Thurusewana Horticulture

Thurusewana Horticulture Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thurusewana Horticulture, Florist, 98c, Attanagalla Road, Nittambuwa.
(3)

14/04/2022
Subscribe ,Like and Share 👍😊සෙන්සවේරියා (Sansevieria/Sanke Plant) ශාක වගාව හා නඩත්තුවhttps://youtu.be/7kjGqye69HU
07/01/2022

Subscribe ,Like and Share 👍😊

සෙන්සවේරියා (Sansevieria/Sanke Plant) ශාක වගාව හා නඩත්තුව
https://youtu.be/7kjGqye69HU

සෙන්සවේරියා (Sansevieria/Sanke Plant) ශාක වගාව හා නඩත්තුවPlant which supply oxygen through out the dayදවස පුරාම ඔක්සිජන් සපයන ශාකයNearly 20 varietiesවර්ග 20ක...

Like, Share and Subscribe 👍💪🏻තුරුසෙවන අපේ අලුත් ඇන්තූරියම් නෙට් හවුස් එක😊තුරුසෙවන අපේ අලුත්ම ඇන්තූරියම් නෙට් හවුස් එක හැ...
16/12/2021

Like, Share and Subscribe 👍💪🏻
තුරුසෙවන අපේ අලුත් ඇන්තූරියම් නෙට් හවුස් එක😊

තුරුසෙවන අපේ අලුත්ම ඇන්තූරියම් නෙට් හවුස් එක හැදුනෙ මෙහෙමයි | Net Houae Makeover
https://youtu.be/sXLevhQ7LiA

තුරුසෙවන අපේ අලුත්ම ඇන්තූරියම් නෙට් හවුස් එක හැදුනෙ මෙහෙමයි | Net Houae Makeoverසෙවන ගෘහය ( ඇන්තූරියම් සදහා )දිග අඩි - 35යිපලල අ.....

Subscribe , Like and share .....🙂👍💪🏻ඇන්තූරියම් නව බදුනකට මාරු කරගන්නෙ මෙහෙමයි | Anthurium repotting | නිවැරදි තාක්ෂණය සම...
05/11/2021

Subscribe , Like and share .....🙂👍💪🏻

ඇන්තූරියම් නව බදුනකට මාරු කරගන්නෙ මෙහෙමයි | Anthurium repotting | නිවැරදි තාක්ෂණය සමගින් https://youtu.be/4TX2p-Cl7fY

ඇන්තූරියම් කුඩා පැලයක් සහ මල් පිපුනු පැලයක් නිවැරදිව නව බදුනකට මාරු කරගන්නා ආකරය...නිවැරදි තාක්ෂ්ණය ....Anthurium repotting with corre...

Subscribe , like and share👍💪🏻🙂ඇන්තූරියම් වගාවේ ව්‍යාප්තිය එදා සිට අද දක්වා | Anthurium cultivation - top to bottom https...
20/09/2021

Subscribe , like and share👍💪🏻🙂
ඇන්තූරියම් වගාවේ ව්‍යාප්තිය එදා සිට අද දක්වා | Anthurium cultivation - top to bottom https://youtu.be/PLnI3b7PKqo

ඇන්තූරියම් වගාවේ ව්‍යාප්තිය එදා සිට අද දක්වා Anthurium cultivation from then to nowනව ඇන්තූරියම් වර්ග 27ක් සමගින්27 new varieties of anthurium ඇන්තූරියම් .....

Subscribe , like and share us on youtube 👍Join us on Facebook 👍නාරිලතා / ලියතඹරා මලේ කතාව | Narilatha flower/ Liyathabar...
05/09/2021

Subscribe , like and share us on youtube 👍
Join us on Facebook 👍

නාරිලතා / ලියතඹරා මලේ කතාව | Narilatha flower/ Liyathabara flower https://youtu.be/doTCt8ah9e0

Orchidaceae කුලයට අයත් Habenaria crinifera කියන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාකයේ මල කාන්තාවකගේ රූපයට සමාන වන නිසා නාරිලතා නැත්නම් ....

Subscribe , like us on Youtube 👍💪🏻Like and share on Face book 👍💪🏻කැලතියා වගාව හා නඩත්තුව Calathea / Prayer Plant Care Gu...
28/08/2021

Subscribe , like us on Youtube 👍💪🏻
Like and share on Face book 👍💪🏻
කැලතියා වගාව හා නඩත්තුව Calathea / Prayer Plant Care Guide / Indoor plants https://youtu.be/O0F_ePbIHZk

කැලතියා වගාව හා නඩත්තුව Calathea / Prayer Plant Care Guide One of the best Indoor plant native to tropical AmericaAglonima plant care: https://youtu.be/yQH7Y...

ඇග්ලොනිමා වගාව හා නඩත්තුව| Aglonima cultivation and maintenance https://youtu.be/yQH7YbeUHFMSubscribe and share our chan...
14/08/2021

ඇග්ලොනිමා වගාව හා නඩත්තුව| Aglonima cultivation and maintenance https://youtu.be/yQH7YbeUHFM

Subscribe and share our channel THURUSEWANA HORTICULTURE 👍💪

Aglonima cultivation and maintenance ඇග්ලොනිමා වගාව හා නඩත්තුව

Very rare orchid 🍀🪴🌸
01/08/2021

Very rare orchid 🍀🪴🌸

Very rare kind of orchidඉතා විරල ඕකිඩ් ප්‍රභේදයක්Blooms once a yearවසරකට වරක් පමනක් මල් පිපේBlooms in June/August monthsජූනි/අගෝස්තු මාස වලදී මල් පිපේ

රොක් වයලට් ( Rock violet)එකිනෙකට වෙනස් වර්ණ 3 කින් ඇත.Hanging pots - Rs. 400Polytene packet plants - Rs. 100Variegated l...
17/02/2021

රොක් වයලට් ( Rock violet)
එකිනෙකට වෙනස් වර්ණ 3 කින් ඇත.

Hanging pots - Rs. 400
Polytene packet plants - Rs. 100
Variegated leaves hanging pots - Rs. 500
Variegated leaves packet plants - Rs. 125

🍀සෙන්සවේරියා ( Sensevieria) වර්ග🌿😊 අද අපි ඔයාලව දැනුවත් කරන්න හදන්නෙ සෙන්සවේරියා කියල හදුන්වන පැලෑටිය පිලිබදවයි..මේ පැලෑ...
31/12/2020

🍀සෙන්සවේරියා ( Sensevieria) වර්ග🌿

😊 අද අපි ඔයාලව දැනුවත් කරන්න හදන්නෙ සෙන්සවේරියා කියල හදුන්වන පැලෑටිය පිලිබදවයි..මේ පැලෑටිය අපි සාමාන්‍යයෙන් ගෙවල්වල දැකල තියන සුලබ වර්ගෙකුත් තියනවා...ඒක තමයි 3 වන පින්තූරෙ දකින්න තියෙන්නෙ.....

☘️මෙයා සම්භවය වෙලාතියෙන්නෙ අප්‍රිකානු කලාපීය රටවල..මෙයාව Snake plant🐍🐍, Mother in law plant👵, Devils tongue 👹👿වගේ අනුවර්ත නාම වලිනුත් හදුන්වනවා...හැබැයි ඉතිං ලංකාවෙනං ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සෙන්සවේරියා කියන එයාගෙ ඇත්තම නමෙන් තමයි..

🍀මෙයා බහුවාර්ශික ශාකයක්.....📏අගල් 6 සිට 40 විතර උසකට වර්දනය වෙන්න පුලුවන්...🌷ගොඩක් වෙලාවට සුදු පැහැයට හුරු මලක් පිපෙනව ගහ පරිනත උනහම...ඉතා ශුශ්ක මෙන්ම සාමාන්‍ය පරිසර හා පාංශු තත්ව යටතේ ජීවත් වෙන එක මෙම ශාකයට ප්‍රශ්නයක් නෙමෙයි..ඒක නිසා හදන්න ඉතාම පහසු පැලෑටියක්...☘️☘️

🍀තව දෙයක් තමයි මෙයා රාත්‍රියටත් ඔක්සිජ්න් (O2) පිටකරන ශාකයක් නිසා නිවාස අභ්‍යන්තරයේ තියාගන්න ( indoor plant ) එකක් විදිහටත් ඉතාම ප්‍රසිද්ධියට පත් වෙලා තියනවා🏡☺️

☘️සාමාන්‍යයෙන් විසිතුරු මල් පැල වලට යොදන 20 -20-20 වගේ පොහොර වර්ගයක් මේ ශාකයට හොදටම ප්‍රමානවත්...💦

☘️දැනට ලේකයේ මෙම ශාකයේ ප්‍රභේද 50 ක් විතර හොයාගෙන තියනව
Sansevieria Black Coral
Sansevieria Zeylanica
Sansevieria Masoniana
ඒ අතරින් සමහරක්.

🍀තුරුසෙවන හෝටිකල්චර් ( Thurusewana horticulture ) වෙතින් ඔයාලට පහත වර්ග වල මවු ශාක දැක බලාගන්නටත් පැල ලබාගැනීමටත් දැන් අවස්තාව තියනවා...තවත් මේ ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍යනම් ඔයාලට මේ දුරකතන අංකයෙන් අපිව සම්බන්ද කරගන්න පුලුවන්😊😊

☎️දු.ක:- 0332293722

ලිපි සැකසුම- කුසල් සුදසිංහ .

🎍සිත නිවන Bonsai කලාව..😌☘️🌱🥰
24/09/2020

🎍සිත නිවන Bonsai කලාව..😌☘️🌱🥰

11/09/2020

😃කැලතියා ( Calathea ) පැල විකිණීමට ඇත!! Limited stock available. SHOP NOW!!! 🛒🍀🌱

😃කැලතියා ( Calathea ) පැල විකිණීමට ඇත!! Limited stock available. SHOP NOW!!! 🛒🍀🌱
11/09/2020

😃කැලතියා ( Calathea ) පැල විකිණීමට ඇත!! Limited stock available. SHOP NOW!!! 🛒🍀🌱

Thank you Buddhi for the wonderful work you creat and the support given to improve our business.. 👍🌱🍃🌵
10/09/2020

Thank you Buddhi for the wonderful work you creat and the support given to improve our business.. 👍🌱🍃🌵

🍃කැලතියා (Calathea)🍃🌿Marantaceae (මැරැන්තේසියේ) කුලයට අයත් මෙය බහුවාර්ෂික ශාකයක් වේ. Peacock plant, Zebra plant, Rattle ...
01/08/2020

🍃කැලතියා (Calathea)🍃

🌿Marantaceae (මැරැන්තේසියේ) කුලයට අයත් මෙය බහුවාර්ෂික ශාකයක් වේ. Peacock plant, Zebra plant, Rattle snak plant යන නම්වලින් ද හඳුන්වනු ලබයි.

🌿නිවර්තන ඇමරිකානු සම්බවයක් ඇති මෙම ශාකය විවිධ රටා සහිත විචිත්‍ර පත්‍ර වලින් යුක්තය. වර්ණවත් පුෂ්ප මංජරි සහිත කැලතියා විශේෂ දක්නට ලැබේ.

🌿මෙම ශාකයට දීප්තිමත් නමුත් ඍජු ආලෝකයක් නොවන ආලෝක තත්ත්ව අවශ්‍ය බැවින් අඩු ආලෝකය යටතේ වගා කල හැකි ශාකයකි.

🌿බොහෝ විට indoor landscaping සඳහා එනම් නිවාස, කාර්යාල, දේශන ශාලා ඇතුළත අලංකරණය සඳහා යොදා ගනී.

🌿අඩු ආලෝක ශාකයක් වීම නිසා මෙම විශේශයේ ශාක වල තරමක් පළල් පත්‍ර පිහිටා ඇත. එමගින් අඩු ආලෝකයේ දී පවා උපරිම ආලෝක ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමට හැකි වී ඇත.

🌿ස්වාභාවික පරිසරයේදී , වනාන්තර සහ විශාල ශාක පාමුල දක්නට ලැබේ.
ගෘහස්ථ ශාක වශයෙන් වගා කරනු ලබන කැලතියා විශේෂ කිහිපයක් පහත දැක්වේ.

1. Calathea iancifollia
2. Calathea ornata
3. Calathea roseopicata
4. Calathea rufibarba
5. Calathea makiyama
6. Calathea orbifolia

🌿මෙවැන් ලස්සන කැලතියා වර්ග දැක බලා ගැනීමටත්, උපදෙස් ලබාගැනීමටත් අවශ්‍ය අය ඉන්නවනම් පහත දුරකතන අංකයෙන් අපිව සම්බන්දකරගන්න පුලුවන්.☺️

☎️Tel:- 0332293722

ලිපි සැකසුම:- සත්‍යා සුදසිංහ

24/07/2020
😊 අපගේ පැල තවාන සතුව ඇති පහත සදහන් පැල වර්ග සහ තවත් විසිතුරු පැල අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමට මේ සතිඅන්තයේ අප වෙත පැමි...
24/07/2020

😊 අපගේ පැල තවාන සතුව ඇති පහත සදහන් පැල වර්ග සහ තවත් විසිතුරු පැල අඩු මිල ගණන් යටතේ මිලදී ගැනීමට මේ සතිඅන්තයේ අප වෙත පැමිණෙන්න. ☘️🌱🌵( විමසීම් - 033 2293722 )

22/07/2020
🌷ඇන්තූරියම් (Anthurium) වර්ග🌷🍀අද අපි ඔයාලට ගේන්න හදන්නෙ ඔයාල කැමතිම සහ ලෝකයේ ඉතාම ජනප්‍රිය මල් පැලෑටියක් වන ඇන්තූරියම් ප...
14/07/2020

🌷ඇන්තූරියම් (Anthurium) වර්ග🌷

🍀අද අපි ඔයාලට ගේන්න හදන්නෙ ඔයාල කැමතිම සහ ලෝකයේ ඉතාම ජනප්‍රිය මල් පැලෑටියක් වන ඇන්තූරියම් පිලිබදව අපි කරන්න යන ලිපි පෙලේ හදුන්වාදීමේ ලිපියයි. මේකෙදි අපි ලංකාවෙ ඇන්තූරියම් වගාවේ ව්‍යාප්තිය ගැන කෙටි විස්තරයක් කරනව...

🍀ඔයාල කවුරුත් දන්නව ඇති මීට වසර 15ට විතර ප්‍රතම anthurium කියුවහම අපේ මතකයට ආවෙ ගොඩක් ලොකු දිගටි හැඩයකින් යුක්ත බයි කලර් (පාට දෙකකින් යුක්ත) මල් හෝ විශාල, රවුම් තනි පාටකින් යුතු මල් වර්ග කිහිපයක් විතරයි( උදා:- ඒ කාලෙ බලු දිව කියල, තව කොකාකෝල කියල නම් හදාගෙන තිබුන අපි😉)

🍀නමුත් දැන් අවුරුදු 10-15 ඉදල මේ තත්වෙ ගොඩක් වෙනස් වෙලා...ලංකාවෙ කලින් තිබුන( මම කලින් සදහන් කරපු) වර්ගවල anthurium ගොඩක් අඩු වෙලා දැං අපිට දක්නට ලැබෙන්නෙ පිටරටින් ආනයනය කරපු anthurium වර්ග....මේ වර්ගත් කොටස් දෙකකට බෙදෙනව...

🍀එක් වර්ගයක් අපි ලස්සනට pots වල හදල pot plants විදිහට ලංකාවෙන් අපනයනයත් කරනව..මේ වර්ග වල ඉතා විශාල වශයෙන් පදුරු හැදෙනව..වරකට පදුරෙ මල් 8,10,12 වර්ගත් තියනව. උස නැති කොට පදුරු හා කුඩා මල් විදිහට තමයි බහුලව දක්නට ලැබෙන්නෙ...🌷
උදා:-Pink champion
Cherry champion
Nano red
Black beauty
Black love
Red king
මේව ගොඩක් දුරට පදුරෙන් පැල වෙන් කරල තමයි බෝ කරන්නෙ..ඊට අමතරව tissue culture ( පටක රෝපනය) කරලත් හදනව.

🍀අනිත් වර්ගය තමයි අපි cut flowers (කැපුම් මල්) විදිහට අපනයනය කරන්නෙ. ඒ වර්ග වල විශාල වශයෙන් පදුරු ගැසීමක් සිදුවන්නෙ නෑ..මල තරමක් විශාලයි..මසකට මල් 1ක් විතර තමයි අපිට ගන්න පුලුවන්....🌷🌷
උදා:-Fantasia
Tera
Pistache
පදුරු ගැසීම අඩු නිසා මේ වර්ගවල බොහෝ විට ප්‍රචාරනය සිදුකරන්නෙ tissue culture ක්‍රමය මගින් තමයි...

🍀ලංකාවෙ දැං ඉහත සදහන් කරපු ක්‍රම දෙකටම ( pot plants and cut flowers) සුලු පරිමානයෙන් හා මහා පරිමානයෙන් අපනයනය කිරීම් කරනව...තව ලංකාවෙ විසිතුරු මල් වගාවේ ප්‍රමුක ස්තානයක් ගන්නත් සමත්වෙලා තියනව මේ ආනයනික ඇන්තූරියම් වර්ග.

🍀මෙම ලිපි පෙලේ දෙවනි කොටස ලගදීම බලාපොරොත්තු වන්න. එහිදී අපි මේ චායාරූප වල තියන ඇන්තූරියම් වර්ග ගැන වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනව..

☘️මෙවැන් ලස්සන ඇන්තූරියම් වර්ග දැක බලා ගැනීමටත් මිලදී ගැනීමට්ත් අවශ්‍ය අය ඉන්නවනම් මෙන්න මේ දුරකතන අංකයෙන් Thurusewana horticulture අපිව සම්බන්දකරගන්න පුලුවන්.

☎️ Tel:- 0332293722☎️

🎋ලිපි සැකසුම:- කුසල් සුදසිංහ

🍁🌸බිගෝනියා (Begonia)🌸🍁🍁Begoniaceae කුලයට අයත් වන මෙම ශාකය ඒක වාර්ෂික සහ බහු වාර්ෂික ශාක අවස්ථා දෙකම පවතී. බිගෝනියා ශාකය ...
02/07/2020

🍁🌸බිගෝනියා (Begonia)🌸🍁

🍁Begoniaceae කුලයට අයත් වන මෙම ශාකය ඒක වාර්ෂික සහ බහු වාර්ෂික ශාක අවස්ථා දෙකම පවතී. බිගෝනියා ශාකය අයත් ඝණය ට ශාක විශේෂ 1500 කට වැඩි ප්‍රමාණයක් ඇති බව කියවේ.

🍁ලොව පුරා නිවර්තන හා අර්ධ නිවර්තන කලාපික ප්‍රදේශ වල වැඩි වශයෙන් ව්‍යාප්තව පවතී.

🍁අද වන විට Hybride වර්ග දහස් ගණනක් දක්නට ලැබේ.

🍁ප්‍රධාන ව්‍යාප්ති ක්‍රමය වන්නේ පත්‍ර මගින් සහ රෛසෝම මගින් පැළ ලබා ගැනීමයි.

🍁🌸ප්‍රධාන බිගෝනියා වර්ග 🌸🍁

🍁1. වැක්ස් බිගෝනියා (wax Begonia)- කුඩා ඉටිමය මල් දක්නට ලැබේ . මේවා පැඟිරි රසයෙන් යුක්ත ආහාරයට ගත හැකි මල් වේ . රතු, සුදු, කහ, රෝස, මල් සහිත වර්ග බහුල වන අතර උද්‍යානය වල වර්ණවත් පාත්ති වශයෙන් වගා කිරීම සුදුසු වේ.

🍁2. කේන් බිගෝනියා (Cane Begonia) - Bamboo ශාකයේ මෙන් කදක් දරන යන අර්තය ඇතිව මෙම නම පටබැඳී ඇත. අනිකුත් බිගෝනියා වර්ග වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ.

🍁3. ටියුබර් බිගෝනියා (Tuberous Begonia) - විවිධ වර්ණ වලින් සහ හැඩයෙන් යුත් මල් සහිත නිසා බොහෝ ජනප්‍රිය වේ. Hybrid වර්ග ‍‍රාශියක් ඇත.

🍁4. රෙක්ස් බිගෝනියා (Rex Begonia) - විවිධ වර්ණ වලින් යුත් විචිත්‍ර පත්‍ර සහිත වේ. ගෘහස්ථ ශාකයක් ලෙස බොහෝ විට වගා කරයි.

🍁5. රෛසොමේටස් බිගෝනියා ( Rhizomatous Begonia) - පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වේ. රෛසෝම මගින් ප්‍රචාරණය කරගත හැකිය.

ලිපි සැකසුම :- සත්‍යා සුදසිංහ

🌺🌸ෆ්ලේමින් බියුටි - Flaming Beauty🌺🌸(Carphalea kirondron)☘️Rubiaceae කුලයට අයත් මෙම ශාකය giant pentas යන අනුවර්ත නාමයෙන්...
18/06/2020

🌺🌸ෆ්ලේමින් බියුටි - Flaming Beauty🌺🌸
(Carphalea kirondron)

☘️Rubiaceae කුලයට අයත් මෙම ශාකය giant pentas යන අනුවර්ත නාමයෙන් ද හඳුන්වනු ලබනවා. සදාහරිත විසිතුරු ශාකයක් වන මෙය මැඩගස්කරයේ සිට සම්භවය වූ බව පැවසෙනවා.

☘️මෙම ශාකයේ රතු පාට පුෂ්ප; මංජරි වශයෙන් ඇතිවන අතර එම පොකුරු අතරින් ඉතා කුඩා පෙති 4 බැගින් අඩංගු සූත්‍රිකාකාර සුදු පැහැති පුෂ්ප ද තැනින් තැන දැක ගත හැකියි.
මෙම ශාකයේ විශේෂත්වය වන්නේ එක් පුෂ්ප මංජරියක් මාස 6 කට වැඩි දීර්ඝ කාලයක් පැවතීමයි.

☘️3m ක් පමණ උස යන මෙම ශාකය ප්‍රමාණවත් ඉඩ සහ ආලෝකය පවතින උද්‍යානයකට යෝග්‍ය වන අතර කප්පාදු ක්‍රම මගින් උස සහ වටප්‍රමාණය පාලනය කර ගත හැකියි.

☘️මෙම වර්ගයට අයත් මවු ශාකයක් සහ කුඩා පැල අපේ තුරුසෙවන හෝටිකල්චර් ( Thurusewana horticulture ) එකේ ඔබට දැක බලාගන්නත් අවශ්‍ය පරිදි මිලදී ගන්නත් පුලුවන්.....🌺🌸🌿☘️

🌷විමසීම්-033 2293722

🌷ලිපි සැකසුම- සත්‍යා සුදසිංහ

🌿ඇග්ලොනිමා වර්ග ☘️(Aglaonema spp.)🌿ලංකාවේ විසිතුරු පත්‍ර සදහා පැල වගා කරන්නන් අතර ප්‍රචලිත Aglaonema ශාකය Araceae කුලයට ...
10/06/2020

🌿ඇග්ලොනිමා වර්ග ☘️
(Aglaonema spp.)

🌿ලංකාවේ විසිතුරු පත්‍ර සදහා පැල වගා කරන්නන් අතර ප්‍රචලිත Aglaonema ශාකය Araceae කුලයට අයත් ශාකයක්. අපි කවුරුත් දන්න 'හබරල' ශකය අයත් වෙන්නෙත් මේ කුලයටම තමයි.

🌿නිවර්තන වැසි වනාන්තර වල දකින්නට ලැබෙන මෙම ශක සදාහරිත සපුෂ්ප ශාක වෙනවා. නමුත් කුඩා පුෂ්ප වලට වඩා, කැපීපෙනන වරණවලින් ‍‍යුත් පත්‍ර නිසා විසිතුරු පත්‍ර ශකයක් ලෙස හදුන්වන්නට පුළුවන් . පත්‍ර වල හැඩය, ප්‍රමාණය, වර්ණය සහ පත්‍ර මත ඇති රටාව අනුව ප්‍රභේද ගණනාවක් වෙනවා.
🍂Aglaonema 'Maranthafolia'
🍂Aglaonema 'Pseudobactratum'
🍂Aglaonema 'Silver queen'
🍂Aglaonema 'Red'
එවැනි වර්ග කිහිපයක්. මේ අතරින් විශේශිත රතු පැහැයක් ගන්නා Aglaonema 'Red' වලට ඇත්තේ විශාල ජනප්‍රිය තාවයක්. රතු පැහැයේ ද තිව්‍රතාවය අනුව Aglaonema 'Red' වලද වර්ග කිහිපයක් දැක ගන්නට පුළුවන්.

🌿නිවර්තන ශාකයක් වීම නිසා ගොඩක් අඩු උෂ්ණත්වය වලදී ශක පත්‍ර වල අදුරු පැහැ පැල්ලම් ඇතිවීම දක්නට ලැබෙන අතර අඩු ආලෝක තත්ත්ව යටතේ පහසුවෙන් වගා කළ හැකිය. විශේශිත සැළකිල්ලකින් තොරව වගා කළ හැකි නිසා විසිතුරු පැල වගාවට යොමු වන ආදුනිකයන් සදහා සුදුසු ශාකයකි.

🌿අපේ Thurusewana Horticulture ( තුරුසෙවන හෝර්ටික්ල්චර්) එකෙත් මේ වර්ගයේ පැල දැක බලාගන්න සහ ඔබගේ අවශ්‍යතාව අනුව මිලදී ගන්නත් පුලුවන්....

😊අවශ්‍ය අය ඉන්නවනම් අපිව 033 2293722 කියන අංකයෙන් අමතන්න.......☘️☘️

☘️ලිපි සැකසුම- සත්‍ය සුදසිංහ☘️🍂

Address

98c, Attanagalla Road
Nittambuwa
11120

Opening Hours

Monday 06:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94332293722

Website

Alerts

Be the first to know and let us send you an email when Thurusewana Horticulture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thurusewana Horticulture:

Share

Category


Other Florists in Nittambuwa

Show All