Salon nadee - Dream Bride

Salon nadee - Dream Bride සිහන වල මතක...
(2)

🌼..විදගන්න සද සසිල දහවලක පායන්න.... 🌼..කෝටියක් මල්සුවද එක  හුස්මේ තවරන්න..🌼..හද පුරා විදින පෙම ලෝකයට පෙන්නන්න....🌼..තව ව...
20/11/2024

🌼..විදගන්න සද සසිල දහවලක පායන්න....
🌼..කෝටියක් මල්සුවද එක හුස්මේ තවරන්න..
🌼..හද පුරා විදින පෙම ලෝකයට පෙන්නන්න....
🌼..තව වරක් ඔබ එක්ක. ඉපදෙන්න.. මගෙ වෙන්න

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸නිමි නැතුව හසරැල්ම පොපියන සුවද එකිනෙක මුවග යාවෙන මලින් රොන් ටික් හොරෙන් අරගෙන අපේ සතුටුම දවස තිබුනේ හෙට .......
06/09/2024

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

නිමි නැතුව හසරැල්ම පොපියන සුවද එකිනෙක මුවග යාවෙන මලින් රොන් ටික් හොරෙන් අරගෙන අපේ සතුටුම දවස තිබුනේ හෙට ............❤️😊

දවස එනතුරු කල්පයට දිනක් අඩුවෙන් පෙරුම් පිරුවෙමි... කෝටියට එකක් අඩුවෙන් හීන දැක්කෙමි....❤️😊

සතුට කොහොමත් මට උරුම නෑ එක උපතින් ගෙන එන්න ඇති...❤️😊

කල් වැඩිත් නෑ ප්‍රමාදත් නෑ හෙට එනවා මම කිව්වා නම් ඇති.......❤️😊

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸........SKBG.........

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 දිදුල නෙත් තරු අතර නලියන කදුලු බිදු බිම නොවැටි ඉන්නයි..සිනා මල් මුව අතර සරසන පුංචි ඩේලියා මලක් වෙන්නයි....ලෙ...
06/09/2024

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දිදුල නෙත් තරු අතර නලියන කදුලු බිදු බිම නොවැටි ඉන්නයි..
සිනා මල් මුව අතර සරසන පුංචි ඩේලියා මලක් වෙන්නයි....
ලොවෙම ලස්සන සිනා ඇති මගේ මැණික මුව අග සිනා දැකුමයි....
එකම සම්පත එකම සැනසුම මගෙ අවසන් පැතුම එයමයි....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

නිදි නැතිව රෑ නඩු අසන සිත වරදකරු මම බව නිතර කිව්වා...
වරද පිලිගෙන දඩුවම්ද විද නුඹත් නැතිවෙයි දුකක් දැනුනා .....
ම⁣ගේ සතුටම එකම අරමුණ මැණික නුඹ හැමදාම කිව්වා..
වරද මගේ මම භාර ගද්දිත් දඬුවමින් අඩකටත් වැඩියෙන් නුඹම තනියම ගෙව⁣ලා තිබුණා.....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼........SKBG.........

එදා නුඹ ආවෙ මගේ දිවියටඅරගෙනම නුඹෙ ප්‍රථම ප්‍රේමයහදට දැණුනේ හද පිරෙව්වේනුඹේ ප්‍රේමය..දෙවන පෙම මගෙ පෙම් කළා තුන් වසකටත් වැ...
06/09/2024

එදා නුඹ ආවෙ මගේ දිවියට
අරගෙනම නුඹෙ ප්‍රථම ප්‍රේමය
හදට දැණුනේ හද පිරෙව්වේ
නුඹේ ප්‍රේමය..දෙවන පෙම මගෙ

පෙම් කළා තුන් වසකටත් වැඩි
හිනැහුණා ලංවුණා..
පෙම් කළා පන පුදා
නමුත් දුක මට එකම කරුණකි
නොදැණුනේ ඇයි මගේ ප්‍රේමය

නුඹ ගියා අදටත් සිහිනයකි එය
ඇවිලුණා..දැවුණා..විදෙව්වා
දන්නෙ නෑ නුඹ
හුන් තැනම අදටත් අසරණයි මම

වැළදගත්තෙමි නැවත ආ නුඹ
පෙම් කරන්නෙමි තවටත් එදා මෙන්
නැවත යන්නට අවැසි නම් සද
යන්න අවසර පෙර මෙන්ම අද....
😊❤️

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ආදරෙන් ඉන්න පැය ගනන් නොදැනුනාට නැතුව ඉන්න තප්පරෙත් මහ හුගක් දැනුනා... කෑගහලා නොඅැඩුවාටබපපුව පිච්චිලා යන දුකක්...
06/09/2024

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ආදරෙන් ඉන්න පැය ගනන් නොදැනුනාට නැතුව ඉන්න තප්පරෙත් මහ හුගක් දැනුනා...
කෑගහලා නොඅැඩුවාටබපපුව පිච්චිලා යන දුකක් හිතේ තිබුණා....
අරුම ප්‍රේමය මට ඉගැන්නු මුල් ගුරුන් ඔබ නොවෙද සිතුනා....
තනිව සැනසෙන පාඩමත් මට උගන්නලා නික්මෙන්න තිබ්බා.. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
........SKBG.........

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ඈත කලු අහස පලාගෙන.. සද වඩින තාලෙට.. මල්සුවද තවරගෙන.. කාටවත් නොඇසෙන්න.. සිහින් අඩි තිය තිය.. ඈ එන පෙරමගට.. තරු ඇ...
05/09/2024

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඈත කලු අහස පලාගෙන.. සද වඩින තාලෙට.. මල්සුවද තවරගෙන.. කාටවත් නොඇසෙන්න.. සිහින් අඩි තිය තිය.. ඈ එන පෙරමගට.. තරු ඇස් යොමාගෙන.. මට තවත් පුලුවනි ඉවසන්න.....

පුරහදක් පායපු රැයක ලස්සන අරන් ආවම... තුරුල් උනේ උණුහුමට.. සීතලයි උඹ නැතුව ...නුඹ තරම් මගේ පපුව මැද පිපුණු සෙනෙහසක... නුඹ නැතුව ජීවිතය කොහොම නම් ගෙවන්නද...

සිතින් අල්ලන් දුරින් ඉදගෙන සැනසෙනා අපේ සෙනෙහසට....
දිවිතෙක්ම උනත් මට හැකිය බලන් ඉන්නට..
නැතුව ඇති දැන් මාව මතකේ කියලා හිතලා හිතුණ දවසට.... හැරී බලනවද ඕබේ පිටුපස හෙවනැල්ල වගෙ ඇතිය අයිනක....
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼....SKBG.....

🌼🌼🌼🌼🌼🌼🌼🌼සිතුමි සැනෙකින් අනන්තෙට යන...... අසෙනියක් මෙන් හැගුම් දනවන.... මටත් තියනවා ප්‍රේමයක්... කිසිවෙකුට කිකලෙක නොලැබුණ...
03/09/2024

🌼🌼🌼🌼🌼🌼🌼🌼

සිතුමි සැනෙකින් අනන්තෙට යන......
අසෙනියක් මෙන් හැගුම් දනවන....
මටත් තියනවා ප්‍රේමයක්... කිසිවෙකුට කිකලෙක නොලැබුණාවූ... ප්‍රේමයක්......❤️

නිකිනි පුර හද එන්න කලියෙන් .. අමාවක රැය අද ආපු බව.. මටත් කලියෙන් හිතට දැනුනා .. සදවතිය මගේ යන්නෙපා දුර..❤️

හරිම රහබර වචන නැතුවත් අදත් මගෙ පෙම් හෝඩියේ... ඉරක් ඇන්දත් මගේ සෙනෙහෙ⁣ දැනෙනවා ඇති හැම දිනේ.... දැනුත් කියනවා හෙටත් කියනවා ඉදින් මගෙ මතු ජීවිතේ... සතුට නුඹමයි මගේම විතරමයි නුඹ නිසයි ජීවත් උනේ......❤️....SKBG....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ඊයෙ දවසමත් බැලුවා .....රෑත් බලලා උදෙත් බැලුවා.....පහෙන් දහයෙන් දැනුත් බලනවා......"උබත් හෙන වදයක් බං" ගැලරිය මට කිව්වා......
22/08/2024

ඊයෙ දවසමත් බැලුවා .....
රෑත් බලලා උදෙත් බැලුවා.....
පහෙන් දහයෙන් දැනුත් බලනවා......
"උබත් හෙන වදයක් බං" ගැලරිය මට කිව්වා... ❤️😊
SKBG

නෙත් කෙවිනි බොද කරන හැම මොහොත දුකක් ම...ද....හදක සැනසුම ගෙනෙන වදනකට ඇස් තෙමුනාම... සිනා පොපියන්න කලියෙන්... වැටුනු මල් ව...
17/08/2024

නෙත් කෙවිනි බොද කරන හැම මොහොත දුකක් ම...ද....

හදක සැනසුම ගෙනෙන වදනකට ඇස් තෙමුනාම...

සිනා පොපියන්න කලියෙන්... වැටුනු මල් වැසි නොවෙද......

දන්නවද නලියන තරම හරියට දියෙන් ගොඩ පැන තිත්තියෙක් ලෙස......

ඒ.... දිසාවෙන් එන පුංචි හුලඟකට....

හිතන්නට පුලුවන්ද ලගින් හිදි තප්පරයේ... දැනෙන තරමක් ජීවිතය, විදින තරමක් ආදරය.....

දැනිලා තියනවා නේද... ලග නැතුව ආදරය... විදවීමෙි දිග පලල...
..SKBG..

වාරේ පිපී කුලුදුල් සුවද දුන් කොඳ කුසුම නුඹ........🌼🌼අහේතුක සුලඟට සුවද මලිනව ගිය සද....🌻🪻🪻හිරු,සඳින් සැඩ කිරණින් කුණාටු න...
04/08/2024

වාරේ පිපී කුලුදුල් සුවද දුන් කොඳ කුසුම නුඹ........🌼🌼
අහේතුක සුලඟට සුවද මලිනව ගිය සද....🌻🪻🪻
හිරු,සඳින් සැඩ කිරණින් කුණාටු නියං මැද සැගවී, තව තවත් හැඩ වෙම්න්......☘️🌻🌹
අවාරේ පිපුනාම පණ ගැහෙන සුවඳ උතුරමින්....... 🌸🌸
නොවිඳ ඉන්නේ කොහොමද ඒ මගේ කුසුම්...🏵️🏵️

තනි වෙච්ච හැම මොහොතෙ තනි රැක්ක හිත් පොඩිය ලස්සනට තව එහෙම තියෙනවා............ඔබ ආයේ එන් නැද්ද අහන මගේ හදවතට නාඩා ඉදපන් ඔ...
30/07/2024

තනි වෙච්ච හැම මොහොතෙ තනි රැක්ක හිත් පොඩිය ලස්සනට තව එහෙම තියෙනවා............

ඔබ ආයේ එන් නැද්ද අහන මගේ හදවතට නාඩා ඉදපන් ඔහොම, ටිකක් තරවටු කරනවා................

රිදෙන තරමට පෙන්නුවා නම් ලොවක් මට අඩවන්න තිබුණා...........

ගිනි ගන්න හිත ඇතුලේ සීතලට ගුලිවෙවී උබ තවත් ලග ඉන්නවා...........

🩷🧡💛💚💙🩵💜️❤️🖤🩶🤍

හීන් දා බිදු⁣ පොකුරු වැල් පිරි නලල් තලයට දෙතොල තිබ්බා.....

උතුරනා පෙම් ගග මැදින් මං ආදරෙයි පන හෙමින් කිව්වා.....

නිමා උන ඒ සිහින ලෝකය දෑස් ඉදිරියේ මැවි මැවී පෙනුනා ......

කදුලු සගවා දෑස් පියලා "පරිස්සමින් ඉන්න මගෙ සුදු මැණික" හිතින් කිව්වා.........
🩷🧡💛💚💙🩵💜️❤️🖤🩶🤍
...SKBG.....

හිත මෙල්ල කරගන්න දන්නේ නෑ මම.. මගෙ චූටි දගමල්ල...... උබ නැතුව උබ එක්ක මං ගෙව්ව මේ සතිය දිගයි අවුරුද්ද ට වැඩිය... උබට මේ...
29/07/2024

හිත මෙල්ල කරගන්න දන්නේ නෑ මම.. මගෙ චූටි දගමල්ල......

උබ නැතුව උබ එක්ක මං ගෙව්ව මේ සතිය දිගයි අවුරුද්ද ට වැඩිය...

උබට මේ දෙන වදය තේරුමක් නෑ මගේ මැණික...

තව හුගක් කල් තියේ මට තනිව විදවන්න....

අමුතු මගේ ජීවිත කතාවේ අමිල මැණික ම නුඹ උනාවේ.........

දෛවයේ සරදමක් විලසට හැමදේම විසදුනාවේ....

කවියා මරලා තිතක් තියලා.. නිමා කෙරුවත් ඔබ කවිය වූ ජීවිතේ...

තවත් කවි දෙකක් ඉතුරුයි කවි පොතේ අවසාන පිටුවේ.......
.....SKBG......

ගතේ වෙහෙ⁣සට සිසිල දෙන මුදු මදනලින් ඇසුනාද හෙමිහිට ........හදක් ඉකිලන සිහින් රාවය පුරුදු බව දැනුනාද  පෙරසිට........දුරක් ...
29/07/2024

ගතේ වෙහෙ⁣සට සිසිල දෙන මුදු මදනලින් ඇසුනාද හෙමිහිට ........

හදක් ඉකිලන සිහින් රාවය පුරුදු බව දැනුනාද පෙරසිට........

දුරක් ඇති මුත් දුරක් නැති බව හිතට දැනුනාම හෙමිහිට........

"ආදරෙයි මගේ පන" කියලා සුලගට එවනවද මට සැනසෙන්නට............SKBG......

විරහවෙන් පැලුණු හදවත පැලුම් මකලා  පිරියමුත් කරලා කලක් ගතවෙලා තිබුණා.......දැක්කේ නෑ එය හිනාවෙන් හරි ලස්සනට ඇය වහලා තිබුණ...
27/07/2024

විරහවෙන් පැලුණු හදවත පැලුම් මකලා පිරියමුත් කරලා කලක් ගතවෙලා තිබුණා.......

දැක්කේ නෑ එය හිනාවෙන් හරි ලස්සනට ඇය වහලා තිබුණා ...

දුන්න දුකකට පොඩි සමාවක් ගන්න හිතලා කිට්ටු කෙරුවා....

නොදැනීම ආයෙත් එකම ගෑහැණිය දෙපාරක් මම මරලා තිබුණා.....

SKBG..

ගිනි ගන්න මගේ පපුව මං කොහොම සනසන්නේ... පුරුදු නෑ මට මෙහෙම රත්තරනේ උබ දන්නේ.....මේ තරම් ආදරේ .කරල නෑ කිසි කලේ..මැරි මැරි...
25/07/2024

ගිනි ගන්න මගේ පපුව මං කොහොම සනසන්නේ...
පුරුදු නෑ මට මෙහෙම රත්තරනේ උබ දන්නේ.....මේ තරම් ආදරේ .කරල නෑ කිසි කලේ..
මැරි මැරි ඉපදෙනවා.. මැරුණා නම් හොදයි එක වාරේ...

තප්පරෙන් තප්පරේ දුර යනවා මගේ මැණික... ආයේ කවදාවත් මගෙ ලගට එන්න නැද්ද... ඇත්තටම කියනවද නොදැනුනද ආදරය.. මටත් වැඩියෙන් මං කෙරුව...

සිතුම් මා හද වටහා ගත හැකි කෙනෙක් වුවා නම් සදා......
ඒ ඔබයි දිවි තිබෙන තුරු රැක ගනිමි හද තුල සගවලා....
ලැබිය යුතු වීද රිදුමන් මේ ලෙසින් හද හාරනා.....
දිවි තෙක්ම විදවමි සතුට දැන් බෝ දුර නිසා..........SKBG....

නිල් තරු මැණික් කැට දකින හැම වරකමමට මාද පමණක් නොව ලොවත් අමතක වුණා හැම විට ලැබී නොලැබී සතු නොවන සෙනෙහස මහ මෙරක් වන් තරම් ...
23/07/2024

නිල් තරු මැණික් කැට දකින හැම වරකම
මට මාද පමණක් නොව ලොවත් අමතක වුණා හැම විට

ලැබී නොලැබී සතු නොවන සෙනෙහස
මහ මෙරක් වන් තරම් වූ වග
නොහැඟුනා මට නොකී හින්දම
වරද මගේමයි ඔබ වැරදි නෑ සඳ

මල් යහන මට පුදා කටුක දුක් දෝතින් බදා අදත් නොනිදා පහන් කලේ රැය
සුසුමකින් මට සුබ පතා

කමා කළ මැන වූ පමාවට කියා කිව්වට මා එදා
හිනැහුනා නිල් මැණික මාගේ ඔබේ වරදක් නැහැ කියා
සිතින් මා අත නොහැර හදෙහි සතපා මෙමා
අදටත් පණ තමයි මා ඇගේ
දන්නේ නෑ කොහොමද කියා

නිරුත්තර මා අසරණයි දුර වැඩියි අපි ගිය මගේ
ඉදින් ගැවසෙමි හඬමි සැනසෙමි ඔබ නමින් මතු ජීවිතේ
ටිකක් හරි පින් කරලා ඇති මම ඒක හින්දයි මේ උනේ
දන්නවද සුදු මැණික දැන් නම් නැතුව ඉන්නට බෑ සෙනෙ....

Address

Anuradhapura Town

Telephone

+94713259923

Website

Alerts

Be the first to know and let us send you an email when Salon nadee - Dream Bride posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Anuradhapura Town event planning services

Show All