02/04/2024
අද කතා කරන්න යන දේ වැඩියෙන්ම වටින්නේ මනාලියක් වෙන්න ඉන්න ගෑල්ලමයින්ට. 👧මොකද Wedding කියන Business එක ඇතුලේ තවත් හොඳම Business එකක් තමයි මේ මනාලියන්ට ඇන්දවීම කියන්නේ. මේ කියන්න යන්නෙ ඒකෙදි උපරිම වියදම් අවම කරගන්න හැටි..
සාමාන්‍යයෙන් Bridal Dressing Package එකක් ලක්ෂයේ විතර ඉඳල ලක්ෂ 20ක් විතර වෙනකන්ම තියෙනවා. 😁ඒ වගේම හොඳ Bridal Saree එකක් අද market එකේ රුපියල් 50,000 ඉඳන් ලක්ෂ 5ක් විතර වෙනකන් තියෙනවා.
සාරිය විතරක් තිබිල බෑනේ. 😋 ඕකට හැට්ටේ මහන්න රුපියල් 15000 වගේ ඉඳන් 50000ක් විතර ගන්න කට්ටිය ඉන්නවා. ආයේ ඉතින් ඕවට සෙරෙප්පු, ආබරණ, ඊළඟට දෙවෙනි මනාලියන්ගේ ඇඳුම්, එයාලගේ සෙරෙප්පු, ආභරණ, Flower Bouquet කීයක් නම් දේවල් ද. ඉතින් මනමාලිට ඕවට යන වියදම සුලුපටු නෑ.💰
මනමාලයට කියලත් ඉතින් ඔයිට ලොකු වෙනසක් නෑ. නිළමේ ඇඳුම් අදිනවානම් ඒවා Rent කරන්න යන වියදම, එහෙම නැත්නම් Full Suit අදිනවානම් ඒවා මහන්න, ඒවාට සපත්තු සෙරෙප්පු ගන්න යන වියදම, දෙවෙනි මනමාලයන්ට යන වියදම කොන්ඩ කපන්න රැවුල් කපන්න, කොන්ඩ Set කරන්න වගේ දේවල් විතරක් නෙවෙයි දෙවෙනි දවසේ මනාලිගේ ඇඳුම අරන් දෙන්නත් ඕනනේ. ඉතින් එහෙම බැලුවම එකත් සැලකියයුතු වියදමක්.
වියදම් වියදම් කියල ඉතින් හොඳ makeup එකක් නැතුව එදාට යන්න කිසිම මනමාලියෙක්කැමති වෙන්නේ නෑනේ.Makeup නැතුව ගියත් ඇඳුම් නැතුව එලියට බහින්න බෑනේ. අපි කියලා දෙන්නෙ වැඩේ බාල විදිහට කරන්න නෙවෙයි. හොඳම වැඩක් ලාබෙට කරන්න. ඒ නිසා අපි බලමු කොහොමද මේ වියදම් අවම කරගෙන එදාට ලස්සනට ඉන්නේ කියලා.
#මනමාලිට 👰
1. මහපු, වර්ක් කරපු සාරි ගන්නේ නැතුව පුලුවන් නම් සාරියට රෙදි අරන් සාරි වර්ක් කරගන්න මහගන්න. ගොඩක් ගෑනු ලමයින්ට ඕවා පුලුවනි.. සාරියේ රෙද්ද විතරක් නෙවෙයි, එකට දාන lining, underskirt වලට රෙදි, සාරිය work කරන්න පබළු, ඒවා අලවන්න ගම් අනන් මනං ඔක්කොම කඩේ ගන්න තියෙනවා. .
පිටකොටුව තමා එකම Option එක. A /C කරපු ලොකු ලොකු shops වගේ නම් සුවපහසු නෑ ඉතින්. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා. කොටුවේ Second Cross Street එකේ තියෙන්නෙම මේ රෙදි කඩ.
සාරි Material කිව්වම බුරුතු පිටින් තියනවා. Quality ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ. ලොකු ලොකු Shops වල තියෙන ඒවම තමා.
අනික අපි ඔය ඇඳුම හෝද හෝද මාස ගණන් අඳින්නේ නෑනේ. එක දවසයි. ඉතින් කිසි බයක් වෙන්න එපා. හැබැයි පෙටා වල හෙන අන්ඩයෝ ඉන්නේ. කනින් රිංගයි දන්නෙම නැතුව. ඒ නිසා කොටුවේ ඇවිදින්න දන්න කෙනෙක් එක්ක යන්න. එකම කඩේකින් රෙදි ඔක්කොම ගත්තම ගාන තවත් අඩුයි.
2. Work කරපු රෙදි නැතුව රෙදි අරන් Work කරගන්න. Normally, Work කරපු රෙද්දක යාරයක් 4000ක් වෙනවනම් ඒ රෙද්දම work නොකර ඔයාට ගන්න පුළුවන් රුපියල් 2000ට. ඒ රෙද්ද අරන් එහෙම්ම පිටකොටුවේ රතු පල්ලිය ගාවට ආවනම් පබළු Packet එකක් ගන්න පුළුවන් රුපියල් 300කට. ගම් එකක් රුපියල් 500ක් වගේ. මුළු සාරියටම පබළු packet දෙකක් තුනක් යයි. ගම් එකයි. ඒ කියන්නේ work කරන වියදම රුපියල් 2000ක්වත් නෑ. පිස්සු නෙහ්! පුදුම වෙන්න දෙයක් නෑ හුගක් අයගෙ නොදන්න කමින් තව හුගක් කට්ටිය හම්බුකරගන්නවා...
මේක දැන් ඔය bridal dresser කෙනෙක් දැක්කොත් හෙන බයිලාවක් කමෙන්ට් කරන්නත් පුලුවන්.. අව්ලක් නෑ.. මම මේ ලියන්නේ මම අත්විඳපු දේ..
3. Work කරපු සෙරෙප්පු නැතුව සෙරෙප්පු අරන් Work කරගන්න. සාමාන්‍යයෙන් bridal shoes කියන ඒවා මාර ගණන්. කඩේක බැලුවොත් රුපියල් 25000ක් වත් වෙනවා normal දෙකක්. බය වෙන්න එපා. ඒකම හදාගන්න පුළුවන් රුපියල් 3000කට. දෙවෙනි මනමාලිට නම් රුපියල් 2000ක් වගේ වෙයි. ඕන size එකකට ඕන උසකට. කලින් වගේම අරගෙන අපිට පබළු, ගල් අලවල work කරගන්න තියෙන්නේ. ඕවා ගෑණු ලමයින්ට නම් සිම්පල් දේවල්..
4. නමට Dressers ල Select කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු අය ගත්ත කියල එයාලම අන්දන්නෙත් නෑ. වැඩ දෙක තුනක් ගන්න නිසා ගෝලයෝ තමා වැඩේ කරන්නේ. අනික එහෙම ලොකු කෙනෙක් Book කලාම අවාසි ගොඩක් තියෙනවා. එයාලට ගොඩක් තැන් වලින් Commission හම්බෙනවා. ඒ නිසා එයාලා කියන තැනින් සාරිය ගන්න ඕන, එයාලා කියන තැනින් සෙරෙප්පු ගන්න ඕන. එයාලා කියන තැනින් මහන්න ඕන..
ඔය ඔක්කොමත් හරි එයාලගෙ ලොකුline බලන්නත් ඕන. ඒ නිසා හොදට හොයල බලල ගණන් අඩු හොඳ කෙනෙක් තෝරාගන්න.
5. Flexible සුහදශීලී Dresser කෙනෙක් තෝරාගන්න. ගොඩක් ලොකු ලොකු අය ගත්තම එයාලට ඕන දේ තමා කරන්නේ. මනමාලිගේ කැමැත්තට වැඩේ වෙන්නේ නෑ. ඒ නිසා කතාබහ කරලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් තෝරාගන්න. ගොඩක් වෙලාවට ඕනම කෙල්ලෙක්ට ඔය day-today කොන්ඩ කපන්න, ඇහිබැම් උගුල්ලන්න😂, Party වලට යද්දී Makeup දාන්න, Hairstyle දාන්න පුරුදු Salon එකක් තියෙනවා. ඉතින් එයා Bridal කරනවානම් එතනම තෝරාගන්න එක හොඳ දෙයක්. පුරුදු තැන නෙ.
6. Package එකේ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට දෙවෙනි මනමාලියන්ගේ ඇඳුම්, එයාලගේ makeup, flower bouquet, ආභරණ විතරක් නෙවෙයි මනමාලිගේ අම්මට අන්දන එක පවා ඔය package වල include වෙනවා. ඒ දේවල් ගැන කලින් කතාකරගෙන agreement එකකට එන්න. පොඩි පොඩි දේවල් උනාට කලින්ම කතා කරගත්තේ නැත්නම් පස්සේ ප්‍රශ්න.
#මනමාලයට... 👦🧒🧑
1. Exhibitions වලට යන්න. ගොඩක් වෙලාවට මුල් ඇඳුම් අදිනවානම් Quotations අරන් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් Discounted price එකකට. Photos, fb reviews බලන්න කෙනෙක් book කරන්න කලින්. සමහර අය ඕක අන්දනවා බඩදරු ගෑනියෙක් නාන්න යන්න ඇඳගෙන වගේ. 😂 ඒ නිසා ගාන ගැනම නැතුව Quality එක ගැනත් හිතන්න. අනික සමහර තැන් වල ඇඳුම් හරියට Maintain කරන්නේ නෑ. පරණ චාටර් වෙච්ච ඒවා තියෙන්නේ. හොයල බලල හොඳ කෙනෙක් Book කරන්න.
2. කෝට් සූට් මහනවනම් කම්පනි එකේ නමට ඇඳුම් මහන්න යන්න දෙන්න එපා. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු නම් තියෙන අයගේ පට්ට ගණන්. හොඳ කට්ටිය ඉන්නවා ගණන් අඩු. හොයල බලල මහන්න.
3. සපත්තු සෙරෙප්පු කොටුවෙන් ගන්න. ගොඩක් අඩුවට ගන්න පුළුවන් මල්වත්ත පාරට ගියානම්. හැබැයි පේමන්ට් එකෙන් නෙමෙ ඈ..
4. Full Suit නිතර ඇඳෙන්නේ නැති කෙනෙක්නම් මහන්න එපා, Rent කරන්න. මොකද නැත්නම් ඕක ගෙදර නිකන් පුස් කනවා. බොරු වියදමක් නෙ.
Rent කරපුව අඳින්න කැමති නැත්නම්, තියෙන design set වෙන්නේ නැත්නම්
මහන තැන talk කරලා first fit-on මහගන්න. ඒ කියන්නේ අපේ measurement වලට ඇඳුම මහනවා. හැබැයි අපි ආයේ ඒක එයාලට දෙන්න ඕන. මෙහෙම කලොත් ඔයාගේ හිතේ තියෙන design එක ගාන අඩුවට මහගන්න පුළුවන්. (හැබැයි ඉතින් මේකට shop එක කැමති වෙන්නේ ඔයාගේ design එක හොඳ නම් සහ උස මහත ගානට තියෙනවනම් තමා. නැත්නම් එයාලට ආයේ ඒක Rent කරන්න බෑනේ)
5. හැම තිස්සෙම ලොකු වැඩ නැති Simple Decent Design එකක් සහ Common cColours තෝරාගන්න. මොකද එක දවසකට විතරක් full suit එකක් මහල වැඩක් නෑනේ. ආයේ ඕක වෙඩිමකට, office එකේ event එකකට අඳින්න පුළුවන් විදිහේ decent design එකක් මහගන්න තොරොම්බල් කරත්තයක් වගේ එකක් නැතිව.
***නිලමේ ද? full suit ද?
මෙහෙමයි, මේ කාරනේදී first priority දෙන්න ඕන අම්මලාගේ සහ wife ගේ කැමැත්තට තමා. නිළමේ ඇඳන් ඉන්නවා කියන්නේ අපා දුකක්. 😂 හැබැයි ඒක් වෙනම අබිමානවත් සීන් එකක්...
Cost එක ගැන හිතුවොත් කෝට් සූට් Rent නොකර මහනවානම්, ඒකට වඩා නිලමේ අඳින එක සාපේක්ෂව ලාබයි. මොකද ඔක්කොම package එකේ හම්බෙනවා. full suit එකට ගියොත් ඒවාට හරියන්න ඔයාටයි bestman ලටයි සපත්තු, belt , tie, cufflinks වගේ දේවල් ගන්න වෙනවනේ. සාපේක්ෂව ඒකත් ලොකු ගානක්. හැබැයි ඉතින් ඒවා හැමදාටම තියෙනවා. නිලමේ ඇඳුම් ටික අන්දපු එක්කෙනා අරන් යනවා. ඒ නිසා දෙපැත්තම තියෙනවා. හිතල බලල හොඳ එකකට යන්න.
Costumes වලට යන ගාන අඩු කරගන්න නම්....
ඔයාගෙ වෙඩින් එක Outdoor theme එකට යනවනම් ඔයාලට මේක හොඳටම match වෙනවා.
ගොඩක් වෙලාවට ඒ වගේ wedding එකක මනමාලි අඳින්නේ frock එකක්. ඉතින් frock එකක් rent කරන්න ඔයාට යන්නේ රුපියල් 15000ක් වගේ පොඩි ගානක්. ඊළඟට මනමාලයා අඳින්නේ full suit එක. ඉතින් එකත් මම මුලින් කිව්වා වගේ rent එකට හරි first fit-on ගත්තනම් හරි අඩුවට කරගන්න පුළුවන්. මේ wedding එකත් එක්කම බැඳිච්ච දෙයක් තමා simplicity කියන එක. ඒ නිසා jewelry, makeup වගේ දේවල් උනත් අඩුවෙන් තමා use වෙන්නේ. ලොකු ලොකු hairstyle ලොකු ලොකු flower bouquet එහෙම ගන්නෙත් නෑ. ඉතින් ඒ වියදමත් අඩුයි.
dressing වලදී තව සැලකිය යුතු වියදමක් තමා දෙවෙනි මනමාල මනමාලියන් ගේ ඇඳුම්. මනමාලිට වගේම එයාලටත් සාරි හදන්න, හැට්ට මහන්න, makeup කරන්න එහෙම වියදම් යනවනේ. ඒත් ඉතින් මේ පොෂ් wedding එකක යහළු මනමාලියෝ අඳින්නෙත් frock එකක්. අඩුවට හියාගන්න බැරි නෑනේ.. කොහොමද ලාබෙ??
දෙවෙනි මනමාලයොන්ටත් නිලමේ ඇඳුම් ඇන්දොත් මනමාලයාගේ වියදම වගේම යනවනේ. full suit rent කලානම් ගාන සාපේක්ෂව අඩුයි. rent කරන්න කැමති නැද්ද? හරි එහෙනම් හෙන අඩු ගානකට මේ සෙට් එක posh කරමුද...
එහෙනම් ඒ set එකට coat මහන්න එපා. කලිසම විතරක් මහන්න. shirt නම් කඩෙන් ගන්න පුළුවන්නේ. ඊට පස්සේ suspender එකක් දාලා bow එකක් දාල ගත්තනම් හෙන පොෂ්. full suit මහන වියදමෙන් තුනෙන් පන්ගුවක්වත් යන්නේ නෑ. හොඳයි නේද?
ඔන්න ඔහොමයි අඩුවට පොෂ් වෙන්නේ! 😂😂
සීමාවෙන් එපිට - L E A V E ' S🌹