18/12/2020
"Wedding එකකදී ඇහෙන විශේෂ දේවල් - 4 කොටස"
Nosegay
Nosegay කියන්නේ bouquet වර්ගයක්. අපි නම් හැම එකටම bouquet නෙහ් කියන්නේ.
Nosegay කියන්නේ පොඩි මල් පොකුරකට. මල් ටිකක් අරන් ඒක රිබන් එකකින් ගැටගහලා හදන පොඩි bouquet එකක් තමයි Nosegay කියන්නේ.
සාමාන්‍යයෙන් මේක බ්‍රයිඩ්ස්මෙඩ්ස්ලට දෙන bouquet වර්ගයක් වුණත් දැන් දැන් බ්‍රයිඩ්ස්ලා පවා මේ ටයිප් එක භාවිත කරනවා.
සියලුම bouquet වර්ග ගැන විස්තර තියෙන ලිපිය මෙතනින් කියවන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
වෙඩින් එකකදී මල් අදාල වෙන හැම අංගයක්ම ඇතුලත් ලිපිය මෙතනින් කියවන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
Place Card
අපි කලින් කතා කරපු Es**rt Cards එක්ක ගොඩක් අය පටලගන්න එකක් තමයි Place Card කියන්නේ.
Place Card කියන්නේ ඔයා ඉඳගන්න ටේබල් එකේ තියෙන කාඩ් එකට. ඒකේ තියෙන්නේ ඒ ටේබල් එකේ කවුරු කවුරුද වාඩිවෙන්නේ කියන එකයි.
Seating Plan එකක් තියෙන වෙඩින් එකකදී Es**rt Cards වගේම Place Card සැහෙන්න වැදගත්.
Seating Plan ගැන කියවන්න මේ ලිපියෙන්.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
Place Setting
වෙඩින් එකක ටේබල්ස් වල සෙටප් එක එන්න ඕනේ විදියට තමයි Place Setting කියන්නේ.
නෝමල් Place Setting එකක charger එක, dinner plate එක, salad plate එක, bread plate එක සහ bread knife එක, salad සහ dinner forks, salad සහ dinner knives, soup spoon එක, dessert spoon සහ fork, water glass එක, සහ wine glass එක අනිවාර්යෙන් තියෙන දේවල්.
ටේබල් සෙටප් එකක තියන්න ඕනේ හැඳි, ගෑරුප්පු, පිහි, පිඟන්, කෝප්ප මොනවද? මොකද්ද තියන පිළිවෙල? වගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මෙන්න මේ ලිපිය කියවන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
අන්තර්ජාලයේ පළවුන හරිම ලස්සන Place Setting ටිකක් මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
Plus One
මේක ඉතින් ගොඩක් අය දන්න කාරණයක්නේ. Plus One කියන්නේ ඉන්වයිට් කරන කෙනාට තව එක්කෙනෙක් එක්කන් එන්න පුළුවන් කියන එකයි.
සාමාන්‍යයෙන් Plus One ගාණ තීරණය වන්නේ බජට් එක සහ ඉන්වයිට් කරන ගාණ අනුව තමයි.
කසාද බැඳපු අයට, යාළු වෙලා ඉන්න අයට Plus One දෙන එක සාමාන්‍ය දෙයක්. වෙඩින් එකේ තව අඳුනන අය නැති තනි කෙනෙක්ට ආරාධනා කරනවා නම් එයාටත් Plus One එකක් දෙන එකත් ඉතින් හොඳ වැඩක්.
තව Plus One ගැන දැනගන්න මේ ලිපිය බලන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
Procession
යුරෝපීය ක්‍රමයට වෙන වෙඩින් එකකදී කපල් එකේ පිරිස ceremony එක තියෙන තැනට එන පිළිවෙල තමයි Procession කියන්නේ. අන්තිමට එන්නේ බ්‍රයිඩ් සහ ඇගේ තාත්තා කියන එක ගොඩක් අය දන්නවා වුණාට මුල ඉඳන් පිළිවෙල කියන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.
මේ ලිපිය කියවලා Procession එක ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන්.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
Real Wedding
ඔව්, වචනවල තේරුම ම තමයි තේරුම. මේ වෙනකන් වුණ වෙඩින්වලට, නැත්තන් ඔයාගේ ඇත්තටම වෙන වෙඩින් එකට තමයි Real Wedding එක කියන්නේ.
Real Wedding එකට කලින් Wedding Rehearsals එහෙම කට්ටිය කරන නිසා තමයි ඔය Real Wedding කියන නම එළියට ඇවිත් තියෙන්නේ.
Real Wedding එකක කවර් වෙන්න ඕනේ අනිවාර්ය ෆොටෝස් 30ක් තියෙනවා. ඒ මොනාද කියලා දැනගන්න මේ ලිපිය කියවන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
Processional සහ Recessional
Processional කියන්නේ කපල් එක ඇතුලට එනකොට දාන මියුසික් එකට.
Recessional කියන්නේ කපල් එක එළියට යනකොට දාන මියුසික් එකට.
මේ කාලයේ ලෝකයේ ජනප්‍රිය Processional සිංදු ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
මේ කාලයේ ලෝකයේ ජනප්‍රිය Recessional සිංදු ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
RSVP
RSVP එහෙම නැත්තන් Répondez, s’il vous plaît! කියන්නේ ඉන්වයිට් කරපු ඉවෙන්ට් එකට කෙනෙක් එනවද නැද්ද කියලා දන්වන්න කියලා කරන ඉල්ලීමට.
පොඩ්ඩක් නෙක්ස්ට් ලෙවල් වෙඩින් කරන ගොඩක් දෙනෙක් Invitation එකත් එක්ක RSVP එකකුත් යවනවා. එතකොට ඒක ෆිල් කරලා ආයේ එවන්න තමයි තියෙන්නේ.
හැබැයි මේ වෙනකොට ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා RSVP එකක් ගූගල් ෆෝර්ම් එකක් වගේ පාවිච්චි කරලා කරගන්න.
හරියට RSVP එකක් ලියන හැටි දැනගන්න මේ ලිපිය කියවන්න.
ලින්ක් : [ ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වන්න ]
"Wedding එකකදී ඇහෙන විශේෂ දේවල් - 1 කොටස" ලිපිය:
https://www.facebook.com/planmydaylk/posts/140470054517378
"Wedding එකකදී ඇහෙන විශේෂ දේවල් - 2 කොටස" ලිපිය:
https://www.facebook.com/planmydaylk/posts/140472317850485
"Wedding එකකදී ඇහෙන විශේෂ දේවල් - 3 කොටස" ලිපිය:
https://www.facebook.com/planmydaylk/posts/140474264516957
"Wedding එකකදී ඇහෙන විශේෂ දේවල් - 4 කොටස" ලිපිය:
https://www.facebook.com/planmydaylk/posts/140475941183456
"Wedding එකකදී ඇහෙන විශේෂ දේවල් - 5 කොටස" ලිපිය:
https://www.facebook.com/planmydaylk/posts/140476741183376