12/06/2023
කවදත් ආදරෙයි 🌸
‘කිසි දවසක දර්ශන තලයකදී සැප පහසුකම් නොඉල්ලූ ඇය ලද දෙයින් සැනහී සිය රංග භූමිකාවට උපරිම සාධාරණය ඉටු කළා ය. අසුන් ගන්නට අසුනක් නොමැති තැන ඇය සිට ගෙන සිටියා ය, කෑම බීම පමා වන තැනදී ඇය කුසගිනි සඟවා ගත්තා ය. ප්‍රවාහන පහසුකම් සීමා වන තැනදී මහා පාන්දර අවදි වී එක ම වාහනයේ සහෝදර ශිල්පීන් සමග එකට ගුලි වී පැය ගණනක් එක දිගට ඇය දුර ගමනේ යෙදුනා ය. ක්ෂේත්රයට අද එක් වුණු නිළියක, නළුවකු සමග වුව ද ඇය සම සිත් ව සෙනෙහසින් කාලය ගත කළා ය. නවකයන්ට ඇය කාරුණික වූවා ය.’ (මාර්තු 5– මීවිත අතිරේකයෙන්)
සෑම වයසකම රසික රසිකාවියන්ගේ ගෞරවාදරයට පත් ශී‍්‍ර ලාංකීය සිනමාවේ සෙනෙහෙබර අත්තම්මා,
කලා කීර්ති අයිරාංගනී සේරසිංහ මහත්මිය පසුගිය ජූනි 9 වන දින තම 96වැනි උපන් දිනය සමරනු ලැබුවා.
එතුමියට Clapboard.lk වෙතින් නිරෝගී සෟඛ්‍ය පිරි, සුවදායී ජීවිතයක් ප්‍රාර්ථනා කරමු! 🙏🏽
🎬