21/07/2022
මචන්
අරගලය සෑහෙන හොදයි. හැබැයි තව ටිකක් ආර්ථික විද්‍යාත්මක theme එකක් අරගලයට එන්න ඕන.
1 - පාඩු ලබන ආණ්ඩුවේ business Privatize කරන්න කියල අරගල කරන්න ඕන.
2 - ලාබයක් ලැබුවත් ඒ ලාබය ආණ්ඩුවේ ව්‍යාපාරෙයේ වත්කම් වලට සාපේක්ශව සෑහෙන අඩු නන් (ඒ කියන්නෙ ROI එක Industry ROI එකට වඩා සෑහෙන අඩු නන්) ඒ ව්‍යාපාරත් එක්කො කොටස් වෙලදපොලේ list කරල නැත්නන් වෙන විදියකට හරි Public Private Partnerships වලට යන්න කියන theme එකත් එන්න ඕන.
ඔය 1 හා 2, තමයි මචන් ඔයා reload එකට පෑනට පැන්සලට පොතට ගෙවන හැම බදු රුපියලක්ම ගිල ගන්න ප්‍රදානම හේතු දෙක. එකා වගේ පෙල ගැහෙන්න ඕන මේව කරන්න කියල.
3 - රටේ තියෙන business ඒකාදිකාර නැති කරන්න කියල අරගල කරන්න ඕන. ඔයාලගෙ අරගලේ නිසා තමයි දම්මික පෙරේරා ආපහු company එකට ගියේ. ඒ වගේ වැදගත් දේවල් Main Theme එකට ගන්න ඕන.
4 - ඉවක් බවක් නැතුව දේශපාලනීකරණය කරල ගෙවන සහනාදාර ක්‍රම අයින් කරන්න කියල අරගල කරන්න ඕන. අන්ත දුප්පත් මිනිස්සුන්ට විතරක් ඒව හරියට target කරන්න කියල කියන්න ඕන.
5 - Bribery commission එකේ Man power 100 ගුණේකින් හරි වැඩි කරල ඒක full independent කරන්න කියල කියන්න ඕන.
6 - සියලුම අදිකරණ ක්‍රියාවලි කාර්‍යක්ශම කරල ව්‍යාපාර කරන්න ලේසි පරිසරයක් ඇති කරන එක.
දැනට ඔය ටික හරි අපි add කරමුද ? දැන් අර IMF යනව IMF යනව කියනවනේ.
IMF ගිහාම IMF නිකම්ම ආ එන්න මෙන්න මේ ණය ගන්න කියල ණය දෙන්නෙ නෑ මචන්. එයාල කියන්නෙ ඔන්න ඔය උඩ තියෙන දේවල් කරන්න කියල අපි 16 පාරක් වගේ කලින් IMF ගියාට අපේ දේශපාලකයො අපිට පොල්ල තිව්ව වගේම IMF එකටත් පොල්ල තිව්ව. මේව කරන්නන් කියල ණය අරගෙන ඒව කලේ නෑ.
ඒවයි ප්‍රතිවිපාක තමයි අපි අද භුක්ති විදින්නෙ.
අවසාන වශයෙන් කියන්න ඕන, සමහරු කියනවනෙ ණය අරගෙන හරියන්නෙ නෑ කියල.
මේ තියෙන දරුණු අර්බුදයෙන් ගොඩ එන්න IMF ණය හැර වෙන සුදුසු ක්‍රමයක් නෑ. ණය අරගෙන ඔය උඩ තියෙන ටික කලොත් රටේ නිශ්පාදිතය වැඩි වෙද්දි (හරය වේගයෙන් වැඩි වෙද්දි), ණය බර (ඒ කියන්නෙ ලවය වැඩි වෙන වේගය අඩු නිසා) ප්‍රතිශතයක් විදියට ණය අනුපාතය අඩු වෙනව.
මේක තමයි එකම ක්‍රමය. රටම මේ line එකට ආවොත් වැඩේ ගොඩ දාන්න පුලුවන්.
-ජනිත චිරාත්-