14/04/2024
අනිත් අයට පුළුවන් නම් ඇයි මට බැරි.😊
ව්‍යාපාර කටයුතු වලදි මේක මං හැම වෙලාවෙම හිතන කාරනාවක්.ඉතින් අලුත් අවුරුද්දෙ ඔයාලට දියුණුවෙන්න උපදෙස් ටිකක් දෙන්න හිතුනා. හැමෝම දන්න කාරනාව තමයි අපිට ලැබිලා තියෙන්නෙ එකිනෙකාට වෙනස් වෙච්ච ජීවිතයක් සහ ජීවන රටාවක්. හැමෝම මුහුණ දෙන්නෙ වෙනස් ප්‍රශ්න වලට.වෙනස් අත්දැකීම් වලට.ඉපදුන පවුල් පරිසරය අනුව සමහරු උපතින්ම සල්ලි තියෙන අය.සමහරු ඉගෙනගෙන කට්ට කාලා ඒ තැනට ආපු අය.ඒ දෙකම නැති අයත් ඉන්නවනෙ ඉතින්.අපේ ආගමේ විදිහටනම් පව් පිං අනුවනෙ ඒ දේවල් සිද්ද වෙනවා කියන්නෙ.ජීවන අරගලය සහ ව්‍යාපාර පිළිබඳව අපි පොදුවේ කතා කරමු. ඔයාලට තාම හරියට අවබෝධයක් නැතුව ඇති විවාහයෙන් පසුව එන ජීවිතේ ගැන.දැනට ඒ දේවල් ගැන ලොකු අදහසක් නැත්තෙ ගෙදරින් හැමදේම කරන නිසා.අම්මා උයලදෙන දේ කාලා ජොබ් එකට ගිහින් ඇවිත් තාත්තා ගෙවන වතුර ලයිට් බිල්වල පිහිටෙන් නාලා ෆෝන් එක චාජ් කරගෙන මලක් කඩාගෙන චූන් එකේ ඉදලා රෑටත් කාලා නිදාගන්න එකනෙ කරන්නෙ ඉතින්.
බැන්ඳහම ඔයාලා දෙන්නට එන වියදම් චුට්ටක් මතක් කරලා දෙන්නම්.හිත රිද්දගන්න නෙවෙයි.මේවා දැනගෙන ඒවට මුහුණ දෙන්න බලාගෙන පෙර සූදානමින් යන එකයි වටින්නෙ. බඳින්න කලින් නම් ලුණුයි බතුයි කාලා ජීවත් වෙන්න කතාව.ඒවා කතා විතරයි.මේවා ඉතින් හැඟීම් වලට යට උන මායාවන් තමයි.
ලයිට් බිල්
ෆෝන් බිල්
වතුර බිල්
ගෙවල් කුලී
රැකියාවට යන එන මග වියදම්
මහත්තයා වාහනයක් අරන්නම් ෆිනෑන්ස්
වෙඩිමට ගත්ත ලෝන්
දැනටමත් ව්‍යාපාර කරන අය ගත්ත ලෝන්
කෑම බීම
ඇදුම්
බනගෙවල්
දානෙගෙවල්
පිංකම්
ඔෆිස් පාර්ටි
ට්‍රිප්
අසනීපවලට බෙහෙත්
සමහරු පාර්ට්නර්ගෙ අසනීප ගැන දැනගන්නෙ කසාදෙන් පස්සෙ.මොකද ඉතින් කවුරුත් යාලුවෙලා ඉන්න කාලෙ අහන් නැහැනෙ මේ හලෝ ඔයාට දරුණු අසනීප නිදන්ගත රෝග තියෙනවද කියලා.😊
ටික ටික ගෙවන්න ගෙදරට ගන්න බඩුමුට්ටු
දරුවොන්ගෙ වියදම්.
ඒවනම් එන්නෙ බැඳලා ටික කාලෙකින්නෙ.මට කියන්න ඕනෙ උනේ එක වහලක් යටට ආවහම වියදම වෙන්නෙ කාගෙ පැත්තෙන් උනත් දෙන්නටම දරන්න වෙනවා කියන එක.
මේ දේවල් එක්ක හැප්පෙන්න මිනිස්සු මාර ගේමක් දෙනවා, උදේට පාරට චුට්ටක් ගිහින් බලන්න මිනිස්සු හැල්මෙ දුවන හැටි පනම් හතරක් හොයාගන්න.
ජීවත් වෙන්න මූලිකවම අපිට තියෙන්න ඕනෙ දෙයක් තමයි හිතේ නිදහස.ඉතින් මුදල් තියේනම් හිතේ නිදහසත් නිකන්ම ලැබෙනවා.කාටහරි කියන්න පුළුවන් සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා.හැබැයි අපි දැන් ඉන්නෙ දඩයමේ යන කැලෑ කොල කන ගල් යුගයක නෙවේ නිසා මූලික අවශ්‍යතා සපුරගන්නත් මුදල් අත්‍යවශ්‍යයි. මේ ගැනනම් පැති ගොඩකින් කතා කරන්න පුළුවන්.මෙතන ඉඩ මදි ඉතින් මගේ අදහස් ටයිප් කරන්න.
මං මේ ඔයාලට කියන්න උත්සහ කරන්නෙ ජොබ් කරන අයටයි ජොබ් නොකරන අයටයි විකල්ප ආදායම් මාර්ගයක් හදාගන්න කියලා. ඒක ඔයාලා දන්න ඕනෑම පැත්තකින් ට්‍රයි කරලා බලන්න.අනේ මට බැහැ ,පටන් ගත්තට වැඩක් උනේ නැහැ.තැනක් නෑ.සල්ලි නෑ,කියල උඩ බලන් ඉන්න එපා. හොදම උදාහරනෙට මාව ගන්න. මේ ව්‍යාපාරය පටන් ගන්න මට වියදම් උනේ ඩේටා පැකේජ් එකක් විතරයි.වෙඩින් සම්බන්ධව A to Z ඉගෙනගෙන මගේ අත්දැකීම් එක්ක ඒවා වචන කරලා ඔයාලට social media හරහා දැනුම දුන්නා.මගේ සේවාව හොද නිසා ඔයාලා මගේ පේජ් එකත් එක්ක සම්බන්ද උනා.
මේ මගේ එක ව්‍යාපාරයක් විතරයි.
මේකෙන්ම විතරක් යැපෙන්න උනානම් වෙඩින් නැතිකාලෙ මං ජීවත් වෙන්නෙ කොහොමද.ඒ නිසයි එක ව්‍යාපාරයකට සීමා නොවුනෙ.මොකද මට කොමිස් ගහලා අසාදාරන විදිහට උපයන එක රුපියලකින්වත් වැඩක් නැහැ.මගේ මහංසිය සහ කැපවීම නිසා මං හොද තැනක ඉන්නව දැන්. ඔයාලටත් ව්‍යාපාර අදහසක් තියෙනවනම්, කරන්නෙ කොහොමද කියලා තේරුමක් නැත්නම්.දැනට කරගෙන යනදේවල් සාර්ථක මදි වගේනම් කෝල් එකක් දෙන්න
මං කියලා දෙන්නම් දන්න විදිහට වැඩේ ගොඩ දාගන්න.මටත් ඕනෙ මගේ එක වචනෙකින් හරි තව කෙනෙක් ගොඩ යනව බලන්න. මට බැහැ යාලුවනම් හොදට හම්බකරනව කියලා හූල්ලන් නැතුව,මේ අලුත් අවුරුද්දෙ අපිත් මහන්සිවෙමු අපේ ජීවිත ගොඩ දාගන්න.
Important 🔴
ඉතින් සුභ අලුත් අවුරුද්දෙ
පොඩි වෙලාවක් අරන් මේ steps ටික follow කරලා බලන්න.
1. Review : 2024 ඉදන් හරි ඊට කලින් ඉදන් හරි පසුගිය මාස කිහිපයේ ඔයාලගෙ අරමුණු වෙනුවෙන් ඔයාලා වැඩ කරපු විදිහ විනාඩි දහයක් අරගෙන නැවත මතක් කරලා බලන්න.ඔයාලා මොනවද ඔයාල වෙනුවෙන් ඔයාලගෙ අනාගතේ වෙනුවෙන් කරේ කියලා.
2. Re-think : ඔයාලට වඩා හොඳින් ඔයාලගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් විදිහ, දැනට කරගෙන යන වැඩ improve කරගන්න පුලුවන් විදිහ හිතන්න. ඒ වගේම කරන්නම බැරි වුණ දේවල් ආයෙමත් පටන් අරන් කරගෙන යන්න පූලුවන් විදිහත් හිතන්න.ස්මෝල් බිස්නස් එකක් ගැන හිතන්න. ළග හිටපු අනිත් අය ඔයාට වඩා අඩියක් හරි ඉස්සරහට සාර්ථක වෙලා ඉන්නවනම් මාත් කොහොම හරි ඉදිරියට එනවා කියලා හිතන්න.
03. Re-start : ඉහත steps දෙක තුලින්ම ඔයාලට ලැබුණු සහ මතක් උනු දේවල් එක්ක ඔයාලගෙ මේ වසරේ targets ටික සහ ඒ වෙනුවෙන් කරන්න යන දේවල් ටික හරියටම සැලසුම් කර ගන්න. සැලසුම් කරාට විතරක් මදි ක්‍රියාත්මක කරන්නත් ඕනෙ.
M wedding Planner
මේ ඔයාලගෙ විවාහය ප්ලෑන් කරන තැන විතරක් නෙවෙයි ජීවිතයම හදන තැනයි.