Tomorrow Life Entertainment

Tomorrow Life Entertainment Happy Life

02/05/2024
ඔබට සුබ වේවා! 🙏❤
13/04/2024

ඔබට සුබ වේවා! 🙏❤

01/04/2024

Kavi Wickramasinghe ස්තූතියි අපේ වැඩේ ලස්සන කළාට

Sathish Sk ඔය දෙන්නටම ❤😍

26/03/2024

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ඇත්තෙන්ම තමන්ගේ හිතේ හැටියට ජීවත් වෙන්න තියෙන ඉඩ කඩ බොහෝම අඩුයි. අපිට ගොඩක් තියෙන්නේ සිහින, ආසාවල්. ඒවා ඉෂ්ඨ කර ගන්න මේ රටේ ලැබෙන ඉඩ ඉතාම සීමිතයි.

අපේ රටේ ගොඩක් කොල්ලන්ගේ තියෙන ඒ සිහිනයක් තමයි මේ යකඩ ගොඩව්ල් වලට තියෙන සිහිනය. මේ පණ තියෙන, ගැහෙන, රත් වෙන, කෑ ගහන, යකඩ වලින් හදපු බොඩියක් රබර් වලින් හදපු රෝද කැරකෙන යකඩ හීන අපිටත් තියෙනවා.

මේ හීනේ හැබෑ කර ගන්න රෝද දෙන, තුන, හතර ඉඳං විස්ස විතර වෙනකං යන්න පුළුවන්. හැමෝටම නැති උනත් පින තියෙන කීපදෙනෙක් හරි පුළුවන් විදියට මේ හීනෙට යනවා. ඒ තමයි කොහොම හරි කරලා වාහනයක් ගන්න එක. ඉතිං වාහනේට පණ දෙන්න ලව් කරන අපේ කොල්ලන්ට මේ වාහෙනෙත් එක්ක තියෙන ලොකු ගණුදෙනුවක් තමයි ඒ යන්ත්‍රයෙන් දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දාන එක. ඒත් අපේ රටේ එහෙම සෙල්ලම් දාන්න තියෙන අවස්ථාව බොහෝම අඩුයි. ඒවට ගැලපෙන තැනක්, භූමියක්, අවස්ථාවක් හදා ගන්නේ හරිම අමාරුවෙන්. ඉඳලා හිටලා පාරේ පොලිසියට හොරෙන් රේස් එකක් ගියත් හිතේ බය එක්ක එච්චර දේවල් කරන්න අමාරුයි. F1 පදින්න, Lamborghini රේස් යන්න අපිට බැරි වෙයි,හැබැයි අපිට ත්‍රීවිල් එකෙන් හරි රේස් එක යන්න ඕනේ.

අපි ඒකයි ඒක යකඩ හීන හැබෑ කර ගත්ත එවුන් එක්ක ලස්සන සංදර්ශනයක් ලෑස්ති කලේ. සෙනග ඉන්න, මිනිස්සු ගැවසෙන තැනක් හොයා ගන්න අමාරුයි. ඉතිං අපිට හම්බුනේ රාගම බැසිලිකා ඉස්කෝලේ පිට්ටනිය. ඒක මැද්දේ ක්‍රිකට් පිච් එක පරිස්සම් කරන්නත් ඕනේ. පිට්ටනියේ වලවල් හෑරෙන්නත් බෑ පොඩි උන්ට හානියක් වෙන්න.මොකද ලෝක පූජිත ක්‍රීඩකයෝ බිහිවෙච්ච ක්‍රීඩාංගණයක් මේක

ඉතිං ලැබුන ඉඩේ අපිත් අපේ හීනේ හැබෑ කර ගන්න සංවිධානය කළා “යකඩ මනාළි”.

වැඩේ හිතුවට වඩා බොහෝම සාර්ථකයි. උදේ 9 වෙනකොට පිට්ටනිය පිරෙන්න සෙනඟ. රට වටෙන්ම ආපු කොල්ලෝ කෙල්ලෝ බලන්න හිටියා. දුර ඈත ඉඳං ආපු මොඩිෆයි කරපු වාහන පෝළිමට වැඩ පෙන්නන්න බලාගෙන හිටියා.

වැඩේ ලස්සනට ගියා. හැමෝම සතුටු උනා. හැබැයි හවස එක පාරට ලොකු වැස්සක් කඩං වැටුනා. නොහිතපු වෙලාවක පිට්ටනියට වැටුණු මහා වතුර කන්දරාව හින්දා පිට්ටනිය යට උනා. පොඩි උන්ගේ පිට්ටනිය පරිස්සම් කරලා ආපු දෙන්න ඕනේ. එහෙනම් මෙච්චර මඩ උනාට පස්සේ වාහන එතනට දාන්න අමාරුයි. අපි ඒක නිවේදන කීපයක් කරලා දැනුම් දුන්නා. අපේ කොල්ලන්ටත් ඉතිං කියන දේවල් ලේසියෙන් අහලා පුරුදු නෑනේ. එහෙන් මෙහෙන් පිට්ටනියට කීපදෙනෙක් බහින්න ගත්තා.

එපා එපා කියද්දි එක වාහනයක් පිට්ටනිය හරාහාම ගියා. නවත්වන්න බැරි උනා. මැද තිබුන පිච් එක පරිස්සම් කරන්න දාලා තිබුන මේසෙකුත් කැඩෙන්නම හප්ප ගෙන ඒක පිච් එක මැදටම ආවා.

ඒ මැදට ආපු වාහනේ නවත්ව ගත්තට පස්සේ සිදු වෙන සිදු වීමේ වීඩියෝවක් තමයි ඔබ ලා දකින්නේ. ඒ වෙලාවේ අපිත් දැඩි පීඩනයක හිටියේ. මෙච්චර මහන්සියෙන් ලස්සනට සංවිධානය කර ගත්ත දෙ ඇස් පනාපිට වැස්සත් එක්ක මඩ වෙලා යන කොට, පුංචි ළමයින්ගේ ඉස්කෝලේ පිට්ටනිය පරිස්සම් කරන එක අභියෝගයක් වෙලා තියෙන කොට, එපා කියද්දි පිච් එක මැද්දෙන් වාහනයක් යන කොට අපෙත් ඉවසීමේ සීමාව පැන්නා. අපේ විතරක් නෙවෙයි එතන හිටිය ගොඩක් අයගේ ඒ සීමාව වාහනේ වේග සීමාව වගේ පැන්නා.

අපේ සමාජයේ නිකම්ම රණ්ඩු වල පැටලෙන ස්වභාවයක් අපි අතර නිරන්තරයෙන් තියෙනවා. අපිට බොහෝ විට එන ක්ෂණික ආවේග වලට අපි ක්‍රියාකරන්නේ අර පුරුදු වෙලා තියෙන විදියට. හරි වැරැද්ද හොයන එක පැටලෙනවා.

ඒ වෙලාවේ වෙච්චි සිදුවීම ගැන අපිට බොහෝම කනගාටුයි. ඒ සිදු වුනේ වරදක්. අපි ඒකට සමාව ඉල්ලා සිටිනවා. ආයේ එහෙම නොවෙන්නත් වග බලා ගන්නවා.

අපිට උදව් කරපු, ඉවසපු හැමෝටම ස්තුතියි.

Tomorrow Life Team

24/03/2024

යලඩ මනාලී❤️

Happening Now

කඩවත පුරවරයට ප්‍රථම වතාවට Motor Show අත්දැකීමක්  #යකඩමනාලී          #යකඩහුස්ම
23/03/2024

කඩවත පුරවරයට ප්‍රථම වතාවට Motor Show අත්දැකීමක්
#යකඩමනාලී #යකඩහුස්ම

යකඩ මනාලී හැඩ වෙන ගමන්
22/03/2024

යකඩ මනාලී හැඩ වෙන ගමන්

22/03/2024

කඩවත පුරවරයට ප්‍රථම වතාවට Motor Show අත්දැකීමක්
#යකඩමනාලී #යකඩහුස්ම


Team 90 degrees

22/03/2024

පුතේ.............

අප්පච්චි ත් එනවා

21/03/2024

කඩවත පුරවරයට ප්‍රථම වතාවට Motor Show අත්දැකීමක්
#යකඩමනාලී #යකඩහුස්ම

21/03/2024

කඩවත පුරවරයට ප්‍රථම වතාවට Motor Show අත්දැකීමක්
#යකඩමනාලී #යකඩහුස්ම

Address

Colombo

Telephone

+94702788105

Website

Alerts

Be the first to know and let us send you an email when Tomorrow Life Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tomorrow Life Entertainment:

Videos

Share

Category

Nearby event planning services