06/05/2024
විශේෂ දැනුම් දීමයි
අප ආයතනයේ සියළු විවාහ මංගල ඡායාරූපකරණය සහ අනෙකුත් අවස්ථා ජායාරූපකරණ වැඩ කටයුතු අදින් නවතන බව කාරුණිකව දැනුම් දෙමි..
මෙතෙක් අවම වසරකට වඩා වැඩි කාලයක් ගත වී ඇති නමුත් ඇල්බම් සඳහා වන අවසාන මුදල් නොගෙවූ හා අවසාන මුදල් කොටසක් හෝ ගෙවූ අයටත් නැවත අප ආයතනයෙන් ඇල්බම් ලබා නොදේ..
දැනට සමහර මනාල යුවල් වසර පහ ඉක්මවා ගොස් ඇතත් ඇල්බම් ලබා ගෙන නැත. සමහරු සුලු මුදල් කොටසක් පමණක් ලබා දී දැනට වසර දෙකකට වඩා ඉක්මවා ගොස් ඇත. ඔබ සියළු දෙනාට ඔරිජිනල් ෆොටෝස් සියල්ල ලබා දී ඇති බැවින් කාටම හෝ කියා ඇල්බම් සාදවා ගන්න..
මනුස්සක්ම් පෙන්වන්නට ගොස් වසර ගණන් ඔබේ ඡායාරූප, බාගෙට මුදල් ගෙවා ඇති අයගේ බාගෙට සැදූ ඇල්බම් තබාගෙන සිටියාට මට මට්ටු ලැබෙමින් ඇත..
කිසිවිටක මනුස්සකම් නැවත නැත...
ඔබලා අප ආයතනය සමඟ ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව අපේ ගණුදෙනු අවසන් වී බොහෝ කල් පසු වී ඇත.. ඒවාට අනුව මාස 6කට පසු අප ඔබගේ ඡායාරූප සුරැකීමට බැදී නැත.
ඒ නිසා ඔයාලට කැමති නීති මාර්ගයක් අනුගමනට කලාට අප ආයතනයට ගැටළුවක් නැත..
මීට පෙර අවස්ථා කිහිපයකදී සියළුම පාරිභෝගිකයන්ට වරින් වර, වරින් වර පුද්ගලිකව මෙන්ම අපගේ නිල ෆේස්බුක් පිටුව හරහාද ප්‍රසිද්ධියේ දැනුවත් කිරීම් කර ඇත.
ඒවා මායිම් නොකර සිතූ සිතූ ආකාරයට කටයුතු කිරීමට ඔබට ලබා දුන් අවස්ථා අදින් අවසන් වේ..
අප මෙතෙක් පාරිභෝගිකයන්ට ඉතා ගෞරවාන්විතව සහ උසස් සේවාවක් ලබා දී ඇත. කපටි කයිරාටික මිනිසුන් උපක්රමශීලීව අප ආයතන අපහසුතාවට පත් කිරිමට උත්සාහ දැරුවද ඒවා ව්‍යර්ථ වන්නේ අප ආවට ගියාට වැඩ නොකල නිසාවෙනි. සියළු දත්ත ලිපි ගිවිසුම් තවම අප සතුව ඇත. ඒ නිසා අප ගැටළුවක් නොමැත..
වසර ගණනක් අප සුරැකි ඡායාරූප ඇල්බම් මෙතැනින් පසු ඉවත් කරනු ඇත. දැන් කුලප්පු වී කතා කලාට පලක් නොමැත.
මිනිසුන් හැමෝටම ප්‍රශ්න බව මා දනිමි..එබැවින් මනුස්සකම් කලෙමි.. එනමුදු මිනිසුන්ට ඒවා අමතක වෙනවා නම් නැවත කිසිවෙකුට මනුස්සකම් නැත..
ජොබ් එක අවසන්,
ස්තූතියි මෙතෙක් නියමාකාරයෙන් තමන්ගේ කාර්යයන් අප වෙතින් නිමවා ගත් පාරිභෝගිකයන්ට සහ අප ගැන විශ්වාසය තැබූ සැමට.
Director
Tharindu Ranjaka
STUDIO CAPTURE HEART