Champions.lk

Champions.lk World No 01, Sports Promoter

නවෝද්ගෙන් ලකුණු 409ක් Sri Lanka Cricket Sri Lanka Cricket Lions විගා - Viga Ruwantha Randika SL Cricket nation-ක්‍රිකට් ...
11/03/2020

නවෝද්ගෙන් ලකුණු 409ක්

Sri Lanka Cricket Sri Lanka Cricket Lions විගා - Viga Ruwantha Randika SL Cricket nation-ක්‍රිකට් පිස්සන්ටමයි 🇱🇰 Mahinda College

වසන්තයට මල් පිපුනේ නැත, මල් පිපුණු පසු වසන්තය උදා වූවා මිස.

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගියසුනිල් ගුණවර්ධන
10/03/2020

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය
සුනිල් ගුණවර්ධන

AASLSINHALA FEATURESSRI LANKA ATHLETICSST. MARY’S COLLEGE CHILAWSUNIL GUNAWARDENAATHLETICS

07/03/2020

Marathon des sables, Mauro prosperi, Marathon Runner, Sri Lanka Marathon, Athletic, National Athletics, AASL, Marathon, Marathon of the Sands, Marathon des sables, Sri Lanka Marathon, Mauro prosperi, sahara desert, Marathon Runner

congratulations
22/02/2020

congratulations

පාසල් ක්‍රිකට් පිටියේ වාර්තාවත් සමගින් ජාත්‍යන්තර පිටියට අතවනන පුංචි බෙන් ස්ටොක් 🥇🏏

ඉරිදා මව්බිම 🗞

✍🏼රුවන්ත රන්දික

ලෝකෙ දිනන්න පුළුවන් කෙල්ලෙක්........රටට වැඩක් කරපු කෙල්ලෙක්.......ණය නැති කෙල්ලෙක්..........කවුරුත් දන්නෙ නැති කෙල්ලෙක්....
25/01/2020

ලෝකෙ දිනන්න පුළුවන් කෙල්ලෙක්........
රටට වැඩක් කරපු කෙල්ලෙක්.......
ණය නැති කෙල්ලෙක්..........
කවුරුත් දන්නෙ නැති කෙල්ලෙක්...........
❤️

Nadeesha Dilhani Lekamge

❤️

මුදලට තරග  පාවාදෙන ලෝකයේ ඩෙංගු සැදී පසු දින රන් දිනූ සෙබලා - ඉඳුනිල් හේරත් ආයු රක්ඛන්තු ආවඩා!ඉතිහාසයේ ශාන්තිකර්ම වල භාවි...
17/01/2020

මුදලට තරග පාවාදෙන ලෝකයේ ඩෙංගු සැදී පසු දින රන් දිනූ සෙබලා - ඉඳුනිල් හේරත්

ආයු රක්ඛන්තු ආවඩා!

ඉතිහාසයේ ශාන්තිකර්ම වල භාවිතා වූ එම පද වැල එක් යුගයක ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වදන් පෙළ බවට පත්ව තිබුණි. එම යුගයේ රණබිමේ සටන් වැදුණ විරුවන්ට ආශීර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් නිර්මාණය වූ එම ගීය සුවහසක් ශ්‍රී ලාංකිකයන් වැළඳගත්තේ මහත් අභිමානයකිනි.

යුද්ධයේ හොඳ නොහොඳ මොහොතකට පසෙක තබා එකී රණවිරුවා යන චරිතය ගැන විපරම් කර බැලුවහොත්, තම දිවිය පරදුවට තබා මාතෘ භූමිය ආරක්ෂා කිරීමේ කාර්යයේ නිරත වීම සියල්ලන්ටම කළ හැකි දෙයක් නොවේ. එයට අසාමාන්‍ය ධෛර්යයක් අවශ්‍ය ය. අප්‍රමාණ කැපකිරීම් කළ යුතුය. විටෙක තම දිවිය පවා පරදුවට තැබිය යුතුය.

එසේ මාතෘ භූමිය ජයග්‍රහණය කරවීම උදෙසා තම ජීවිතයට ඇති ඇල්ම මොහොතකට අමතක කර දැමූ තවත් එක් රණවිරුවෙකු පිළිබඳව පසුගිය දා නිමාවූ දකුණු ආසියානු තරගාවලිය තුළ දී අපට අසන්නට ලැබුණි.

ඔහු නමින් ඉඳුනිල් හේරත් ය..

SAG තරගාවලියේ මීටර් 800 ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා සිටියේ ඔහු ය. තම ක්‍රීඩාවේ උපරිම රිද්මයට ළඟා වී සිටි ඉඳුනිල් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුවක් විය.

නමුත් අවාසනාවන්ත ලෙස ඩෙංගු උණ රෝගයෙන් පීඩා විඳීම නිසා තම පදක්කම් බලාපොරොත්තු අත්හැරගන්නට සිදුවූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට ඉඳුනිල්ටත් එක්වන්නට සිදුවෙතැයි බොහෝ දෙනා සිතුවේ තරගයට දින කිහිපයකට පෙර සිටම ඔහුටත් උණ රෝගය වැළඳී තිබුණ නිසාය. එය වඩාත් කණගාටුදායක තත්ත්වයකට පෙරළුණේ තරගයට පෙර දිනයේ ඉඳුනිල්ගේ උණ රෝගය ඉතා උත්සන්න වූ නිසාය.

නමුත් තමා වෙත එල්ල වූ ජීවිත අවදානමද නොතකමින් තරග බිමට පිවිසෙන්නට ඉඳුනිල් තීරණය කළේය..

“ඇයි ඒ අවදානම ගත්තෙ?”

ඒ මොහොත වන තෙක් මගේ සිත තුළ කැකෑරෙමින් තිබූ පැණය මම ඔහු ඉදිරියේ දිග හළෙමි.

“කොහොම හරි රටට ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙන්න ඕන කියල හිතුණා. තරගයට කලින් මාව පරීක්ෂා කරපු ඩොක්ට කිව්ව ‘දුවන්න එපා, හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න’ කියලා. ඒත් මම කිව්වා ‘නෑ ඩොක්ට දුවල ඉවර වෙලා තමයි හොස්පිට්ල් එකට යන්නෙ’ කියලා. දිව්වට පස්සෙ වෙනදෙයක් වුන දෙන් කියල හිතාගෙනයි රේස් එකට ගියෙ”

ඔහු ඉතා සැහැල්ලුවෙන් පිළිතුරු දෙයි. නමුත් ඔහුගේ පිළිතුර සැහැල්ලු නැත. මුදල් වෙනුවෙන් තරග පාවාදෙන ක්‍රීඩකයන් සිටිනා යුගයක රට වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කරවීමට තම දිවිය පවා පරදුවට තබනා ක්‍රීඩකයන් වර්තමානයේ ඉතා විරලය..

“තරගාවලියට කලින් තිබුණ සූදානම කොහොම ද?”

“පහුගිය අවුරුද්ද පුරාවටම මම හොඳටම කරල තිබුණ. තරගාවලියට යනකොට මම හොඳම තත්ත්වයක හිටියා. අනිවාර්යයෙන් මම ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්නවා කියල හිතාගෙන තමයි නේපාලෙට ගියේ”

ඉඳුනිල් SAG තරගාවලියට පෙර පැවති තේරීම් තරගවල දී ඉතා හොඳ කාලයක් වාර්තා කර තිබුණි. මා පෙර සඳහන් කළ සේම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුවක් වී සිටියේ ය.

“අසනීප ගතිය මුලින්ම දැනුණේ කොහොම ද?”

“නේපාලෙට බැහැලා දවස් දෙකකින් වගේ ඇඟේ අමාරුවත් එක්කම උණ ගත්තා. ඊට පස්සෙ බෙහෙත් ගත්තාම ටික ටික අඩු වුනා. පස්සෙ රේස් එක හෙට කියලා අද වගේ දවසක ආයෙත් හොඳටම උණ ගත්තා. අමාරුව වැඩි නිසාම ඩොක්ට ලේ එකක් පවා චෙක් කළා. ඒ වෙනකොට අපේ ගොඩක් අයට උණ හැදිලා තිබුනෙ. හැමෝම කිව්වෙ දුවන්න එපා, විවේක ගන්න කියලා. ඩොක්ට කිව්වෙත් හොස්පිට්ල් යමු කියලා. මං එවෙලෙත් කිව්වෙ දුවල තමයි හොස්පිට්ල් යනවා නම් යන්නෙ කියලා”

ඔහුගේ හඬ ස්ථිරය. සෘජුය.

“ඒ වගේ ලොකු අවදානමක් ගන්න කොට මොන වගේ දේවල් ද ඔයාට හිතුනෙ?”

“ඉස්සෙල්ලාම රට වෙනුවෙන් ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙන එක තමයි පළවෙනි දේ වුනේ. මම අවුරුද්දක් තිස්සෙ හැමදෙයක්ම කරේ රටට මේ ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙන්න. දුවන්න බැරි වුනා නම් අවුරුද්දක් තිස්සෙ කරපු හැම දෙයක්ම අපතේ යනවා. මම නේපාලෙට ගියෙ ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්න මිසක් විවේක ගන්න නෙවෙයි. ඉතින් මම හිතාගත්තා මම රටට ගෝල්ඩ් මෙඩ්ල් එක අරන් දෙනවමයි කියලා”

මව්බිම තමා වෙනුවෙන් වැය කළ මුදලට සාධාරණයක් ඉටු කළ යුතුය යන අදහස ඔහුගේ සිත තුළ වූවා විය හැක. එසේම තමා කැප කළ වසරක කාලය අපතේ යැවීමට ද ඔහු සූදානම් නොවන්නට ඇත. ඒ වෙනුවෙන් තම ජීවිතය පවා අවදානමට ලක් කරන්නට ඔහු සූදානම් විය.

“තරගය ආරම්භ වෙන්න කලින් තිබුණ තත්ත්වය කොහොම ද?”

“තරගෙ දවසෙ මට උණත් එක්කම සෙමත් හොඳටම වැඩිවෙලා තිබුණේ. මම අමාරුවෙන් ඉන්න කොට මාත් එක්ක හිටිය මෙඩිකල් එකේ මලිත් අයිය ඇවිත් බෙල්ල මසාජ් කළා. එහෙම කරන ගමන් එයා කිව්වෙ මල්ලි සෙකන්ඩ්, තර්ඩ් වෙන්න නම් දුවන්න එපා. ඒක තේරුමක් නෑ. දුවනවා නම් ගෝල්ඩ් එක ගහන්නම දුවන්න කියලා. නෑ මලිත් අයියෙ මම ගෝල්ඩ් එක ගහල තමයි එන්නෙ කියල එයාට කියලයි මම ග්‍රව්න්ඩ් එක ඇතුලට ගියේ.

රට වෙනුවෙන් සියල්ල කැප කිරීමට සූදානම් රණවිරුවෙකු සතු විය යුතු අධිෂ්ඨානය ඔහුගේ වදන්වල අන්තර්ගතය..

“රේස් එක පටන් ගන්න යනකොට කොහොමද දැනුනෙ?”

“මට අභියෝගය තිබුනෙ ඉන්දියන් ක්‍රීඩකයා එක්ක. ට්‍රැක් එකට යනකොට මට හරියට වෝමප් කරගන්නවත් ලැබිලා තිබුනෙ නෑ. මට එච්චරටම අමාරුයි. හැබැයි මම හිතුවා මම කොහොමහරි දුවන තැනට ඔළුව හදාගන්න ඕන කියලා. ඒක නිසාම ට්‍රැක් එකට ගිය වෙලාවෙ ඉඳන් අත්පුඩි ගහල කෑ ගහල මොරාල් එකේ හිටියා.

ඇඟ ඇතුලෙන් මට තේරුණා මට අමාරුයි කියලා. ඒත් මම ඒක පෙන්නන්නෙ නැතිව කෑ ගහල හිටියා. අසනීප තත්ත්වය නිසා මම දුවයි කියල කවුරුත්ම හිතුවෙ නෑ. මම ඒ විදිහට ඉන්නව දැක්කම අනිත් ක්‍රීඩකයො මානසිකව වැටෙන්න ඇති.”

“රේස් එක පටන් අරන් පළවෙනි ටික දුවනකොට කොහොමද දැනෙන්නෙ?”

“මට ලොකු අමාරුවක් දැනුනා. මම පළවෙනි මීටර් තුන්සීය වගේ යනකොට මට පෙනුනා මගෙ පුහුණුකරුවා ට්‍රැක් එක අයිනෙ ඉන්නවා. එයා මට කිව්වා ඉන්දියන් ක්‍රීඩකයගෙ පිටිපස්සෙන් ඉන්න කියලා. අනිත් ක්‍රීඩකයන්ගෙන් හොඳටම කරන්නෙ ඉන්දියන් ක්‍රීඩකයා. ඒක නිසා මම හිතාගත්තා එයා එක්කම ඉන්නව කියලා. එහෙම හිතාගෙන මම එයා පස්සෙන්ම ගියා. අන්තිම මීටර් දෙසීය වගේ යනකොට මම දන්නවා මට මේක ගහන්න පුළුවන් කියලා. ඒ වෙනකොට ඉන්දියන් ක්‍රීඩකයා ගොඩක් අමාරුවෙන් තමයි ඉස්සරහට යන්නෙ. මම එයා පස්සෙන් ඉඳල ඉඳල අන්තිම මීටර් සීයට ඇවිත් තමයි මගෙ රේස් එක පටන් ගත්තෙ..”

“අන්තිම මීටර් දහය පහළොව යනකොට කොහොමද?”

“ඇත්තටම මට ඒ ටික මතක නෑ. අන්තිම හරියට එනකොට ඇඟේ තිබුණ මුළු හයියම දාල උපරිමයෙන් දිව්වා. අන්තිම මීටර් සීය දිව්වෙ ඇඟේ හයියට නෙවෙයි හිතේ හයියට. රේස් එක ඉවර කරලා විනාඩි දහයක් විතර යනකල් වුන කිසිදෙයක් මට මතක නෑ.

මට තේරෙන්නෙ නෑ මොකද වුනේ කියලා. අඩුගානෙ රේස් එක ඉවර කළේ කීවෙනියට ද කියලවත් මම දැනගෙන හිටියෙ නෑ. විනාඩි දහයකට විතර පස්සෙ තමයි මම ඇහුවෙ මං කීවෙනිය ද කියල. එතකොට තමයි දැනගත්තෙ මම ගෝල්ඩ් එක දින්නා කියලා.”

“දින්නා කියල දැනගත්තාම මොකද හිතුනෙ?”

“ඒක වචනෙන් කියාගන්න බෑ මට. කරන්න බෑ කියල දෙයක් මේ ලෝකෙ නෑ කියල මට හිතුණා. මගෙ ජයග්‍රහණය ගැන මම විතරක් නෙවෙයි. පුහුණුකරුවො, සහෝදර ක්‍රීඩකයො, මෙඩිකල් ස්ටාෆ් එක ඇතුලු හැම කෙනෙක්ම පුදුම විදිහට සතුටු වුනා.

ට්‍රැක් එකට යන මොහොතෙ පවා ඩොක්ට වුනත් මට කිව්වෙ අමාරුවෙන් දුවන්න එපා, ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න කියලා. මම එවෙලෙත් කිව්වෙ නෑ ඩොක්ට මම දුවන්නම ඕන, ඊට පස්සෙ වෙනදෙයක් බලමු කියලා. එහෙම තත්ත්වයක් තියාගෙන දුවල රට වෙනුවෙන් ගෝල්ඩ් මෙඩ්ල් එක දිනුව කියන්නෙ මට ඊට වැඩියෙ සතුටක් තවත් නැහැ.”

ඉඳුනිල් හැඟීම්බර වෙයි. ඔහුගේ ගැඹුරු හඬ තුළ ඒ හැඟීම්බර බව තදින් කාවැදී ඇත. ලක් මාතාව රනින් සරසන්නට හැකිවීම පිළිබඳව ඔහුට ඇති සතුට වචනවලට පෙරලිය හැක්කක් නොවේ.

“දැන් මේ මොහොතෙ ඒක ගැන මතක් කරද්දි මොනවද හිතෙන්නෙ?”

“ලෙඩ හැදිල ඉඳලත් රට වෙනුවෙන් ගෝල්ඩ් මෙඩ්ල් එක දින්න එක තමයි මට ගොඩක්ම වටින්නෙ. ඒ ගැන හිතනකොට දැනෙන හැඟීම වෙන කිසි දේකින් ලැබෙන්නෙ නෑ. දිනුවට පස්සෙ ගොඩක් අය මට කතා කළා. හැමෝම සුභ පැතුවා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.”

ඉඳුනිල්ගේ සිත තුළ ඇති මහත් වූ අභිමානය ගැන ඔබට මට තක්සේරු කළ නොහැක. එය ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් ක්‍රියා කළ අයෙකුට පමණක් උරුම වන හැඟීමකි. රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ වීර පුතෙක් ලෙස ඉඳුනිල් ඉතිහාසයට එක්වී හමාරය.

ඉතින් මම ඔහුට සමු දිය යුතුය.

“අන්තිමට කියන්න විශේෂ මොනවහරි දෙයක් තියනවා ද?”

“මට උදව් කරපු, මගෙත් එක්ක හිටපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ThePapare.com එකෙනුත් අපි ආපහු එනකල්ම අපිට නිතර කතා කළා. මගෙ ඊළඟ අරමුණ තමයි කොහොම හරි ඔලිම්පික් එකේ අන්තිම අටදෙනා අතරට එන එක. දැන් මම සූදානම් වෙන්නෙ ඒ වෙනුවෙන්. ගොඩක් අමාරුකම් එක්ක තමයි මේ ගමන යන්නෙ. නමුත් රට වෙනුවෙන් මම කොහොම හරි ඒ දේ කරනවා.”

ඉඳුනිල් ඔහුට හැකි උපරිමය රට වෙනුවෙන් ඉටුකර අවසානය. නමුත් ඔහු නවතින්නට සූදානම් අයෙක් නොවේ. ඔහුගේ අරමුණ කෙසේ හෝ ඔලිම්පික් තරගාවලියේ අවසන් ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට එක් වීමයි. ඒ සඳහා ඔහුට ඔබගේත් මගේත් සහය අවශ්‍ය ය. ඔබගේ වචනයක දිරිගැන්වීමක් පවා ඔහුව තවත් අඩියක් ඉදිරියට තල්ලු කිරීමට ප්‍රමාණවත් විය හැක.

Thepapare.com අපි රට වෙනුවෙනුත්, රටේ ක්‍රීඩාව වෙනුවෙනුත්, ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් වෙනුවෙනුත් අපිට පැවරී ඇති වගකීම නිසි අයුරින් ඉටු කිරීමට නිරතරයෙන් කැපවී සිටින්නෙමු. ඔබත් ඔබට හැකි උපරිමය වචනයකින් හෝ ඔවුන් වෙනුවෙන් ලබා දිය හැකි නම් අනාගතයේ පදක්කම් සටහන් තුළ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වන පදක්කම් ගණන දෙගුන තෙගුන වනවා නොඅනුමානය.

ඒ දිනය එළඹෙන තෙක් අපි එක්ව ගමන් කරමු

(උපුටා ගැනීම - පුලස්ති පතිරණ )

2019 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ ලක්ෂිකා සුගන්දි ක්‍රීඩිකාවට The Sports Hub වෙතින්  උණුසුම් සුබප...
27/10/2019

2019 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ ලක්ෂිකා සුගන්දි ක්‍රීඩිකාවට The Sports Hub වෙතින් උණුසුම් සුබපැතුම් Lakshika Sugandi

24/10/2019

Congratulations Sumedha Ranasinghe Oly for winning Sri Lanka's second medal at the Games! His Bronze medal winning throw was measured at 73.35m

මොවුන් දෙදෙනාගෙන් ඔබේ මනාපය කාටද?
12/10/2019

මොවුන් දෙදෙනාගෙන් ඔබේ මනාපය කාටද?

Like to this Page ❤️උබට ලොකු අනාගතයක් තියනව වනිදු මොලෙන් ලොකු ගේමක් ගහපන්. මොකද මේ රටේ වැඩ්ඩොන්ට අපලයි. ජයවේවා Wanidu Ha...
07/10/2019

Like to this Page ❤️
උබට ලොකු අනාගතයක් තියනව වනිදු මොලෙන් ලොකු ගේමක් ගහපන්. මොකද මේ රටේ වැඩ්ඩොන්ට අපලයි.
ජයවේවා Wanidu Hasaranga ❤️💪
Chathuranga De Silva

Like to this page 💪අවස්ථාවක් නැතුව අවුරුදු 27ක් ක්‍රිකට් ජීවිතේ පුස්කාපු එක කොල්ලෙක් ලැබුනු එක අවස්ථාවෙන් අවුරුදු 27ක වේ...
07/10/2019

Like to this page 💪

අවස්ථාවක් නැතුව අවුරුදු 27ක් ක්‍රිකට් ජීවිතේ පුස්කාපු එක කොල්ලෙක් ලැබුනු එක අවස්ථාවෙන් අවුරුදු 27ක වේදනාව එලියට දානවා.

ජයවේවා Bhanuka Rajapaksa ❤️❤️❤️

අවුරුදු ගානක් අවස්ථාවක් නැතුව හිටියෙ දක්ශ කමන් නැතුව නෙමෙයි කියල තෙරෙන්ඩ ඇති. Minod Bhanuka Bhanuka Rajapaksa Like to th...
06/10/2019

අවුරුදු ගානක් අවස්ථාවක් නැතුව හිටියෙ දක්ශ කමන් නැතුව නෙමෙයි කියල තෙරෙන්ඩ ඇති. Minod Bhanuka Bhanuka Rajapaksa

Like to this page

සුබ අනාගතයක් දෙන්නටම 🙏🏻💪❤️

29/09/2019

යකා වැහුණු මාර්ටින් ගප්ටිල්

Like to This Page
Share video..........................

❤️
21/09/2019

❤️

06/09/2019

අපිට මොන අඩුපාඩුද? පොඩ්ඩක් නැවතිලා බලන්න.
අපි රටක් ඉතුරු කරන්න ගිහිනි තමයි මේ.
අගේ හයිය අඩු උනත් හිතේ හයිය නම් මදි නොකියන්න තියනව. 💪💪💪💪💪💪💪💪💪

එහෙම පැනිල්ලක් නෙමේ. Subscribe කර්න්න.
30/08/2019

එහෙම පැනිල්ලක් නෙමේ. Subscribe කර්න්න.

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය වාර්තාවක් තියපු පැනිල්ල

1997 ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූයේ වසර 22කට පෙර මුලින්ම පන්දුවට ...
23/08/2019

1997 ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූයේ වසර 22කට පෙර

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ජයසූරිය පන්දු 52කින් ලබා ගත් ලකුණු 73 නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 91/0 ලෙසින් දිස්විය. නමුත් එම අවස්ථාවේ ජයසූරිය දැවී ගිය ද මාවන් සහ මහානාම එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 199/1 බවට පත්කරමිනි.

ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුනු ලකුණු 108ක සබඳතාවය නිමා කරමින් මහානාම ලකුණු 53කට දැවී යාමෙන් පසුව සිය එක්දින දිවියේ මංගල ශතකය ලබා ගනිමින් මාවන් රැස්කළ ලකුණු 118 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 302/4 ලෙසින් සටහන් විය.

ඉන්පසුව ලකුණු 303ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ගංගුලී සහ ටෙන්ඩුල්කාර් ලකුණු 58ක සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. නමුත් එම අවස්ථාවේ දී ලකුණු 6ක් තුළ ඉන්දීය කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටීම නිසා ඉන්දීය ලකුණු පුවරුව 64/4 ලෙසින් දිස්විය.

එලෙස ඉන්දීය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වූ අසාරුඩීන් සහ ජඩේජා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව මැනවින් පාලනය කරමින් පන්දුවට පහර දෙන්නට විය. එදා ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 223ක සබඳතාවයක් පැවැත්වූයේ එම අවධියේ එම කඩුල්ල සඳහා පිතිකරුවන් දෙදෙනෙකු වාර්තා කළ ඉහළම සබඳතාවය ඔවුන්ගේ නම් ඉදිරියේ සටහන් කර ගනිමිනි.

නමුත් 287/4 ලෙසින් ඉන්දීය ලකුණු පුවරුව සටහන් වූ අවස්ථාවේ ජඩේජා ලකුණු 119කට දැවී යාමත් සමඟම ඉක්මනින් කඩුලු 2ක් දැවී ගිය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 300/6 ලෙසින් දිස්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු දෙකක තියුණු ජයක් උරුමකර දෙමිනි.

එහි දී ජඩේජාට අනගි සහයක් ලබා දුන් අසාරුඩීන් ලකුණු 111ක් ලබාගෙන නොදැවී සිටියත් ඔහුට ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමය නොහැකිවිය.

ඡායාරූපය - සනත් සහ මාවන් (1997 වසරේ පැවති ඉන්දීය නිදහස් කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක ඡායාරූපයක්) Sri Lanka Cricket

21/08/2019

රොනාල්ඩෝ ද? මෙසීද? 😱💪

කවුරු කියල හිතන්නේ? දන්න අය කියන්ඩ බලන්න .💪🧐Athletics Association of Sri Lanka Athlete Unleashed Oakland Athletics Tamil...
12/08/2019

කවුරු කියල හිතන්නේ? දන්න අය කියන්ඩ බලන්න .💪🧐

Athletics Association of Sri Lanka Athlete Unleashed Oakland Athletics Tamil Union Cricket and Athletic Club University of Alabama Athletics

05/08/2019

ලොව වේගවත්ම මිනිසුන් 5 දෙනා. 😱
එහි ප්‍රතමයා උසේන් බෝල්‍ට් 1️⃣

අනෙක් මිනිසුන් ඔබ හදුනනවාද ? 🤔🤔🤔🤔

ෆෝට්නයිට් පරිඝණක ක්‍රීඩාව යොවුන් තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය ඔන්ලයින් පරිඝණක  ක්‍රීඩාවක්. ලොව පුරා මිලියන 250කට අධික ...
03/08/2019

ෆෝට්නයිට් පරිඝණක ක්‍රීඩාව යොවුන් තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය ඔන්ලයින් පරිඝණක ක්‍රීඩාවක්. ලොව පුරා මිලියන 250කට අධික පිරිසක් ක්‍රීඩා කරන මෙය බහු ක්‍රීඩක එසේත් නැත්නම් මල්ටි ප්ලේයර් වර්ගයේ වීඩියෝ ක්‍රීඩාවක්. ලොව පළමු වරට සංවිධානය කෙරුනු ෆෝට්නයිට් ලෝක ශූරතාවය පසුගියදා නිමාවුනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී. තරගයට සුදුසුකම් ලැබීමේ අවම වයස අවුරුදු 13ක් වූ අතර සහභාගී වූ වැඩිමහල්ම ක්‍රීඩකයාගේ වයස වුනේ අවුරුදු 24ක්. මෙහි අවසන් මහා තරඟයට ක්‍රීඩකයන් සිය දෙනෙකු එක් වී තිබුනා. එහිදී ශූරතාවය දිනා ගැනිමට සමත්වූයේ බූගා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදයේ කයිල් ජර්ස්ඩෝෆ්. එහිදී ශූරතා කුසලානය සමඟින් ඇමරිකානු ඩොලර් මිලියන තුනක් දිනාගැනීමට දහසය හැවිරිදි බූගා සමත් වුනා. එම මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 510 ක්. ඔහු ලැබූ ජනප්‍රියත්වය නිසාම ජයග්‍රහණයෙන් පැය කිහිපයක්වත් යාමට මත්තෙන් බූගා ගේ ට්විටර් සහ ට්විච් ගිණුම් හැකර් ප්‍රහාර වලට ලක්වී තිබුණා. එසේම දින කිහිපයක් තුළදී ඔහුගේ යූ ටියුබ් ගිණුම අනුගාමිකයන් 31,000 සිට 348,000 දක්වා ඉහළ ගියා.ජයග්‍රහණයෙන් දින දෙකකට පසු බූගා ජිමී ෆැලන් විසින් මෙහෙයවන ලේට් නයිට් වැඩසටහනට සහභාගී වුනා.

එළබෙන දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වීමට නියමිත අතර ...
03/08/2019

එළබෙන දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වීමට නියමිත අතර මේ වන විටත් ඒ සඳහා තෝරා ගැනීමේ තරගයන් ආරම්භ කොට අවසන්ය නමුත් ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය ගැන කිසිදු බලදාරියෙකුට වගේ වගක් නොමැත.
දකුණු ආසියාව පමණක් ජයග්‍රහණය කිරීමෙන් පලක් තිබේද ?🙃

    ලෝක කුසලාන තරග වලදි පමණක් කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබාගත් මාලිංග ලබාගෙන තිබෙන මුළු කඩුළු ත්‍රිත්වයන් ගණන තුනක්. සීමිත...
25/07/2019



ලෝක කුසලාන තරග වලදි පමණක් කඩුලු ත්‍රිත්වයන් දෙකක් ලබාගත් මාලිංග ලබාගෙන තිබෙන මුළු කඩුළු ත්‍රිත්වයන් ගණන තුනක්. සීමිත ඕවර තරග වලදි වගේම විස්සයි විස්ස තරග වලදිත් මාලිංග තමන්ගෙ උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබාදුන්න අවස්ථා ගණන අපමණයි. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සෙ ශ්‍රී ලංකාව 2014 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත්තෙත් මාලිංගගෙ නායකත්වයෙන්.ඒ අවසන් මහා තරගයෙදි නුවන් කුලසේකර එක්ක යවපු අවසන් පන්දු වාර හතර නොවන්නට එදා ශ්‍රී ලංකාවට කුසලානය අහිමිවෙන්ටත් ඉඩ තිබුනා. 💪 😘

      රත්ගම වෙරළෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ලෝක පූජිත පිතිකරුවන් තම පන්දු හමුවේ දණින් වැට්ටවූ මේ විශිෂ්ටයා එළඹෙන ...
25/07/2019



රත්ගම වෙරළෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ලෝක පූජිත පිතිකරුවන් තම පන්දු හමුවේ දණින් වැට්ටවූ මේ විශිෂ්ටයා එළඹෙන ජූලි මස 26 වැනිදා එක්දින ජාත්‍යන්තර තරග රටාවෙන් සමුගෙන යන්නේ වසා දැමිය නොහැකි අඩුවක් හා මකා දැමිය නොහැකි මතකයන් ගොන්නක් අපට ඉතිරි කර තබමින්..
සපරමාදු ලසිත් මාලිංග, ඔබට සුබ ගමන්...

 2010 වසරේ පැවති බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ මීර්පූර් නුවර ශෙරේ බංග්ල...
25/07/2019



2010 වසරේ පැවති බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ මීර්පූර් නුවර ශෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ දී ගම්භීර්, ෂෙවාග්, සහ දෝනි යන මුල්පෙළ පිතිකරුවන් තිදෙනා දවාගනිමින් කුලසේකර කළ මනරම් පන්දු යැවීම නිසා ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 60ක් තුළ දැවීගියා. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් එම තරගය ජයග්‍රහණය කරන විට තරගයේ වීරයා බවට පත්වුණේ ලකුණු 48කට කඩුලු 4ක් ලබාගත් කුලසේකර යි.

24/07/2019

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Champions.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share