26/09/2020
අඩු මුදලකින් සුන්දර විවාහ මංගල උත්සවයක් - Victory Shine Events
ලස්සන විවාහ මංගල උත්සවයක් කියන්නේ සෑම යුවතියක් තුලම තිබෙන සිහිනයක්… නමුත් පෙරුම් පුරන් බලන් ඉන්න ආකාරයට ජයටම විවාහ මංගල උත්සවය සමරනව කියන්නේ වර්ථමාන යේදී නම් ටිකක් අපහසු දෙයක් වෙලා … බොහෝ දෙනෙක් අවුරුදු ගානක් තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරපු සියලු මුදල් විතරක් නෙවෙයි, ගන්න පුලුවන් හැම loan එකක්ම අරන් තමයි wedding එක ගන්නේ, ආදරෙන්, සතුටින් නිදහසේ නව ජීවිතය ඇරඹිය යුතු වුවත් wedding එක වෙනුවෙන් ගන්න ණය බරත් එක්ක ජීවිතේ පටන් ගන්න බොහෝ දෙනෙක් විවාහයෙන් පසුව මුහුණ දෙන්නේ විශාල ආර්ථික ගැටළු වලටයි… එය ඔබ සතුටින් අරඹන නව ජීවිතයට බාධාවක් වෙන්නත් පුලුවන්, නමුත් අපි smart විදිහට හිතුවොත් අනාගතේටත් බරක් කර නොගෙන අඩුමුදලකින් ඔබ සිහින මැවූ මංගල සිහිනය සැබෑ කරගන්න පුලුවන්. ඒ සදහා ඔබට වැදගත් වෙන කරුණු කිහිපයක් ඔබ වෙත රැගෙන එන්නයි අපේ සූදානම …
*** ඔබේ සමීපතමයන්ට පමණක් මංගල උත්සවය සදහා ආරාධනා කරන්න
විවාහ උත්සවයක් සැලසුම් කරද්දි තියන විශාලම අභියෝගයක් තමයි ආරාධිතයන්ගේ ලැයිස්තුව සැකසීම, කාගෙවත් හිත නොරිදෙන ආකාරයට සියල්ලන්ටම ආරාධනා කල යුතුයි කියල ඔබට සිතේවී, ඒ අනුව ඔබට විවාහ උත්සවයට ආරධනා කරන්න බොහෝ පිරිසක් මතකයට පැමිණේවී , නමුත් ඔබ මේ අවස්ථාවේදි කල්පනාකාරී විය යුතුයි, ඔබේ ජීවිතයට සමීපත මනෑදෑයන් හා මිතුරන් පමණක් තෝරා ගන්න, මංගල උත්සවය සීමිත පිරිසක් සහභාගී කරගනිමින්සරලව සමරන බව මිතුරන්ට වටහා දෙන්න, ඔවුන් ඔබව වටහා ගනීවී , අවස්ථානුකූලව විවාහයෙන් පසුව ඔබේ රැකියාස්ථානයේ මිතුරන්ට හා හිතවතුන්ට යම් සංග්‍රහයක් කරන්න ඔබ සැලසුම් කරොත් මිතුරන්ගේ හිත් අමනාපකර නොගනිමින් ඔබේ මංගල දිනයත් අඩු වියදමින් සැලසුම් කරගැනීමට ඔබට හැකිවේවී … අමතක කරන්න එපා smart වෙනව කියන්නේ හැමෝම කරන දේම කරනවට වඩා ටිකක් වෙනස් විදිහට හිතල ඔබට ගැලපෙන, ඔබට පහසු , වඩාත් සුදුසු දේ ක්‍රියාත්මක කිරීම බව, ඔබ නිර්මාණාත්මකව හිතුවොත් හිත මිතුරන් අමනාප කර නොගනිමින් ඔබට ගැලපෙන budget එකට අනුව ඔබේ මංගල උත්සවය සැමරීමට හැකි වේවී.
*** වියදම් අධික හෝටලයක් වෙනුවට මංගල උත්සවය සදහා ඔබේම නිවස හෝ එලිමහන් ස්ථානයක් තෝරාගන්න
බොහෝ විට ඔබගේ මංගල උත්සවයේ වියදම් අතරින් වැඩිවි යදමක් දැරිමට සිදුවන්නේ උත්සව ශාලව සදහායි , ඔබේ නිවස මනා ඉඩ පහසුකම් සහිත ස්ථානයක් විය හැකියි, ඉතින් ඔබ මනා ලෙස සැලසුම් කර ඔබේ නිවස මංගල උත්සවය සදහා වඩාත් ගැලපෙන සුන්දර ලෙස සකසා ගතහොත්, ඔබේ මුදලුත් ඉතිරි කර ගනිමින් අලංකාර මංගල උත්සවයක් පැවත්විය හැකි වේවී, තවත් විකල්පයක් ලෙස ඔබට එලිමහන් මංගල උත්සවයක් සැලසුම් කල හැකියි , අපේ රටවල් වලටත් beech wedding theme එක නම් දැන් අලුත් දෙයක් නෙවෙයි , ඔබටත් එවැනි නිර්මානශීලී සංකල්පයට අනුව යමින් අඩු වියදමින් සුන්දර මංගල උත්සවයක් සැලසුම් කල හැකියි ..
මංගල උත්සවයක දී තවත් අධික වියදමක් දරන්න සිදුවන්නේ මද්‍යසාර සදහායි . මද්‍යසාර මිලදී ගැනීමට මංගල උත්සවය ආසන්නවෙනකන්ඉන්නඑපා, මංගල උත්සවය සදහා දිනය වෙන් කරගත් දින පටන්ම අවශ්‍යය මද්‍යසාර විටින් විට මිලදීගනිමින් එක් කරන්න, මංගල උත්සවය ආසන්නයේ මද්‍යසාර සදහා ඔබට දැරීමට සිදුවන අධික මුදල ඔබ අපහසුතාවයට පත් කරාවී. නමුත් අවශ්‍යය මද්‍යසාර විටින් විට මිලදීගෙන රැස් කර තබා ගැනීම තුලින් ඔබට මේ අපහසුතාවයෙන් මිදීමට හැකිවේවී.
*** සැලසුම් කරන්න, සැලසුම් කරන්න… හැකිතාක් සැලසුම් කරන්න
ඔබේ මංගල උත්සවයට හැකිතාක් කල් ඇතිව සියලු දේ සැලසුම් කරන්න. සියලු දේ පිලිබද නැවත නැවත සිතමින් වඩාත් සුදුසුම දේ තෝරා ගැනීම තුලින් ඔබට අවශ්‍යම දේ ඔබේ අතේ ඇති මුදලට අනුව ලබාගැනීමට ඔබට හැකිවේවී ….
*** සැරසිලි සදහා නැවුම් මල් fresh flowers අවම ලෙස භාවිතා කරන්න
Fresh flowers වලින් කෙරෙන සැරසිලි සදහා අධික වියදමක් දැරීමට සිදු වෙනවා, නමුත් මංගල උත්සවය අවසන් වනවාත් සමගම එම මල් ඉවත්කර දැමීමට සිදු වෙනවා… ඔබ හොදින් සිතා බැලුවහොත් fresh flowers සදහා දරණ එම අධික පිරිවැය නාස්තියක් බව ඔබට වැටහේවි, එමෙන් ම විමසිලිමත්ව බැලුවොත් නැවුම් මල් වෙනුවට සැරසිලි සදහා භාවිතා කලහැකි අඩු වියදමකින් සකස් කරගැනීමට පුලුවන් බොහෝ විකල්ප තිබෙන බව ඔබට පෙනේවී.
***විවාහය සදහා ඔබට ලබාදෙන තෑගි වෙනුවට විවාහ උත්සවය වෙනුවෙන් කලහැකි උදව් කරන ලෙස ඔබේ සමීප මිතුරන් ගෙන් ඉල්ලා සිටින්න
ඔබේ මිතුරන් තුල සුවිශේෂී දක්ෂතා තිබිය හැක, ගයන්න හැකියාව තිබෙන මිතුරන්,cake සෑදීමට හැකියාව තිබෙන මිතුරන්, නිර්මානශීලී කලා කුසලතා සහිත මිතුරන් ඔබට සිටිය හැක, ඔබගේ විවාහ උත්සවය සදහා ඔබට ලබාදීමට අපේක්ශිත ත්‍යාග වෙනුවට, ඔවුන්ගේ එම හැකියාවන් ගෙන් ඔබට කල හැකි සහය මංගල උත්සවයේ කටයුතු සදහා ලබා දෙන මෙන්ඉල්ලන්න, cake සෑදීමට දන්නා මිතුරාගේ සහය wedding cake නිවසේ දී ම සාදා ගැනීමට ලබාගන්න ඔබට පුලුවන්, එමෙන්ම කලා කුසලතා සහිත මිතුරන්ගේ සහය wedding invitation එක නිර්මාණය කීරීමට සහ wedding hall එකේ අලංකරණ කටයුතු සදහා ලබාගන්නත් ඔබට පුලුවන්.
*** විනෝදයෙන් පිරි මුදල් හා කාලය ඉතිරි වන මධුසමයක් සැලසුම් කරන්න.
බොහෝ දෙනෙක් සිතන්නේ සුන්දර විනොදජනක ආදරණීයමධුසමයක්සදහා සුපිරි හෝටලයක් අත්‍යවශ්‍යම බවයි. ඒ නිසාම ඔවුන්වෙහෙසකර දිගු ගමනාන්ත සහිත අධික මුදලක් වැය වන හෝටලයක් තම මධුසමයටතෝරා ගැනිමට විශාල මුදලක් වෙන් කරති . නමුත් බොහෝ දෙනෙක් එසේ සිතුවත්, වෙනස් ආකාරයට සැලසුම් කලහොත්ඔබ සතුව ඇති මුදලට සුන්දර විනොදජනක ආදරණීය මධුසමයක් ඔබට සැලසුම් කර ගත හැකියි.විනොදජනක ආදරණීය මධුසමයක්සදහා අවශ්‍ය වන්නේ ආදරණීය දෙහදක් සහ නිදහස් මනසක් බව ඔබ තේරුම් ගත යුතුම කරුණකි.ඒ සදහා ඔබට ප්‍රවාහන සදහා වැඩි කාලයක් ගත නොවන ඔබ ආසන්නයේ ඇති සරලහෝටලයක් තෝරා ගත හැකිය. එමගින් ඔබට ප්‍රවාහනය සදහා වැය වන අධික මුදල අවම කර ගත හැකි අතරම සුපිරි හෝටලයක් සදහා වැය වන මුදලත් ඉතිරි කර ගනිමින් දිගු ගමනාන්තය නිසා ඇති වන වෙහෙසකින් තොරව නිදහස් ආදරණිය කාලයක් ඔබේ සහකරු සමග ගත කල හැකි වනු ඇත
ඉතින් ළගදීම සුන්දර මනමාලියක් වීමට සූදානම් වන ඔබේ විවාහ මංගල උතසවය අනවශ්‍ය වියදමක් රහිතව සුන්දර ලෙස සැලසුම් කිරීමට මෙම කරුණු ඔබට වැදගත් වේවි.
අඩුම මුදලකින් සැලසුම් කර ඔබේ මංගල දිනය සුන්දර කර ගැනීම සදහා එන්න අප හා එක්වන්න..
Victory Shine Events