Chanaru TV

Chanaru TV come and enjoy my videos

08/10/2023

🫣😂

07/10/2023

ගොඩක් අයට හොඳ පාඩමක් මේක....🙂

23/07/2023
16/06/2023

Yes I Can (part 4 )

20/05/2023

# Asoka Mahakumbura # Chanaru tv # songs # Dhammika Bandara

05/05/2023

# Motivation, # Indika Kariyawasam, # Chanaru tv

07/04/2023

අවසන්හෙ‌ා්රාව පාස්කු නාට්‍ය අධ්‍යක්ෂනය රෙජීනෝල්ඩ් ප්‍රනාන්දු

17/03/2023
09/03/2023
02/03/2023

ප්‍රසිද්ධියේ බිරින්දෑ විකුණා දැමීම, දහනව වන ශතවර්ෂය, එංගලන්තය!

1857 හි දී නීත්‍යානුකූලව අවලංගුව යනතෙක්,එංගලන්තයේ විසූ ඔබට බිරින්දෑ කඩපොළට ගෙනගොස් විකුණාදැමිය හැකිව තිබිණි. පළමුව ඔබ සිය ප්‍රිය බිරින්දෑ විකුණා දමන බවට මූලික ප්‍රචාරණය ලබා දිය යුතුය. ඉන්පසු, නියමිත දිනයේදී, ගෙල වටා හෝ ඉන වටා බැඳි රිබන් පටිය අතට ගන්නා සැමියා, එළදෙනකු විකුණන ගොවියෙකු පරිද්දෙන්, සමඟිව එක සයනයේ දිවි ගෙවූ සිය ආදර බිරින්දෑ, කඩපොළට හෝ තැබෑරුමට රැගෙන යා යුතු ය. ඉන්පසු, වෙන්දේසිය ඇරඹෙයි. බිරිඳගේ වයස, රූසපුව හා හැකියාවන් සළකා බැලී ලන්සු එකපිට එක ඉදිරිපත් වෙයි. ඇතැම් බිරින්දෑවන් විකිණීම පහසුය, අතට ද සරු සාරය. ඇතැම් බිරින්දෑවෝ නොවිකිණෙති. තුට්ටුවට, දෙකට විකුණා දැමීමට හෝ ආපස්සේ නිවසට රැගෙන ඒමට සිදුවෙයි. එවන් සැමියෝ තැවෙති.

ඇතැමෙකුට හාස්‍යජනක හෝ කෙනෙකුට ජුගුප්සාජනක වුව ඉතිහාසයේ මේ කතාන්දර එකල් හී සමාජ වටපිටාවේ සාධාරණීය සාමාන්‍යත්වයක් දැරුවෙන් ඔබට ඒ විනිශ්චය කළ නොහැක්කේය. මන්ද එකල් හී ඒ හැර වෙන විකල්පයක් නොවිය හැකිව තිබූ බැවිනි.

මන්ද දික්කසාදය මිලාධික වූ බැවිනි; සාමාන්‍ය මධ්‍යම පාන්තිකයා ට දරාගත නොහුණු බැවිනි. මන්ද, ඒ ඒ දික්කසාදය පාර්ලිමේන්තුවෙන් සම්මත වී අවලංගු විය යුතු බැවිනි.

එනිසා, සමාජ සම්මතයක් ලෙස බිරින්දෑ ප්‍රසිද්ධියේ විකුණා දැමීම ඇරඹිණි!

බිරිඳ නොවිකුණා, දෙදෙනාට නිහඬව වෙන්වී යන්නට තිබුණා නොවෙද? සාධාරණ පැනයක් නැගීම සාමාන්‍යය ය. නමුදු, එසේ කිරීම ම, මහත් ගැටළු රැසකට අත පෙවීමක් විය. මන්ද, එසේ වෙන්වී ගිය බිරින්දෑ වෙනත් පුරුෂයකු සමඟ යහන්ගත වුවහොත්, එකී පුද්ගලයාගෙන් අතිවිශාල වන්දි මුදලක් සැමියාට ලබාගත හැකිව තිබූ බැවිනි. නොඑසේ නම්, ද්වන්ධ සටනකට අභියෝග කොට නීත්‍යානුකූලව මරා දැමිය හැකිව තිබූ බැවිනි. බිරිඳට ද, ඒ එලෙසින් ම වලංගුය.ඇයට ද නීතිය හමුවේ කරුණු දක්වා, සැමියා ගෙන් සුවිසල් වන්දි මුදලක් ලබාගත හැකිව තිබිණි. මේ කෝකටත් විසඳුම එහෙයින්ම, බිරිඳ ප්‍රසිද්ධියේ විකුණා දැමීම විය.

එක් උදාහරණයක් ලෙස 1832 හි දී, ජෝශප් තොම්සන් සිය බිරිඳ විකුණා දැමීමට පළකල ප්‍රචාරණය සළකා බලමු,
'උප්පත්තියෙන් ම හැපින්නියකි. මේ කෙළිදෙලෙහි කැමැත්තිය, ඔබ, පිස්සු බල්ලෙකු, ගොරවාඑන සිංහධේනුවක නොඑසේ නම්, කාණුපිරැවූ පිස්තෝලයක් හෝ කොළරාව දුටු කලෙක මෙන් මඟ හැර යා යුතු ය. හැකියාවන් - කිරි දෙවිය හැක. ගීත ගැයිය හැක. මධුවිත තොළ ගෑමේදී සහචරයෙකු ලෙස භාවිත කළ හැක. මෙසේ වන් ගැහැණිය, ඇයගේ සියලු හොඳ හා නරක ගතිගුණ සමඟින් ෂිලින් පනහකට විකුණා දමමි.'

මෝඩ පහේ දැන්වීමකැ ඔබ සිතනු ඇත. දැන් මේ බිරින්දෑ මිල දී ගන්නේ කවුද? නමුත් ඒ එසේ නොවේ. මන්ද ඇතැම් කළ, බිරින්දෑ විකිණීමේ අරමුණ ඇයට ලැජ්ජා අපහාස කිරීම නොඑසේ නම් දඬුවම් කිරීම ම වූ බැවිනි. බිරින්දෑ, අනියම් ඇසුරක දී, අතට ම අසු වී ඇත. දැන් සැමියා ලැජ්ජාසහගත ගැහැණිය ලැජ්ජා කර විකුණා දමයි. බොහෝවිට ගැනුම්කරු වන්නේ අනියම් පුරුෂයා ම ය. තිදෙනාම සතුටින් විසිර යත්. ඇතැම් කළ ගණුදෙනුව අහවර උන් තැබෑරුමකට වැද කටලොකු කෝප්පයක් පුරවා බීර බී, සතුටු සාමිචියේ නියැල වෙන්ව යත්. අගති රහිතය!

බිරින්දෑ ද, තමා ප්‍රසිද්ධියේ විකුණා දමනවා ට කැමැත්තී ය. නීරස විවාහයෙන් සමාජ සම්මතානුකූලව වෙන්ව යන ඈ, නව සන්තුෂ්ටික විභවයක් සොයා මාර්කැට්ටුවට පිය ඔසවයි. ඒ නැතිමුත්, ඈ, එකක් හොඳාකාරවම දනී. පෙර සැමියා ගේ මරණයෙන් අහවර, ඔහුගේ සියලුම වස්තුව තවමත් ඈගේ ය. මන්ද, පාර්ලිමේන්තු සම්මත දික්කසාදකින් ඈ වෙන් නොවුනු බැවිනි. අද මෙන් නොවූ එකල් හී, බිරින්දෑ ගේ සියලු වස්තුව සැමියා සතුය. දැන් තවදුරත් ඒ එසේ නැත. ප්‍රසිද්ධියේ විකුණා දමා ඔහු ඒ අයිතිය අහිමි කරගත් බැවිනි. ඈට රිසි සේ ඈට හිමි වස්තුවත්, ඔහුගේ මරණයෙන් අහවර ඔහුගේ වස්තුවත්, නව ගැණුම්කරු මළහොත්, ඔහු ගේ වස්තුවත්, භුක්ති විඳිය හැකි බැවිනි. මේ අසා, අහෝ! ආදරය කොහි වී දැ යි නොඅසන්න. ඒ, වික්ටෝරියානු සාහිත්‍යයේ ඇති හෙයින්, ඒ කියවා එය විඳගන්න. පීඩිත, නිස්සාර දරිද්‍රතාවයේ දී, යථාර්ථවාදී හදවත ආදරය පරයා අවශ්‍යතාවය දකී. ඒ, එසේ නොදුටුවහොත්, හිතවත, ඔබ නොරැකේ!!

එකල් හී, එනිසා ම, අනවැසි බිරිඳ විකුණා දැමීම සමාජ අවශ්‍යතාවයක් විය.

1857 හි දී, දික්කසාද නීතිය සරළ, පහසු එකක් වීමෙන් අහවර, 'ප්‍රසිද්ධියේ' බිරිඳ විකුණා දැමීම අහවර විය. එහෙයින් ම, දාහත්වන සහ දහනව වන ශතවර්ෂ ඇතුළත සමාජ සාමාන්‍යත්වයක් ඉතිහාසයට එක් වී, අමතක විය; හිරිකිත විය. සුද්දා ගැහැණිය ද විකිණූ සමයේ යක්ඛ අප ගැහැණිය ඇසග තියා රැක ඇත්තේ ය. පුතුනි, 'ජාන රැස' හඬා වැට හිනා වේ. ලැජ්ජා නොකරන්න! ලොව අමිශ්‍ර, නිර්මල ජාතීන් නැත!!!

Address

Mukalangamuwa
11410

Telephone

+94718812958

Website

Alerts

Be the first to know and let us send you an email when Chanaru TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share