19/12/2021
මිනිස් සිතේ තීරණ ගැනීමෙ හැකියාව සීමාසහිතද ?
අපි එදිනෙදා ජිවිතයේ සිදුකරන ක්‍රියාකාරකම් ඉච්චානුගත සහ අනිච්චානුගත විදියට ඛණ්ඩනය කරල දක්වන්න පුලුවන්.සරළවම කියනවානම් සිතාමතා කරන ක්‍රියා සහ ඉබේම සිදුවන ක්‍රියාකාරකම් විදිහට, මේ පිළිබඳ බොහෝ මනෝ විද්‍යාඥයින් පර්යේෂන රැසක් සිදුකරල තියනවා.ඒ පර්යේෂන වල රසමුසු තැන් සහ මිනිස් සිතේ තීරණ ගැනීමේ හැකියාව ගැන තමයි අද අපි ඔබත් එක්ක කථාකරන්න බලාපොරොත්තු වෙන්නේ.
උදේට කාර්යාලයට ඇඳන්යන ඇඳුම තීරණය කිරීමේ ඉඳලා, රටේ ජනාධිපති තේරීම දක්වා විවිධ මට්ටමේ තීරණ ගැනීම සඳහා අපි අපේ මනස මෙහෙයවනවා.එකිනෙකාගේ තීරණ ගැනිමේ හැකියාව සහ පරාසය එකිනෙකට වෙනස් වුණාට හැමෝටම දිනකට සාර්ථකව ගත හැකි තීරණ ප්‍රමාණයක් තියෙනවා.අපි අපේ තීරණ ගැනීමේ මට්ටම ඉක්මවා යන හැම අවස්ථාවකම අපි ගන්න තීරණ වල සුළු සුළු අඩුපාඩු කම් ඇතිවෙන්නට පුළුවන්.ඔබ ගන්නා ආහාර, ඔබ ජීවත් වන පරිසරය, ආශ්‍රය කරන පුද්ගලයින්ගේ ස්වභාවය, ආදී විවිධ කරුණු ඔබේ මානසික මට්ටම කෙරෙහි බලපානවා වගේම තීරණ ගැනීමේ හැකියාව ට සෘජු බලපෑමක් සිදු කරනවා.
නෙදර්ලන්තයේ මනෝ විද්‍යාඥයින් පිරිසක්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ව යොදාගෙන බොහෝම අපූරු පර්යේෂණයක් සිදු කළා.එකම වැරැද්ද සම්බන්ධයෙන් උදේ කාලයේ දී හා දිවා ආහාරයෙන් පසුව ඔහු ලබා දෙන තීන්දු සම්බන්ධයෙන් තමයි මෙහිදී පර්යේෂණයට ලක්වුනේ. "මාර්ග සංඥා නොතකා ධාවනය" සම්බන්ධයෙන් වැරැද්ද සඳහා උදේ වරුවේ ඔහු ලබාදුන් තීන්දුවට වඩා වෙනස් තීන්දුවත් තමයි ඔහු සවස් වරුවේ ලබා දුන්නේ ඒ සඳහා හේතු විදිහට ඔවුන් ඉදිරිපත් කළේ දිවා ආහාරයෙන් පසුව සිරුරේ සීනි මට්ටම ඉහළ යාම සහ දිවා ආහාරය ගන්නා අවස්ථාවේ විනිසුරුවරයාගේ බිරිඳ විසින් ලබාදුන් දුරකථන ඇමතුම් මගින් ඇතිවූ මානසික පීඩනයයි.
ඔබ උදෑසන අවදි වූ විගසම සංකීර්ණ ගණන් ගැටලුවක් විසඳන්න උත්සාහ කරන්න,ඔබට බොහොම පහසුවෙන් එය විසඳ ගන්නට ඔබට හැකියාව ලැබේවි,නමුත් ඔබ එම ගණිත ගැටළුවම සවස් වරුවේ විසඳන්නට උත්සාහ කළහොත්, එම ගැටලුව විසඳන්න ඔබට එතරම් පහසු නෑ. ඒ මොකද කියලා ඔබ මොහොතකටවත් හිතුවද,ඒ වෙනකොට එදා දවසේ බොහෝ තීරණ ගැනීම සඳහා මනස මෙහෙයවල අවසානයි. ඒ නිසා තමයි බොහෝ ජාත්‍යන්තර සමාගම්,තම නිෂ්පාදන පිළිබඳ තීරණ ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන හමුවිම් (Meeting) සඳහා උදෑසන කාලය භාවිතා කරන්නේ.එවිට සේවකයන් බොහොම ප්‍රබෝධමත්, ඔවුන් ගන්නා තීරණ සාර්ථක වීමේ හැකියාව බොහෝම වැඩියි.බොහෝමයක් පිළිගත් ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා රියදුරන් ලබා දෙන්නේ ඇයි කියලා ඔබ හිතලා තියෙනවද? මම නං හිතන්නේ ඔබ ඒ පිළිබඳ දැඩි තැකීමක් කරන්නේ නැතුව ඇති.වාහනයක් ධාවනය කිරීමේදී ක්ෂණයකින් විවිධ තීරණ ගැනීමට සිදුවෙනවා.අදාළ නිලධාරියා විසින්ම වාහනය පදවාගෙන යනවානම්,ඔහුගේ තීරණ ගැනීමේ හැකියාව ඒ වෙනුවෙන් නිකරුනේ නාස්ති වෙනවා.ඒ නිසා තමයි විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෙනුවෙන් රියදුරෙකුගේ සහය ලබාදෙන්නේ.
විටෙක මාධ්‍යවේදීන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගෙන් විමසනවා ඇයි ඔබ එකම වර්ණයේ ඇඳුම් නිතර අඳින්නේ කියලා.ඔහුගේ පිළිතුර වෙන්නේ "මම උදේට අඳින්න ඕනේ ඇඳුම් පිළිබඳ තීරණය කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ"මට තියෙන ඕනෑම ඇඳුමක් පහසුවෙන් පලඳින්න පුළුවන් කියලා. ඇඳුම තෝරා ගැනීම වෙනුවෙන් වැය කරන තීරණ ගැනීමේ පීඩනය, ඔහු වෙනත් ඵලදායී තීරණයක් ගැනීම වෙනුවෙන් යොමු කරනව කියන එක තමයි අපිට හැඟෙන්නෙ.
ඔබ යම් විභාගයකට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒ සඳහා අඳින පළඳින ඇඳුම ආයිත්තම් සහ රැගෙන යන උපකරණ පෙර දිනයේදී සූදානම් කරලා තියන්න.එහෙම නැතුව විභාග දිනයේදී ඇඳුම් පැළඳුම් සහ රැගෙන යන උපකරණ සූදානම් කරන්නට පෙළඹුනහොත් ඔබගේ තීරණ ගැනීමේ හැකියාව නිකරුනේ නාස්ති කිරීමක් බවට පත්වෙනවා.
අපි සරළ උදාහරණයකින් ඔබගේ තීරණ ගැනීමේ හැකියාව පිළිබඳ විමසා බලමුද ? ඔබ පෙම්වතා හෝ පෙම්වතිය සමගින් ආහාර ගැනීම සඳහා Resturant එකකට ගියපු අවස්ථාවක් සිහියට නගාගන්නකො.. එහි තිබෙන Menu Chat ( ආහාර ලේකනයෙන්) ආහාර තෝරා ගැනීම සඳහා ඔබෙ දෙදෙනා කෙතරම් වෙහෙස වුනාද ?, එතරම් සංකීර්ණ ගැටලුවක් නොවුනත්, ඔබ දෙදෙනාගේම අදහස් එකිනෙකා අතර හුවමාරු කරගනිමින්, ආහාර තෝරාගැනීමට අවම වශයෙන් විනාඩි 5 ක කාළයක්වත් ඔබ භාවිතා කරන්නට ඇති. සරළ ගැටලුවක් විසඳීමට තීරණය ගන්න ඔබ එතරම් වෙහෙස උනානම්, හිතන්නකො ඔයාගෙ Wedding එක Plan කරන්න ගියොත් ? ඔබට එහිදී එකිනෙකට වෙනස් තීරණ දහස් ගණනක් බොහොම සුලු කාළපරිච්චේදයක් තුළ ගැනීමට සිදු වෙනවා.
අපි Wedding එකක් ගන්නෙ ජීවිතේටම එකම එක පාරයිනෙ, ඒ නිසා ඔබට ඒ සම්බන්දයෙන් පෙර අත්දකීමුත් නෑ. ඔබ රැකියාවක නිරතවෙන කෙනෙක්නම්, රැකියාවේ පීඩනයත් එක්ක මංගල දිනය සැළසුම් කරනව කියන්නෙ බොහොම අපහසු කටයුත්තක්. ඔබ විවාහය සැළසුම් කිරීමෙදී ගන්නා එක් වැරදි තීරණයක් නිසා මුලු මංගල දිනයේම කටයුතු අවුල් සහගත තත්වයකට පත්වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔබට මංගල දිනය වෙනුවෙන් ඔබ ගතයුතු තීරණ පිළිබඳව කලින් අවබෝදයක් ලබාගැනීමට හැකියාව ලැබුනොත් ඔබට කෙතරම් පහසුද, ඒ වෙනුවෙන්ම සම්පාදිත ග්රන්ථයක් තියෙනව කියල කිව්වොත් ඔබ පුදුම වේවි !! පුදුම වෙන්න දෙයක් නෑ @අනන්තය Wedding & Event Consultancy Facebook පිටුවට ගියොත් ඔයාට ඒ ග්‍රන්ථය පිලිබඳව වැඩි විස්තර දැනගන්න පුලුවන්. පහලින් මම Link එකත් දාන්නම්කො.
https://www.facebook.com/AnanathayWeddingEventConsultancy/
ඔයා ජීවිතයේ ගන්න හැම තීරණයක්ම, ඔබේ ඉරණම විසඳන්න දායක වෙනව කියන කාරණාව හොදින් අවබෝධ කරගන්න !! කළබල වෙලා හදිස්සියට තීරණ ගන්න එපා.
කළබලයෙන් තීරණ ගන්නා, නිවිසැනසිල්ලේ පසුතැවේ !!