Aarthi Music Festival

Aarthi Music Festival Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aarthi Music Festival, Performance & Event Venue, University of visual and performing arts, Colombo.

12/12/2024

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති - 2024" ශාස්ත්‍රීය ප්‍රසංගය සහ ප්‍රාසාංගික ගායන වාදන ඇතුළත් නිදර්ශනාත්මක දේශන මාලාව ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සාර්ථක ලෙස නිමා කරලීමට හැකි වූ බව ඔබ සැමට සතුටින් දන්වා සිටිමු. එලෙස සාර්ථක ලෙස නිම කිරීමට ඇපකැප වූ සියලු පාර්ශවයන්ට මෙලෙසින් කෘතඥතාවය දක්වා සිටිමු..

◻️ ප්‍රථමයෙන්ම ආර්තී අනු කමිටුව වෙනුවෙන් එහි 2024 වර්ෂයේ සභාපති ලෙස ,සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය රොහාන් නෙත්සිංහ මහතාටද, සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති ආචාර්ය සරත් ප්‍රනාන්දු මහතාටද බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

◻️ එමෙන්ම මෙම කර්තව්‍යයේදී අප අතින් සිදුවන අඩුපාඩු පෙන්වා දෙමින්, දිරි ගන්වමින් අවසන් මොහොත දක්වා ශක්තියක් වූ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කැලුම් කුලරත්න, සම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර අලගියවන්න යන අපගේ ආදරණීය ගුරුභතුන්ටත් අපගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටිමු.

◻️ ආර්තී ප්‍රසංගයේ වැඩකටයුතු ආරම්භ කළ දිනයේ සිට අපගේ අඩුපාඩු පෙන්වා දෙමින් නිරන්තරයෙන්ම අපට ශක්තියක් වූ මෙන්ම නිදර්ශනාත්මක දේශන මාලාව වෙනුවෙන් සහභාගී වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයේ උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන දර්ශනපති ඩී. චානක පීරිස් මහතා ඇතුළු උත්තර භාරතීය සංගීත අධ්‍යයනාංශයේ ගුරුභවතුන් සියලුදෙනාම ආදර ගෞරව පූර්වකව සිහිපත් කරමු.

◻️ එමෙන්ම මෙම ප්‍රසංගය සාර්ථක නිම කිරීමට නන් අයුරින් සහය දැක්වූ සංගීත පීඨයේ ව්‍යවහාරික හා ජනසන්නිවේදන සංගීත අධ්‍යයනාංශය, දක්ෂිණ භාරතීය සංගීත අධ්‍යයනාංශය, මානවවංශ සංගීතවිද්‍යා අධ්‍යයනාංශය, බටහිර සංගීත අධ්‍යයනාංශය, සංගීතවිද්‍යා අධ්‍යයනාංශයන්හි අධ්‍යයනාංශ ප්‍රධානවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරුභවතුන්ට අපගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කරමු..

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ නිදර්ශනාත්මක දේශන මාලාවන් පැවැත්වූ දෙදින පුරාවට ශබ්ද පරිපාලන කටයුතු සඳහා දායකත්වය ලබා දුන් බාහිර කතිකාචාර්‍ය සඳුන් රණසිංහ මහතා සහ මෙම දිනයන්හි ආලෝකකරණය සඳහා නොමඳව දායකත්වය ලබාදුන් බාහිර කතිකාචාර්‍ය සචී මධුරංග මහතාටද බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. එමෙන්ම ආර්ති ශාස්ත්‍රීය ප්‍රසංගයේ අවසන් දින උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට එහි ශබ්ද පරිපාලන කටයුතු සඳහා නොමදව දායකත්වය ලබාදුන් බාහිර කතිකාචාර්‍ය රචික ද සිල්වා මහතාට ද එම තෙදින පුරාවට තාක්ෂණික සහය ලබා දුන් තාක්ෂණික නිලධාරී තිවන්ත අලගියවන්න මහතාට ද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

◻️ අර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය විචිත්‍රවත් කිරීම සඳහා ඩිජිටල් වීඩියෝ තිරය ලබාදුන් Highlight Event ආයතනයේ වතිල මනකමල් මහතාටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

◻️ මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා අවසන් මොහොත දක්වා ආර්තී අනුකමිටුවට අවශ්‍ය සහාය නොමඳව ලබාදුන් සංගීත පීඨ ශිෂ්‍ය සංගමයටද අපගේ ස්තූතිය පිරිනමමු.

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංග මාලාවේ ප්‍රචාරක මුද්‍රිත දැන්වීම්, වීඩියෝ නිර්මාණය, ඩිජිටල් වීඩියෝ තිරය සඳහා වීඩියෝ නිර්මාණය, ආර්තී ප්‍රසංගයේ සියලු Art work නිර්මාණ සඳහා නොමඳව දායකත්වය ලබාදුන් දිලීප් දිල්හාර (YoYo Creation) ඔබ අප වෙනුවෙන් කල කැපකිරීම අප නොමදව අගය කරමු.

◻️ එමෙන්ම ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ පසුතල හඬපට පටිගත කිරීම සඳහා දායකත්වය ලබාදුන් සිව්වන වසර විද්‍යාර්ථීන් වන මයුර මොක්සිරි සහ දිලීප් දිල්හාර (YoYo Creation) අපගේ ස්තුතිය පුදකරමු.

◻️ ආර්තී ශාස්ත්‍රීය නිදර්ශනාත්මක දේශන මාලාවේ පළමු දින සහ දෙවන දින ඡායාරූකරණයෙන් සහය ලබාදුන් සිව්වන වසර නොනිමි භාග්‍යා(19/20) සහෝදරියට සහ අවසන් ප්‍රසංගය පුරාවට ඡායාරූපකරණයේ නිරත වූ සිව්වන වසර හරිඳු විජේවර්ධන (19/20) ඔබටත් ස්තූතිය පුද කරමු.

◻️ එසේම ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ වීඩියෝකරණය සමඟ සම්බන්ධ වූ වාපා රූපවාහිණී නාලිකාවටද අපගේ ස්තූතිය පිරිනමමු.

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය 2024 වැඩසටහන් මාලාවේ ව්‍යාපෘති යෝජනාව සකස් කිරීමේ සිට සියළු කටයුතු වල අවසානය දක්වා මා හට සවිය වූ ආර්ති අනුකමිටු සාමාජික මලිඳු හංස දේවේන්ද්‍ර, රශ්මිත අභිෂේක, දිනාලි ජයසුන්දර, අචිනි දිසානායක, රොවෙන් අර්ල් යන අයටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. මෙය මෙතරම් සාර්ථක වීමට ඔබගේ සහය මහත් රුකුලක් විය.

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය සඳහා අවසර ගැනීමේ සහ අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය සියළු ලිපි සකස් කරදුන් ආර්තී අනු කමිටුවේ සාමාජික අචිනි දිසානායක,මලිඳු හංස සහ නදීකා සමන්මලී යන අයට මගේ ස්තූතිය පිරිණමමි.

◻️ අර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ නිදර්ශනාත්මක දේශන මාලාවන්හි දෙදින නිවේදන කටයුතු සිදුකල 19/20 අවසන් වසර සහෝදර සහෝදරියන්ට ද ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදු කල අවසන් වසර මයුර මොක්සිරි සහ චත්‍රපාණී අතාවුද ඔබ දෙදෙනාටද මෙම ප්‍රසංගය වර්ණවත් කිරීමට ගත් ප්‍රයත්නයට ස්තුතිවන්ත වෙමු.

◻️ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ සියලු වැඩකටයුතු අධීක්ෂණයෙන් සහාය වූ සිව්වන වසර ප්‍රධාන සංවිධායක දිල්ශාන් මධුරංග සහෝදරයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

◻️ එසේම අවසන් ප්‍රසංගයේ ප්‍රසංග අංග පෙළගැස්වීම උදෙසා කාර්‍යශූරව කටයුතු කළ සිව්වන වසර අරුණි ගුණරත්න සහ මුතූ ගමගේ සහෝදරියන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය 2024 හි සියළුම සැරසිලි කටයුතු ඉතාමත් විචිත්‍රවත් අන්දමින් සිදු කළ ඒ සඳහා මූලිකව කටයුතු කළ තරුෂ වික්‍රමරත්න සහෝදරයා ඇතුළු අපගේ තෙවන වසර (2020/2021) සහෝදරත්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු. මෙම කර්තව්‍යය සඳහා ඔබ දුන් දායකත්වය අපි මහත් සේ අගය කරමු.

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ වේදිකා සැකසීම සහ වේදිකා කලමනාකරණ කටයුතු සඳහා නොමද සහයක් දැක්වූ සිව්වන වසර (19/20) තරින්ද සේනානායක, මිහිර ධර්මසේන, ලහිරු උදයංග, ලසිත රත්නායක ඇතුළු අනෙකුත් පිරිසට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

◻️ එසේම ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ ආරාධනා පත්‍ර නිර්මාණය කළ අවසන් වසර අමීෂා තත්සරණි, දිනිති තක්ෂිලා සහ කවීෂා නිමංසි ඔබටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමු..

◻️ එසේම සමරු පලක සකස් කිරීම සඳහා සුචිත්‍ර creations සහ අවසන් වසර නිෂාදි සුබසිංහ ඔබටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයේ ස්ථීර වාදක මණ්ඩලය වන සිව්වන වසර 19/20 සහෝදරත්වයේ සාමාජිකයන්ට ද බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

◻️ අවසන් දින ආර්තී ශාස්තීය ප්‍රසංගයේ ගායන වාදන නර්තන ආදී සියළු අංග සාර්ථක කරගැනීම උදෙසා කැපවූ සිව්වන වසර (2019/2020), තෙවන වසර (2020/2021) සහ දෙවන වසර (2021/2022) මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතර සිව්වන වසර (2018/2019) ජේෂ්ඨ සභෝදරත්වය වෙනුවෙන් සහභාගීතවය දැක්වූ තරුත් සංදීප, නවීන් තරංග, තනුර මධුගීත් යන සහෝදරයන් ටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

◻️2024 ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගයෙහි වගකීම 2019/2020 සහෝදරත්වය කෙරෙහී විශ්වාසය තබා අපහට එම වගකීම ලබාදුන් 2017/2018 අධ්‍යයන වර්ෂයේ ආර්තී අනුකමිටුවේ සභාපති රුවින්ද රත්නායක ඇතුලු ජ්‍යෙෂ්ඨ සහෝදරත්වයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

◻️ ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය මෙලෙස නිමකිරීම නිරන්තරයෙන් මා හට සවියක් වූ ආර්තී අනුකමිටුවේ සාමාජිකයන් සියලු දෙනාට සහ 2019/2020 මාගේ අවසන් වසර සහෝදර සහෝදරියන්ටද බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

◻️අවසාන වශයෙන් 2019/2020 අධ්‍යයන වර්ෂය විසින් නිම කරන ලද ආර්තී ශාස්ත්‍රීය ප්‍රසංගය අති සාර්ථකව නිම කර කල බවට යම් අයෙකු පවසනවාද ඒ වෙනුවෙන් වචනයකින් හෝ දායක වූ සියලුම දෙනා ඉතාම ගෞරවපූර්වකව සිහිපත් කරමි.

මෙයට ,
රවිඳු අංජුන
(සභාපති : ආර්තී අනු කමිටුව)

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024 ශාස්ත්‍රීය ප්‍රසංගය..♥️         #සෞන්දර්යයෝ
01/12/2024

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024 ශාස්ත්‍රීය ප්‍රසංගය..♥️

#සෞන්දර්යයෝ

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024 ශාස්ත්‍රීය ප්‍රසංගය....♥️
01/12/2024

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024 ශාස්ත්‍රීය ප්‍රසංගය....♥️

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති 2024 "......ප්‍රාසාංගික ගායන වාදන ඇතුළත් නිදර්ශනාත්මක දේශ...
01/12/2024

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති 2024 "......

ප්‍රාසාංගික ගායන වාදන ඇතුළත් නිදර්ශනාත්මක දේශන මාලාවේ දෙවන දිනය...♥️

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024......ප්‍රාසාංගික ගායන වාදන ඇතුළත් නිදර්ශනාත්මක දේශන...
27/11/2024

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024......

ප්‍රාසාංගික ගායන වාදන ඇතුළත් නිදර්ශනාත්මක දේශන මාලාවේ දෙවන දින මෙසේ ආරම්භ විය...♥️

#සෞන්දර්යයෝ

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024 ශාස්ත්‍රීය ප්‍රසංගය......♥️       #සෞන්දර්යයෝ      ...
25/11/2024

උත්තර භාරතීය රසාලිප්ත සප්ත ස්වරයන්ගේ ප්‍රේමණිය ස්පර්ශය " ආර්ති "2024 ශාස්ත්‍රීය ප්‍රසංගය......♥️

#සෞන්දර්යයෝ

25/11/2024

Address

University Of Visual And Performing Arts
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Aarthi Music Festival posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share