඇති කියලා හිතනවා..

1) නීතිය; ලංකාවෙ නීතිය තුල s*xism හරිම අඩුයි වෙන රටවලට සාපේක්ශව. ඇතැම් රටවලට ගැහැණියකට තනියෙන් ඇතුලු වෙන්නත් බෑ රටට. සෞදි අරාබියේ අදටත් අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට විතරයි තනියම රටට යන්න පුලුවන්. ගොඩක් මැද පෙරදිග රටවල ගැහැණියකට කාමරයක් පිරිමියෙක් එක්ක share කරන්න තහනම්. ගොඩා තනිව සංචාරය කරද්දි mix dormitory වල තමයි නවා තැන් ගන්නෙ සහා ඒවා ඒ රටවල නෑ.

2) ඇඳුම්; ලංකාවෙ නීතියට අදාලවම ඇඳුම් ගැන නීතියක් නෑ. උදාහරණයකට ඇතැම් රටවල හැහැණු හිස වැසීම අනිවාර්යයි. ඕන ඇඳුමක් කෙල්ලෙක්ට අඳින්න පුලුවන්. කුණු කතා අහා ගන්න වෙන එක වෙනම දෙයක්. නීතියෙන් තහනමක් නෑ.

3) ප්‍රවහන සේවා; ඕනම පුද්ගලයෙක්ට ලංකාව තුල well conented ප්‍රවාන සේවා තියනවා. විශේශයෙන්ම තනිව සංචාරය කරන අයට. ලංකාවෙ මිනිස්සු කොච්චර කිව්වත් ඒක එහෙමයි. මම ගිහින් තියනවා සමහර රටවල public transport තියා තාරදාපු පාරක්වත් නෑ. ඔස්ට්ටේලියාවෙ උනත් නගරවලින් පිටට යදී public transport නෑ. නවසීලංතෙත් එහෙමයි. නවසීලංතෙ වගේනම් තනියෙන් යද්දි hitch hiking කරලා තියනවා මම... ඒත් ඔස්ට්ටේලියාවෙ වගේනම් ඒක අනතුරුදායකයි. ඉතින් ඔය දෙකෙන් එකක් තිබීම අනිවාර්‍යයි තනිවම සංචාරය කරන කෙල්ලෙක්ට.

4) Torism infrastructure; ලංකාවෙ well organised tourism infrastructure එකක් තියනවා. Tourism police, registered and verrified guides සහා drivers වගේ.

5) භාශාව; ලංකාවෙ ගොඩක් අය ඉංග්‍රීසි කතා කරනවා සහා ඕනම භාශවක interpretersලා ඉන්නවා. සමහර රටවල ඒවා අඩුයි.

6) මිල; ලංකාවෙ මිල ගනන් ගොඩක්ම ලාබ නැතත්, අනිවාර්‍යෙන් affordable. පැසිෆික් දූපත් රටවල් ගත්තොත් මාරම ගනන් හැම දෙයක්ම සංචාරකයන්ට.

7) වීසා; ලංකාවෙ විසිට් වීසා ගන්න අමාරු නෑ සහා මාස කීපයක්ම ඉන්න පුලුවන් එක පාරකට.

8) Attractiveness; මේක ටිකක් විශේශයෙන් කියන්න ඕන. හොඳම රට වෙන්නෙ අනිවාර්‍යෙන් ඒක තනියම සංචාරය කර ගැහැණු බහුතරයකගෙ ප්‍රියතම රටත් වීම නිසයි. තනියම සංචාරය කරන ගැහැණු ගොඩක් එන්නෙ යුරෝපයෙන්, ඔස්ට්ටේලියාවන්, කැනඩාවෙන්. ඇමරිකාවෙ මිනිස්සු වැඩිය සංචාරය කරන්නෙ නෑ කොහොමත්. ඒක ඔවුන්ගෙ සංස්කෘතිය නෙමෙයි. ඔවුන් යන්නෙ family holidays ගියොත් කෙටි කාලයකට. එතකොට යුරෝපිය තනියෙන් සංචාරය කරන කෙල්ලෙක්ගෙන් ඇහුවොත් ගිය අවුරුද්දෙ ගිය ආසම රට මොකක්ද කියලා... එයාලා තව යුරෝපීය රටක් කියන්නෙ නෑ. ලංකාව වගේ රටක් තමයි. පෞද්ගලිකව මට මුණ ගැහුන ගොඩාක් solo female packpackersලගෙ ආසම රට ලංකාව. ලංකාව ඇත්තටම මාර exotic සහා ලස්සනයි. ඕන තරම් attraction තියනවා.

9) සුහඳශීලී මිනිස්සු; සමස්තයක් වශයෙන් ගත්තම ලංකාවෙ මිනිස්සු හරිම සුහදශීලියි. මේක ලොකු දෙයක් solo female travellersලට.

10) අපරාධ අඩුයි; ලංකාවෙ gang crimes gangs අතර විතරයි. Drug trafficking , s*x trafficking හෝ human trafficking නැති තරම් ලංකාවෙ. ත්‍රස්ත අවදානමකුත් දැන් නෑ. ස්වාභාවික විපත් අඩුයි. අපරාධ උනත් වෙන රටවල වගේම තමයි විශේශයෙන් වැඩියක් හෝ අඩුවක් නෑ. බස් එකක යද්දි ජැක් ගැසීම වගේ දේවල් ඉතින් වැඩි පුරම වෙන්නෙ ඉස්කෝල ළමයින්ට හෝ early 20s ඉන්න passive personality තියන කෙනෙක්ට. කොන්ද කෙලින් තියන කෙල්ලොන්ට එහෙම අවුලක් නෑ සහ අනිවාර්‍යෙන් තනියෙන් සංචාරය කරනවා කියන්නෙ ඊට අදාල intuition එකක් සහා කොන්දක් තියනවා ඒ සංචාරකයොන්ට. ලංකාවෙ physical harm වෙන්නෙ නෑ සාමාන්‍ය background එකකදි. Verbal harrassment තමයි cat calling වගේ දේවල්. ඒත් සිංහලින් වෙද්දි පිටරට ගෑණු ඒක දන්නෙ නෑනෙ. ඒත් ලංකාවෙ කරන්න බැරි දේවලුත් තියනවා. උදා; නවසීලංතයේදි මම හිතුනු තැනක තනියම මගේ tent එක ගහන් camp කරා ... ඒ වගේ දේවල්නම් ලංකාවෙ බෑ... ඔස්ට්ටේලියාවෙ නගරයක මට පාන්දර 3ටත් බීලා 100% sober නැතිවත් තනියම කෝච්චියෙ නැගලා ගෙදර එන්න පුලුවන් ඒත් ලංකාවෙ එහෙමනම් බෑ. ඒත් බස් එකක තමන් කලින් book කරපු accomodation එකට ගිහින්, තනියම restaurent එකකට ගිහින් කාලා, reputable තැනක්නම් තනියම බීලා (තනියම බොන එකනම් ලෝකෙ කොහෙත් ආරක්ශිත නෑ කෙල්ලෙට, drink spikes කරනවා ඔස්ට්‍රේලියාවෙත්). ගොඩක් රෑ වෙලානම් uber එකක් දාලා නැත්නම් සෙනග ඉන්න tourist town එකකනම් රෑ උනත් තමන්ට සිහිය තියනවනම් ඇවිදගෙන හරි ටුක් එකක හරි නවාතැනට එන්න පුලුවන්. මට පෞද්ගලිකවම අනාරක්ෂිතබව දැනුන නගර දෙකක් තමයි London සහා paris. ලංකාවෙනම් එහෙම ලොකුවට අනාරක්ශාවක් දැනුනෙ නෑ.

ඉතින් ඔය හේතු බලද්දි ලංකාව අනිවාර්‍යෙන් solo female traveller කෙනෙක්ට සුදුසු රටක්... අනික මේ වගේ ලිස්ට් වලින් එක එක අවුරුදු වල එක එක රටවල් ඒවගේ popularity එක අනුව up කරනවා. ඒ නිසා ඇයි සිංගප්පූරුව අංක එක නොවුනෙ වගේ ගොං ප්‍රශ්න අහලා වැඩක් නෑ. එක අවුරුද්දක ඒකත් එහෙම වෙන්න ඇති.

ඇයි මිනිස්සු මෙච්චර මේකට විරුද්ද????

මේක තමයි හොදම ප්‍රශ්නය. මම දකින විදිහටනම් මේකට විරුද්ධ පිරිමි මේ නිසා තර්ජනයකට ලක් වෙලා තියනවා. ලංකාව කියන්නෙ පුර්ශාදිපත්‍ය තියන රටක්. එහි එක අංගයක් තමයි පිරිමියා ගැහැණියට ආරක්ශාව සලස්වනවා කියන තේමාව. ඒ හරහා ගැහැණියව සීමා කරලා තියනවා. තමන්ගෙ අම්මා, බිරිද, සහෝදරිය හෝ දුවව ලංකාවෙ තනියෙන් සංචාරයට යන්න පිරිමි ඉඩ දෙන්නෙ නෑ. මේ විදිහට ගැහැණියව සීමා කිරීමෙ premise එක තමයි පිටත ලෝකය ආරක්ශිත නෑ කියන එක. ඒ status quo එක maintain කිරීම unconsciously හෝ එක්කො එයාලා කරනවා නැත්තනම් වෙනවට කැමතියි. ඇත්තටම ගැහැණියකට තනිව ජීවත් වෙන්න පුලුවන් රටක්නම් ලංකාව, ලංකාවෙ ගැහැණු විවහා වීම් සීග්‍රයෙන් පහල යනවා. ගොඩක් බටහිර රටවල විවහය කියන සංස්තාව නැති වීගෙන යන්නෙ ඒ නිසයි. ඉතින් මේ වගේ දෙයක් දකිද්දි ඒකට පිරිමි කැමති නෑ. තව ඒහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියලා ඔවුන්ට සිතන්නවත් බෑ.

මේකට විරුද්ධ වෙන ගැහැනු ජීවිතේ කිසිම දවසක ලංකාවෙ තනිවම සංචාරය කරලත් නෑ සහා ඔවුන්ට එහෙම possibility එකක් ලෝකයේ තියනවද කියන දේ උනත් තේරුම් ගන්න අමාරුයි. ඇත්ත කතාවනම් කොච්චර ආරක්ශිත පිටරටක උනත් ලංකාවෙ ගැහැණු තනියම සංචාරය කරන්නෙ නෑ. ආරක්ශාවටත් වඩා එහෙම ආකල්පයක් නෑ. සංචාරය කෙසේ වෙතත් බොහොම සුලු පිරිසක් තමයි තනියම ෆිල්ම් එකක් බලන්න හරි හෝ restaurent එකකට ගිහින් කෑම කාලා එන්නෙ. එහෙම subjectification එකක් ලාංකික කාන්තාවට නෑ ලංකාවෙ සංස්කෘතිය තුල ඒක නැති කරලා තියෙන්නෙ. මගෙන් උනත් සමහරු අහනවා පාලු නැද්ද කියලා තනියෙන් යද්දි. Solitude එකේ තියන රසය ගොඩක් අය අත්විඳලා නෑ.
මමනම් ඕනම ගැහැණියකට කියන්නෙ තනියම ගිහින් බලන්න... මහා ලොකුවට මිනිස්සු විශ්වාස කරන්නත් එපා ඒ වගේම මහා ලොකුවට මිනිස්සුන්ට බය වෙන්නත් එපා. සිහියෙන් වැඩ කරනවනම් ඕන තැනක් ආරක්ශිතයි.

තව දෙයක් ලංකාවෙ තනියම සංචාරය කරන කෙල්ලො ඕන තරම් ඉන්නවා. සෑහෙන්න ගොඩක්. තනියම සංචාරය කරනවා කියන්නෙ completely alone කියන එක නෙමෙයි. තනියම යද්දි තව තනියම යන සංචාරකයින් මුණ ගැහෙනවා. Dinner එකට, attractionsවලට, party වලට එහෙම join වෙලා යනවා. ලංකාවෙ ගොඩක් සංචාරකයන් සිටීම නිසා ඒ විදිහෙ social dynamic එකක් solo travellersලට තිබීමත් මේ වගේ සමීක්ශන වලදි ලොකු point එකක්.

බලන්න යාලුවනේ මේ අය අදුනනවද කියල. බලමු කවුද  Comment කරන්නෙ කියල...
07/04/2024

බලන්න යාලුවනේ මේ අය අදුනනවද කියල. බලමු කවුද Comment කරන්නෙ කියල...

06/02/2023

දැරණියගලත් පුංචි චන්දෙට ලහි ලහියෙ ලෑස්ති වෙන බව පේනව. නමුත් නම ගිය දේශපාලකයන් තවමත් කරලියට ඇවිත් නැතිබව තමයි පේන්නෙ.
සමහර විට මේ සිද්දවෙලා තියන විපර්යාස එක්ක එයාලට රෙදි ඇදන් මිනිස්සු ලගට යන්න බැරිව ඇති. ඔන්න ඉතින් හිටපු සභාපතිවරුන්ට , මන්න්‍ර්‍රීවරුන්ට මිනිස්සු කලගුන සලකන වෙලාව.
අපි දැන් හිතන්න ඕනෙ ඇත්තටම පත්කරල යවල තිබුනෙ උගත්, බුදිධිමත්, ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත්තු පිරිසක්ද කියල. නැත්නම් පක්ශය ගන්න හරි හෝ වැරදි තීරන ඉස්මුදුනෙන් පිලිගත්තු පිරිසක්ද කියල. ඇත්තටම හොරකම,වංචාව දුශනය පිටුදකින්න මෙයාල මොනවද කරේ කියලත් කල්පනාකරල බලන්න වෙනව.
අලුත් මුහුනු ගනනාවකුත් කරලියට ඇවිත් තියෙනව. අපි බලමු , දැරණියගල ජනතාව ඇත්තටම සාර්ථකත්වය කරා ගෙනයන නියම දේශපාලකයන් මේ අතරින් සොයාගන්න පුළුවන් වේවිද කියල. තීරනය ඔබ අතේ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when සයිකො - Sycho posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share