mr.machanඅංgoඩ

mr.machanඅංgoඩ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from mr.machanඅංgoඩ, Party Entertainment Service, 572/B/22/Y/22, Narannagoda Road, Colombo.

මැයි නවවෙනිදට ඉස්සෙල්ල ප්‍රබල දේශපාලන චරිතයක් අභාවයට පත් වෙන්න පුළුවන් කියල අනාවැකියක් ඇහුවට හිතුවෙ නෑ ඔබ වගේ මිනිස්සුන්...
16/04/2024

මැයි නවවෙනිදට ඉස්සෙල්ල ප්‍රබල දේශපාලන චරිතයක් අභාවයට පත් වෙන්න පුළුවන් කියල අනාවැකියක් ඇහුවට හිතුවෙ නෑ ඔබ වගේ මිනිස්සුන්ට හදවතින්ම ආදරය කරපු මනුස්සයෙක් මෙහෙම යයි කියල ... ඒත් දෙවියොත් හරි පුදුමයි .. පවුකාර මිනිස්සු කොච්චර හිටියත් හොඳක් කරන අයවම තමා මුලින්ම ගන්නෙ ...
මිනිස්සුන්ගෙ දුක දැක්ක පිහිට ඇවැසි නැත දෙවරක් නොසිතා පිහිට උන ඔබත් යන්නම ගිහින් ....
දේශපාලන චරිතයක් වෙනුවෙන් පල කරන පලවෙනි සහ අවසාන පෝස්ට් එක මෙය වන්නට පුළුවන් .. ඒ තරමටම ගරු කරන නොමිනිසුන් අතර මිනිසෙක් .....
ඔබට සුභ ගමන්.........

අද දින උපන්දිනය සමරන OSILU පුංචි පුතාට යවන්න අපෙන් හදා ගත්තු තෑග්ග ....නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවාය...
16/04/2024

අද දින උපන්දිනය සමරන OSILU පුංචි පුතාට යවන්න අපෙන් හදා ගත්තු තෑග්ග ....
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවායි ඒ පුංචි පුතාට අපිත් ප්‍රාර්ථනා කර සිටිමු ....
ස්තූතියි අපිට ඇණවුම භාර දුන්නට 💝💝💝

ඔයාලටත් ඔයාලගෙ ආදරණීයයන් වෙනුවෙන් මේ වගේ ගිෆ්ට් එකක් හදා ගන්න කතා කරන්න අපිට 0755376137 / 0707070288 ට කෝල් එකක් හරි වට්ස්ඇප් මැසේජ් එකක් හරි දාන්න ... විශ්වාසනීයව ඔයාලට කැමති විදියට හදල දෙන්න අපි ලෑස්තියි ......

අවුරුදු වැඩසටහන් ඉස්සර ආසාවෙන් බලන්න එක හේතුවක් ❤️ අපේකම ගැන හරි අපූර්වට ගැඹුරට ඒ කරපු විග්‍රහයන්. තව අවුරුදු ගාණක් අවුර...
15/04/2024

අවුරුදු වැඩසටහන් ඉස්සර ආසාවෙන් බලන්න එක හේතුවක් ❤️ අපේකම ගැන හරි අපූර්වට ගැඹුරට ඒ කරපු විග්‍රහයන්. තව අවුරුදු ගාණක් අවුරුදු වැඩසටහන් බැලුවත් ඔබ නැතුව අඩුව සෑහෙන්න දැනෙයි 🙏🏻❤️

Madhavee Anthony Akhila Dhanuddhara Sajitha Anuththara Anthony ✌️

උපුටා ගැනීමකි අයිතිය මුල් හිමිකරුට 🙏🙏

😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
15/04/2024

😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

සරල තාක්ෂණ  හා බැඳුණු සහජීවන පාරිසරික දැනුම   අත්  හැරීමේ විපාක ..ගෙයි  හද්දික්කරාවෙ මකුළු දැල් කැඩුවා  ගිය බක්මහට ...ඕං...
15/04/2024

සරල තාක්ෂණ හා බැඳුණු සහජීවන පාරිසරික දැනුම අත් හැරීමේ විපාක ..

ගෙයි හද්දික්කරාවෙ මකුළු දැල් කැඩුවා ගිය බක්මහට ...ඕං වෙසක් මහට ආයේම මකුළු දැල් විමානයක් හැදිලා . හේතුව මට මකුළු දැල් කඩන්න වුණේ කොස්සෙන්...
ඒත් අපේ මකුළු දැල් කැඩීමේ සම්මත පිළිවෙළ ..ගස් කැප්පෙටියා අතුකැටියක් තනාගැනීමයි. අමු ගස් කැප්පෙටියා කොළ මඟින් නිකුත් වෙන්නෙ මකුළුවන්ට විස සැරක්, උන් වහා පරිසරයෙන් පලා යනවා .කෘමි විකර්ෂණයක් සිදුවන්නේ . වැඩේ සරලයි .ප්‍රතිඵල සාරයි . ඒත් දැන් අපි මේ සරල පරිසර සංවේදීකම දරුවන්ට පුරුදු කරලත් නෑ . ගෙදරින් හෝ ඉස්කෝලෙන් උගන්වන්න උවමනාවක් නෑ . ඕනෑ තරම් කෘමිනාශක තියෙනවා ඒවායේ පිහිට පතන්නයි පුරුදු වෙලා ඉන්නේ ...අතීත වටිනාකම් ගැන දොඩවලා වැඩක් නෑ .මෙවැනි ජනසම්මත උරුමයන් සතු විද්‍යාත්මක චින්තනයක් යළිත් ගොඩනැගී වගකීම අපි අපිම අත් හරිනවා නම් ..

මේ ජායාරූප මා ගස් කැප්පෙටියා අතුකැටියේ සම්ප්‍රදාය ගැන කළ වැඩසටහනක මතක ...
⚜️⚜️⚜️⚜️⚜️
ලිපිය අයිතිය.
මහින්ද කුමාර දළුපොත මහතාගේ..
ස්තූතියි ඔබට..
💐💐💐

අළුත් අවුරුද්දෙ පාටි එකකට යවපු ඕඩර් එක ... එකකින් හතර දෙනෙක්ට බඩ පිරෙන්න කන්න 😋😋😋😋😋😋😋😋😋Pot biriyani ( වස විස රසකාරක නැති...
14/04/2024

අළුත් අවුරුද්දෙ පාටි එකකට යවපු ඕඩර් එක ... එකකින් හතර දෙනෙක්ට බඩ පිරෙන්න කන්න 😋😋😋😋😋😋😋😋😋
Pot biriyani ( වස විස රසකාරක නැති 100% ක් අපේ දේශීය රසයට )
පොඩි අයට උනත් බය නැතුව කන්න දෙන්න පුළුවන්
Basmati rice pot biriyani + Hot chillie chicken + eggs + chillie paste
Sausages deval එකක් අපෙන් නොමිලේ

ඔයාලටත් ඔයාලගෙ පුංචි පාටියට අපෙන් ඕඩර් කරල බලන්න ... වෙනස අත් විඳින්න ... ආ..........ස හිතෙයි .... හිත පිරෙයි ... බයක් නැතුව කන්න පුළුවන් එකම තැන ...

අංගොඩ කොටිකාවත්ත අවට ඩිලිවරි ෆ්‍රී දෙනව ඕඩර් කරන ප්‍රමාණය අනුව .. නැත්තන් ඔයාලට අපේ තැනට ඇවිල්ල බලලම ඕඩර් එක දීල ඇවිල්ලම අරන් යන්නත් පුළුවන් ...

කතා කරන්න වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0755376136 / 0707070288

14/04/2024
අපත් සමග එකතු වී සිටින හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️♥️♥️එකසිය විස්සට දෙසිය විස්ස...
13/04/2024

අපත් සමග එකතු වී සිටින හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ♥️♥️♥️♥️♥️
එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏






13/04/2024

කරදර බාධක මැද මීන රාශියෙන් මේෂ රාශියට යන ගමන් 😂😂😂😂😂😂😂😂

මටම කියල නැකතක් හදා ගන්න බැරි වෙයිද දල්ලෑ 😁😁😁😁😁😁😁😁😁😁
12/04/2024

මටම කියල නැකතක් හදා ගන්න බැරි වෙයිද දල්ලෑ 😁😁😁😁😁😁😁😁😁😁

අපේ ගෙදර උදවිවට ළඟදි ආපු සෝමා රහට කෑම උයනව, ⁣වැඩිපුර ගෙදර නැති මං ගෙදර ඉන්න වෙලාවට අක්කලාගේ පොඩි උන් ටික වට කරන් කෑම කනව...
08/04/2024

අපේ ගෙදර උදවිවට ළඟදි ආපු සෝමා රහට කෑම උයනව, ⁣වැඩිපුර ගෙදර නැති මං ගෙදර ඉන්න වෙලාවට අක්කලාගේ පොඩි උන් ටික වට කරන් කෑම කනවා, කාල ඉවර වෙලා වතුර බොන්න කුස්සියට දුවන පොඩි උන් තුන් දෙනාම,
"සෝමා ඇන්ටී කෑම රහයි"
කියල කෑගහනව...

දවසක් සෝමා මා ළඟට ඇවිත් ⁣හිටගෙන ඇඹරෙනව...

"මොකද සෝමා?"

"සර්, මං ගිය කිසි ගෙදරක ළමයි කෑම කාල රසයි කියල කියල නෑ... සර්ද කීවේ එහෙම කියන්න..?"

"නෑ සෝමා...ඒ පුතාල පුරුදු වෙලා තියෙන හැටි.."

සෝමා ගෙ ඇස්වල කඳුලු..

"ඉතිං සෝමා ගෙ කෑම රහයිනෙ, එහෙම කියන එක වරදක් නෑනෙ.."

"නෑ සර්... එහෙම ඇහෙන එකම සතුටුයි.."

සෝමාට මේක මෙච්චර දැනුණෙ ඇයි කියල මං තනියෙම කල්පනා කළා...

මං කුඩා කාලයෙ අපෙ ගෙදර දැක්ක දෙයක් තමයි අම්මා ගෙදර වැඩ ඇතුළෙ කන කට්ට තාත්තා වචනයෙන් අගය කළේ නැහැ, තාත්තා ගෙදරින් එළියෙ කන කට්ට අම්ම වචනයෙන් අගය කළේ නැහැ...
ඒ අගය කිරීම හිතේ නැතුව නෙවෙයි, හැබැයි වචනයෙන් කියන්නෙ නැහැ. ඒ පරම්පරාවේ හැටි වෙන්නැති...
හැඟීම් හිත ඇතුළෙ තද කරන් ඉන්න එක ඒ පරම්පරාවේ ලාක්ෂණික දෙයක් වගේ...

ඒක ගැන මගෙ කියවීම විවේචනයක් නොකර මං පොඩිවුන්ට කියල දුන්න කෑම කාල "අම්මෙ කෑම රහයි", "ඇන්ටි කෑම රහයි"
කියල කියන්න...

මම විදේශ පුහුණුවට ඉද්දී ⁣දැක්ක දෙයක් තමයි පුංචි දෙයක් පවා"අගය කරන" එක.
"ඔබ හොඳින්ද" කියල අහන එක.

වෛද්‍යවරයා පිටිපස්සෙන් එන පිරිසිදු කරන සේවකය එනකන් "දොර අල්ලන්" ඉන්න එක.
"ඔබ අද ලස්සනයි" කියන එක.
තමන් එක්ක එකට වැඩ කරන කෙනාව "අගය" කරන එක...

සරලවම මේ හැම දෙයින්ම වෙන්නෙ අනිත් මනුස්සයට "වටිනකම" දෙන එක,
සමහරු කියන්න පුලුවන් මේව මූනිච්චාවට කරන ඒව කියල.. හැබැයි මේවගෙන් ඇතිවන ප්‍රතිපලය හොඳ දෙයක්...

ගෙදරක් ඇතුළෙ නම් බිරින්දෑ කරන පුංචි දෙයක් පවා අගය කරන්න...
ඉඳල හිටල හෝ ඇය ලස්සන බව කියන්න...
උන්දැ නැතුව තමන්ගෙ ජීවිතේ හිස් බව පිළිගන්න...
මහත්තය ගැනත් එහෙමයි...
ඔහු කරන කුඩා දෙය අගය කරන්න...
ඔහු ළඟ ඇති උණුසුම වටින බව කියන්න...
"වචනයෙන් කියන්න.."

කාර්යාලයෙදි සුලු සේවකයා පවා අගය කරන්න...
ඔහු කාර්යාලය පිරිසිදුව තබා ගන්නා බව කියන්න...
හදල ගේන තේ එක රස බව කියන්න...
තමන්ගෙ සහෝදර සේවකයෙක් හොඳට වැඩ කරනව නම් ඒ බව කියන්න...
පිටට තට්ටුවක් දාල කියන්න...
"වචනයෙන් කියන්න.."

තමන්ගෙ වෘත්තීය සගයන් අතරෙ දක්ෂයන් ඉන්න පුලුවන්, ඒ බව පිළිගන්න...
ඔවුන්ගෙ හැකියාවන් අගය කරන්න...
අගය නොකිරීමට හේතුවක් හොයා ගන්නවාට වඩා අගය කරන්න හේතු හොයන එක ලේසියි... අගය කරන්න...
"වචනයෙන් කියන්න.."

මේ කිසි දෙයක් සතපහක වියදමක් දරන්න උවමනා වැඩ නෙවෙයි. මැරුණට පස්සෙ මළගෙදර කරන ගුණකථනයකට වඩා, රස්සාවෙන් අස්වෙන දවසෙ ලොකු වියදමක් දරන ෆෙයාවෙල් එකකට වඩා, රට අතහැරල යන දවසෙ කරන සෝබන කතාවකට වඩා මේ වචන ටික වටිනව නේද..?

ඒ හින්ද,
අගය කරන්න පුරුදු වෙන්න...

ඒක පුරුද්දක් වුනාම,
ඔබ මනුෂ්‍යයෙක් වශයෙන් නිදහස් වෙනව...
හිතේ සැහැල්ලුව හැදෙනව...
ජීවිතේ සතුට හැදෙනව...

අනිත් මනුස්සය නිර්ලෝභීව අගය කරන මිනිහ මනුස්සකමේ සෑහෙන දුර ගිය කෙනෙක්...

Copied...

ජය ❤❤

සුවිශේෂී අවස්ථාවක් .....අම්මගෙයි දූගෙයි දෙන්නගෙම උපන් දිනය එකම දවසක ..... ඒ වෙනුවෙන් අපව විශ්වාස කර අපෙන් සාදවාගත් photo...
07/04/2024

සුවිශේෂී අවස්ථාවක් .....
අම්මගෙයි දූගෙයි දෙන්නගෙම උපන් දිනය එකම දවසක .....
ඒ වෙනුවෙන් අපව විශ්වාස කර අපෙන් සාදවාගත් photo frame එක ....
දෙන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවායි කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු .....
ඔබගෙත් සුවිශේෂි අවස්ථා සඳහා කතා කරන්න අපිට 070 707 0288 නෝමල් කෝල් එකක් හරි වට්ස්ඇප් මැසේජ් එකක් හරි දාන්න .... ( One day service )වැඩ කරන දිනයක් තුල ඇණවුම සූදානම් කිරීමට අප ආයතනය සූදානමින් ....

https://www.facebook.com/WishwaAdsTeam?mibextid=ZbWKwLපේජ් කරන කවුරුවත් මේ වගේ හොරුන්ට නම් අහුවෙන්න එපා ... මේ අයගෙ පෝස්...
07/04/2024

https://www.facebook.com/WishwaAdsTeam?mibextid=ZbWKwL

පේජ් කරන කවුරුවත් මේ වගේ හොරුන්ට නම් අහුවෙන්න එපා ... මේ අයගෙ පෝස්ට් වලට මෙයාල කරන හොර වැඩ දැම්මම බ්ලොක් කරනව .. මේ පේජ් එක කරන්නෙ Wishwajith කියල මනුස්සයෙක් .. ඒ හින්ද හොඳට හොයල බලල හැකියාවක් තියෙන කෙනෙක්ට පේජ් එකේ වැඩ බාර දෙන්න .. මම නම් අහු උනා සීසන් එකේම .. මේව පේජ් කරන ඔයාලටත් දැනුවත් කරන්න දැම්මෙ .. මේ ඉන්නෙ ඒ hora තමයි ...
Wishwa Ads


07/04/2024
07/04/2024
තෙරුවන් සරණයි ...!සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරය...
07/04/2024

තෙරුවන් සරණයි ...!

සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරන කොට ලොකු පිනක් රැස් වෙනවා. ඒත් නිවැරදි විදිහට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා අපි හිතුවා ඒ නොයෙක් නොයෙක් පූජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදි ම ආකාරය මෙවර මහාමේඝයෙන් කියල දෙන්න.
මීට වසර 2605 කට පෙර උදා වූ සුපින්බර වෙසක් පොහෝ දිනයේ උරුවෙල් ජනපදයේ සේනානි නියම් ගමේදි ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කිරි අහරින් පිදුම් ලැබුවා. සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුන ඒ ක්ෂීරපායාස දානය වළඳා එදින හවස් යාමයේ වජ‍්‍රාසනයේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා.
ඒ මහත්ඵල මහානිශංස වූ ක්ෂීරපායාස දානය සැකසෙද්දි මහ බඹු එයට ඉහළින් ජත‍්‍රයක් දැරූ බවත්, සතරවරම් දෙව් රජවරුන් සතර දෙසින් රැකවල් කළ බවත්, සක් දෙවිඳුන් එය පිසින්නට සඳුන් දර දැල්වූ බවත්, දෙවිවරුන් දිව්‍ය ඕජස් එයට එක් කළ බවත් පොත පතේ සඳහන් වෙනවා. එවන් වූ මහානීය පූජාවක් සකසා ගැනීම ගැනයි අපි මේ සටහන් තබන්නේ.
අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා දිය නුමුසු කිරි ආහාර නිවැරදි ව සකස් කර ගන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය

(මෙහි දක්වා ඇත්තේ සහල් කිලෝ එකකට අදාළ ප‍්‍රමාණයන්)
1. සුවඳැල් සහල් – කිලෝ ග‍්‍රෑම් 1 යි
2. වියළි කජුමද – ග‍්‍රෑම් 125 යි
3. වියළිි මිදි – ග‍්‍රෑම් 200 යි
4. රට ඉඳි – ග‍්‍රෑම් 250 යි
5. ඇපල් ගෙඩි ‐ 2 යි
6. තැඹිලි ගෙඩි ‐ 4 යි
7. එළකිරි – ලීටර් 5 යි
8. බටර් (මාජරින් නුසුදුසුයි) – ග‍්‍රෑම් 100 යි
9. එනසාල් – ග‍්‍රෑම් 15 යි
10. කරාඹුනැටි – ග‍්‍රෑම් 15 යි
11. ස්ට්‍රොබෙරි – ගෙඩි කිහිපයක්
12. මී පැණි – කාලක් පමණ
සාදා ගන්නා ආකාරය..

x සුවඳැල් සහල් ගෙන තැඹිලි වතුරෙන් හොඳින් සෝදා ගන්න.
x ඉන්පසු තැඹිලි වතුරේ ම පෙඟෙන්නට තබන්න.
x එනසාල් සහ කරාඹුනැටි බැදගෙන, කුඩු වන ලෙස කොටා ගෙන, එය එළකිරි ස්වල්පයක දමා තම්බා ගන්න. ඉන් පසු එම එළකිරි ස්වල්පය පෙරා ගෙන වෙනම තබා ගන්න.
x එළකිරි ලීටර් 5 ගෙන ප‍්‍රමාණවත් භාජනයකට දමා රත් කරන්න. එය නටන තරමට රත් වූ විට, එයට කරාඹු නැටි සහ එනසාල් තැම්බූ එළකිරි ද, බටර් ද එක් කරන්න.
x ස්වල්ප වේලාවක් තබා පෙෙ`ගන්නට තැබූ සුවඳැල් හාල් ගෙන නටන කිරි බඳුනට එක් කරන්න. ඉන්පසු කරවීම වැළැක්වීම පිණිසත්, උතුරා ඉවත්වීම වැළැක්වීම පිණිසත් දිගට ම හැඳිගාන්න. ඒ අතර තුර, සහල් ඇට පොඩි වන තරමට ඉදී තිබේ දැයි වරින් වර පරීක්ෂා කරන්න. යම් තරමකට ඉදී ගෙන එන විට එයට කජු එකතු කරන්න. සහල් ඇට හොඳින් පොඩි වන මට්ටමට එන්නට ටික වේලාවකට පෙර වියළි මිදි ස්වල්පයක් ද රටඉඳි ද එක්කර ගන්න. සහල් ඇට සම්පූර්ණයෙන් ම අතින් පොඩි කළ හැකි මට්ටමට ආවිට ලිපෙන් බාගන්න. වියළි මිදි එක් කළ යුත්තේ ලිපෙන් බා ගන්නට ටික වේලාවකට පෙරයි. නැතිනම් වියළි මිදි වැඩිපුර තැම්බී රසය වෙනස් වෙනවා.
x ලිපෙන් බා ගන්නා විට කිරි ආහාරය උකුවට තිබිය හැකියි. එය ගැටලූවක් නො වෙයි. උකු භාවය නැති වන තෙක් රත්කිරීමෙන් වළකින්න. ලිප මත තැබිය යුත්තේ, සහල් ඉදෙනතෙක් පමණයි.
x ලිපෙන් බාගත් කිරි ආහාර පිරිසිදු හැන්දකින් ඉතා පිරිසිදු පාත‍්‍රයකට බෙදා ගන්න. උකුවට තිබුණ ද පාත‍්‍රයට දමා ටික වේලාවකින් උකුභාවය නැති වී ඝන බවට පත්වෙනවා. ඉන්පසු මී පැණි ප‍්‍රමාණවත් අයුරින් සුන්දර ව රවුමට එක්කරන්න. එසේ ම අලංකාරව කපා ගත් ඇපල් ද ස්ට්‍රෝබෙරි ද කජු ස්වල්පයක් සහ වියළි මිදි ද එම කිරි ආහාරයට උඩින් එය සැරසීම පිණිස සුදුසු අලංකාර ආකාරයට අතුරන්න.
x ඉන්පසු සුන්දර ආවරණයකින් වසා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා මහත් ශ‍්‍රද්ධාවෙන් පූජා කරන්න.
මෙහි දී මුඛවාඩම් බැඳගෙන (මාස්ක් – mask), පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇඳුම් පැලඳුම් ආදිය ඇඳගෙන, පිරිසිදු උපකරණ පමණක් ම යොදා ගනිමින් කිරි ආහාර සකස් කිරීම ඉතා යෝග්‍යයි. එසේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි. බුදුගුණ ශ‍්‍රවණය කරමින් හෝ බුදු ගුණ ම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසි වීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛවාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්)
මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ‍්‍රද්ධාවෙන් යුතු ව සකස් කරගත් කිරි ආහාර සිල්වත්ව, මහත් සැදැහැයෙන්, කර්ම ‐ කර්ම ඵල අදහා ගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිශංස ලැබෙනවා.
අප සියලූ දෙනාට ම උතුම් ශ්‍රී සම්බුද්ධ පූජාවන් මනා කොට සකසා සිදුකරලීමේ භාග්‍යය උදා වේවා!
උපුටා ගැනීමකි
© නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
දාන පාරමිතා

05/04/2024

අද උදේ මම උයපු කෑම එකට ටිකක් ලුණු වැඩි උනා.
ඒත් මොනවා කරන්නද?
දුකිං උනත් මම ඒක මගේ මහත්තයාට කිව්වේ වෙන කරන්න දෙයක් නැති නිසා.

" අල කරි එකට ලුණු වැඩි උනා, කන්න බැරිවෙයි . ඔයා කැන්ටිමෙන් කනවද ?"

" is' ok බබා... කෑම දෙන්න , මම කැන්ටිමෙන් මොනාහරි කරි එකක් දාගන්නම්"

මම උදේම මූණත් එල්ලගන එයාට එහෙම කියදිදී, එයා එහෙම කියලා මගේ නලලට හාද්දක් දුන්නා.

ඊටත් ටික වෙලාවක පස්සේ මම බස් එකෙන් බැහැලැ ඉස්කෝලෙට යද්දී ,
ඔසරියක් ඇඳපු ලස්සන තරුණ නෝනා කෙනෙක්ගේ අත මගේ සාරී කට්ටට සීරුනා. පොඩ්ඩක් ලේත් ආවා.

මම බයවෙලා කලබල වෙලා ඇස්වල කඳුළු පුරවගන දඟලද්දී ඒ තරුණ නෝනා මට මෙහෙම දෙයක් කිව්වා.

" ඒකට කමක් නෑ.... ඔයා කලබල වෙන්න එපා ඒක බොහොම පුංචී තුවාලයක් "

ඒ තරුණ නෝනා බොහොම අහිංසක විදියට එහෙම කියලා මට ලස්සන හිනාවක් පිරිනැමුවා.

ඉස්කෝලේ ඇතුලේ හයේ පංතියේ මම ඉගැන්වීම් කරදිදී එක පුංචී කොල්ලෙක් එක පාරටම අඬන්න පටං ගත්තා .

" ඇයි දරුවෝ අඬන්නේ?"

මම හිමින් සැරේ ඒ දරුවා ලඟට ගිහිං අහද්දී කොල්ලා ඉකි ගහ ගහ අඬන්න පටං ගත්තා.

" මගේ පෑන තින්ත උතුරලා මෙයාගේ කලිසමේ ගෑවුනා "

කොලුවා එහෙම කියද්දී රතු තීන්ත පැල්ලමක් සුදු කලිසමේ ගැවුනු දරුවා කිව්වේ මෙච්චරයි.

" අයියෝ..... එකට කමක් නෑ. සේදුවාම යයි. මම තරහා නෑ"

ඊට ටික වෙලාවකට පස්සේ මම දැක්කා ඒ දෙන්නා කරට අත දාගන හිනා වෙනවා.

" අම්මා...."

ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියපු මට මගේ දරුවා දුවගන ඇවිත් දුක කියන්න පටං ගත්තා.

පහල ගෙදර නංගී , මෙහා ගෙදර අයියා එක්ක එකතු වෙලා කරපු සෙල්ලමෙන් එයා පැරදුනාලු.

ඉතිං මම එයාට කිව්වෙත් ,

" it's ok බබා. Let's try next time "

මම එහෙම කියලා එයාට ලොකුම ලොකු Hug එකක් දුන්නා. ඊට පස්සේ එයාගේ ඇඬිල්ල නතර වෙලා දුකිං තිබුන මූණ හිනා මූණක් උනා.

මේ ලොකේ සමහර වචන තියෙන්නෙත් හිත් සනසන්න, ආදරේ බෙදන්න , ආදරේ දැනෙන්න.

අද මට හිතුනෙත් ' it's ok ' එහෙමත් නැත්නම් පුංචී හිනාවක් එක්ක ' ඒකට කමක් නෑ ' කියන වචනත් හරිම ආදරණිය වචන කියලා.

මිනිස්සුන්ගේ හිත් නොරිද්දා ඉන්න වචන තව කොචිචරක් ඇතිද මේ ලෝකේ.

ඒ වචන මැජික් වචන.
රිදුනු හිත් සුවපත් කරන මායා වචන !!

- හසිකා විජේතුංග -

Follow M I N T - T H I N K
උපුටා ගැනීමකි අයිතිය මුල් හිමිකරුට ...

ප.ලි :- අපි කොච්චර කොහොම ඉන්න හැදුවත් අපේ අතින් වෙන දේකට බලන්න ඕන සමහරුන්ගෙ සද්දෙ ... දැන් මාත් සද්දෙට සද්දෙ ... එකෙන්ම👹👹👹👹👹👹😂😂

ඒ මදෑ 😂😂😂😂😂😂😂
05/04/2024

ඒ මදෑ 😂😂😂😂😂😂😂

04/04/2024

බූස්ට් එකක් ගහන්න කාට හරි භාර දුන්නම ඇයි ඒ ගහන බූස්ට් එක පේජ් එකෙන් ගහන්න බැරි .. අනික බූස්ට් එක රන් වෙනව පෙන්නන්නෙක් නෑ .. රීච් පෙන්නන්නෙත් නෑ .. බූස්ට් කරන්න කියල විතරයි පෙන්නන්නෙ .. ඒ කියන්නෙ මන් හොරෙක්ට අහුවෙලාද 🤔🤔


මෙන්න මේ බෑග් ගන්න පුළුවන් තැනක් තියෙනවද ඉක්මනට ඕන ... කුරියර් කරනව ගොඩක් හොඳයි ..
04/04/2024

මෙන්න මේ බෑග් ගන්න පුළුවන් තැනක් තියෙනවද ඉක්මනට ඕන ... කුරියර් කරනව ගොඩක් හොඳයි ..

22ශී2949රත්මලාන ඩිපෝව.එදා ලංකාවේ ගුවන් සේවය වූ එයාර් සිලෝන් සේවක ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගත් ලංගම ඉතිහාසයේ විශේෂිත වූ ...
03/04/2024

22ශී2949
රත්මලාන ඩිපෝව.
එදා ලංකාවේ ගුවන් සේවය වූ එයාර් සිලෝන් සේවක ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගත් ලංගම ඉතිහාසයේ විශේෂිත වූ තට්ටු දෙකේ බස් රථය...
"ලංකා සූරයා" යනුවෙන් මේ බස් රථය නම් කර තිබුණි....

උපුටා ගැනීමකි අයිතිය මුල් හිමිකරුට

ඔන්න යාළුවනේ ඔයාලට ගෙනාව අවුරුද්දට රාමදාන් එකට ඔයාලගෙ යාළුවන්ට නෑදෑ හිතමිතුරන්ට ආදරවන්තයන්ට දුවා දරුවට දෙන්න පුළුවන් එයා...
02/04/2024

ඔන්න යාළුවනේ ඔයාලට ගෙනාව අවුරුද්දට රාමදාන් එකට ඔයාලගෙ යාළුවන්ට නෑදෑ හිතමිතුරන්ට ආදරවන්තයන්ට දුවා දරුවට දෙන්න පුළුවන් එයාල කැමතිම පුංචි gift pack ටිකක් .. ඒ විතරක්ද ඔයාල බ්ර්ත්ඩේ ගිෆ්ට් එකක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද .. එහෙනම් ඒකටත් අපි ළඟ ඕන කරන ලස්සනම ලස්සන අයිටම් ගොඩක් තියෙනව ඔයාලගෙ අතේ ගානට තෝර ගන්න .... ඒ විතරක් නෙවෙයි ඔයාල පුංචි පුංචි සිහිවටන හොයනව නම් ලස්සන gift box හොයනව නම් ඒකටත් අපි ළඟ තියෙනව අයිතම තෝරා ගන්න ... ඔයාල හිතුව නේද එච්චරයි කියල ... නෑ නෑ මේ උත්සව සමයෙ ඔයාලගෙ ආයතනයෙ සමිති සමාගම් වල මොනම හරි event එකක් organize කරනව නම් ඒකට හරියන event badges අපි කරල දෙනව ... ආර්ට් වර්ක් එක ෆ්‍රී දෙනව අපි ... ඒත් එක්කම ලස්සන book mark එකක් වගේ හරි රේසින් කී ටෑග් එකක් තැගි දෙන්න හිතනව නම් ඒ දේවලුත් අපෙන් ලබා ගන්න ඔයාලට පුළුවන් ... ඒ විතරක් නෙවෙයි පුංචි පුංචි පාටි එකේ ඉඳල ඕනම event එකකට food pack එකක් දෙන්න පිරිසිදු තැනක් හොයනව නම් ඒකත් හරි අපි කරල දෙනව වගකීමක් ඇතුවම ..ඒ විතරක් නෙවෙයි මෙදා සැරේ අවුරුද්දට ගෙදර පාටියක් ලෑස්ති කරනව නම් ඒකට අවශ්‍ය ඕනෑම කෑම ඇණවුමක් ඒ කියන්නෙ කටට රසට සැරට චිකන් ඩෙවල් / බටු මෝජු / සිංහල අච්චාරු මැලේ අච්චාරු / සීනි සම්බල් / ලූණු බැදුම / උම්බලකඩ සම්බෝල / චිලි පේස්ට් විතරක් නෙවෙයි එන හැමෝටම සම්පූර්ණ කෑම ඕඩර් එකම වස විස රසකාරක නැතුව පිරිසිදුව නිවසේදීම හදල දෙන්න අපිට පුළුවන් .. ඔයාල කාගෙන් ඕඩර් කලත් එයාලගෙ තැන කොතනද කියල දැකල නෑ නේද .. ඒත් අපෙන් ගන්න ඕනම ඕඩර් එකක් භාර දෙන්න ඔයාලට අපේ තැනට ඇවිල්ල දෙන්න කැමති නම් ඒකටත් අපි ලෑස්තියි .. ඔයාලට පුළුවන් අපේ තැනටම ඇවිල්ල ඕනම ඕඩර් එකක් භාර දෙන්න ....

අළුත් වැඩක් අළුත්ම වෙනසක් වෙනස් අත්දැකීමක් හැමදේම එකම තැනකින් අපෙන් විතරමයි ...
ඔයාලට කරන්න තියෙන්නෙ 0707070288 ට හරි 0755376136 ට හරි කෝල් එකක් දෙන්න නැත්තන් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න විතරයි ....

29/03/2024

https://www.facebook.com/profile.php?id=61551806405356&mibextid=ZbWKwL

කොලොන්නාව කොටිකාවත්ත අංගොඩ කඩුවෙල අවට ඉන්න අයට සීසන් එකේ චාන්ස් එකක් ... ඕනෑම ඇණවුමක් ඩිලිවරි ෆ්‍රී දෙනව අපි ... ඉක්මනට පේජ් එක ෆලෝ කරල සෙට් වෙන්න හැමෝම .. ඇමතුමක් දෙන්න නැත්තන් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0755376136 / 0707070288 ට ...

Address

572/B/22/Y/22, Narannagoda Road
Colombo
10620

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94707070288

Website

Alerts

Be the first to know and let us send you an email when mr.machanඅංgoඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to mr.machanඅංgoඩ:

Videos

Share